ඕස්ට්‍රේලියාවේ නව අගමැති පදවියට පත් ටෝනි ඇබට් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වන බව මහින්ද රාජපක්ෂ ජනපති සමග දුරකතනයෙන් පැවසූ බව ඕස්ට්‍රේලියා මාධ්‍ය කියයි.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින මේ සමුළුවට සහභාගී නොවන්නීය. ඇගේ පුත් ඔටුන්න හිමි චාල්ස් කුමර එම සමුළුවට එන්නේය.
රැජිනගේ සහභාගීත්වයක් නොමැතිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවක් පැවැත්වෙන්නේ වසර 40කට පසුවය.
ඕස්ට්‍රේලියා නියෝජිත පිරිසක් පසුගිය ජූනියේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඕස්ට්‍රේලියා නායකයාගේ ගමනේ මූලික කටයුතු සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඔය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව කියන්නේ,???අවුරුදු සියගානක් තිස්සේ දුප්පත් රටවල් සුරාකෑම සැමරීම නේද,හරිනම් අපි අපේ මානව හිමිකම් උල්ලංගනය කිරීම් ගැන එංගලන්තයට විරුද්දව නඩු දාන්න ඕන, (දී)
සුභ පතන කෙනෙකුට කොහොමද ඉතින් බැහැ කියන්නේ? (නි)
බොහොම හොදයී . වැදගත් නායකයෙක් සහ වැදගත් තීරණයක් (අ)
මෙයාගෙන් පස්සේ නිකන් ඕස්ට්‍රේලියා යන්න බලන් හිටපු යට තමා පාඩු (අ)
අපි කැමතියි ඔටුන්න හිමි ජෝර්ජ් කුමාරයාත් එක්කන් එනවා නම්. (ස)
මමත් ඔබේ අදහස අනුමත කරනවා...........රත්නායක ආරච්චිගේ මහතාණනි... (දී)
ඇති වෙලා වගේ ගණන් උස්සලා.(නදී)
අගමැති වෙලා දවස් හතරයි. ඔබතුමා ගත් තීරණය අගේ කරමි. (ස)
අර අපේ හදහන් බලන මහත්තයව හම්බවෙලා හදහනත් බලාගෙන යාවි මොනවා හරි අවුලක් තියේද කියල ,සමුළුවට ආපු ගමන්.(නදී)
ස්තුතියි...! ලක්වැසි අපි ඔබතුමා සාදරයෙන් පිළිගනිමු...!!! (ස)
අපි ඉහලින් සමරන්න හදන සමුළුව. අපිව සූරාකාපු එංගලන්තය. මෙහෙට එනවිට අපෙන් අරන්ගිය සියලු දේවල් පොඩි බදාගෙන එනවනම් තමා හොද. (අ)
කොටින්ට හොද කාලයක් නෙමෙයි වගේ. නෝර්වේත් පරාදයි.(නදී)
මේයා නරක මිනිහෙක් නෙවෙයි. හරි දක්ෂ නීතිඥ මහත්තයෙක්. ලංකාවට ගොඩාක් ආදරෙයි මේයා. ජනපති තුමනි, කියන්න මෙයාට නේනයි දුලවයි එක්ක එන්න කියලා.(නදී)
ටෝනි ඇබට් නව අගමැති, ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමිකයන් පිළිබඳව දැඩි මතයක පිහිටා ක්‍රියා කරන අයෙකු බවට ප්‍රචලිතය. දැනටමත් ඔහු ( "ඔපරේෂන් සවරින්ග් බෝඩර්ස් ") ස්වයිරී දේශ සීමා මෙහෙයුම නමින් වැඩසටහනකටද අත ගැසීමට නියමිතය. මේ නිසා ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික අංශවලට ඇතිවී තිබෙන හිසරදය ද යම් තරමකට හෝ සමනය විය හැකිය. රැජින ගේ වයස දැන් අවු. 87 මාස 05 කට ආසන්නය. ඇයගේ වයස අනුව සැත.10800 (කි.මි.17400) ක දුරක් පැය 21 මි.30 (යාමට/ඊමට) පමණ වන ගුවන් කාලයක් ගත කරමින් ගමන් කිරීම ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවන්නට පිළිවන.(නදී)
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට ලංකාවාසි ජනතාවගෙන් කිසිම හිරිහැරයක් කරදරයක් නොවී නැත්නම් ඇයි ඇය මේ සමුළුවට සහභාගි නොවන්නේ? (නි)
යොමා ඔබෙ නෙත් කුළුනිනේ... වඩිනු මැන ඇබොටානනේ... (නි)
මේ ගොල්ලන්ගේ පක්ෂ පාට කුමක් උනත් විදේශ ප්‍රතිපති වල විශාල වෙනසක් බලාපොරොතු විය නොහැක , ඔස්ට්‍රේලියාව විදේශ ප්‍රති පති වලදී බොහෝවිට අනුගමනය කරන්නේ ඇමෙරිකාව සහ එංගලන්තයි , සරණාගත ප්‍රශ්නයේදී මොහු තදින් හිටීවි තමන්ගේ රටට සරණාගතයන් ගෙන් ආර්ථික පාඩු සිධුවන නිසා , නමුත් ජිනිව වලදී ඇමෙරිකාව සමග ඡන්දය දෙවි , (අ)
තව ඉස්සරහට හොද සුදානමින් ඉන්න හොඳේ (නි)
ඔබතුමා මෙහි පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පවත්වන හැටිත්, බලයේ රැදි ඉන්න පුළුවන් ක්‍රමත් ඉගෙනගෙන යන්න. (නි)
මෙතුමා එන්නේ ලංකාවේ සරණාගතයන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියන නිසා. (ස)