IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඕමාන් පරීක්ෂණයට සැමියාගෙන් කොන්දේසියක්

ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි අම්පාරේ ගෘහ සේවිකාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කළැයි කියන සිද්ධිය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට නියමිත බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශයේ ලේකම් නිශ්ශංක එන් විජේරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් විවිධ මත හා අපහැදිලි තත්ත්වයක් මතුවී ඇති බැවින් ඕමානයට ගොස් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා තීරණය කර ඇතැයි ද එහි සඳහන්ය.

එම පර්යේෂණ කමිටුවට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධරයකු සහ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරියකු පත් කිරීමට නියමිතය.

අම්පාරේ සිට ඕමානය බලා ගිය කාන්තාවක (28) ඇය සේවය කළ නිවසේ හාම්පුතා අතින් අතරවයට ලක්වීයැයි කියන සිද්ධිය හා ඇයට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය මැයි 25 වැනි දා ලංකාදීප එසැණ මුල්වරට වාර්තා කළේය.

අප්‍රේල් 16 වැනි දා ඇගේ ස්වාමිපුරුෂයා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු අප්‍රේල් 29 වැනි දා ඇය තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසට ගෙන්වා ගත් බවත්, ඇය එදිනම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවත්, ගැය ගැබ් ගෙන නැතැයි එම වාර්තාවල සඳහන් වූ බවත්, ඇයට ගබ්සාවක් සිදු කර ඇත්දැයි යන්න ගැන පරීක්ෂණයක් තානාපතිවරයා අප්‍රේල් 23 වැනි දා සිට ආරම්භ කළ බවත් විජේරත්න මහතාගේ නිවේදනයේ සඳහන්ය.

අතවරයට ලක්වීයැයි කියන ගෘහ සේවිකාවගේ සැමියා කියනුයේ ඇය ගැබ්ගෙන නැතැයි සඳහන් වෛද්‍ය වාර්තාවල ගැටළුවක් ඇති බවයි.  හැකි ඉක්මණින් ඇය සුරක්ෂා නිවසෙන් ඉවත් කරන්නැයි ද ඔහු කියයි.

ඇය සුරක්ෂා නිවසට ගොස් මාසයක් යන තෙක් ස්ත්‍රී දුෂණයකට ලක්වීදැයි යන්න ගැන එරට පොලිසියට පැමිණිලි කර නැතැයි ද, අප්‍රේල් 23 වැනි දා වන විට ඇය සිටියේ ඕමානයේ රැකියා ඒජන්සියේ භාරයේ බව ද, අප්‍රේල් 29 වැනි දා තානාපති කාර්යාලයයට ගිය ඇයට  ගබ්සාවක් කළේදැයි යන්න ඊට දින හයකට පෙර සෙවීමට පරීක්ෂණයක් ඇරැඹූ බවට ලේකම්වරයා කරන ප්‍රකාශය හාස්‍යයක් බව ද ඇගේ ඥාතීහු කියති.



අදහස් (0)

ඕමාන් පරීක්ෂණයට සැමියාගෙන් කොන්දේසියක්

හසිත Wednesday, 06 August 2014 05:41 AM

අපේ ගෑණු ටික අරාබියේ වැඩට අරින්නේ අපේ සංස්කෘතිය රකින්නද?(අ)

:       0       0

ශාන් Wednesday, 06 August 2014 06:09 AM

මේකේ අදහස් දාලා තියෙන අය හිතාගෙන ඉන්නේ කාන්තාවන් රට යවන්නේ විනෝදයට කියලා වගේ. ආර්ථික ප්‍රශ්න නිසා කියන එක හිතන්න බැරි ඇයි? (නි)

:       0       0

පහන්දී Thursday, 07 August 2014 08:51 AM

අපේ ලංකාවේ වගේ වැලි කතරෙත් හොද ගුණ යහපත් මිනිස්සු ඉන්නවා, දුප්පත්කමත් වලිගෙ නැති ගොනා වැනිලු...!! (දී)

:       0       0

ලක්විදු Wednesday, 06 August 2014 12:56 PM

පිරිමින්ට කොන්ද පන නැති නිසා නේද බිරිඳ රට යවන්නෙ. (ස)

:       0       0

මහේන්ද්‍ර වල්පොල Wednesday, 06 August 2014 01:00 PM

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගුවන් තොටුපොලේදී පස්සෙන් පන්නල මුදල් අරන් දෙන රක්‍ෂණයෙන් මේවට වන්දි ගෙවන්නේ නැත්තේ ඇයි ? ඒ මුදල් පාවිච්ච් කරන්නේ එම කාර්යාංශයේ සේවය කරන අයට වැටුප් ගෙවීම සදහා පමණක්ද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 08:59 PM

මේවා දැන දැනත් යන එකට මොකද කරන්නේ? (නි)

:       0       0

කුමාරන Tuesday, 05 August 2014 09:39 PM

කාන්තාවන් මෙහෙම යවනවාට මම නම් විරුද්ධයි (නි)

:       0       0

කසුන් Tuesday, 05 August 2014 09:39 PM

ඔය වගේ රටවලට යන්න එපා (නි)

:       0       0

ජයමාල් Tuesday, 05 August 2014 09:51 PM

මම නම් කියන්නේ ගැහැණු අයව මැදපෙරදිග රටවලට යවන එක වහාම නතරකළ යුතුයි (නි)

:       0       0

කමල් Wednesday, 06 August 2014 08:40 AM

ගැහැණුද, පිරිමිද, රටද, නොරටද යන්න නොව, වැරැද්දක් උනා නම් ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක නොකිරීම හා එයට අදාල ගතයුතු ක්‍ෂණික පියවරයන් නොගැනීම ගැන එහි පසුබිම ගැන සොයා බැලිය යුතුයි. නිලධාරීන් හරියට වැඩ නොකරන්නනේ නම් උසස් නිලධාරීන් එයට වගකිය යුතුයි. උසස් නිලධාරීන් වැඩ නොකරන්නේ නම් ඊට උසස් නිලධාරීන් වගකිව යුතුයි. අවසානයේ දී සම්පුර්ණ වගකීම පාලකයා වෙත පැවරේ. (දී)

:       0       0

යොහාන් Wednesday, 06 August 2014 01:10 AM

ඇයි මෙහෙම තමන්ගේ බිරියව රට යවන්නේ? (නි)

:       0       0

සමන් Wednesday, 06 August 2014 01:13 AM

මෙතන යම් වරදක් සිදුවී තිබුනත්, එයාගේ සැමියා දැන් දක්වන දිරිය උනන්දුව ඇය රට යැවීමට පෙර තිබුනා නම් බිරිඳ රට නොයවාම පවුලේ දියුණුව සළසන්න තිබුනා නේද? (නි)

:       0       0

නිරාන් Wednesday, 06 August 2014 01:45 AM

අද ලංකාවේ ජීවත් වෙන්න වෙන මොනවද කරන්න කියන්නේ? අවවාද දෙන්න පුළුවන්. කරන්න තමයි බැරි (නි)

:       0       0

අඔමා Wednesday, 06 August 2014 09:28 AM

ඔය නොදන්නා රටවල් වලට යන්නේ නැතුව මෙන්න මෙහාට වෙලා ඉන්න (දී)

:       0       0

මාලනී Wednesday, 06 August 2014 01:50 AM

කාන්තාවන් පිටරට යවන්න එපා (නි)

:       0       0

ලංකා Wednesday, 06 August 2014 01:52 AM

ලංකාවට තිබෙන ප්‍රධානම ආදායම ගෙන එන මාර්ගයක් තමයි අපගේ කාන්තාවන් මැදපෙරදිග ගිහින් දුක් මහන්සි වෙලා කරන රැකියා. ඒකට නිගාකරන්න එපා. ඔවුන් පහළට දාලා කතාකරන්න එපා (නි)

:       0       0

chandima Wednesday, 06 August 2014 02:50 AM

කොහොම හරි කට්ටිය ගිහින් එයි.නටපු තොයිලෙයි බෙරේ පලුවයි දෙකම නැති වෙයි. එච්චරයි අන්තිමට වෙන්නෙ.(අ)

:       0       0

සෙන්සා Wednesday, 06 August 2014 03:13 AM

කාන්තාවන් රටවිරුවන් කිරීම දියුණු රටක ලක්ෂණයක් වන්නේ නෑ.අප රට තුලම හොද වැටුපකට ගෙදරක රැකියාවක් කරන්න අද කිසි අපහසුවක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ ඔලුවල. පිටරට ගිහින් වැසිකිලි හේදුවත් තමන්ගේ රටෙි කුලී වැඩක් කරන්න මිනිසුන් කැමති නෑ(අ)

:       0       0

රිකාස් Wednesday, 06 August 2014 03:38 AM

පිරිමින් මීට වඩා පවුල ගැන උනන්දු විය යුතුයි , බිරිඳ රට යවල සල්ලි හම්බ කිරිල්ල වහාම නතර කල යුතුයි. (අ)

:       0       0

රොහාන් Wednesday, 06 August 2014 03:52 AM

තමන්ගේ දයාබර බිරිඳ රට මුදල් වලට පටවන පිරිමින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය ඔබ හොද ගුණයහපත් සමියක්ද ?(අ)

:       0       0

ඉම්රාන් Wednesday, 06 August 2014 03:56 AM

කුමාරන මාත් විරුද්දයි හැබැයි අපේ අය යවන එක නවත්වන්නේ නැහැ.ඒ රටවල මුස්ලිම් වුණත් සිංහල වුණත් ඒ අයට ගාණක් නැහැ.සමහර අරාබි අය මාර හොඳයි ලු.හැබැයි වැඩි හරියක් ඉන්නේ චාටර් අය.එහෙ යන අපේ අයගෙත් වැරදිත් නැතුවම නෙමෙයි..දන්නෝ දනිති ඒක. (අ)

:       0       0

සරසි Wednesday, 06 August 2014 04:28 AM

සමන් ඔයා නිවැරදියි. ඔය මිනිස්සු දැන් බොරුවට උඩ පැන්නට දැන් තියෙන උනන්දුව දිහා බැලුවම බිරිඳ රට නොයවා තියා ගන්න තිබුණා. දැන් එයාලගෙ අරමුණ බිරිඳට උන දේ වෙනුවෙන් හා විදේශ රටවලට යන කාන්තාවන් වෙනුවෙන් හඬ නැඟීම නෙවෙයි. දැන් එයාල ඔය හඬ නගන්නේ වන්දියක් වෙනුවෙන්, (ස)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 06 August 2014 04:49 AM

විදේස ගත ශ්‍රමිකයන්ගෙ මුදලින් රටට යම් වාඩක් සිදුවෙ නම්,ඔවුන්ව ආරක්ෂා කරමින් රැකබලා ගැනිම රජයෙ වගකීම නොවෙද?එසේ නොමැතිව හාම්පුතුන්ව ආරක්ෂාකරමින් ශ්‍රමිකයන් බිල්ලට දෙනවා නම් එහෙව් රජයක වටිනාකම කුමක්ද? (අ)

:       0       0

සම්පත් Wednesday, 06 August 2014 05:08 AM

නිලධාරීන්ගේ වැරදිවලට රජයට දොස් කීම හරියට මුවා ගොයම් කෑවට මුව හමට තඩි ගහනවා වගේ වැඩක්. නිලධාරීන් වරදක් කරලා තියනවා කියන උපකල්පනයට තමයි විෂය බාර ඇමති ඕමානයට ගොස් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරල තියෙන්නේ. මේ කාන්තාවගේ සැමියා දැන් රගපාන්නේ හරිම ආදරණීය චරිතයක්. බිරිදට ඔච්චර ආදරේනම් පර දේශක්කාරයන්ගේ ගෙවල්වල වැඩට යවන්න ඕන. ඉතින් මේ සැමියාට තිබුනේ බිරියව බිලි දෙන්නේ නැතුව ඕනෑමනම් එයාට මැද පෙරදිග රස්සාවකට යන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 312 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 498 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 355 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 651 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1285 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 613 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site