ඕස්ට්‍රේලියාවේ දී 2014 තම සැමියා මරා දැමී යැයි සිව් වසරක සිරදඬුවමකට නියම වී, ලබන ජූනි මාසයේ දී කොන්දේසි සහිත සමාවක් ලැබීමට නියමිත ශ්‍රී ලංකා වෛද්‍යවරියක අධිකරණය හමුවේ දී පැවසූයේ ඉන් පසු ඇය ඇය ශ්‍රී ලංකාවට යැවීමට ඉඩ ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකාරියක වන චමරි ලියනගේ (36) දිනේද්‍ර අතුකෝරාළ නම් සිය සැමියා 2014 ජූනි මාසයේ දී බටහිරි ඕස්ට්‍රේලියාවේ දී මිටියකින් ගසා මරා දැමී යැයි අනියම් මිනී මැරීමට වරදිකාරිය වූවාය. අධිකරණයේදී ඇය කියා සිටියේ පස් වසරක විවාහ ජීවිතයේ දී සැමියාගේ අධික ලිංගික ක්‍රියා ශාරීරික හා මානසික වද වේදනා දරුණුම අන්දමින් පැවති බවයි.
තම සැමියගෙන් වෙන් වීමට හය පාරක් උත්සාහ කළත් යක්ෂයකු ලෙස හැසිරුණු සැමියාගෙන් බේරීමට නොහැකි වූ බවත් ඇය කීවාය.
ඇයට නියම වූ දඬවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට නියමිතය. දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරතියි බියෙන් සිටින බව ඇගේ නීතීඥයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි ඔයා එහෙම කියන්නේ මොකද, ඔයත් ගැහැනියක් නේ , මානුෂිකව හිතන්න , කරපු වරදට දඩුවම් විඳලානේ එයා ලංකාවට එන්නේ, එලව එලව පළිගන්න පුරුදු වෙන්න එපා (බ)
අනේ දෙවියනේ! (නි)
පුරවැසි කමක් නැතුව ලංකාවට ආවොත් ඔය දඬුවම වගේම හිරේ තපින්න තමයි වෙන්නේ.මිටියත් අරන් ආවොත් ගල් කඩන්න හරි පුලුවන්වේවි. (බ)
ඔලුව තිබුනට වැඩක් තියෙනවද. මොලේ නැතිව, හදවත නැතිව (අ)
ඇය කාන්තා හිංසනයට ස්වාමියාගෙන් භාජනය වූ තැනැත්තියක්. කරුණු කාරණා සත්‍ය නම් ඇයට ලැබී ඇති දඬුවම ගැන පුදුම විය යුතු නැහැ. එත් ඇය ලංකාවට පැමිණීම ට වඩා ඕස්ට්‍රේලියාවේ ම සිටීම ඇයගේ ආරක්ෂාවට මෙන්ම ඇය පත්ව ඇති මානසික තත්වයනට ද යහපත් වන්නට පිළිවන්. (ර)
මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා වෙනත් රටවල පදිංචියට ගිය අය වැරදි කරාම මොකටද මේ රටට එන්නේ? (ර)
මෙයාව ලංකාවට පිටුවහල් කිරීමට තියන ඉඩකඩ ඉතාම අඩුයි . ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් මෙහෙ තියන ආයතන මෙවැනි කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නවා . (ර)
මෙම මිනීමැරීම කරලා තියෙන්නේ ගිය ආත්මේ වෙන්න ඕන. (අ)
ඔස්ෙට්‍රලියව ,කැනඩාව ආදී රටවල සැමියාගෙන් හිංසනයට භාජනනය වන සත්‍රීන් ආරක්ෂ කිරීම සඳහා තදින් නීති පනවා තිබියදී මවැනි උගත් තැනැත්තියක් මෙසේ දරුණු අපරදක් කර තිබියදීත් සිව් වසරක සිරදදුමකින් බෙරීම් අරුමයකි (අ)
ලියොන්, එහෙ හිරේ තියාගෙන එහෙ වියදමින් කන්න බොන්න දෙන එක තේරුමක් නැති නිසයි වසර 4 කින් නිදහස් වෙන්නේ. (නි)
අනේ! ලංකාවට එන්න නම් එපා (නි)
තමන්ට ලැබුන මොනවා හරි බලයක් උපයෝගී කරගෙන තව කෙනෙකුට ශාරීරිකව හෝ මානසිකව හිංසා කිරීම අපරාදයක්. ලිංගික හිංසා කිරීම කායික වගේම මානසිකවත් කෙනෙකුට සිදු කරන අපරාදයක්. ඒකට එරෙහි වීමේදී ගන්න ඕනිම ආත්මාරක්ෂක ක්‍රමයක් සාධාරනයි කියලා මම හිතනවා. (ර)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවේ ඔය වගේ මිනීමැරුමක් වුණා නම් තව අවුරුදු 20 කින් විතර තීන්දුව ලැබේවි. අවසානයේදී දෙපැත්තේම නීති මහත්තුරු පෝසත්. මේ සිද්ධියේදී මරාදාපු සැමියාගේ පරිගණක වල තිබුණ දේවල්, ඔහුගේ ගූගල් සෙවුම් සියල්ලම සාක්ෂි වශයෙන් ඉදිරිපත් වුණා. අපේ තාජුඩීන්ගේ සීසීටීවී තාම උසාවියේ (නි)
සාධාරණව බලා තීන්දුවක් ලැබේයැයි සිතනවා (නි)
පසුගිය වසරේ මෙම පළාතේම (බටහිර ඕස්ට්‍රේලියාවේදී) මිටියකින් ගසා ශ්‍රී ලාංකික සැමියා විසින් බිරිඳ මරා දැම්මා. ඔහුට වසර 20 සිර දඬුවම දුන්නා. මෙම පළාතේ ශ්‍රී ලාංකික පවුල් වලට අපලයක් තිබෙනවා යැයි මම හිතනවා (නි)
බලාගෙන, බිරිඳගෙන් මිටි හංගලා තියන්න (නි)
සමහර ශ්‍රී ලාංකිකයන්ට මේ සංස්කෘතිය ගැළපෙන්නේ නැත (නි)
ඇන්ජලෝ, බිරිඳගෙන් මිටි හංගන්න අවශ්‍ය නැහැ. තමන් වැරදි නොකර ඉන්න (නි)
මෙවැනි සැමියෙකු සමඟ මෙපමණ කලක් ජීවත්වුවාට ඇයට අනිවාර්යයෙන්ම සමාව ලැබිය යුතුය. (නි)
ආවට කමක් නැහැ, ප්‍රැක්ටිස් කරන්න දෙන්න එපා. ඔන්න මම කලින්ම කිව්වා. (නි)
ප්‍රසන්නගේ කතාව වැදගත්. ලිංගික අසහනයෙන් සහ පීඩනයෙන් පෙළෙන අපේ රටේ අය පිටරට ගියාම පාලනයක් නැතුව යන බව ඕනෑතරම් උදාහරණ වලින් පෙන්නන්න පුළුවන්. (නි)
මේ අදහස් දාන අය ඕස්ට්‍රේලියානු මාධ්‍ය වල විස්තර සහිතව ඇති පුවත කියවන්න. වෛද්‍යවරිය කළ දේ අනුමත කිරීමක් නෙමෙයි. නමුත් ඇය විවාහවෙලා ඉඳලා තියෙන්නේ සතෙකුටත් වඩා අන්ත මනුස්සයෙක් එක්ක (නි)
මෙම උගත් කාන්තාවට සිදුව ඇති පිඩාව බලන්න. එහෙත් මිටිය නොව නිතිය අතට ගන්න තරම් ඉවසුමක් නැති හැටි. (බ)
එනවනම් අර මිටියත් අරං එන්න (බ)