ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා‘ නිවසේ රඳවා සිටින තමට බිරිඳව තව දුරටත් එම ස්ථානයේ රඳවා තැබීමෙන් ඇගේ ජීවිතයට තර්ජනයක් පවතින බැවින් ඇයව ජාත්‍යන්තර සංක්‍රමනියකයන්ගේ සංවිධානයේ බාරයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බාරයට ගන්නා ලෙස අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු වන ඇගේ සැමියා අද එම ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.
ඔහු පවසන්නේ ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස ගිය තම බිරිඳට එරට හාම්පුතා අතින් අතවරයට ලක්ව ඇති බව තමා දැනගත් බවත් ඒ අනුව පසුගිය අප්‍රියෙල් 16 වෙනි දින තමා මේ පිළිබඳව මෙරට විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයට දැන්වු නමුත් මේ වන තෙක් ඇයට සාදාරණය ඉටු කර නැති බවයි.
පසුගිය අප්‍රියෙල් 29 දින ඕමානයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පවත්වාගෙන යන ‘සුරක්ෂා‘ නිවසේ භාරයට ඇය පත් කර ඇති මුත් ඔවුන් එම හාම්පුතාට විරුද්ධව එරට පොලිසියකට සිද්ධිය පැමිණිලි නොකොට සිද්ධිය යට ගසා තිබී ඇති බවටද ඔහු චෝදනා කරයි.
එමෙන්ම ඇයව දූෂණයට ලක් කිරීමෙන් ගැබ්ගෙන ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ගෘහ සේවාකාවන්ගේ ආරක්ෂාවට ඇති zසුරක්ෂාz නිවසේ නිලධාරීන් ඇයට පහරදී තර්ජනය කර බලහත්කාරයෙන් එරට පෞද්ගලික රෝහලකදී ගබ්සාවකට ලක් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුන බව ඔහු කියයි.
එමෙන්ම සුරක්ෂා නිවසේ නිලධාරන් ඇයට තර්ජනය කර එම නිලධාරීන්ගේ අවශ්‍යතා අනුව ගබ්සාවක් සිදු නොකළ බවට ලිපි ලියාගෙන ඇති බවත් තමන්ට දැනගන්නට ලැබුන බවත් ඔහු සඳහන් කරයි.
මේ පිළිබඳව ඕමාන් පොලීසිය පරික්ෂණයක් අරඹා තිඛෙද්දී එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාවද හදිසියේ මෙරටට කැඳවා ඇති බව තමන්ට දැනගන්නට ලැබුන බවත් එසේ වීමෙන් පසු මෙම පරීක්ෂණ යට යනු ඇතැයි සැකයක් තමන් තුළ ඇති බවද ඔහු කියයි.
එබැවින් ඇයට තවදුරටත් සුරක්ෂා නිවසේ ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බැවින් ඇය පිළිබඳ එරට පොලීසිය විසින් සිදුකරන පරික්ෂණ අවසන් කර ඇයට සාධාරණය ඉටු කොට ඇය ශ්‍රී ලංකාවට එවන තෙක් ඇය ජාත්‍යන්තර සංක්‍රමනිකයින්ගේ සංවිධානයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බාරයට ගන්නා ලෙස එම ආයතනවලින් ඉල්ලීමක් කළ බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදඩ දේශපාලනයටත් ඔවුන්ගේ කටු කන නිලධාරීන්ටත් ශාප වේවා! (නි)
මා දන්නා විදියට විදේශගත තමන්ගේ ශ්‍රමිකයින්ට ඉතාම නරක විදියට සලකන රට ලංකාවයි. එ්කට හේතුව තානාපති සේවය පුරාම ඉන්නේ නුගත් අය වීම. ඉස්සරනම් තානාපති සේවයේ හිටියේ උගත් මිනිස්සු. දැන් ඉන්න පුද්ගලයින් නිසා අපේ රට විශාල වශයෙන් අනික් රටවලින් කොන් වෙනවා.(අ)
විදේශ සේවයට යන සැම දෙනාම විදේශ සේවා කාර්යන්ශයට මුදලක් ගෙවනවා නේද. එම මුදල ලැබන්නේ කව්රුන් බලයේ සිටියත් මෙම කාර්යංශයේ මහා නිලතල වලට පත්වීම් ලබන දේශපාලන ගැත්තන් ගේ යැපිමටද? (නදී)
මේක පිලිපිනේ කෙල්ලෙකුට උනානම් අරාබියා කපෝතියි (නදී)
අපේ රටේ බලවතුන් විදේශය විනිමය බලාපොරොත්තු වෙනවා මිස විදේශ ගත වුවන්ගේ සුරක්ෂිත භාවය හා ආරක්ෂාව ගැන සැලකිලි නොවීම විදේශ අමාත්‍යංශයේ අති මහත් දුර්වල තාවයක් ! (අ)
ඇයගේ ස්වාමි පුරුෂයා උතුම් මනුස්සයෙක්. මෙතරම් මේ ප්‍රශ්ණය ප්‍රසිද්ද වෙලා තියෙද්දී තවම විදේශ සේවා ඇමති දන්නේ නැද්ද? තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන්ට අම්මලා, නංගිලා, දුවලා නැද්ද ? (නදී)
වගකිවයුත්තන්ට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
මම නම් දොස් කියන්නේ කොන්ද පන නැති මිනිස්සුන්ට ......මොකටද ඔයාල මේ අසරණ ගැහැණුන්ව රට අරින්නේ .(අ).
මම අවුරුදු දෙකක් සේවය කුවේටයේ ගෙදරක සේවය කළා . එහිදී මගේ හාම්පුතුන් සහ ඔවුන්ගේ යහළුවන් සියල්ල මගේ රට හැඳින් වුයේ නැනි ලන්තය යනුවෙනි . ඔවුන් කවදාවත් ශ්‍රී ලංකාව කියා ඇමතුවේ නැත්තෙ ඔවුන්ට ශ්‍රී ලංකාව සපයන්නේ( නැනිලා ) ගෘහ සේවිකාවන් පමණක් නිසා වන්නට පුළුවන . මට ගත කාලය ඉතාම නින්දිත සැලකීම් වලින් අමානුෂික සැලකීම් වලින් පිරි අවුරුදු දෙකක් විය , මගේ කාලය අවසානයේ ලංකාවට ආවේ නැවත මැද පෙරදිග රටකට නොයන අදහසිනි . එහිදී ලබන වැටුප අපට මහන්සි වී ලංකාවේදී ලබා ගන්නට පුළුවන් . එසේම අපගේ රටේ ආත්ම ගෞරවයෙන් ජිවත් වන්නට පුළුවන් . අපේ රටේ පාලකයන් බලධාරීන් කොපමණ කිව්වත් , ඔවුන්ට අවශ්‍ය ලාංකික කාන්තවන් වහල් කමට මැද පෙරදිගට යවා හෝ විදේශ මුදල් ලබා ගැනීම පමණි . තානාපති කාර්යාල කරන්නේ ඔවුන්ගේ වාසිය තකා අපට නොව අරාබි කාරයන් සැනසිම පමණි . ඉඳ හිට හෝ රටට වැඩ කරනා නිලධාරියෙක් අාවොත් , ඔහු මාස ගණනකින් ආපසු යවති. (අ)
මේ තානාපති තුමා හොද මහත්මයෙක් වගේම කටත් හිතාමහි පුත්ගලයෙක්. මෙතන මේ කාන්තාව ගබ්සාවක් කරලා තානාපති කාර්යාලයට ගෙනාවද නැත්නම් ගෙනාවට පසුව එහෙම ගෙයක් කලාද කියල පැහැදිලි කරගන්න ඕනේ. මේ දෙකේම වගකීම තියෙන්නේ විදෙස සේවා නියුක්ති කර්යංසය මගින් පාලනය වන "සුරක්ෂා නිවසට" . නමුත් තානාපති තුමා ඉන්නේ විදෙස අමත්‍යන්සය යටතෙයි. ඒ නිසා තමයි මේ සිද්දිය ඕමාන පොලිසියට බාරදීලා පරික්ෂණයක් පැවතුවේ. මොකද, මේ රටවල්වල ගබ්සාවන් තහනම් නිසා. මේක පැහැදිලිවම ලංකාවේ පත්තරේක කතුවැකියක කියල තිබුන මේ දුෂණකම් ගැන. මේ සිදියේදී වෙලා තියෙන්නේ, හොරු අල්ලන්න හදපු මනුස්සයව ( හොද මහත්මයෙක් වගේම කටත් හිතාමහි පුත්ගලයෙක්) ගෙදර යවල හොරු ටික බේරුණු එකයි. මේ ආයතන දෙකම පාලනය කරන්න බලයක් තානාපති තුමාට නැත්නම් මේ තානාපති තනතුරු වලින් වැඩක් නැත. (අ)
අපේ ලංකාවට විදේශ මුදල් ලැබෙන මුලික විදිය තමයි විදේශ රැකියා. ඉතින්, අපිට කවදාවත් ම බලා පොරොත්තු වෙන්න බැහැ සේවකයාට හොදක් සදාරණයක් වෙයි කියල.
පව් දහසක් කරදර මැද රට අාවම වුන දේ මැදැයි. අසරණ කාන්තාවන් ඔය වගේ සිද්දි කියක් හෙළි නොකර මේ රටවල් වල ගොඩක් දුක් විදිනවාද? අපිට ගොඩක් එහෙම සිද්දි ආරංචි වෙලා තියනවා. කාන්තාවන් රට යවන පිරිමිත් මිට වඩා සැලකිලිමත් විය යුතුයි. දුප්පත් මිනිස්සුන්ට රජයේ ආයතන සමග ගැටෙන්න හරි අමාරුයි. (නදී)
අපේ රටේ සමහර නිලධාරීන්ට ඕනෑම හොර වැඩක් කරන්න පුළුවන්, අවශ්‍ය දේශපාලන හයිය විතරයි. (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
ඔය මහත්තයාගේ නෝනට ඒ ගෙදර කරදර තියෙනවා කියලා කලින් කියලා නැද්ද? නොහොත් ඒ ගෙදර අරාබි ජාතික හාම්පුතා එක පාරටම අතවරයට ලක් කරලද? කලින්ම එයාට කරදර තිබ්බනම් මොකද පැමිණිල්ලක් කරේ නැත්තේ? අනික කවද්ද අතවරය වෙලා තියෙන්නේ? කවද්ද මේ කාන්තාව සුරක්ක්ෂ නිවසට ඇවිත් තියෙන්නේ? එම කාන්තාවට අතවර වුන බව සැමියාට කිව්වේ ඔය කියන ගබ්සාවෙන් පස්සෙද? කවද්ද සැමියාට කියලා තියෙන්නේ? කොහොමද? (අ)
අපරටේ විදේශ ගතවන කාටද සාධාරණය මේ තාක් ඉටු වෙලා තියෙන්නේ අපෙන් හම්බ කරගන ජිවත් වෙන අමාත්‍යංශය අපිට විදේශ රටකදී අැහැ ඇරලා බලන්නේ නෑ. ඔවුන්ගේ මඩිය තර කර ගන්න එක පමණි සිදුවන්නේ .යහපත් වැඩක් කරන කෙනාට තැනක් නෑ. (අ)
අතවරයට සහ තාඩන පීඩන වලට ලක්වූ බිරිඳගේ සැමියා ජාත්‍යන්තරයේ පිහිට පතන්ට කිසිම උවමනාවක් වෙන්නේ නැහැ නේද ලක් රජය හරියට සාධාරණය ඉෂ්ට කරනවා නම්? ලංකාවේදී හෝ පිටරටකදී ලාංකිකයෙකුට වන අසාධාරනකම් හෝ එයටත් වඩා බරපතල කාරණා වලදී බොහොම සාධාරන විදියට සහ විනිවිදභාවයකින් කටයුතු කිරීමට ලක් රජය බැඳී සිටිනවා. (නි)
හැබැයි රට යන්න ගියාම ගන්න ඕනෑ ගණන නම් වෙලාවට දෙන්න ඕනෑ. (නි)