අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ සරණාගතයන් 55 දෙනකු ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසළ දී යාත්‍රාව මුහුදු බත්වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
මියගිය අය කවර රටකට අයත්දැයි සොයාගෙන නැතත් වැඩි වශයෙන් ශ්‍රී ලංකා , බුරුම , ඉරාක හා ඇෆ්ගනිස්ථානයේ සරණාගතයන් මෙහි වෙතියි ඕස්ට්‍රේලියාව කියයි.
මීට දින කිහිපයකට පෙර මුහුදේ තිබූ එම බෝට්ටුව ගුවන් මගින් නිරීක්ෂණය කළ බවත් දැන් එය දක්නට නොමැති බවත් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ පවසා ඇත.
කොකෝස් දූපතේ සිට නාවුක සැතපුම් 250 ක් පමණ ඈත මුහුදේදී මුහුදු බත්වන්නට ඇතැයි සිතන මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරාගැනීමට ගුවන් යානා දෙකක් යෙදවූ බව ඕස්ට්‍රේලියානු සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම දෙමළටත්, ගම යාපනේටත් හරවාගත්තු සිංහලයෝ කියක් ඔතන හිටියද.(නදී)
දෙමල සහෝදරයෝ එහෙ ගිහින් කියන කතාවලට පදනම දමන්නේ මෙහෙ සිංහලයෝ.දැන් බලන්න උතුරේ චන්දෙ එපා කියලා පෙළපාලි යනවා.පළාත් සබා එපා කියලා පෙළපාලි යනවා. (නි)
බටහිර රටවලට විරුද්ධව කෑගහන අය තමන්ගේ දරුවන්ට උගන්වන්නෙත් යුරෝපයේ නැත්නම් යූඑස් වල. නමුත් බොරුවට කෑගහනවා, ඕස්ට්‍රේලියා යන්න එපා,යුරෝපෙට යන්න එපා, ඇමරිකා යන්න එපා කියලා. (නි)
රකිත් දන්නේ නැද්ද, බී.බී.සී එකේ තියනවා ලංකාවේ දේවල් විතරක් අහුවෙන රේඩාර් එකක්.(නදී)
ඕස්ට්‍රේලියාවට බැනලා වැඩක් නැහැ. මොකද මිනිස්සු උදේ හවස ටීවී බලනවනේ. දැනගෙන යන්නේ ඔයගමන්. අනික ඒ රටින් කියන්නේ ශ්‍රී ලාංකිකයෝ ඉන්න ඇති කියලනේ. ඒ අපේ මිනිස්සු හොරෙන් යනවා කියලා දන්න නිසා. අපි පිටරට වල ජීවත්වෙන නිසා අපි දන්නවා කොයි රටවලින්ද වැඩිපුරම විසා නැතුව හොරපාරවලින් එන්නේ කියලා. (නි)
රානි, මම කීවේ හොරෙන් ඉන්න එක ගැන නොවෙයි. මෙයාල මෙහෙම අනාත වෙස් අරගෙන ගිහින් රට පාවා දෙනවා. එහෙ අපිට ඉන්න බැහැ අපිව මරනවා, එකයි මෙහෙ ආවේ කියලා. ඒ වගේ විපාකයි අපිට මානව හිමිකම් ප්‍රශ්න එන්න හේතුව. අනික මම මෝඩ කම කීවේ එයාල දන්නවා ඔහොම බෝට්ටු වලින් ගිහින් සුගතියක් නැහැ කියලා. එත් ඉතින් ඔහේ යනවා මීහරක් ගානට.(නදී)
ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මේ මොනවද වෙන්නේ? (නි)
හේමන්ත නියම දේශප්‍රේමියා.(ස)
යුරෝපෙන් ආපු සුද්දෝ ඔස්ට්‍රේලියාව අල්ලගත්තා කියලා අපේ සමහර අය කියන්නේ හරියට අපි ඉන්දියාවේ ඉදන් ඇවිත් ලංකාව අල්ලාගත්තේ නැහැ වගේ. කාලවකවානු විතරයි වෙනස්.... (නි)
මේ රටේ අද අපිට වැලඳගන්න ගොඩාක්දේවල් නැහැ.සිංහලයෙක් විදියට අපිට තියෙන්නෙ බුදු දහම පමණයි. බුදු දහම හිතේ තියාගෙන වෙන රටකටවත් ගිහිල්ලා ජීවත්වෙන්න තියනවා නම් හොඳයි වගේ. මොකද අද මේ රටේ වෙනදේවල් බලාගෙන ජීවත්වෙනවා කියන්නෙ ගොඩාක් අමාරු වැඩක්. සර්ව සම්පූර්ණ රටවල් නැහැ.ඒත් සාමාන්‍යෙයන් හොඳ රටවල් තියනවා. (නි)
ඔය එක රටකවත් හොද නැහැ ලංකාව තරම්, හරියට කළමනාකරණයක් සිදුවෙනවා නම්. (නි)
මෙහෙම අපේ රටේ මිනිස්සු වෙනත් රටවල්වලට සංක්‍රමණය වුනාම ,ඉන්න මුස්ලිම් මිනිස්සුන්ටයි ක්‍රිස්තියානි අයටයි තමා හැම ප්‍රශ්නයක්ම එන්නේ.(නි)
ඒක තමයි රංජනී මේ කියන්නේ (නි)
රන්ජනී එතකොට ලන්ඩන් වල මොනවද කරන්නේ. හා මට කියන්න ලංකාව වෙලාගන තියන පන්ති බේදේ, නිලදාරිවාදේ,බොරුව,වංචාව, අපරාධ,විරැකියාව,ඉච්ඡාබංගත්වේ,දේශපාලන නරි නාටක වලට හේතුව කලමනාකරිත්වය පමණද. ඇයි මෙරටේ මහජනයාගේ මනොබාවය බලපාන්නේ නැද්ද. (නි)
අනේ මන්ද අපේ ලංකාවේ මිනිස්සුනට මොනවා වෙනවද මන්ද මොන වරද කලත් අහිංසක ජිවිතනේ! මේ සතියට මිනිස් ජිවිත කියක් නම් අහිමි උනාද(අ)
ඇතැම් අය ලොව හොදම රට කියන්නේ දේශගුනේ ගැන හිතලා.ඒත් ඒ උදවියට තේරෙන්නේ නැහැ ඝර්ම කලාපිය දේශගුණය ශීත කලාපිය හෝ වැසි වනාන්තර වලට සන්සන්දනය කරන්න බැරි බව.හේතුව මේ ඔක්කොම ස්වබාව ධර්මේ දායාද.අනික ලංකාව ලොකු වුනා නම් ඒක කොනක කාන්තාරයක් අනික් කොනේ හිමවැටෙන තැනක් තියේවි. (නි)
බිබිසි පුවත් සේවය කොහොමද කියන්නේ නිශ්චිත වශයෙන්ම මේ අපේ රටේ අය කියලා? මළසිරුරු හමුවෙලත් නැතිව?(අ)
අපරාදේ ජීවිත මිනිස්සුන්ගේ. තණ්හාය ජායති සොකෝ කියන්නේ ඕකට තමයි. ලංකාවේ කාල බීල ඉන්නම බැරි අමාරුකමක් තවම නැහැනේ . ඉස්සරහට කොහොම උනත් . අනේ මන්ද මිනිස්සුන්ට වෙන දේවල්. මට හරිම දුකයි(අ)
මුහුදු බත් වෙලාද? නැතිනම් කොහාට හරි ගොඩබිමකට පාවෙලාද දන්නෙ නැහැ. පොඩ්ඩක් තව සොයා බලන්න (නි)
ලගදී පත්තරේක දැක්ක මිගමුව පැත්තේ සක බෝට්ටුවක් තියනවා කියල කවුදෝ පොලිසියට කියල.එක පරීක්ෂණ කරන්න ගිය පොලිසියේ දෙන්නට බෝට්ටු කාරයෝ "ෆ්‍රී ටුවර්"එකක් ඔස්ට්‍රේලියාවට දෙන්නම් කියල.මේ අය ඒ වෙලාවේම ගෙදරට කෝල් කරලා හදිසි රාජකාරියකට යනවා කියල යුනිෆෝර්ම් පිටින්ම ඔස්ට්‍රේලිය ගිහින්.(අ)
අසරණ මිනිස්සු ජීවිතත් එක්ක වන්දි ගෙවද්දී මේවට විසදුම් හොයන්න ඕන අය සුර සැප විඳිමින් ජයපැන් බොනවා. (ස)
ලංකාවෙන් මේ මිනිස්සුන්ට පිට වෙන්න දුන්න එකනේ වරද දැන් මේකත් මානව හිමිකම් ආණ්ඩුව කැඩුවා කියන්න පුළුවන්.(ස)
බණ්ඩාර ඔයා කොහොමද කියන්නෙ ලංකාවෙ අද කාල බීල ඉන්න පුලුවන් කියල. ඔයා පොඩ්ඩක් හොයල බලන්න මිනිස්සු කොච්චර අසරණ වෙලාද කියල.අද මේ ලංකාවෙ ගමන හදන්නෙ ඉන්දියාවක් කරන්න. තියන එකාට උපරිමයි නැති එකාට ගොම තමයි.(අ)
රකිත් , මේකත් අර අවි පෙන්නන්න ගිහින් රන්ඩු වුනා වගේ වැඩක්. මේ මිනිස්සු ටික එක්කගෙන ගිහින් තියෙනවා ආපු පාර පෙන්වන්න.(නදී)
ඕස්ට්‍රෙලියාවට යන්නේ ටිකක් හරි තියෙන මිනිස්සු. මොලේ කල්පනා කරලා වැඩ කලානම් හොදයි. යන්න වියදම් කරන සල්ලි වලින් ලංකාවේ දෙයක් කලානම් තමා වැඩිය හොද.(නදී)
බණ්ඩාර මහත්තයෝ, ඔබට නම් ඒ තරම් අමාරුවක් නැතිව ඇති. ඒත් හැමෝම කැමතියි තමන්ටම කියල ගෙයක් දොරක් හදාගෙන දරුවන්ට හොඳින් උගන්වලා කාටවත් අත නොපා ජීවත් වෙන්න. ඒ වටපිටාව සකස්කරන්න තමයි අපි ආණ්ඩු පත්කර ගන්නේ. එහෙම නැතිව පටි තද කරගන්න නෙවෙයි.(නදී)
ලංකාවේ කොඩියවත් ගහන් යනවා දැකලද ? කොහොමද අපේ එකක් කියල හරියටම කියන්නේ.(නදී)
මෙහෙ හිටපු සුද්දන්ට ගහල එලවාගත්තා. ඊට පස්සේ කපටි දේශපාලකයන්ට කඩේ යන්ට ගත්තා. දේශපාලකයෝ රට කාබාසිනියා කරද්දී තවත් වන්දි බට්ටකන් කරනවා. එසේ කරමින් බෝට්ටුවල එල්ලිලා එලවා දමපු සුද්දෝගාවටම දැන් අයෙත් ගිහින් කෙන්චි වෙනවා. මොන තත්වයක්ද මේක.(නදී)
අපේ අනිත් හොරෙන් යන්න ඉන්න අයට හොද පාඩමක්. අසරණ මිනිස්සු ගැන ගොඩක් කණගාටු වෙනවා. නැති බැරි බේරී කමක් නම් වෙන විදියකට රට යන්න ඕන තරම් දෙන අවස්ථාව තියෙනවා. ඒත් මෙච්චර සල්ලි ගෙවලා මේ තරම් භයානක ගමනක් යන්නේ නැති බැරි කම හින්දමද ?(නදී)
ගුවනින් නිරීක්ෂණය කරලා බෝට්ටුවේ හිටියේ ලාංකිකයන් බවට තහවුරුකලේ කොහොමද. ලංකාවේ ධජය තිබු පමනින් වත් එය පිළිගත නොහැකියි. බෝට්ටුව නොපෙනෙන්නේ දැනටමත් එය ගොඩබිමේ තිබෙනවා නිසා විය හැකියි. ඒ හැරත් අපේ මුහුදේ අපිට ඉන්න විදේශිකයන්ගේ අවසරය ඕනේ නැහැ. එංගලන්තේ හිරකාරයෝ ඔස්ට්‍රලියාවට ගෙනත් දානකොට අපෙන් අවසරගත්තේ නැහැ. ඉන්දියන් සාගරයේ තිබෙන හිරකරුවන්ගේ රාජ්ජය මෙන්ම අනෙකුත් යුරෝපීය යුධ මධ්‍යස්ථානත් අපේ ස්වාධිපත්‍යට තර්ජනයක්. (නදී)
මොනවද මේ කියන්නේ. මිනිසාගේ රට ජාතිය කියන්න පුළුවන් කැමරා තියෙන්නේ කොහෙද.?(නදී)
ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමා මේකට වැඩියෙන්ම වග කියන්න ඕනෑ. මේ බෝට්ටු වල එන අයට ඩොලර් 4000 ක් දීලා ආපහු යැව්වාම ප්‍රශ්නේ විසඳෙනවා කියලා හිතන එක මෝඩකමක්. (නි)
කලකට ඉහතදී අපි ලංකාවට අවෙත් ඉන්දියාවෙන්. ඒ ඇවිත් කුවෙනිව රවටලා ලංකාව අල්ලා ගත්තා. දැන් මෙහෙ හොද නැහැයි කියල වෙන වෙන දීපංකර වලට යනවා.(ස)
මැරුණම හොඳ වැඩේ කියල කියන එක අමානුසිකයි, එත් මෙයාලට එහෙම කියන්න වෙනවා. පළමු කාරණය රටට ආදරේ නැති එක, දෙවැන්න රට ලෝකය හමුවේ හෑල්ලු කිරීම. තුන්වැන්න අධික තන්හාව, හතරවැන්න මෝඩකම, පස්වැන්න ලෝකයේ වෙන දේවල් ගැන දැනුමක් නැති එක, හයවැන්න පාඩමක් ඉගෙන නොගැනීම. ඉතින් හොඳ වැඩේ ඔවුන්ට. (ස)
සින්ගපුරුව,කොරියාව,තායිලන්තේ,බ්‍රසිලේ,දකුණු අප්‍රිකාව වගේ රටවල් නිදහස ලැබුවේ අපට පස්සේ. දැන් ඒ රටවල් අපට රස්සා දෙන ගානට දියුණුවෙලා. අපි මෙහෙ හිටපු සුද්දන්ව එලවලා පමණක් නෙමෙයි අදටත් බටහිර විරෝධී සටන් පාඨ කියන ගමන් ණයටත් කකා එහෙ බඩගානවා බෝට්ටු වල එල්ලිලා. (නි)
සුද්දෝ දාල ගිය නැති නවසිලන්තය,ඕස්ට්‍රේලියාව,ඇමරිකාව, කැනඩාව, දකුණු අප්‍රිකාව වගේ රටවල් ඉතා දියුණුයි. මෙහෙ හිටපු සුද්දෝ එලවා නොගත්තා නම් අපිත් දියුණුයි.මොකෝ අපේ ආගම දහම සංස්කෘතිය දැන් සුඛිත මුදිත වෙලාද. (නි)
සුද්දා හිටියා නම් අපිට කාගේවත් රටවලට බෝට්ටු වලින් බඩගාන්න වෙන්නේ නැහැ.සුද්දා දාලා ගිය නැති රටවල් වගේම හොරු නැති සිංගප්පුරුව කොරියාව වගේ රටවලුත් දියුණු වුනේ පස්සේ ඇමරිකානු උදවු ඇතිව. ඊනියා බටහිර විරෝධියෝ කවදා ඕවා තෙරුම් ගනීද? (නි)
අපේ රටේ අය අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වෙන්න උත්සාහ කරන එක ලෝකේ හැමදෙනා අතර ප්‍රචලිතයි. මේ හැම දෙයක්ම කරන්නේ දුප්පත්කමින් මිදෙන්න. ජීවිතය ජයගන්න අපහසුයි. වර්තමාන රජය ජනතාවට සහන සැලසිය යුතුයි. වරක් මමත් ඔය ගමන යන්න උත්සහ කළා. ගමන අවදානම් නිසා අදහස අත්හැරියා. (නි)
බෝට්ටුව ආපු ගමන් මාර්ගය මුල ඉදන් අගටම රේඩාර්, ගුවන් සහ ජි පි එස් මගින් ඉතා ශුක්ෂමව නිරීක්ෂණය කලොත් කියන්න පුළුවන් බෝට්ටුව අවේ කොහේ ඉදන්ද කියල.ආරක්ෂක අන්ස පාවිච්චි කරන ජි පි එස් වලින් චලනයන් පවා නිරීක්ෂණය කලහැකිය.(ස)
අනේ මන්දා ඕකත් ලංකාවට මඩ ගහන්න තියා ගන්නයි යන්නේ. (ස)
අපේ එකක් කියලා හරියටම කියන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවෙ මෙහේ වගේ නෙමෙයි, ඒ මිනිස්සු තමන්ගේ රට හැම අතකින්ම ආරක්ෂා කරගන්න ක්‍රියාමාර්ග ගන්න අය. (නි)
සමහර පාලකයන් කරන වැඩ නිසා තමයි අපේ මිනිස්සුන්ට ලංකාව එපා වෙලා තියෙන්නේ.(නදී)
ඔය යන්න ඕන අයට යන්න දෙන්න. කිසි කෙනෙකුට අවවාද දෙන්න යන්න එපා. අවවාදයත් කුහක කමට කරන ලෙසයි මෙයාලා දකින්නේ. බෝට්ටුවේ යන අයට මුහුද මැදදීම දිවය ලෝකේ ගිහින් කාර් ගන්නයි ගෙවල් හදන්නයි දරුවන්ට උගන් වන්නයි පුළුවන්. ඒ නිසා ඒක වලක් වන්න එපා. මෙතන ඉන්න ගොඩක අය දන්නේ නැහැ අපිත් ගියේ ගමේ ඉස්කෝලෙට කියලා. හැබැයි වෙනසකට තියෙන්නේ ඉස්කෝලේ ගිහින් අපි ඉගෙන ගත්තා. මොලේ පාවිච්චි කරලා වැඩ කලා. මෙහෙ ඉඳන් අපි රට අමතක කරේ නැහැ. හැකි හැම මොහොතේම අධාර එකතු කරලා ඉස්පිරිතාල හදන්න ඉස්කෝල හදන්න රණ විරුවන්ට සලකන්න කටයුතු කළා ඉදිරියටත් කරනවා. අපේ විදේශ විනිමයෙන් තමයි රට දුවන්නේ. එහෙම කරන අපිට ඔය සහෝදරවරු ඔහොම බැනල මදි.(නදී)
සුද්දෝ දාල ගියේ නැති හැම රටක්ම දියුණුයි. මන් මෙහෙම කිවම ඊනියා බටහිර විරෝදියෝ, ප්‍රබුද්දයෝ,කුහකයෝ මට ගහයි. නමුත් මෙහෙම යන රැකියා නැති,ඉච්චා බංගත්වෙන් පෙලෙන,වන්දි බට්ටකන් කරන්න අකමැති නිදහස අගයන අයට දෙන්න උත්තරත් ඔහෙලට නැහැ.(නදී)
මෙහෙ කැසිනෝ එපා, හරක් මස් එපා. "මෙට්‍රෝ පොලිටන් සිටි" තත්වෙට අපේ නගර දියුණු කරන්නත් එපා. නවතාවයත් එපා කියා පෙළපාලි යන ගමන්ම ඒ සියල්ල ඇති සුද්දන්ගේ රටවලට බෝට්ටුවලින් බඩගානවා.(නදී)
බෝට්ටුවෙන් ගොඩ බැස සතියක් ඇතුළත මෙම ක්‍රියාදාමය අවසන් වන බව පවසන ඩේවිඩ් ලේක්, විදේශිකයාගෙන් එක ප්‍රශ්නයක් පමණක් අසන බවත්, එයට දෙන පිළිතුර මත සියල්ල තීරණය වන බවත් කියා සිටියේය. බලධාරීන් අසන ප්‍රශ්නය, ඕස්ට්‍රේලියාවට පැමිණීමට හේතුව කුමක්ද යන්නයි. "මම දෙමල ජාතිකයෙක්, ඒ නිසා මට හිරිහැර කරදර වධ හිංසා ලැබෙනවා කියන පිළිතුර ලැබුනොත්, ඒ පුද්ගලයාට රැකවරණ සඳහා ඉල්ලීමේ ඉඩකඩ ලැබෙනවා. පිළිතුරක් නොලැබුනොත් ආපසු හරවා යැවීමයි සිදු වෙන්නේ.(නදී)
හේමන්ත ඔහොම කියන්න බැහැ. නිකන් හිතන්න සවුදියේ හොරෙන් කීදෙනෙක් ඉන්නවද. මන් දැක්කා ලගදී දකුණු ඇමරිකාවේ පේරු වල අපේ අය හොරෙන් ඉන්නවා කියආ. ඔයා හිතන්නේ මේ ඔක්කොම යන්නේ රටට වෛර කරන හින්දා කියලද.(නදී)
මේ යන්නේ රටට ආදරේ නැති නිසා කියන අයගෙන් මන් අහන්නේ ලංකාවේ කාලයි බිලයි හිටියම ඇතිද. ගෙවල් දොරවල්,ඉස්කෝල, ගමන් බිමන්,මගුල් ගෙවල්,ඊට අමතරව අපේ මහා සංස්කෘතියෙන් අපට උරුම උන මල්ලිගේ නංගිගේ අනාගතේ සෙත සැලසීම, බාප්පාගේ පුංච් අම්මගේ ලෙඩ දුක් වලට උදවු කිරීම වගේ දේවල්.(නදී)
බණ්ඩාර මහත්තයෝ ! ලංකාවේ කාල බීලා ඉන්නම බැරි නිසා තමයි ජීවිතය පරදුවට හරි තියල මේ වගේ ගමනක් යන්නේ. දැන් පොලිසියේ නියෝජ්‍ය පොලිස් පතිලා තමයි කොන්ත්‍රාත්තුවට මිනි මරන්නේ. රටේ නීතියක් ධර්මයක් නැහැ. දේශපාලකයන් ස්ත්‍රී දුෂන කරනවා මිනි මරනවා නීතියෙන් බේරෙනවා.(නදී)
ලංකාවේ රැකියා ටික චින්නුන්ටයි ඉන්දියන් කාරයන්ටයි දීල.අපේ ලෝකේ වටේ අඬ අඬ යනවා රස්සාවල් ඉල්ලමින්. (ස)
ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට පුදුම සතුටක් දැනෙනවා ඇති මේ පුවත අහලා.(නදී)