හොරෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයෝ 45ක් අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ.
ඉන් අටක් කැමැත්තෙන් ආ අය වෙති.
කැමැත්තෙන් ආ පිරිසට පමණක් ඔවුන්ගේ ජීවිකාව ඇරැඹීම සඳහා ආධාර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයය කියයි.
එහෙත් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට එවන සියලු දෙනා ආපසු හරවා යවන බව ඕස්ට්‍රේලියාව යළිත් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දු,මේ රටේ ලංකාවේ මෙන් රැකියාවල ඇති නැති පරතරයක් නැහැ.සියලුම රටවැසියන්ට සලකන්නේ එකම මට්ටමින්.ඒ නිසා කරන රැකියාවේ තත්වය වැදගත් වන්නේ නැහැ.කරන රැකියාවට සරිලන වැටුපක් ලැබෙනවානම් එච්චරයි.තනතුර, තත්වය පැත්තකින් තිබුනාවේ.ඔබ කිව්වා සේ ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින්ට නම්, ඔස්ට්‍රේලියාව සුරපුරයක් නොවෙයි තමයි.මොකද හේතුව,කිසිම සුදුසු කමක් නැතුව මෙහාට එන අයට කිසිම ආයතනයක් රැකියාවක් දෙන්න කැමති නැහැ.(දිල්)
මෙච්චර හොරෙන් යන්න එපා කියද්දීත් ඇයි මෙහෙම යන්නේ (දී)
හොඳ වැඩේ.(නදී)
හොඳ වැඩේ.(නදී)
නැති බැරි කමට මේ මිනිස්සු ඔස්ට්‍රේලියා යනවා. ලංකාවේ රස්සා ,අදායම් මාර්ග තියනවා නම් කවුරුත් රට යන්නේ නැහැ. මේ විදිහට හොර මාර්ග වලින් ගිහින් තමයි හැමෝම වගේ පිටරටවල් වල ස්තිර පදිංචිය හදා ගත්තේ. එනිසා ලංකාවේ පිටරට වල ඉන්න අයගේ පවුල් වල අය හොදින් ඉන්නවා. මම කියන්නේ මේගොල්ලන්ට ආයෙත් උත්සහ කරලා ඔස්ට්‍රලියා හරි කොහේ හරි යන්න .මෙයාලට" හොද වැඩේ" කියල තියන අය ටිකක් හිතලා බලන්න.(නදී)
පව් වැඩේ.(නදී)
බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ල එහෙ රජය ගානේ නොමිලේ කෑම බීම ඉඳුම් හිටුම් එක්ක නිවාඩුවක් ගත කරලා එහෙ රජයෙන් දෙන මුදලකුත් අරන් නොමිලේ ප්ලේන් එකෙන් ආපෂු ලංකාවට එනවා. (අ)
ඔය සරණාගතයින් කියාගෙන බෝට්ටු වලින් එන අය නිත්‍යානුකුලව මෙහාට එන්න හිතන් නැත්තේ ඇයි?එතකොට ජාවාරම්කරුවන්ට ලක්ෂ හත,අට දෙන්න ඕනෙත් නැහැ.නම්බුකාර විදියට මේ රටේ ජීවත් වෙන්නත් පුළුවන්.එතකොට කවුරුවත් අහන්නේ නැහැ බෝට්ටුවෙන්ද ආවේ කියලා.හැබැයි ඉතින් උගත් කමක් නැත්නම් නිතියානුකුලව එන්නත් බැහැ.උගත් කමක් නැත්නම් බෝට්ටුව තමයි පිහිටට තියෙන්නේ. (දී)
මේ හොද වෑඩේ කියන්නේ...කුහක අයයි. (අ)
රොෂාන් , හමොමෝම හොර පාරේ ගිහින් ස්ථිර පදිංචිය හද ගත්ත කිවොත් වැරදි. නියම විදියට නීතියට අනුව විසා ලබා ගෙන එහෙ ගිය උගත් පිරිසක් ඉන්නවා, . අනෙක තව දෙයක් හොර පාරේ යන නිසා එහෙ නීතියට අනුව ගිය ලාංකිකයන්ටත් ප්‍රශ්න ඇති වෙලා තියනවා. දැන් ලාංකිකයන් ගැන ඔස්ට්‍ර්ලියාවේ තියෙන්නේ හොඳ ආකල්පයක් නොවෙයි . මම මේ වගකීමෙන් කියන්නේ. (අ) .
මිනිස්සු ජීවිතේ එපා කියල රට දාලා යන්නේ ඇයි කියල හිතන්න. කව්රුත් ඇයි ඕට්‍රේලියා වලින් ලංකාවට හොරෙන් එන්නේ නැත්තේ ... (අ)
හැමෝම හිතන්නේ ඔස්ට්‍රේලියාව සුරපුරක් කියල. එහෙ ගිය , සමහර දොස්තරලා ,බැංකු නිලධාරීන්, උපාධිදරියෝ පවා , කම්කරු රැකියා කරන්නේ, . දැන් එහෙ සරණාගතයන් ට දෙන දීමන පවා අඩු කරලා. කවුරුවත් කියන්නේ නැහැ තමන් එහෙ කරන රැකියාව ගැන ඇත්ත තත්ත්වය, (අ)
මෙවන් අසරණ මිනිස්සු ගැන මිට වඩා ස්යා බලන්න හා ක්‍රමවත් වැඩ පිළිවෙලක් පටන් ගන්න ඕනේ (දී)
නැති බැරි කම නිසානේ මෙවන් දේවල් කරන්නේ (දී)
ලංකාවට එපවූ එක ලොකු දෙයක් (දී)
බෝට්ටුවේ නැගල හොරෙන් එන්න එපා . බොරුකාරයන්ට අහු වෙන්න එපා .එහෙම ආපු කට්ටිය මෙහෙ දුක්විඳිනවා.(දී)
ඔස්ට්‍රේලියාවට ආවාට හැමෝටම සතුටෙන් ඉන්න ලැබෙනේ නැ පවුල් කඩාකප්පල් උන අය ඕනි තරම් ඉන්නවා ලංකාවට වැඩිය මෙහෙට ඇවිත් දුක් විදින අය ඉන්නවා. හරි ක්‍රමයට ආවත් රටවල් දෙක පටලව ගන්නේ නැතිව ඉන්නවනම් හරි.මගේ පුතාට වයසට තරමට වැඩිම අඩුකමක් තියනවා ,මෙහෙ මගේ පුතාට හැම දෙයක්ම ලැබෙනවා පුතා නිසා මට මෙහෙ වටිනවා .(දී)