ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
දින පහක් ඇතුලත වහාම කොළඹට වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යවනු ලැබු හදිසි කැඳවීමක් අනුව ඔහු මෙහි පැමිණියේය.
ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයා මෙසේ හදිසියේ කැඳවීම නිසා රාජ්‍ය තාන්ත්‍රිකව ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය නොලබාම ඔහුට පැමිණීමට සිදු වු බවයි.
ඕමාන හාම්පුතෙුකුගේ අතවරයට ලක්ව ‘සුරක්ෂා‘ නිවසේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ ගබ්සා කිරීමේ සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණයක් පැවතෙද්දී තානාපතිවරයා මෙසේ හදිසියේ කොළඹට ගෙන්වා ගැනීම පිටුපස එම සිද්ධිය යට ගැසීමේ කුමන්ත්‍රණයක් ඇති බව ඔවුහු කියති.
අදාල ගෘහ සේවිකාවගේ සැමියාද තම බිරිඳට සිදු වු අසාධාරණය පිළිබඳව තානාපති කාර්යලයේ කම්කරු අංශයේ නිලධාරීන් පස් දෙනෙකුට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කර ඇති අතර ඔහු තම බිරිඳගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තේම ඉන්න 5% විතර අන්ත වාදීන් එලවල දැම්මොත් හැමෝම සාමයෙන් සතුටින් මේ වගේ ඉඳියි. අගේ කලයුතු වැඩක් (නදී)
මේ අහිංසක කාන්තාවන් රට රැකියා වලට යන්නේ මේ රටේ ජීවත්වෙන්න විදියක් නැති නිසා. තමන්ගේ සැමියා, දරුවන් දෙමව්පියන් දාලා ගිහින් අපා දුක් විඳිනවා. අද රටේ පිරිහීම තේරුම් ගන්න මේ සිදුවීම වුණත් හොඳටම ප්‍රමාණවත් (නි)
තානාපතිවරුන්ටත් තත්වය මෙහෙමනම් සොක්කෝ ගැන කවර කතාද? (නදී)
ගෘහ සේවිකාවගේ සැමියා අරගෙන තියෙන තීරණය හරියටම හරි. අනිත් රටවලට සාපේක්ෂව ඕමානයේ ප්‍රජාව ඉදිරියෙන් ඉන්නවා. බලුචි කියල වර්ගයක් ඉන්නවා ඒ අය මතට ලොල් උදවිය (නදී)
හා , හා, විකාර අදහස් හෙම ලියනවා නොවෙයි. අප රටේ විදේශ කටයුතු අමත්‍යන්ශය කියන්නේ , බෝධියක් වැනි පරම පවිත්‍ර තැනකි. කාටත් පැහැදිලීනෙ වැඩ කටයුතු කෙරෙන සාධාරණ,කඩිසර සහ අවංක භාවය. පහු ගිය දිනවල ඇමෙරිකාවෙත් හිටපු කෙනා ඉවත්කලා. ජනතාවටත් රටත් ජයවේවා! ඔහොම යන් (නදී)
තානාපතිවත් ගෙදර යවන්න පුළුවන් දේශපාලන හෙන්චයියෝ ඉන්නවා එහෙනම්. ඕක තමයි කියන්නේ මේ කාලේ නකුට බල්ලව වනනවා කියලා. (නදී)
අන්තිමට කවුරුහරි කියයිද දන්නෙ නැහැ එම කාන්තාව තමා විසින්ම දරුවෙක් හදාගෙන තමා විසින්ම ගබ්සා කළ බව (නි)
රට තුළ තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති වුණහම මිනිස්සු තම ප්‍රශ්න අරගෙන ජාත්‍යන්තරයට යනවා. (නි)
වැඩිදුර තොරතුරු අනවශ්‍යයි අවශ්‍ය මැදිහත්වි්ම සිදුවී අවසානයි. ජයග්‍රහනය නුදුරිනි. (නදී)
විදේශ කටයුතු බාර ඉහල නිලධාරීන් සහ විදේශ කටයුතු බාර ඇමති නොදැනුවත්වයි මෙය සිදුවන්නේ .(අ)
ඔය සුරක්ශා නිවසට ආරක්ශාව පතා එන කාන්තාවන් , එය භාරව සිටින ලාංකික නිලධාරීන් ඔවුන්ව විකුණන බවටත් කට කතා පැතිර යනවා .(අ)
ඔහොම යං ඔහොම යං හොරු රැකගෙන අවංක මිනිහව ගෙදර යවල බලමු ඔය කාට කාටත් වෙනදේ අන්තිමට. (නදී)
තමන්ගේ බිරිදව රට යවල. දැන් කියනවා හිමිකම් ආරක්ෂා කරන්න කියල. මෙහෙමත් පිරිමි. (නදී)
අසා තිබෙන හැටියට නීති ගරුක, නිවරදි, සත්‍යවාදී ව කටයුතු කරන නිවරැදි පුද්ගලයෙක් ගිරිහාම මහතා. සොයා බලන්න මෙහි පිටුපස දේශපාලන කොමිස් ගැසිල්ල, නොවටිනා, මිලක් දෙගුණ, තෙගුණ කරමින් අහිංසක හවුස් මේඩ්ස් ලාගෙන් උදුරා ගන්න මුදලින් කරන විනාශ හා විකාර වැඩ. (නදී)
කෙලින් වැඩ කරන නිලදාරියෙක් වෙන්නැති. (දී)
පන්දම්කාරන්ගේ වැඩක් කිව හැකී .මේ පිටුපස විදේශ දේශපාලුවෙක් සිටිය හැක.(අ)
කෙළින් වැඩ කරන නිලධාරියෙක් වෙන්න ඇති. (නි)
අසරණ ගැහැණුකෙනාගේ ප්‍රශ්නය විසඳන්නේ නැති එක අපි හෙළා දකිනවා. (නි)
අවාසනාවකට ,අගතියකට ලක් වුන කාන්තාව සිංහල කෙනෙක්. වැරදිලාවත් එංගලන්ත ජාතිකයෙක් උනා නම් බලන්න තිබුන රට වෙනුවෙන් පපුවට ගහගන්න අයගේ හැසිරීම. අවාසනාවකට අපි සිංහල ,අපිට සුද්දොත් නැහැ,අරාබි කාරයොත් නැහැ,දේශපාලකයොත් නැහැ . (නදී)