මහනුවර - යාපනය මහා මාර්ගය වන ඒ-9 මාර්ගයේ ඕමන්ත යුදහමුදා කඳවුර සමග සීමා මුරපොළ සම්පූර්ණයෙන්ම ඉවත්කර වසර 25කට පසු එහි මුල් පදිංචිකරුවන්ට බාරදීම සඳහා යුදහමුදාව විසින් එය අද(17) දින නීත්‍යනුකූලව තමන්ට බාර දුන් බව වව්නියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.
වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දිසාපතිවරයා මේ බව කියා සිටියේය. වසර 1992 වසරේ ආරක්ෂක හේතුන් මත ඕමන්ත යුද හමුදා කඳවුර ඉදි කළ අතර 2002 වසරේ මාර්තු 22 වැනිදා සිට යුද හමුදා කඳවුර සෝදිසි මුරපොළක් වශයෙන් භාවිතා කෙරිණ.
ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන දෙස් විදෙස් සියලුම පුද්ගලයින් හා යාන වාහන පරික්ෂා කිරීම නිසා එය ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වූ ස්ථානයක් විය. වසර 2015 අගෝස්තු 29 වැනිද මුරපොළ හරහා ගමන් කෙරෙන වාහන හා පුද්ගලයින්ගේ පරික්ෂා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබිණ.

![01(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/0131.png)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/101.png)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/111.png)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/121.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කෞතුකාගාරයක් කරලා ඔතනින් අල්ලපු ආයුධ ටික පෙනෙන්න තියන්න ඕනේ ඉතිහාසය අමතක වුණු අයට පෙනෙන්න (බ)
ඉතිහාසයේ මහනුවර රාජධානියේ බලන, රම්බොඩ වැනි කපොලු ගැන ලියවුනාසේ මේ මුරපොලත් ඉතිහාසයට එක්වේවි. (බ)
සරත් මහතාගේ කියමනට මමත් එකඟයි. නමුත් ඒවා කරන්නේ කොහොමද මියගිය ත්රස්තවාදීන් සමරන්න ඉඩදීලා බලාගෙන හිටපු අයත් ඉන්නකොට? (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
අනෙක් කෙළවරේ ඇති එල්ටීටීඊ මුරපොල තිබු ඉඩමත් භාර දුන්නාද? (නි)
හොඳ වැඩක්. මේ වගේම යාපනේ 1983 ට කලින් හිටපු සිංහල මිනිසුන්ටත් සාධාරණයක් වෙන්න ඕනෑ. (නි)