ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි අම්පාරේ ගෘහ සේවිකාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කළැයි කියන සිද්ධිය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට නියමිත බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශයේ ලේකම් නිශ්ශංක එන් විජේරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම සිදුවීම සම්බන්ධයෙන් විවිධ මත හා අපහැදිලි තත්ත්වයක් මතුවී ඇති බැවින් ඕමානයට ගොස් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා තීරණය කර ඇතැයි ද එහි සඳහන්ය.
එම පර්යේෂණ කමිටුවට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධරයකු සහ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරියකු පත් කිරීමට නියමිතය.
අම්පාරේ සිට ඕමානය බලා ගිය කාන්තාවක (28) ඇය සේවය කළ නිවසේ හාම්පුතා අතින් අතරවයට ලක්වීයැයි කියන සිද්ධිය හා ඇයට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය මැයි 25 වැනි දා ලංකාදීප එසැණ මුල්වරට වාර්තා කළේය.
අප්‍රේල් 16 වැනි දා ඇගේ ස්වාමිපුරුෂයා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු අප්‍රේල් 29 වැනි දා ඇය තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසට ගෙන්වා ගත් බවත්, ඇය එදිනම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවත්, ගැය ගැබ් ගෙන නැතැයි එම වාර්තාවල සඳහන් වූ බවත්, ඇයට ගබ්සාවක් සිදු කර ඇත්දැයි යන්න ගැන පරීක්ෂණයක් තානාපතිවරයා අප්‍රේල් 23 වැනි දා සිට ආරම්භ කළ බවත් විජේරත්න මහතාගේ නිවේදනයේ සඳහන්ය.
අතවරයට ලක්වීයැයි කියන ගෘහ සේවිකාවගේ සැමියා කියනුයේ ඇය ගැබ්ගෙන නැතැයි සඳහන් වෛද්‍ය වාර්තාවල ගැටළුවක් ඇති බවයි. හැකි ඉක්මණින් ඇය සුරක්ෂා නිවසෙන් ඉවත් කරන්නැයි ද ඔහු කියයි.
ඇය සුරක්ෂා නිවසට ගොස් මාසයක් යන තෙක් ස්ත්‍රී දුෂණයකට ලක්වීදැයි යන්න ගැන එරට පොලිසියට පැමිණිලි කර නැතැයි ද, අප්‍රේල් 23 වැනි දා වන විට ඇය සිටියේ ඕමානයේ රැකියා ඒජන්සියේ භාරයේ බව ද, අප්‍රේල් 29 වැනි දා තානාපති කාර්යාලයයට ගිය ඇයට ගබ්සාවක් කළේදැයි යන්න ඊට දින හයකට පෙර සෙවීමට පරීක්ෂණයක් ඇරැඹූ බවට ලේකම්වරයා කරන ප්‍රකාශය හාස්‍යයක් බව ද ඇගේ ඥාතීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෑණු ටික අරාබියේ වැඩට අරින්නේ අපේ සංස්කෘතිය රකින්නද?(අ)
මේකේ අදහස් දාලා තියෙන අය හිතාගෙන ඉන්නේ කාන්තාවන් රට යවන්නේ විනෝදයට කියලා වගේ. ආර්ථික ප්‍රශ්න නිසා කියන එක හිතන්න බැරි ඇයි? (නි)
අපේ ලංකාවේ වගේ වැලි කතරෙත් හොද ගුණ යහපත් මිනිස්සු ඉන්නවා, දුප්පත්කමත් වලිගෙ නැති ගොනා වැනිලු...!! (දී)
පිරිමින්ට කොන්ද පන නැති නිසා නේද බිරිඳ රට යවන්නෙ. (ස)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගුවන් තොටුපොලේදී පස්සෙන් පන්නල මුදල් අරන් දෙන රක්‍ෂණයෙන් මේවට වන්දි ගෙවන්නේ නැත්තේ ඇයි ? ඒ මුදල් පාවිච්ච් කරන්නේ එම කාර්යාංශයේ සේවය කරන අයට වැටුප් ගෙවීම සදහා පමණක්ද? (ස)
මේවා දැන දැනත් යන එකට මොකද කරන්නේ? (නි)
කාන්තාවන් මෙහෙම යවනවාට මම නම් විරුද්ධයි (නි)
ඔය වගේ රටවලට යන්න එපා (නි)
මම නම් කියන්නේ ගැහැණු අයව මැදපෙරදිග රටවලට යවන එක වහාම නතරකළ යුතුයි (නි)
ගැහැණුද, පිරිමිද, රටද, නොරටද යන්න නොව, වැරැද්දක් උනා නම් ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක නොකිරීම හා එයට අදාල ගතයුතු ක්‍ෂණික පියවරයන් නොගැනීම ගැන එහි පසුබිම ගැන සොයා බැලිය යුතුයි. නිලධාරීන් හරියට වැඩ නොකරන්නනේ නම් උසස් නිලධාරීන් එයට වගකිය යුතුයි. උසස් නිලධාරීන් වැඩ නොකරන්නේ නම් ඊට උසස් නිලධාරීන් වගකිව යුතුයි. අවසානයේ දී සම්පුර්ණ වගකීම පාලකයා වෙත පැවරේ. (දී)
ඇයි මෙහෙම තමන්ගේ බිරියව රට යවන්නේ? (නි)
මෙතන යම් වරදක් සිදුවී තිබුනත්, එයාගේ සැමියා දැන් දක්වන දිරිය උනන්දුව ඇය රට යැවීමට පෙර තිබුනා නම් බිරිඳ රට නොයවාම පවුලේ දියුණුව සළසන්න තිබුනා නේද? (නි)
අද ලංකාවේ ජීවත් වෙන්න වෙන මොනවද කරන්න කියන්නේ? අවවාද දෙන්න පුළුවන්. කරන්න තමයි බැරි (නි)
ඔය නොදන්නා රටවල් වලට යන්නේ නැතුව මෙන්න මෙහාට වෙලා ඉන්න (දී)
කාන්තාවන් පිටරට යවන්න එපා (නි)
ලංකාවට තිබෙන ප්‍රධානම ආදායම ගෙන එන මාර්ගයක් තමයි අපගේ කාන්තාවන් මැදපෙරදිග ගිහින් දුක් මහන්සි වෙලා කරන රැකියා. ඒකට නිගාකරන්න එපා. ඔවුන් පහළට දාලා කතාකරන්න එපා (නි)
කොහොම හරි කට්ටිය ගිහින් එයි.නටපු තොයිලෙයි බෙරේ පලුවයි දෙකම නැති වෙයි. එච්චරයි අන්තිමට වෙන්නෙ.(අ)
කාන්තාවන් රටවිරුවන් කිරීම දියුණු රටක ලක්ෂණයක් වන්නේ නෑ.අප රට තුලම හොද වැටුපකට ගෙදරක රැකියාවක් කරන්න අද කිසි අපහසුවක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ ඔලුවල. පිටරට ගිහින් වැසිකිලි හේදුවත් තමන්ගේ රටෙි කුලී වැඩක් කරන්න මිනිසුන් කැමති නෑ(අ)
පිරිමින් මීට වඩා පවුල ගැන උනන්දු විය යුතුයි , බිරිඳ රට යවල සල්ලි හම්බ කිරිල්ල වහාම නතර කල යුතුයි. (අ)
තමන්ගේ දයාබර බිරිඳ රට මුදල් වලට පටවන පිරිමින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය ඔබ හොද ගුණයහපත් සමියක්ද ?(අ)
කුමාරන මාත් විරුද්දයි හැබැයි අපේ අය යවන එක නවත්වන්නේ නැහැ.ඒ රටවල මුස්ලිම් වුණත් සිංහල වුණත් ඒ අයට ගාණක් නැහැ.සමහර අරාබි අය මාර හොඳයි ලු.හැබැයි වැඩි හරියක් ඉන්නේ චාටර් අය.එහෙ යන අපේ අයගෙත් වැරදිත් නැතුවම නෙමෙයි..දන්නෝ දනිති ඒක. (අ)
සමන් ඔයා නිවැරදියි. ඔය මිනිස්සු දැන් බොරුවට උඩ පැන්නට දැන් තියෙන උනන්දුව දිහා බැලුවම බිරිඳ රට නොයවා තියා ගන්න තිබුණා. දැන් එයාලගෙ අරමුණ බිරිඳට උන දේ වෙනුවෙන් හා විදේශ රටවලට යන කාන්තාවන් වෙනුවෙන් හඬ නැඟීම නෙවෙයි. දැන් එයාල ඔය හඬ නගන්නේ වන්දියක් වෙනුවෙන්, (ස)
විදේස ගත ශ්‍රමිකයන්ගෙ මුදලින් රටට යම් වාඩක් සිදුවෙ නම්,ඔවුන්ව ආරක්ෂා කරමින් රැකබලා ගැනිම රජයෙ වගකීම නොවෙද?එසේ නොමැතිව හාම්පුතුන්ව ආරක්ෂාකරමින් ශ්‍රමිකයන් බිල්ලට දෙනවා නම් එහෙව් රජයක වටිනාකම කුමක්ද? (අ)
නිලධාරීන්ගේ වැරදිවලට රජයට දොස් කීම හරියට මුවා ගොයම් කෑවට මුව හමට තඩි ගහනවා වගේ වැඩක්. නිලධාරීන් වරදක් කරලා තියනවා කියන උපකල්පනයට තමයි විෂය බාර ඇමති ඕමානයට ගොස් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරල තියෙන්නේ. මේ කාන්තාවගේ සැමියා දැන් රගපාන්නේ හරිම ආදරණීය චරිතයක්. බිරිදට ඔච්චර ආදරේනම් පර දේශක්කාරයන්ගේ ගෙවල්වල වැඩට යවන්න ඕන. ඉතින් මේ සැමියාට තිබුනේ බිරියව බිලි දෙන්නේ නැතුව ඕනෑමනම් එයාට මැද පෙරදිග රස්සාවකට යන්න. (අ)