හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවති දෝශාභියෝගයේදී ශ්‍රී ලංකාවේ රජයෙන් කළැයි කියන දේශපාලන අතපෙවීම් නිසා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර නායකත්වය පෙළගැස්වීමටත්, සමුළුව කෙළඹ පැවැත්වීමට ඉඩ නොතැබීමටත් ක්‍රියා කළ යුතු බව ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ බැරිස්ටර්වරයකු වන ජෙෆ්රි රොබොටිසන් කී බව ඕස්ට්‍රේලියාවේ ලෝක ප්‍රවෘත්ති පවසයි.
නොවැම්බර් මාසයේදී පවත්වන මෙම සමුළුවට එංගලන්තයේ මහා රැජින සහභාගී විය යුතු බවත්, ඕස්ට්‍රේලියා රජය නීති ගරුක රටක් ලෙස ගෞරවයෙන් යුක්තව මෙම සමුළුවට සහභාගී නොවිය යුතු බවත්, ශ්‍රී ලංකවේ ජනාධිපතිවරයාට රැජින හෝ රාජකීය පවුල්වල අය සමග කිසිදු ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව නොදිය යුතු බවත් සඳහන් කොට එංගලන්තයේ ප්‍රධාන නීතීඥ සංගමයට විශේෂ ලිපියක් ද මේ වන විට යොමු කර ඇති බවත් රොබොට්සන් මාධ්‍යයට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වෙන හැම අසාදාරනයක්ම ලෝකයා බලා ඉන්න බව තේරුම් ගත්තොත් හොදා අකමැත්තෙන් හරි මේ කතාව පිළිගන්න වෙනවා .(නදී)
ජෙෆ්‍රරි රොබට්සන් උපතින් ඕස්ට්‍රෙලියානු ජාතිකයෙක් නීති උපාධිය එරට හදාරා පසුව එංගලන්තයට ඇවිත් ඔක්ස්ෆ්‍රඩ් විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර නීතිය හදාරා එහි බැරිස්ටර්වරයෙකු ලෙස දැන් කටයුතු කරනවා.යුද අපරාධ පිලිබඳ විශේඥ්යෙකු වු මොහු සියරා ලියොන්හි ජනපතිට පැවරු නඩුවේ සභාපති තනතුර ඉසුලුවා.ඔහු ලියා ඇති නීති පොත්පත් රැසක්ම තිබෙනවා. පසුගිය දිනවල ලන්ඩන්යට ගිය අපේ නීතිඥ්ය සංගමයේ ඉහල නිලධාරින් පිරිසක් මොහු මුනගැසි ඔහුගේ ඩොරති ස්ට්‍රීට් නීති කාර්යාලයේ මොහු මුනගැසී තිබුනා.එයට ලංඩනයේ උතුරේ නීතීඥ්යන් හා තවත් රැසක් ද සහභාගි වී තිබුනා.ඉන් අනතුරුව මොහු ලංඩනයේ ගාඩියන් පුවත්පත්ට නීති සංගම් සඟරාවලටත් ශ්‍රිලංකාවට විරුද්ධව ලිපි ලියමින් සිය විය්‍යාපාරය අරභා තිබෙනවා......නිබන්දේ මුදලට ඇයි වැඩි අශා. (අ) කුමාර් ද සිල්වා- ලංඩනයේ සිට
විමල් වීරවංශ ඇතුළු රජයෙන් අහන්න කැමතියි මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්ද කියලා.(නදී)
ඔන්න අයෙත් පටන් ගත්තා, කොහොම කලත් අපි සමුළුව තියනවා. (ස)
ජීනිවා පාන් වලට ඔස්ට්‍රෙලියන් බටර් .(නදී)
වරුණ, බූමරංග ඇවිත් තියෙන්නේ එන්න ඕනෑ කට්ටියට තමයි කියලයි මම නම් කියන්නේ (නි)
ඔස්ට්‍රලියාවට මගේ ප්‍රණාමය. දැන් යකා එක්ක හරි එකතුවෙන්න වෙලාව ඇවිල්ලා. නැත්නම් ඉතින් අපට රටක් ඉතුරුවෙන එකක් නැහැ මේ යන විදියට දිගටම ගියොත්.(නදී)
ලංකාවේ ඉන්න අයට ඔවට සටන් කරන්ඩ බැරි එකේ පිට අයටත් එහෙම කරන්ඩ එපැයි.(නදී)
බුද්ධි සමග මමත් එකගයි. ඒ මේ රටේ අනාගත දරුවන්ට හොද නීතිගරුක රටක් තිබිය යුතු නිසා (නි)
බුද්ධි, ඔබ හරි මගට වැටී ඇත. (ස)
රටක් විනාශ වීමට හේතුව සියළුම බලතල එකම තැනකට ඒකරාශී වීමයි (නි)
අම්මප වෙන දේවල් දිහා දැක්කම රට රට කිය කියා හු තියන්නේ නැතිව මම නම් දැන් අත් දෙකම උස්සනවා මේ වැඩ වලට. (නි)
කෝ සඳරුවනුයි, ද සිල්වයි....(ස)
අපේ රටේ මිනිසුන්ට හැමදේම ඉක්මනට අමතක වුණාට ලෝකයට එහෙම නැහැ. ඔය සමළුව ලංකාවේ තියන්න දෙන්න හොද නැහැ. (නි)
බුද්ධි, අමිල, කවදත් පාවා දෙන්නෝ සිංහලයන් අතරම හිටියා. (නි)
දැන් බෙරිහන් දෙයි බටහිර බලවේග,කුමන්ත්‍රණ කිය කියා.එතකොට දේශීය කුමන්ත්‍රණ වල ප්‍රතිපලයක් විදියට සිදුවෙන නීතිය තිරිසන් කිරීම ගැන මොකෝ කියන්නේ? ඒවා දේශිය කුමන්ත්‍රණ නිසා කමක් නැහැ කියලද කියන්නේ. (නි)
ඕස්ට්‍රේලියාවට ලංකාව ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ! (නි)
දැන් ඊනියා දේශප්‍රේමියෝ,ඊනියා සුචරිතවදියෝ හු තියාවි. හු තිබ්බත් ඕවා ඇහෙන්නේ වන්දි බට්ටයන්ට, පැවැත්මට මොකක් හරි කරන බඩගෝස්තරවාදින්ට විතරයි. රට ගැන සිතා අපි සියල්ලම ඕස්ට්‍රේලියාවට සහය වෙමු. (නි)
ඇතැම් රටවල් දැනටම එනවා කියල කියලා. නවසිලන්තෙත් එනවයි කියනවා. ඇතැම් රටවල් එන්න බැහැ කියනවා.මානව හිමිකම් ප්‍රශ්නෙට වඩා අගවිනිසුරුතුමිගේ ප්‍රශ්නේ තමාලු කියන්නේ (නි)
යොහාන්,කවුරුත් කියන විදියට අපි නටන්න ඕනෑ නැහැ.අපි නටන්න ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නීතියට අනුව. ලෝක ප්‍රජාතන්තවාදෙට ගරු කරන්න වෙනවා. (නි)
ඕස්ට්‍රේලියාවට මගේ ප්‍රණාමය. දැන් යකා එක්ක හරි එකතුවෙන්න වෙලාව ඇවිල්ලා. නැත්නම් ඉතින් අපට රටක් ඉතුරුවෙන එකක් නැහැ. දැන් උදව්වට ඉන්නේ අරාබි රටවල් පමණි. (නි)
ඒ වුණාට ලොව ව්‍යවස්ථාවෙන් බලවත්ම ජනාධිපති පදවිය තියෙන්නේ අපේ රටේ නේද? (නි)
කුමන්ත්‍රණ වේවා,ඉරිසියාකම් වේවා,කියන කතාව ඇත්ත නෙමෙයි කියලද දැන් ඔයාලා කියන්නේ? (නි)
ඇමරිකාවෙත් අග විනිසුරු දෙන තීන්දුව ඔබාමා අහනවාලු. හැබැයි කතාවට අපි තමා ලොව උතුම්. (නි)
බත් කන මිනිසුනේ.... කවුරු කිවත් හොද දේ හොදයි කියමු. වැරදි දේ වැරදි කියන්න. මේ කියන දේ අත්තක් නෙවේද. මේක ඇත්ත කියා පිළිගන්න මහත්ම ගතියක් වත් නැද්ද? (ස)
මේ අතපෙවීම් වලින් මට නම් පෙනෙන්නේ යටත් විජිතවාදී ගති ලක්ෂණයි. පොදු රාජ්‍ය මණ්ඩලය අපේ රටට කොහොමද වැදගත් වන්නේ? මොන අයුරින්ද ? අපිට කරලා තියෙන්නේ මොනවද ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපේ රටේ මිනිසුන්ට නොපෙනෙන සත්‍ය වෙන රටවල් වලට පෙනීම ගැන ස්තූතියි (නි)
රටක නිතිය ශක්තිමත් වෙනවට ඉරිසියා කරන අය දැන් මේවට සහය දක්වන ලංකාවේ අයට කියයි පාවාදෙන්නෝ, ද්‍රෝහියෝ කියලා. (නි)
ඕස්ට්‍රේලියාව කියන්නේ අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන පාලනය කරන කට්ටියක්. (නි)
චන්ද්‍ර යන්නේ කොහෙද මල්ලේ පොල් කතා නොකියා මේ කියන කතාව හරිද වැරදිද කියලා කියන්න. පොදු රාජ්‍ය සමුළුවෙන් අපට වැඩක් නොවෙනවා නම් ඉවත් වෙන එක වෙනම දෙයක්. ඒක වැදගත් නොවනවා නම් ඒක ගන්න මේ තරම් පොරකන්නේ ඇයි. (නි)
පර ගැති කළු සුද්දෝ උඩ පනිති. (ස)
මේ වගේ අපේම සිංහලුන් කා කොටා ගන්නකොට යටත් විජිතයේ පහත් තත්ත්වයෙන් තමයි අපිව මනින්නේ. එතකොට අපිට ඉන්න වෙන්න කොහේද? (නි)
අපි අපිම බෙදිලා යනකොට, කොටින්ට අවුරුදු 30 සටන් කරලා ගන්න බැරිවෙච්ච දේ එයාලා නිකන්ම ඉඳලා අපි පිට පටවයි. මොනවා වුණත් අපි බෙදෙන්න හොද නැහැ (නි)
අප රට තුල මෙය නොපැවත්තෙන තරමට හොද යැයි මගේ අදහසයි. අපට මොවුන්ට එහෙයි නොකියා හිස ඝෘජුව තබාගැනීමට තවත් තවත් ශක්තිය ලැබේවා! (නි)
මගේ රට විනාශ කරන කාට වුණත් කමක් නැහැ, හොදක් නම් වෙන්න එපා (නි)
මේ ප්‍රතිචාර දිහා බැලුවම සතුටු හිතෙනවා.දැන් නම් ලංකාවේ මිනිසුන්ට අන්දලා තිබුන බොරු දේශප්‍රේමි ඔටුනු ගලවලා මිනිස්සු ඇත්ත දකින්න පුරුදු වෙලා. (නි)
මිනිසුනේ, හදවතට එකගව රට ගැන හිතා මෙයට සහය දක්වා අපි කලුසුද්දෝ, ද්‍රෝහියෝ,පරගැතියෝ යන ලේබලේ ගහගමුද? නිතිය තිරිහන් කළත් දේශපාලනිකරණය කළත් එය දේශප්‍රේමී නාමෙන් අනුමත කර වන්දිබට්ටයා,බත්බැලයා යන ලේබලේ ගසා ගන්නවද? තිරණය ඔබ සතුයි (නි)
මම හිතන්නේ මේ සමුළුව ලංකාවට ලැබෙන්න එපා කියලා. අන්තිමට ඒකත් මෙතන හුරේ දාන ඔබේ මගේ සාක්කුවෙන් අයකර ගන්නවා. (නි)
අපේ රටේ මිනිසුන්ට නොව වන්දි බට්ටයන්ට බත්බැලයන්ට නොපෙනෙන සත්‍යය වෙන රටවලට පෙනීම ගැන ස්තුතියි කියන්න. (නි)
ලොව විශාලත්වයෙන් ගත්තම ඕස්ට්‍රේලියාව ඉන්නේ 6 වෙනි තැන.ඉන්දියාවත් ඉන්නේ 7 වෙනි තැන. ඇමරිකාව 3 වෙනි තැන.ලංකාව කීවෙනි තැනද කියන්න මම දන්නේ නැහැ.හැබැයි මේ කාටවත් නැති ලොව බලවත්ම ව්‍යවස්ථාවක් අපට ඇත.කාටද ආඩම්බර? (නි)
මුරුගා, ලංකාව වැනි රටක ඉපදීම ඔබගේ වාසනාවක්. නමුත් තමුන් උපන්බිමට පිලිලයකි. (නි)
මේ තියෙන්නේ ජනාධිපති "නීතියේ රැජින" එක්ක ගත් ඡායාරූපයක්. (නදී)
යමු යමු ඇදලා යමු! (නි)
ජෙෆ්රි රොබොටිසන් බොහොම දෙනෙක් ගරු කරන මානව අයිතිවාසිකම් ගැන මහන්සි වෙන අයෙක්. ලංකාවෙන් බෝට්ටුවල යන අයට පවා සාධාරණයක් කල යුතු බව තමයි මෙතුමාගේ අදහස.(ස)
වරදක් කළා නම් ඒකට දඩුවම් දෙන ක්‍රමයක් තියෙනවා. (නි)
විදේශිකයින් මේ විදියට ලංකාවට අපහාස කරන්නේ කාගේ වරදින්ද? (නි)
කවුරුන්ද ඔබ මගේ, කවුරුන්ද මා ඔබේ // (නි)
දැන් ඔන්න "ලෙමන් පෆ්" ඇමතිතුමාට ජොබ් එකක් සෙට් වෙනවා. (නදී)
අපේ දේශමාමක කට්ටියට පිකට් , පෙලපාලි, උපවාස කරන්න මාතෘකාවක් ! (නි)
කණගාටුවෙන් වුනත් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදු කරපු අපරාධය රටේ පුරවැසියෙක් හැටියට පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. අපේ රටේ විතරක් නෙමේ ලොව කිසිම රටක රජයක් අත්තොමතික ලෙස කටයුතු කරන්නේනම් එයට එරෙහි වීම සෑම ලෝක වැසියෙක්ක්ගේ පරම යුතුකමයි. (නදී)
මේ ලංකාවට අපහාස කිරීමටද ? නැත්නම් ලංකාවේ දේශපාලනය රටාවට විරුද්ධවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක ලංකාවට කරපු අපහාසයක්ද? නැත්නම් ලංකාවේ දේශපාලනයට කරපු අපහාසයක්ද? (නි)
අප රට තුල මෙය නොපැවැත් වෙන තරමට හොද යැයි මගේ අදහසයි. (නි)
අපේ වැඩ වලට ඇගිලි ගහන්න ලජ්ජා නැද්ද (දී)
නිතිය යුක්තිය සාධාරණත්වයට කවුද අකමැති? මාරසිංහ ආයෙත් වරක් වත් මේ පුවත කියවන්න විශේෂයෙන් දෙවැනි ඡේදයෙන් කියන දේ . මමත් කිහිප සැරයක් බැලුවා. (නි)
ජෙෆ්රි රොබොටිසන් මහතාණනි මමත් ඔබ සමගයි.(නදී)
උදය, අපිත් බෝට්ටු වලින් තමයි ආවේ. දැන් ඕස්ට්‍රේලියාවට ඔහොම කිවුවට. (නි)
ඕස්ට්‍රේලියාවේ වගේ සාධාරන නීතියක් මෙහෙ ඇතිවෙනවට විරුද්ධව මැරෙන්න හදන කුහකයෝ එහෙ බදාගන්නවා බෝට්ටු වල එල්ලිලා.ඇහුවම කියන්නේ අපි තමයි ලෝකෙන්ම උතුම් කියලා. (නි)
නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන ආකාරය දකින ජනතාව ශක්තිමත් විපක්ෂයක් නොමැති ලක්මෑණියන්ට එරෙහිව කටයුතු කිරීමට පුද්ගලිකව වුව ඉදිරිපත් වන දිනය වැඩි ඈතක නොවන බව හැඟේ. කිසිදු දේශපාලකයෙක් මෙම ක්‍රියාවලියට තිත තබන බව හෝ ඒ ගැන ක්‍රියා කරන බවට හෝ ජනතාව තුල කිසිම විශ්වාසයක් නොමැත. (නි)
ඉතා හොදයි (නි)
උදය, අපිත් ආවේ බෝට්ටුවල එල්ලිලානේ. ඕස්ට්‍රේලියාවේ වගේම තමයි මෙහෙත් වුණේ.එකම වෙනස දින වකවානු විතරයි.කුහක නොවී මේ කිවුව දේ ඇත්තද නැද්ද කියන්න. (නි)
මුරුගා, අපි බත්කන මුත් ඒ ඔබලා මෙන් මුඟුණුවැන්න හොදිත් සමග නොවෙයි. මෙම සමුළුව අප රටට අනවශ්‍යයි. මුදල්ද නාස්තියකි. (නි)
ලංකාවේ දේශපාලනය සහ නීතිය යන 2ම බලන කල ලොකු ලොක්කෝ කරන දේ ගැන අපට මොකුත් කියන්න බැහැ.(නදී)
ඔන්න නියම වෙලාව. දේශප්‍රේමී ජාතිමාමක ශ්‍රී ලංකික වැසියනි. එක්වෙයව් එකට පෙලගැසියව්. කැන්ගරුවන්ට එරෙහිව උපවාස අරඹමු. විදුලිබිල අමතක කරපියව්.(නදී)
කෝ මේ හොරු රූපවාහිනිය.(නදී)
එකත් එහෙමද (දී)
මුෂරෆ්ර්ට දෙන් බූමරංගයක් වෙලා තියෙන්නේ. පකිස්ථානයේ ජනාදිපතිවෙලා හිටපු කාලේ නීතියේ ආදිපත්‍ය බිදින්න ගිය නිසා බව කව්රුත් තේරුම් අර්ගනනේ ඉන්නේ.(නදී)
දැන් ඔය එක එක්කෙනාට ඕන විදියටද අපි නටන්න ඕනා.(නදී)
දැන් රටේ නීතිය අවසාන වෙලයි තියෙන්නේ. දැක්කනේ දුමින්ද ඉස්සරහා පොලිස් ලොක්කෝ සැලියුට් ගහපු හැටි. http://www.insidelankanews.com/2013/04/ynkaog-isksh-ieshqu.html (නි)
මහේෂ් ගෙ අදහස මගෙත් අදහසයි. ඒත් ඔස්ට්‍රෙලියන් ජාතිකයො වගේම එහෙ ඉන්න සමහරක් ලාංකිකයොත් ඔලුව ඉදිමුන මිනිස්සු. රට වෙනුවෙන් තඹ සතේක දෙයක් කරන්නෙ නෑ.(නදී)
අපේ කෙල්ලෙක් රෝබෙට්සන්ට බූට් එක තියල වගේ. නැත්නම් ඇයි මෙයා ෆෝර්ම් වෙලා ඉන්නේ.(නදී)
මේක කොටි හොල්මනක් නෙමෙයි.(නදී)
මොවුන්ගේ ප්‍රයත්නය අසාධාරණ නම් ඊලග පැයේදී හෝ කණපිට පෙරලේවා යනු මගේ පැතුමයි. (නි)
ඒක හොදයි.(නදී)