නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය විමට උත්සහ කොට අන්දමන් දුපත් වල අතරමන්ව සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 25 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියහ.
මේ අතර ද්‍රවිඩ තරුණයෝ විසි දෙදෙනෙක්, සිංහල දෙදෙනෙක් සහ එක් මුස්ලිම් තරුණයෙක් වුහ.
මොවහු කිලිනොච්චිය, යාපනය, කළුතර හා හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකාරයෝ වෙති.
සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය මොවුන් මෙරටට ගෙන ඒමට මැදිහත්ව ක්‍රියා කොට ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදි මොවුන්ගේ ආගමන විගමන කටයුතු සිදුකර රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අංශයේ විමර්ශනවලින් සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරීක්ෂන වලින් අනතුරුව අද දහවල් මීගමුව උසාවියට ඉදිරිපත්කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එන මිනිස්සු ගැන හොයනවද කවුරුත්? (නි)
එහෙන් සරණාගතයන් භාර ගන්නේ නැහැ කිවුවාට පසුවද මේ උදවිය ගිහින් තියෙන්නේ? මෑතකදී සංක්‍රරමණය වුණ අයට රැකියා සොයා ගන්න අපහසුයි කියන කතාව මාත් අහලා තියනවා. ඇත්තද මන්දා. (නි)
නිලංගගේ කතාව හරි. ඕස්ට්‍රේලියාවේ රැකියා නැහැ. ලංකාවෙන් ගිය අයගේ රැකියා අහිමි වෙලා තියනවා. සියලු දීමනා කප්පාදු කරලා. සියලු අදායම් මාර්ගේ වැහිලා. බදු වැඩිවෙලා. ජොබ් ඒජන්සිවල රැකියා පෝලිම් දිග. දුෂ්කර කාලයක් මේක. යන්න එපා කියන්න හැමටම. (ස)
ඊළඟ බෝට්ටුව කවදාද දන්නෙ නැහැ පිටත් වෙන්නේ? මටත් ලොකු ආසාවක් තියෙනවා ඕස්ට්‍රේලියාවට යන්න. දැන්නම් ලංකාවේ ඉඳලා ඇති වෙලා (නි)
ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි යුරෝපයේත් දැන් රැකියාවක් හොයා ගන්න අමාරුයි. අවුරුදු ගාණක් හිටපු අයටනම් ප්‍රශ්නයක් නෑ.අළුතින් යන අයට තමයි ප්‍රශ්නෙ. (ස)
මේවගේ අසරණ අයව අල්ලාන්නේ?හොර තක්කඩින් දේශපාලුවන්,මත්කුඩු ගෙන්නන අයව අල්ලලා දඬුවම් දෙන්නට (අ)
මොන දේ කලත් හොදට ගෙවනවා. ලංකාවේ විදායක ශ්‍රේණියේ රස්සාවක් කලත් ලැබෙන වැටුප කම්කරුවෝ සති දෙකෙන් ගන්නවා. හොද ගුණදායක ආහාර, සෞඛ්‍ය ,පාරවල් සහ සදාචාරය ඕනෑවටත් වැඩිය .ජීවත් වෙන්න ලෝකයේ හොදම රටක්. මුහුදෙන් හරි යන්න හදන්නේ ඒ නිසා .ලංකාවේ ඉදල මොනවා කරන්නද.(නදී)
ඕස්ට්‍රේලියාවේ ඇත්ත තත්වය කිව්වට ලංකාවේ උදවිය පිළිගන්නේ නැහැ. හිතන්නේ අපි වෙන කවුරුවත් එනවාට ඊර්ෂ්‍යාවේ කියලා. මගේ ලාංකික මිතුරෙකුට රැකියාව අහිමි වෙලා අවුරුද්දක් . තවම කම්කරු රැකියාවක් වත් හොයා ගන්න බැරි වුනා. කොහෙට ගොඩ බැස්සත් දකුණු ඔස්ට්‍රේලියාවට නම් එන්න එපා. ලඟදි ආපු ලාංකිකයන් ට පෙර පව් පල දීලා කියලා කියන්නේ. හොඳට හොයලා බලලා එන කෙනෙක් එන්න. පවුල් පිටින් ඇවිල්ලනම් අමාරුවේ වැටෙන්න එපා. (නදී)
ඕස්ට්‍රේලියාවට එන්න හිතනවා නම් දෙපාරක් හිතන්න. මේ කාලයේ එනවා නම් ඔබව තමන්ගේ ගෙදර තියාගෙන අවුරුදු දෙක තුනක් වත් නඩත්තු කිරීමේ හැකියාවක් ඇති ඥාති හෝ හිතවතෙක් පළමුවෙන්ම සොයා ගන්න. රැකියා තත්වය ඒ තරම් දරුණුයි. (ස)
මමත් ඕස්ට්‍රේලියාවට ඇවිත් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. මගේ වෘත්තියට ගැලපෙන රැකියාවක් හොයන්න මාස 4ක් විතර ගියා. මගේ යහළුවෝ ඉන්නවා ජොබ් එක අරගෙනම මෙහෙට ගොඩ බැහැපු අය. තවත් සමහර අය ඉන්නවා රස්සාවල් නැතුව අවුරුදු ගණන් ඉන්න අය. තවත් කොටසක් ඉන්නවා තියෙන රස්සාව අහිමි වෙච්ච අය. ඕස්ට්‍රේලියාවේ රස්සාවල් කියන්නේ "(අ)වාසනාව" මත සහ තමුන්ගේ වෘත්තීය අනුව තීරණය වන දෙයක්. කම්කරු රැකියාවල් හොයා ගන්න අමාරු වෙනත් රටවල් වලින් ඇවිත් අඩු පඩියට වැඩ කරන උදවිය නිසයි. ඒ රටවල් මොනාද කියල කියන එක සදාචාර නැති නිසා නොකියමි. ඒ වගේම තමයි තවත් සමහර වෘත්තීන්. ඔබ වාසනාවන්ත නම් මෙහෙ ඔබට කවදාවත් වරදින්නේ නැත.(නදී)
හරි ක්‍රමයට නීත්‍යානුකුලව විසා අරගෙන එන්න. හැබැයි ලංකාවේ කවදාත් පවතින රැකියා පිලිබඳ මහන්තත්ත කම නම් මෙහෙ අරන් එන්න එපා. මෙහෙ කසල ශෝධකයාත් විධායක නිලධාරියාත් දෙන්නාම එකයි. මම ලංකාවේ ශීත කාමරයේ කැරකෙන පුටුවේ ගෝල බාලයන් පිරිවරා හිටියා එම නිසා මට ඕස්ට්‍රේලියාවෙත් එම තැනම ගොඩ බැහැපු සැනින් ලැබේවි කියා නම් හිතන්න එපා. කල්පනාවෙන් ඉවසීමෙන් අවංකව ජීවත් වෙන්න හිතාගෙන අවොත් මේ නරක කාලය ඉවර වුනාම සැනසීමක් ලැබේවි. (නදී)
නිශාන් කියන දේ හරි. ඕස්ට්‍රේලියාවට ඇවිත් ලැබෙන ඕනෑම ජොබ් එකක් කරන්න ලෑස්ති නම් මෙහෙට නීත්‍යානුකුලව ආවාට කමක් නැහැ. වසර දෙකකින් පසු පී ආර් ලබාගත්තොත් තවත් වසර දෙකකට පසු (රැකියාව නැති වුණොත් ) ඩෝල් එකට හිමිකම ලැබෙනවා. ඒ වගේම මෙහෙ සාමාන්‍ය රැකියාවකට පැයකට ඩොලර් 18-20 (මං හිතන්නේ වැඩිහිටියෙකුගේ අවම වැටුප පැයකට ඩොලර් 15 කට වැඩියි.) ඩෝල් එකත් ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට සති දෙකකට ඩොලර් 750-800 කියලා තමා මට හිතෙන්නේ. මේක ලිව්වේ මෙහෙ ගැන හරි වැටහීමක් දෙන්න මිසක් සෝබනේටවත් ඊරිසියාවටවත් නොවේ. (ස)
ඕස්ට්‍රේලියාවේ ගිය පලිය ට හැම දෙයක් ම හරි යන්නේ නැහැ. නීත්‍යානුකුල විසා අරගෙන ගිය උදවියටත් රැකියා හොයාගන්න අපහසුයි. බටහිර ඕස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය අඩපන වේගන යනවා. දකුණු ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලා එකින් එක වැහීගෙන යනවා. සංක්‍රමිකයන්ට තියා එහෙ ඉපදුන අයටත් දුෂ්කර කාලයක් මේක. මේ මිනිස්සු මෙතරම් දැනුවත් කරලත් තේරුම් ගන්නේ නැහැනේ. (නදී)
නිලංග, ඔබ ඔය විදියට කිව්වාට අපේ සමහරු එහෙ ගිහින් රජ වෙලා ඉන්නවා කියලා තමා ලංකාවේ උදවියට අඟවන්නේ. ඒවා අහල මේ අහිංසක මිනිස්සු බෝට්ටු වල නැගලා හරි යන්න හදනවා. කරන්නේ කම්කරු රැකියා, නමුත් කියන්නේ විදායක තනතුරු කියලා. ලංකාවේ කල වැදගත් රැකියා දාලා ගිහිල්ල බොරු සෝබන පෙන්නගෙන ඉන්නවා. හැබැයි හැමෝම නෙවෙයි . බෝට්ටුවට පනින්න පෙර සිතා බලනු කියල තමා මාත් කියන්නේ.(නදී)