ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ශ්‍රී ලාංකිකයන් 44 දෙනකු පමණ රැගෙන යමින් සිටි යාත්‍රාවක් කාර්මික දෝෂයක් හේතුවෙන් එම පිරිස ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයේ දී අතරමංවූ බව ඉන්දුනීසියා ආරංචි කියයි.
එහි හමුදා නිලධරයකු වන මේජර් ධාරුල් අමීන් පැවසූයේ මීටර් 17 ක් දිග මීටර් 5ක් පළල බෝට්ටුවේ මේ පිරිස ගමන් කර ඇති බවයි.
ඉන්දුනීසියා යුද හමුදාව හා නාවික හමුදාව යාත්‍රාව පරීක්ෂා කළ බවත් එහි වැඩිහිටියන් සමග කාන්තාවන් හා දරුවන් ද සිටි බවත් ඉන්දුනීසියා බලධරයන්ගේ අවසර නැතිව ඔවුනට ගොඩබිමට පැමිණි නොහැකි බවත් එහෙයින් බෝට්ටුවේම සිටින බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම චාරිකාව. හොර බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගියොත් හැරුණු තැපෑලෙන් නොමිලේ ප්ලේන් එකෙන් ආපහු ලංකාවේ හිරේට එන්නේ. (නි)
මමත් අැදිලඩ් ඉන්නේ. මෙහෙ එන අයට ඕනෑතරම් රස්සා තියෙනවා. එහෙම නැතත් රජය ඔවුන්ට සළකනවා. හොඳ අනාගතයක් තිබෙනවා (නි)
මෙහි කොන්ත්‍රාත් කාරයා අල්ල ගන්න කටුතු කළ යුතුයි අහිංසක මිනිස්සු අමාරුවේ දානවට (බ)
ඩොන්, කියන්නේ බෝට්ටුවේ එන අය ගැනද, හරි විදියට එන අය ගන්නද.? (ර)