IMG-LOGO

ඕනෑම චරිතයකට මම සූදානම්

2016-10-03-ent-08

 

සිනමාව, ටෙලි නාට්‍යය මෙන්ම වේදිකාවේද සිය රංගන ප‍්‍රතිභාවන් එළිදක්වමින් කලා ක්ෂේත‍්‍රය ආලෝකමත් කළ රංගන ශිල්පියෙක් තමයි මිහිර සිරිතිලක.

පේ‍්‍රක්ෂක හදවත්වල ලැඟුම් ගත් චරිත ඉදිරිපත් කළ ඔහු ඉතා කෙටි කලකදීම කලා ක්ෂේත‍්‍රය තුළ වැඩි කතාබහකට ලක් වූ චරිතයක් වුණා. මේ දිනවල ඉහළ ප‍්‍රතිචාර මැද දිවෙන ”මායා” සහ ”උලත් එකයි පිලත් එකයි” චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වන ඔහු පුංචි තිරයේ මෙඩි සිනා හරහාත් නිවේදකයෙක් ලෙස දෙරණ රස පිරි තරු රෙසිපි වැඩසටහන තුළිනුත් දැකගන්න පුලූවන්.

ඔහුගේ කලා දිවියේ ඒ සියලූ තතු පිළිබඳ කතා කරන්නත් සමගින්ම අපි ඔහුව සඳැල්ල සමග එක් කරගත්තා. මේ ඒ පිළිබඳ සටහනක්.

 

මිහිර මේ දවස්වල තිරගත වන චිත‍්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙනවා නේද?

2016-10-03-ent-06ඔව්, මේ දවස්වල මම රඟපාපු චිත‍්‍රපට දෙකක් තිරගත වෙනවා. මායා සහ උලත් එකයි පිලත් එකයි.

 

චිත‍්‍රපට දෙකේ චරිත ගැනත් කතා කරමුද?

මායා චිත‍්‍රපටයේ මියගිය ළමයාගේ චරිතය නිරූපණය කරන්නෙ, පුබුදු චතුරංගට ආවේශ වන චරිතයක්. මේ ප‍්‍රහසන චරිතයක් නම් නෙමෙයි. බොහොම අපහසු රංගනයක්. උලත් එකයි පිලත් එකයි චිත‍්‍රපටයෙ සාජන් සෝම පේ‍්‍රමචන්ද්‍රගෙ චරිතය රඟපෑවෙ. ඒක ප‍්‍රහසනයට බර චරිතයක්. ඒ සඳහා හොඳ ප‍්‍රතිචාර තිබෙනවා. ඒ වගේම මායා චිත‍්‍රපටයෙ නම් ගොඩක් අයට මාව හඳුනාගන්නත් අපහසුයි. ඒ චරිතය සහ මට දාලා තියෙන මේකප් නිසා. ගොඩක් අය කතා කරලත් අහනවා ඒ ඉන්නේ ඔයාද කියලා.

 

”මායා” හි හාස්‍යයෙන් තොර චරිතයක්නෙ රඟපෑවෙ. කොහොමද ඒ අත්දැකීම?

මම හිතන්නෙ අධ්‍යක්ෂවරු විශ්වාස කරනවා මගෙන් පහසුවෙන්ම ගන්න පුලූවන් ප‍්‍රහසනය කියලා. ඒක නිසා මට ගොඩක් වෙලාවට ලැබෙන්නෙත් ප‍්‍රහසන චරිත. නමුත් සිවගුරුනාදන් සහ සමන් කුමාර ලියනගේ වැනි අධ්‍යක්ෂවරු මට ඉතාම අපහසු චරිතාංග රංගනයන් ලබාදී තිබෙනවා. ඒවා ප‍්‍රශස්ත මට්ටමේ ඇගයීම්. ඒ වගේම මොණරතැන්න චිත‍්‍රපටයට කුසලතා සම්මානයකුත් ලැබුණා. ඉතින් ඒ නිසා දෙපැත්තම සමබරව කරගෙන යන්න පුලූවන් කියලා මට හිතෙනවා.

 

එතකොට වේදිකාව පැත්තෙ වැඩ කටයුතු කොහොමද?

මම රචනා කර අධ්‍යක්ෂණය කරපු ”කෝ කුක්කෝ” නාට්‍යය ඔක්තෝබර් 16 නාමෙල් මාලනී පුංචි තියටර්හිදී 3.30 සහ 6.30 දර්ශන වාර 2ක් පැවැත්වෙනවා. ඒ 100 වෙනි දර්ශනය. ඉතින් මේ දවස්වල නම් එහි වැඩ කටයුතු තමයි තියෙන්නෙ.

 

විජය නන්දසිරි මහත්මයා සම්බන්ධ වෙලා සිටි චරිත කිහිපයකට ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

ඔව් ”දෙයියොත් දන්නෙ නෑ” නාට්‍යයෙ විජය නන්දසිරි මහත්මයාගෙ චරිතය එහි අධ්‍යක්ෂ සරත් කුලාංග මහතා මට භාරදුන්නා. ඇත්තටම අපිට එහි පුහුණුවීම් කරන්න කාලයක් තිබුණෙත් නෑ. නමුත් මම හිතනවා ඒ චරිතයට සාධාරණයක් කරගන්න පුලූවන් වුණා කියලා.

 

පුහුණුවීමකින්, අධ්‍යයනයකින් තොරව එවැනි චරිතයක් රඟ දක්වන්න අපහසුවුණේ නැද්ද?

ඒ නාට්‍යයේ මම හිටපු නිසා එතරම් අපහසු වුණේ නෑ. මොකද මේ නාට්‍යයේ හැම චරිතයක් එක්කම අපි අවධානයෙන් ඉන්නේ. ඒ නිසා හදිසි අවස්ථාවක අවශ්‍ය වුවොත් ඕනෑම චරිතයක් කරන්න පුලූවන්කම මට තියෙනවා. දර්ශන වාර 100කට අධික ප‍්‍රමාණයක් රඟ දක්වලත් තියනවා. ඒ නිසා අලූතින්ම සූදානම් වෙන්න දෙයක් නෑ.

 

එතුමා නැති අඩුව දැනෙන්නේ කොහොමද?

එතුමා නාට්‍යයක් වේදිකාගත වන හැම මොහොතකම වේදිකාවෙ රැඳී ඉඳිමින් තමන්ගේ චරිතය වගේම අනෙකුත් චරිත ගැනත් අවධානයෙන් හිටියා. ඇත්තටම එතුමා කිසි තන්හාවකින් තොරව ඔහුගේ ශිල්පීය ඥානය හැමෝ එක්කම බෙදාහදා ගත්තා. ඒ ගුරුහරුකම් ඇත්තටම අපේ ජීවිත වලට ගොඩක්ම වටිනවා සහ එය අපේ ඉදිරි ගමනටත් ලොකු පහසුවක් වුණා.

මට වාසනාව ලැබුණා එතුමා එක්ක වැඩ කරන්න. එතුමා එක්ක මම ගොඩක් චරිත කරලත් තියෙනවා. චින්තක පීරිස් සමග මම රචනා කළ චිත‍්‍රපටයෙ පවා බොහොම ආදරයෙන් අපි ළඟ සිටිමින් වැඩ කළා. ඔහු සමග වැඩ කරන්නත් ඉතා පහසුයි. කලාවට ගොඩක් හිතැති ඔහුගේ වෙන්වීම ඇත්තටම ලොකු අඩුවක්. ඒ අඩුව කවදාවත් පුරවන්න බැරි වෙයි.

 

පුංචි තිරයේ වැඩ කටයුතු ගැනත් කියමු.

මේ දිනවල නම් ”මෙඩිසිනා” නාට්‍යයේ වැඩ කටයුතු තමයි තියෙන්නේ. එහි මිස්ට පෙරේරා චරිතයට හොඳ ප‍්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා. සමහරුන්ට ඉන් රිදවීම් ඇතිවෙනවා කියලා ආරංචිත් තියෙනවා. රෝහල් ක්ෂේත‍්‍රයෙන්. ඒක ප‍්‍රහසනයක්, නමුත් එහි ඛේදවාචක පේන්න තියෙනවා. ඉතින් මගේ චරිතෙත් ප‍්‍රහසනය ඇතුළෙ කියන්න ඕන දේවල් කියවෙනවා.

 

මේ හැමදේම එක්ක මිහිර දැන් කුස්සියෙ වැඩත් කරනවා නේද?

ඔව්, මම නිවේදන කලාවට යොමු වුණු කෙනෙක් නෙමෙයි. රංගනය පමණයි කළේ. නමුත් අපි අතරින් වියෝවුණු නාලක මහත්මයාගෙන් සුවිශේෂ යෝජනාවක් තිබුණා වැඩසටහනක් නිවේදනය කරන්න එන්න කියලා. ඒ අනුව තමයි වැඩසටහනක් කළේ. එතැනින් පසුව තමයි දැන් යන කුස්සියේ කතන්දරේට සම්බන්ධ වුණේ. ‘‘දෙරණ රසපිරි තරු රෙසිපි” කියන, ඒක වෙනස්ම අද්දැකීමක්. ඉන් අපි බලාපොරොත්තු වුණේ උයන එකම නෙමෙයි. කලාකරුවොත් සම්බන්ධ කරගෙන ඔවුන් සමග අලූත් වැඩක් කරන්න. මේ ලංකාවේ වැඩිම පිරිමි ප‍්‍රමාණයක් බලපු වැඩසටහනක් තමයි ඒ.

 

එතකොට මිහිරට උයන්න පුලූවන්ද?

අවුරුදු 5, 6ක් පමණ වගේ බෝඩිමේ උයාගෙන කෑවෙ. මගේ කෑම මට හොඳයි ඉතින්.

 

වැඩිපුරම උයන්න පුලූවන් මොනවද?

පරිප්පු තමයි වැඩිපුරම හැදුවේ. ඇල්වතුරෙන් පරිප්පු හදලා ඒකට බිත්තරයක් දාලා තමයි කෑවේ.

 

අවසාන වශයෙන් අලූත් වැඩ කටයුතු ගැනත් කතා කරමු.

ටෙලි නාට්‍යය තුනක වැඩ මේ වෙද්දි අවසන් කරලා තියෙනවා. ඒවා ඉදිරියේදි දැකගන්න හැකි වෙයි. ඒ වගේම ”රේන්බෝ” කියන මගේ අලූත්ම චිත‍්‍රපටයත් මේ වසරෙදිම තිරගත වෙයි. ඒ හැමදේ එක්කම මට හැකි හැම මොහොතකම කලාව වෙනුවෙන් කැප කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ධනු විජේරත්න

 

2016-10-03-ent-07



අදහස් (0)

ඕනෑම චරිතයකට මම සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 178 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 501 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site