ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස ගිය අම්පාරේ කාන්තාවක හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට සුරක්ෂා නිවසේ දී ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයට අද (03) නියෝග කළේය.
මානව හිමිකම් කොමිසම එම නියෝගය කළේ ගබ්සාවක් වුණැයි කියන අම්පාරේ කාන්තාව කළ පැමිණිල්ලක් අද (03) විභාගයට ගත් අවස්ථාවේ දීය.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙනිය, සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිනී, විදේශ අමාත්‍යංශයේ ප්‍රදීපා සේරම් මහත්ම මහත්මීහු ද, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හා සුරක්ෂා නිවසේ නිලධාරීන් පිරිසක් ද මෙහි වගඋත්තර කරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.ෙපැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පමණක් වගඋත්තරකරුවන් වෙනුවෙන් සහභාගී විය.
අගතියට පත් කාන්තාව වෙනුවෙන් නීතීඥ ජානක අධිකාරි මහතා පෙනී සිටියේය.
පැමිණිලි විභාගයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ නීතීඥ අධිකාරී මහතා මෙසේද කීවේය.
‘අද අපි මෙතනට ආවේ මානව හිමිකම් කොමිසම කළ කැදවීමකට අනුවයි. ඕමානයේ රැකියාවකට ගිය අම්පාරේ කාන්තාව එහිදී හාම්පුතා අතින් අතරවයකට පත්වුණා. ඒ අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය අකාර්යක්ෂමව තමයි සිද්ධියට මැදිහත් වුණේ. ඒ වගේම ඔවුන් ඇත්ත යට ගහන්න උත්සාහ කළා. එම සිදුවීම් ගැන නිසි විමර්ශනයක් කළේ නැහැ. ඇයට කරදරයක් සිදුවූ බවට සාක්කි තිබිය දී එසේ නොවු බව අගවමින් කරන සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඒ තුළින් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් තමයි අද කරුණු දැක්වුයේ.‘
පැමිණිලි විභාගය අවසන්ව මානව හිමිකම් කොමිසමෙන් එළියට පැමිණි මංගල රන්දෙනිය මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න ප්‍රශ්න කිහිපයක් ඇසූහ.
ප්‍රශ්නය - මානව හිමිකම් කොමිසමේ දි අද මොකද වුණේ?
පිළිතුර - මේ ගැන පරික්ෂණයක් කළා. එච්චරයි.
ප්‍රශ්නය- ඔබ කලින් මාධ්‍යයට කිව්වා නේද ගබ්සාවක් කරලා නැහැ කියා?
පිළිතුර- ගබ්සාවක් කළේ නැහැ කියා වෛද්‍යවර්තාවල සදහන් වෙනවා.
ප්‍රශ්නය- ඔබ කිව්වා මේ සිද්ධිය රහස් පොලිසියට භාර දෙන බව?
පිළිතුරු- සීඅයිඩි එකට බාර දිලා තියෙන්නේ. සීඅයිඩි එකට බාර දිලා තියෙනවා, පොලිස්පතිට ලිවුම යවලා තියෙනවා.
ප්‍රශ්නය- නඩු දනවා කියලත් කිව්වා නේද?
පිළිතුර- නඩුවක් දාන්න නීතිඥ මහත්වරුන්ට අවශ්‍ය තොරතුරු ලබා දි තියෙනවා. අපේ නීති අංශය තමයි නඩුව දාන්නේ.
ප්‍රශ්නය - කාට විරුද්ධවද නඩුව දාන්නේ.
පිළිතුර- මේ කාන්තාවට වෛද්‍ය වාර්ථා තියෙනවනේද ගබ්සාවක් කරයි කියලා. සමාවෙන්න. වෛද්‍ය වාර්ථාව තියෙන්නේ ගබ්සාවක් වුණේ නැහැ කියලා.
ප්‍රශ්නය- ඇය ගබ්සාවක් වුණු බව කියමින් මෙහි පැමිණිල්ලක් කළා නේද?
පිළිතුරු- ඒක දැන් වෛද්‍ය වාර්ථා වලින්නේ හොයා ගන්න ඕනෑ. වෛද්‍ය වාර්ථා වල තියන දේ අනුව තමයි ඉදිරිපත් කර තියෙන්නේ. කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වි තියෙනවා. එම කණ්ඩායමේ වාර්තා වලින් අනාවරණය වී තියෙනවා මේ කාන්තාව ගැබ් ගෙන ඉදලා නෑ කියලා. ගැබ් නොගත් කාන්තාවකට කොහොමද ගබ්සාවක් කළා කියන්නේ.
ප්‍රශ්නය- ඇයි තානාපති කඩි මුඩියේ ඉවත් කළේ?
පිළිතුර- විදේශ සේවා අමාත්‍යංශයෙන් මේ ගැන අහන්න බැරි ඇයි?
ප්‍රශ්නය - මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වේදියකුට තර්ජනය කළා කියා චෝදනා තියෙනවා නේද?
පිළිතුර - ඇයි විදේශ අමාත්‍යංශයෙන් අහන්න ඕන ප්‍රශ්න ඇයි මගෙන් අහන්නේ.
ප්‍රශ්නය - ඔබට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා නේද?
පිළිතුර - ඇයි විදේශ අමාත්‍යංශයෙන් අහන්න ඕන ප්‍රශ්න ඇයි මගෙන් අහන්නේ.
ප්‍රශ්නය - ඔබට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා නේද?
පිළිතුර - කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ? පදනමක් නැති ප්‍රශ්න අහන්න එපා කැමරාවක් අතේ තිබුණට.
(ඡායාරූප හා වීඩියෝ් අමිල දර්ශන හේරත්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කාලයක් කුවේට් එම්බසි එකේ වැඩ කළා ,අපි හොඳට දන්නවා ඇතුළේ අයගේ වැඩ ගැන,(හේ)
මේ දේ සත්තියනම් මුන්ට නැතත් මුන්ගේ දරුවන්ට හරි මේවා පඩිසන් දෙනවා.දැනටත් දරුවෝ අංග විකලවෙලා ඉපදිලත් ඇති දන්නා කෙනෙක් ඉන්නවනම් හොයල කියන්නකෝ එහෙම උන්ට ඔය දේවල් වෙලා තියෙන මම ඕන තරම් දැකල තියෙනවා.(බ)
හැම දෙයක්ම හොද විදියට සිද්ධ වෙයි.(හේ)
මේ පැමිණිල්ල කාට සාධාරණයක් වේවිද?(හේ)
මේ වගේ අසරණ වී, ලංකාව එන්න බැරිව ඉන්න අපේ රටේ කාන්තාවන් කී දෙනෙක් ඉන්වා ඇතිද?(හේ)
මේ වගේ තව කී දෙනෙක් ඇතිද?(හේ)
මේ ගැන සාධාරණයක් ඉටු කරන්න.(හේ)
ඔයාලට දැන්ද තේරුනේ රටේ ගෞරවය නැතිකළා කියලා. ලියනවා නම් අපි ළඟ ඕනෑතරම් විස්තර තියෙනවා දෙන්න. (නි)
විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉන්න බොහෝ නිලධාරීන් බොහොම හොඳ අය (නි)
හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා වගේ නේද? (නි)
අපේ රටේ අසරණ කාන්තාවන් මේ පත්ව ඇති තත්ත්වයට වගකිවයුත්තේ කවුද? (නි)
අන්තිමේදී ඕමාන ගිය කතට සාධාරණයක් වේද? (නි)
බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
මොනවා කළත් අන්තිමේදී පහත් තැනින්ම තමයි වතුර ගලාගෙන යන්නේ (නි)
මිස්ලගේ ඉංග්‍රීසි ගැන කොන්සුල් මහත්තයගෙන් අහන්න.එය තමයි හොඳට දන්නේ. ලොකු මිස් සුද්දන්ටත් ඉංග්‍රීසි කියල දෙයි.(අ)
තානාපතිතුමා සම්බන්ධයෙන් පෙර ඒ තීරණය ගත්තේ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි නේද? (නි)
කෝ හිටපු තානාපති තුමා. එය දැන් කොහෙද වැඩ කරන්නේ. (අ)
එය දැන් වැඩ කරන්නේ හතරවෙනි තට්ටුවේ .මෙදපෙරදිග ගබ්සා ගැන ප්‍රශ්න කරන්න ගෙනියල.(අ)
මේ සම්බන්ධයෙන් ගැඹුරින් පරීක්ෂණයක් කර වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන්න (නි)
තානාපතිතුමා විදේශ කටයුතු එකේ නෙමෙඉද ඉන්නේ.(අ)
ඔය ලොකු මිස්ගේ ලොකුත්, පොඩ් මිස්ගේ පොඩිත් මොකක්ද? මට තේරෙන්නේ නැහැ. කියන්නකෝ දන්නා කෙනෙක්. එම්බසියේ වැඩ කරන අය දන්නවා ඇති. (ර)
එයා ගබ්සාව ගැන කුමන්ත්‍රණයක් කරලලු. එකෙන් විදේස සේවා එකේ අශ්චර්යය එලියට ඇවිල්ල. දැන් එයාට නඩු දාන්න යන්නේ. (අ)
අන්තිමට මොනවගේ තීරණයක් ලැබෙයිද කියලයි මම නම් බලාගෙන ඉන්නේ (නි)
මොකක්ද දන්නෙ නැහැ ඇත්තටම මේ කතාවේ සුලමුල? (නි)
එහෙනම් මාධ්‍යවේදීන්ටත් තර්ජනය කරලා තියෙනවා මෙයා. ඒක අහනකොට මග හැරිය හැටි ලැජ්ජා නැද්ද? මුලින්ම තර්ජනය කරන්න ඇති දැම්මොත් බලාගෙනයි කියලා. (ර)
මම නම් සද්ද නැතුව ඉඳල ආව. ඇවිත් සහන පියසේ ළමය හම්බවෙලා විකුණගන්න දීල ගෙදර ගියා. (අ)
කාගෙන් නැතත් වරදක් කර ඇත්නම් ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා (නි)
තර්ජනය කලාට පස්සේ ඒ මාධයවේදියා මේක ලියපු එක ඇත ඇරියද ?
සත්‍යය වසන් කරන්න බැහැ කියන්නේ ඕකට තමයි. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ලැජ්ජා නැද්ද මහත්තයෝ ඔච්චර රෙදි අපුල්ලන්න. කාවද ඔය බේරාගන්න හදන්නේ. ලගදිම මේ විදියට ලෙබනන් වල ඇමති ගෝලායාගේ හොර ගැනත් එළි වෙයි. (ර)
ඇය සම්බන්ධයෙන් අවසානයේ මොනවගේ තීරණයක් ලැබෙයිද? (නි)
දන්නවද මහත්තයෝ ඔය ගබ්සාව කරපු රෝහලේ ඉන්න ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සාක්කි දෙන්න ඉන්නවා කියා. ඔයා පෙන්නන වාර්තා බොරු වෛද්‍ය වාර්තා. ඔයා ලොකු මිස්ගේ බේගල් වලට අහුවෙලා වැඩ වරද්දගන්න එපා. දැන්වත් රෙදි අපුල්ලන එක නවත්තලා සත්‍ය හෙළි දරව් කරගන්න උදව් කරන්න. (ර)
ඇයි ඔයා බොරු කියන්නේ. අපි ප‍්‍රවෘත්ති වලින් ඇහුවා මාධ්‍යවේදිනියකට තර්ජනය කරලා හදාගත්ත පටලැවිල්ල. ලැජ්ජා නැද්ද මහත්තයෝ කාන්තා පාර්ශවයට තර්ජනය කරන්න. (ර)
මේ අවනඩුව ඉවර වෙද්දී තව කීපාරක් ගබ්සා කරාවිද දන්නේ නැහැ.(හේ)
ඔය මිනිස්සු රාජ්‍යතාන්ත්‍රිකභාවයට නුසුදුසුය කියන එක තමයි ඔය පෙන්නනේ. තානාපතිතුමා කවදාවත් ඔය මිනිස්සුන්ගේ වැරද්දක් අපිට පෙන්නුවේත් නෑ. කීවෙත් නෑ. වැදගත්කමට රාජකාරිය කරලා යන්න ගියා. හරිම දුකයි එතුමා මෙහෙන් ගියපු විදිය. (ර)
තානාපතිතුමා සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ මේ වෙලාවේ මට යම් සැකයක් මතුවෙනවා (නි)
අපි නම් එම්බසිය එක පැත්ත පළාතේ යන්නේ නෑ. ඔය මිනිස්සු ඉන්නකන්. (ර)
ඔය අයගේ වැඩ එහෙනම් එලියට එනවා වගේ. ඕව ඔක්කොම එලියට එයි නේද. හැම කෙනෙක්ම දන්නා විස්තර තියෙනවනම් කියන්න. මෙයාල තානාපතිතුමා ඔය විදියට ඉවත් කරලා නැති කලේ අපේ රටේ ගෟරවය. එකට විරුද්දව ප්‍රජාව ජනාධිපතිතුමාට ලියන්න යන්නේ. හොඳ මනුස්සය ඇරලා වැරදිකාරයො මෙතන ඉන්නවා කියල ඔප්පු කරල තියෙන්නේ, හැමෝම ඉද්රිපත්වෙලා අපිට විස්තර දාන්න. (ර)
ජනාදිපති නියෝජිතයටත් මෙහෙම නම් අපිට කොහොම වෙයිද.? (ර)
තානාපති කාර්යාල වල ඉන්න සක්කිලි හැත්ත ගැන මෙච්චර මිනිස්සු පැමිණිලි කරද්දීත් බලධාරීන් නිහඩව ඉන්නේ ඇයි????(අ)
කාගෙන් ගැළවුණත් ස්වභාව ධර්මයෙන් ගැළවෙනවා බොරු (නි)
ඔය ලොකු මිස් ඉංග්‍රීසි කතාකරනකොට එංගලන්තේ මහරැජින මරනවා කියල අරාබි ස්පොන්සර්ල කියනවලු. අනේ රජ්‍යතාන්ත්‍රික ලේකම්වරු. විදේස සේවයට ගිය කලක්. (බ)
කාන්ති, ඔයාගේ කටට සීනි ටිකක් දාන්න ඇත්නම් මට....? (නි)
මේ කාන්තාවට සාධාරණයක් ඉටුවේවා! (නි)
ඕමානයේ ඉන්න කෙනෙක් මේ ලොකු මිස් පොඩි මිස් දෙන්නගේ නමක් ගමක් හොයල කියනවද ... ලොකු පිනක් සිද්දවෙන්නේ...! (අ)
අපේ රටේ නීතිය ගැන නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ කාන්තාවට සාධාරනයක් ඉෂ්ටවෙයි කියලා හිතන්න අමාරුයි වගේ. තාමත් බන්දුල පෙරේරා වගේ පුද්ගලයෝ කියාවි අපේ රට ආශ්චර්යයට ගමන් කරනවා කියලා (නි)
ගබ්සාවේ කුමන්ත්‍රණය තමයි දැන් ඔය එලියට එන්නේ. කී දෙනකුගේ රස්සාවල් වලට විශ්‍රාම වැටුපට වග කියන්න වෙයිද දන්නේ නෑ. මේ ගබ්සාව වහන්න දෙගොල්ලම එකතුවෙලා තමයි පෙත්සම් ඇරියේ තානාපති ගෙදර යවන්න.ඉස්කෝලේ ගාව ගෙදරක තමා පෙත්සම අත්සන් කෙරුවේ.ඕමාන ආණ්ඩුවේ කාර් වගයකුත් එතන තිබුනා. එයාව ගෙදර ඇරලා කට්ටිය එකතුවෙලා නඩුව අයින් කරලා.දැන් ඕක වහන්න බෑ.ඕන වෙලාවට අපි සන්දාන රථ වල පින්තුර දෙන්නම්.ජුනි 20 වෙනිදා තම මේක සිද්ද වුනේ.(හේ)
මැදපෙරදිග ගොස් රැකියා කරන අහිංසක ජනතාවගේ මුදල් වලින් යැපෙමින්, අහිංසකයින්ගේ ලේ බොන අමනුස්සයනුත් අපි අතරම ඉන්නවා (නි)
දැන් නම් වැඩේ වහගන්න බෑ වගේ නේද.(හේ)
මේ අයට ලොකු ගානක් ගෙවල ඇති. මේ ළමය කියන විදියට එයාගේ පැමිණිල්ල බලෙන් ලියමනක් අරගෙන අයින් කරලා තියෙන්නේ. (ර)
අනිවාර්යයෙන්ම මේ ඔක්කොමලටම ලොකුගණන් දීල ඇති. තානාපතිතුමා නැතුව මේ ළමයාගේ පැමිණිල්ල අයින් කරන්න විදේශ සේවා එකට බෑ. (ර)
ඔයගොල්ල මොනවා දනගෙනද කතා කරන්නේ. දැන් ඉන්න තානාපතිතුමා ලොකු මිස්ට හරිම බයයි. අපි එදා ගිය වෙලාවේ දැක්ක ලොකු මිස්ගේ මෙසේ ඉස්සරහ එයා බොහොම බයාදු ගතියෙන් වාඩිවෙලා ඉන්නවා. (ර)
මේවා පටිසන් දෙන්න ගත්තම තමයි මතක් වෙන්නේ මම කළ දේ තමා මේ පළදෙන්නේ කියලා. හැබැයි එකක් මතක තියාගන්න. කාගෙන් බේරුනත් ස්වභාව ධර්මයෙන් නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ. එදාට යන්න දේවාල, කෝවිල් මදිවෙනවා. (නි)
ඔව්, එයා මෙහෙ ඉද්දි මෙතන ඔක්කොමල බය කරගන්න හැදුව. අපි කැළෑපත්තර ගහල තමයි ඕමාන්වලට යන්තම් යවා ගත්තේ. (ර)
ඒ වුනාට මේ ප‍්‍රශ්නේ නම් ඉල්ලන් කාල වගේ. කොටලා කොටලා කෙහෙල් ගහට කොටපු දවසට ඉවරයි. හිරේ ගිහින් තමයි නවතින්නේ මේ ඔක්කොමලා. (ර)
මේවද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ වැඩ.? විදේශ කටයුතු ලේකම් ඇයි මේ වගේ නිලධාරීන් තානාපති කාර්යාල වලට එවන්නේ. රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් දන්නේ නැද්ද ලංකාවේ පුරවැසියන්ගේ මානව හිමිකම් රකින්නේ කොහොමද කියලා. තව මහා ලොකුවට ජිනීවාත් යනවා. (ර)
මේවා තමන් බිහිකළ මවටත් නින්දාවෙන වැඩ. (නි)
ආපෝ... ඔතන ඉන්නේ දේශපාලනෙන් ආපු අය. මොන රජ්‍යත‍්‍රාන්ත‍්‍රිකද.?
ලංකාවේ කොඩිය දාගෙන තානාපතිකම් කරන්න ලජ්ජා නැද්ද. (ර)
මොන සිංහ කොඩියේ නම්බුවද. (ර)
ලංකාදීප, ඔබට මැදපෙරදිග සේවය කරන සියලුම ගෘහ සේවිකාවන්ගේ ප්‍රණාමය! ඔබ නොසිටින්නට මේ සිද්ධිය තවත් එක වැළලීගිය සිද්ධියක් විතරයි. තර්ජන මැද මෙතෙක් ඔබ ආ ගමන ඉතාමත් අගය කරනවා. අපි රට එන්නේ නැතිබැරිකමට. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳේවා! (නි)
හිටපු තානාපතිට සාක්කි දෙන්න එන්න කියලා නේද? එයාට මොනවද දන්නෙ නැහැ කියන්න තියෙන්නේ? (නි)
මුන් ඒජන්සි කාරයොන්ගෙන් සල්ලි අරන් කේස් එක යට ගහන්න හදනවා. පේන්නැද්ද මූන බලන්න. (නදී)
ඇයට සාධාරණයක් ඉෂ්ටවේවා! (නි)
යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ! (නි)
මේවා නම් ගොඩාක් වැරදි වැඩ. (නි)
ගබ්සාවට කර්මපල විපාක බොහොම භයානකයි. පන්න පන්නා පටිසන් දෙනවා. සහභාගි වුණ හැමකෙනෙකුටම විපාක දෙනවා. ඕක ප්‍රාණඝාතයක්. කවදාවත්ම හංගන්න බැහැ. (නි)
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ සමහර නිලධාරීන් හදන්නේ කටින් බය කරගෙන මෙවැනි සිද්ධීන් යට ගසන්නයි. මෙය එසේ කරන්න දෙන්න එපා. මානව හිමිකම් කොමිසම ඇයට සාදාරණයක් ඉටු කරාවි (නදී)
ලැජ්ජාවේ බැහැ, අපේ රටේ නම කැතකරනවා. (නි)
හිටපු තානාපතිතුමා සාක්කියට කැඳවන එක හොඳයි.එයා ඔක්කොම විස්තර කියයි. එයා කෙළින් වැඩකරන නිලධාරියෙක් නම් එහෙම කරයි (නි)
උස් තැන් දැක පුප්පන්නේ. මිටි තැන් දැක පුප්පන්නේ. නිවටුන් බව සිතමින්නේ. මගේ පුතා නිදියන්නේ. (නදී)
ඔය රන්දෙනිය මහතා පෙන්වන වාර්ථා ඇත්ත ඒවා බවට අපි කොහොමද මහත්තයෝ පිළිගන්නේ. එක වාර්ථාවක ස්ත්‍රී පුරුෂ භාවය පිරිමි කියා තිබුනා නේද? ඉතින් පිරිමයෙකුගේ මුත්‍රා සාම්පලයක් දීලා ගැබ් ගෙන නැහැ කියා නේද ඔබ කියන්නේ ? (නදී)
ගරු තානාපතිතුමනි, ඔබතුමාට අපේ ගෞරවය සදාකල් හිමිය. අවුරුදු විසිපහකට හිටි හොඳම තානාපති ඔබතුමා කියලා පෙන්නුවා. ඔබතුමා රට වෙනුවෙන් කළ සේවය ගැන ඕමාන රජයත් අනෙකුත් රටවල තානාපතිවරුත් දන්නවා. ඔබට එය හොඳටම ප්‍රමාණවත්. (නි)
ඇය හාම්පුතා අතින් තමන්ට අතවර වු බව කී විට සුරක්ෂා නිවසේ පාලිකාවන් හෝ ඒජන්සියේ නිලධාරීන් පොලිසියට පැමිණිලි නොකලේ? අපි දුටුවා ඇය හාම්පුතාගේ අත හපා කෑවා කියා එරට ඒජන්සියට ඇවිත් කී බව. ඒ සාක්ෂිය ගන්න තිබුන අවස්ථාව ඔබලා නැති කළා නේද? පස්සේ තානාපති තුමා දාපු පැමිණිල්ල ඔබලා ඉවත් කරගෙන තියෙනවා මේ සිද්ධිය තවත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැහැ කියා. එහෙම කරලා ඇයට වන්දියක් ලබා ගැනීමට තිබු අවස්ථාව නැති කළා නේද (නදී)
හොඳට දන්නා දෙයක් කියන්නේ. අපේ තානාපති කාර්යාල වල වැඩකරන සර්ලාගෙන් යම්කිසි කරුණක් නිරාකරණය කරගත්තත්, ඔය ලොකු මිස්ලාගෙන් පොඩි මිස්ලාගෙන් කරගන්නවා බොරු. යම්කිසි දේකදී එයාලා ඉංග්‍රීසියෙන් අරාබිකාරයොත් එක්ක කතාවෙන්නේ හරියට ඒ මිස් විතරක් ඉංග්‍රීසි දන්නවා වගේ. නමුත් අර දුප්පත් ළමයාත් ඉංග්‍රීසි දැනගෙන සියල්ල අහගෙන ඉන්නේ හිත යටින් බැන වදිමින්. මොකද කට වරද්දා ගත්තොත් වරදින්නේ දුප්පත් ශ්‍රී ලාංකික කාන්තාවටමයි. (නි)
ටයි එකක් දාගෙන කාර් එකක ඇවිත් මොනවද මේ කියන කතා. අමුඩයක් ගහගෙන ගිහින් කුඹුරක් කෙටුවා නම් ඔයිට වඩා නම්බුකාරයි මහත්තයෝ. ලැජ්ජයි. රට ගිහින් දහ දුක් විඳලා එන අසරණ කාන්තාවන් හම්බ කරන මුදලින් නේද නුඹලා දරු පවුල් රකින්නේ, කාර් වල යන්නේ. (නදී)
මේ තීරුවේ අදහස් ලියන අපේ ලංකාවේ බහුතර සිංහයෝ ටික කෙළින් ඉන්නේ හවස හය වෙනතුරු විතරයි. අනේ අම්මපා! අපේ රටේ ගොඩක් පිරිමි පක්ෂය තම බිරිඳ පිටරට පටවලා ලැජ්ජා නැතුව ඉන්න හැටි! (නි)
මමත් ඉන්නේ ඔිමාන්වල. මෙහේ ඉන්න සමහර කාන්තාවන් ලිංගික සම්බන්ධකම් ඇති කර ගන්නවා. ආවොත් ඉවරයි. (නදී)
මේ රටවලට හොඳ පොලීසියේ හරි හමුදාවේ හරි තානාපතිවරු. (නි)
රට විරුවා බෑග් මල්ලත් එල්ලගෙන බස් එකේ යනවා. රට විරු මුදල් වලින් දුවන ආයතන වල අය කාර් වල නැගලා යනවා. පව් නේද ඇත්තටම? (නදී)
මමත් ඕමාන්වල අවුරුදු 4 ක් සේවය කරලා තියෙනවා. එහි අපේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ ඉන්නේ නරුමයෝ කියල මම බය නැතිව කියනවා. ඔවුන් අසරණවෙලා ඉන්න ගැහැණුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. හවසට ඔවුන්ගේ ගෙවල් වල වැඩට එක්ක යනවා. මේ සිද්ධියටත් ඔවුන් අනිවාර්යෙන්ම වග කියන්න ඕනා. ඔතන ඉන්නේ දේශපාලන හෙන්චයියන්ගේ අතකොලු (නදී)
දැන්වත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා! අපිට පවුල් ප්‍රශ්න නිසයි අපි රට එන්නේ. දරුවන් වෙනුවෙන්වත් සාධාරණය ඉෂ්ට කරන්න. (නි)
බුදුන් දෙවියන් අදහන රටේ අහිංසක කාන්තාවන් මොකටද මේ තිරිසන් සතුන් වගේ හැසිරෙන අමනුස්සයින් සිටින රටවලට බැල මෙහෙවරකම් කරන්න යවන්නේ. සේකර ඔය කියමන මම අගේ කරනවා. (නදී)
මේ විදේශ රැකියා මහත්තුරු අහිංසක මිනිසුන්ගේ සල්ලි වෙලින් යැපි යැපි ඒ මිනිස්සුන්ටම ගරහන හැටි (නදී)
මේවට නරක නම එන්නේ ලංකාවේදී නෙමෙයි, ජාත්‍යන්තරයේදී. දැනටමත් ලංකාවේ කම්කරු සේවයට යන අයගේ මේ වගේ අසාධාරණ සිද්ධි දහස් ගණනක් එකතුකරලා ඉවරයි. ඔන්න අපේ ලංකාවේ වැඩ. (නි)
ඕමාන තානාපති කාර්යාලයයි, විදේශ සේවා එකේ කට්ටියයි ඕමානෙන් රියාල් කුට්ටියක් අරන් තමන්ගේ රටේ එකාව බිල්ලට දෙනවා. දූෂණය වෙච්චි කාන්තාව කියනවා නම් තමන්ට මෙහෙම දෙයක් උනා කියලා ඇයි ඒකට පියවර ගන්නේ නැත්තේ ? ඒ වුනාට ලොක්කෝ කියන්නේ විදෙස් ශ්‍රමිකයන්ට රට විරුවෝ කියල අන්තිමට රට විරුවන්ට සලකන හැටි තමා මේ. මේ වගේ සිද්දියක් පිලිපීනය, ඉන්දුනීසියා වගේ රටක ශ්‍රමික කාන්තාවකට උනානම් බලන්න ඕන ඒ රටවල තානාපති අංශ පියවර ගන්න හැටි. අවාසනාවකට ලංකාවේ එහෙම දෙයක් නැහැ. රියාල් 100 ක් පෙන්නුවා නම් අපේ කට්ටිය හරි හුරතල් කීකරුව නකුට වනනවා. මම දන්නා විදිහට රියාද් වල සුලේයිමානිය කාර්යාලයත් මේවගේ තමා (නදී)
මේවා ජාත්‍යන්තරයට යනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. (නි)
ඔයාලා කිසිදේකට බයවෙන්න එපා. හැමදේම හොඳ විදියට විසඳෙයි (නි)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
ලොකු මිස් කොළඹ ඉද්දි ගියේ රිවෙස් එකට. පුලුවන්නම් නම හිතාගන්න. (බ)
ඕමානයේ විතරක් නෙමෙයි, මේවා මැදපෙරදිග හැමතැනකම වෙනවා. ඔය වගේ කම්කරු අංශයේ නෝනලා මහත්හොරු හැමතැනම කරන්නේ මේවා තමයි.දැන් රටේ නම කාලා ඉවරයි. (නි)
දැන්වත් විදේශ සේවා කාර්යංශය වසා දමා කලින් තිබුනා වගේ තානාපති කාර්යාලයේ නිලධාරීන්ටම කම්කරු ප්‍රශ්න බලන්න දෙන්න කියලා ඉල්ලනවා. (නි)
ඔය ලොකු මිස්ට මහත්තුරු දෙන්නම හරිම බයයි. එම්බසියේ ඉන්න කොන්සල් මහත්තයත් එහෙමයි. ඒකයි ඔය සිද්දිය වහන්න එයාල බොරු කියන්නේ.(බ)
ඒක නම් හොඳ යෝජනාවක්. අපේ ගසාකන ලොකු තැන්වල අය සහ නිලධාරීන් ඉන්නතුරු ඔය වගේ දේවල් නවතින්නේ නැහැ. (නි)
විදේශ සේවා අමාත්‍යංශයෙ තියෙන්නේ මේද පෙරදිග යන කාන්තාවන් සහ ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට උදව් කිරීමට නොව, ඔවුන්ට කරදර කරන ඔවුන්ගේ ජිවිත නැති කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට කියා මෙම සිද්දියෙන් පැහැදිලි වෙනවා (නදී)
බෙහෙත් බීල කොහොමද බබෙක් නැති කරන්නේ.අනිත් එක ඕක දැන් කොහොම ඔප්පු කරන්නද. පින් අතේ වැඩ කරගන්නේ නැතුව අනුන්ගේ දේවල් මොකට හොයනවාද?(හේ)
මෙම විදේශ සේවා අමාත්‍යංශයෙ නිලදාරියා ලොකු මුදලක් ලබා , සිද්දිය වසන් කර අති බව මගේ ලොකුම විස්වාසය. මොකද සල්ලි වලට මැරුන මිනිහත් යකාත් ආසලු (නදී)
මම නම් එදා ඉඳලම කිවුවා ඕක බොරුවක් කියලා. (හේ)
ඔය ලොකු මිස්ට එන්ගේජ්මන්ට් වලින් සාරි බැග් පිටින් ගෙනත් දෙනවලු. පොඩි මිස්ට බ්‍රේස්ලට් ගෙනත් දෙනවලු.එන්ගේජ් වල කට්ටිය මේ දෙන්නට හරිම ආදරෙයිලු මෙයාල ගන්නෙම අරාබි අයගේ පැත්තනේ. (බ)
අර කොට දෙන්න කාවද එලියට ගෙනියන්නේ ?(බ)
අගතියට පත් කාන්තාව ගැන අංශු මාත්‍රයක අනුකම්පාවක් ඇති වචනයක් මෙම නිලධාරියාගෙන් පිට වෙන්නේ නැති එකනේ පුදුමේ. මෙම ආයතන පිහිටුවලා මහජන මුදල් වලින් නඩත්තු කරන්නේ කා වෙනුවෙන් පෙනී සිටින්නද? (නදී)
මේ සිද්ධිය මොන විධියට අවසන් වුවත් කුමාර ලිලාවෙන් ඉන්න නිලධාරින් ප්‍රතිචාර දක්වන ආකාරය රටම දැක්කා. ඒකට ස්තුතියි. “අසරණ මිනිසුනේ ඔබේ හිසට ඔබ අත මය සෙවනැල්ල කියලා දැනගෙන ගෘහ සේවයට යන්න” කියලා තමයි කියන්න වෙන්නේ. (නදී)
කොට ලොකු එක්කෙනා ගෙනියන කෙනා රුවි වල තැනකට ගෙනියන්නේ.කොට පොඩි එක්කෙනාට ගෙනියන්න ඕනේ නෑ.එයාගේ අතෙනේ සුරක්ෂා යතුර තියෙන්නේ.එය එම්බසියේ ඉන්නේ. (බ)
2005 දි මේ ගනිකා සේවය අයින් කරනවා කිව්වා නේද. කෝ ඉතින්. (ර)
ලැජ්ජයි ටයි පටියකුත් දාගෙන කලිසමක් ඇදගෙන යන හැටි. ඕව පඩිසන් දෙන්නේ මේ ආත්මෙදි ලබන ආත්මේ වෙනකල් ඉන්න ඕනේ නැහැ. අහිංසක මිනිස්සු මරනවා ඒ මිනිස්සුගේ මුදල් වලින්ම ජීවත් වෙනවා. (ර)
විදේශ සේවා එකේ ඉන්නේ ඔක්කොම හොරු අපෙන් සල්ලි අරගෙන හොරා කනවා. පිටරට ඉන්න කාටද උදව් කරලා තියෙන්නේ අපෙන් සල්ලි මංකොල්ල කන්නේ රක්ෂණයෙන්. ඒ රක්ෂනයෙන් කරන දෙයක් නම් අපි අහලා නැහැ (නදී)
තානාපතිතුමා කඩිමුඩියේ ඉවත් කලේ ඇයි? (ර)
තානාපති තුමා කඩිමුඩියේ ඉවත් කලේ පැමිණිල්ල ඉවත් කරගන්න. (ර)
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා. එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනං හදල කියනවා….නැතිනං මවල කියනවා……නැතිනං පැනල දුවනවා (නදී)
අර රහස් පොලීසියට දෙනවා කියල කියපු කුමන්ත්‍රණයට මොකද වුනේ? (ර)
වැඩ බලන තානාපතිතුමාගෙන් ඇහුව නම් පැමිණිල්ල ඉවත් කරගත්ත විදිය කියයි. දැන් තානාපතිතුමා නැති නිසා මොකද වුනේ කියල වැඩබලන එක්කෙනා දන්නවා ඇති. එයත් මේකට වග කියන්න ඕනේ. (ර)
ඔය ඕමාන් ජාතිකයා ලොකු සල්ලි කාරයෙක්. මුලදීම සුරක්ෂ නිවසේ කට්ටිය එයාව නොමග ඇරලා සල්ලි ටික ගත්ත. ඔය ළමයට වන්දියක් දෙන එක එයාට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. (ර)
තානාපතිතුමා මොකටද අනවශ්‍ය දේවල් වලට අත දාන්න ගියේ. ඔය ලොකු මිස්ට ඕන දේ කරලා නිකන් හිටියනම් ඉවරනේ. (ර)
ඔය පොඩි මිස් ඉන්නේ ලංකාවෙලු. මානව හිමිකම් කොමිසමට කිව්වනම් හරි. එයා තමයි ඔය වැඩේ කරන්න අරන් ගිහින් තියෙන්නේ. (ර)
මමත් මුස්ලිම්. ඒ වුනාට ඉස්ලාමිය ෂරියා නීති අනුව මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පිටස්තරේ කාන්තාවන් ගෙවල්වල තියන් ඉන්න බැහැ. තහනම්. අරාබි රටවල් මෙතන ලොකු වැරැද්දක් කරන්නේ. මිනිස්සු දුප්පත් කමට තමයි යන්නේ. නමුත් රජය කාන්තාවන් මැද පෙරදික යවන එක නීතියෙන් තහනම් කළ යුතුයි. (ර)
ඔතන ඉන්නවා කොට දෙන්නෙක්. හැමදාම හවසට කට්ටියව එලියට ගෙනියනවා ඒ දෙන්නා. (ර)
බොරු කරන අයට නිසි දඩුවමක් ලැබේවි (දිල්)
දැන්නම් අපේ රට ගැන කියද්දීත් දුකයි.සිද්ධ වෙන දේවල් වලට.(හේ)
බලන් ඉමුකෝ නීතිය ක්‍රියාත්මක වෙන විදිය.(හේ)