‘සම්පත් සූරාකමින් රට වනසන සෙල්ලම වෙනස් කරන්න ඕනෑ. විපක්ෂය ඊට සූදානම් නැත්නම් මිනිසුන් ඒ වෙනස ඇති කරාවි. ඉක්මනට ඔක්කොම පෙරළා දමා බෙලිත් කපා වෙනස් කරාවි. ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ඒ වෙනස නොකළොත් මිනිසුන් ඒ වෙනස කරාවි. ලෝක ඉතිහාසයේ එසේ වී තිබෙනවා. විප්ලව ඇති වන්නේ ඒ විදියටයි.‘ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය උඩවලවේ දී එසේ ප්‍රකාශ කළාය.
‘දේශපාලනය කරන අය තේරුම් ගත යුතුයි ,මැරෙනතුරු, රෝද පුටුවෙන් ගිහින් හරි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා හෝ, තුන් හතර සැරේ බලයේ නොසිටිය යුතු බව . මම ජනපති වූ ගමන් දරුවන්ට පොරොන්දු වූයේ දෙවරක් පමණක් ජනපති වන බවයි. ඉන් පසු ගෙදර යන බවයි. පක්ෂයෙන් මට කිව්වා කැමැතිනම් ව්‍යවස්ථාව වෙනස් කර තුන් වැනි වරත් බලය ගන්නා ලෙස. එය කීයටවත් නොකරන බව මා ඔවුනට කිව්වා. දැන්නම් කවුදෝ ඒක වෙනස් කරලා. ඒ නිසා ඕන නම් මට දැන් ආයෙ එන්නත් පුළුවන්. (සභාවෙන් අත්පොලසන්)
අත්පොලසන් දෙන්න එපා. මම එහෙම තීන්දුවක් අරගෙන නෑ. මම කියන්නේ දෛවය කැරකිලා එන විදියයි. ‘ කුමාරතුංග මහත්මිය එසේ ද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා කාගේ කාගෙත් හැටි (නි)
වර්තමාන දේශපාලු ක්‍රමය හොද නැති වුණත්,මෙතුමිය නැවත නොඑන තරමට හොඳයි. (නි)
ඉතින් මැතිනිය, ඔබටත් තිබුනනේ යුද්ධය නිමා කරලා ජනතා ප්‍රසාදය අරගෙන එහෙම ඉන්න.දැන් ඉන්න අයට ඊර්ෂ්‍යා කරනවා වගේ මට පෙනෙන්නේ. (නි)
දැන් පිනක් දහමක් කරගෙන දරු මුනුපුරොත් එක්ක කාලය ගෙව්වොත් නරකද.? (ස)
අයියෝ දිසා මහත්තයට මොකාවත් තේරෙන්නේ නැහැ. මගේ කමෙන්ට් එක එහෙම ලිව්වා දැන් කාලේ එහෙම වෙන්නේ නැහැ කියලා, (ස)
මගේ රටට බුදු සරණයි! (නි)
කවුරු වෙනස් කළත් රටට වැඩදායක නම් අපි එකඟයි. ලංකාවේ ජනතාව අඳුරේ සේම අනාගතය කොයිබටදැයි අපි නොදනිමු. රට ගැන දුකයි (නි)
රෑ වැටුණු වළේ දවල්ටත් වැටෙන්න අපිට බැහැ (නි)
කුහකකම ඊර්ශියාව වෛරය දොරේ ගලා ගිය කතාවක්..මම හිතුවේ අර මහත්තයා විතරයි මෙහෙම බ්රේක් නැති කතා කියන්නේ කියලා.අනේ මේ දෙවතාවක් මේ රටේ නායකකම කරපු ගැහැණියක් නේද? (ස)
දෙයක් කියන්න පෙර හොඳින් සිතා බැලිය යුතුයි (නි)
මාත් මේ රජයට විරුද්ධයි. එහෙත් මට ඔබේ කාලයත් අතීතයත් අමතක නැහැ. නමුත් මෙරටේ ඉන්න අරුම පුදුම මොළ තිබෙන උසස් සංස්කෘතියකට උරුමකම් කියන මානවයෝ ඔබට නැවත කැමති වෙයි.මම එය සක්සුදක් සේ දන්නවා. (නි)
අනේ මෙතුමිය ගැන අපි නොදන්නවා නෙවෙයි නෙ. මෙයා කරපු දේවල් මොනවද කියල රටේ මිනිසුන් දන්නවා. (ස)
වසර 17 ක පාලනයක් අවසන් කළේ මෙතුමියයි. මේ පාලනයත් අවසන් කරන්න නොහැකි වෙන එකක් නැහැ.මම දන්නා තරමින් හමුදාවට පඩියක් කියලා දෙයක් වැඩි කළ එකම ජනපති ඇයයි.මතක තිබෙන අය සළකාවි (නි)
ඔන්න ඔහේ කමක් නැහැ, එන්න. (නි)
අඩුම ගානේ මෙම රජය යුද්ධය අවසන් කළා. (නි)
අපිට ළඟදිම අලුත් අලුත් පුවත් රැසක් දැකගන්න පුලුවන් වේවි (නි)
ඔබතුමියට තිබෙන ජනතා ප්‍රසාදය උරගා බලන්න හොඳ අවස්ථාවක්. පුලුවන් නම් නැවතත් ඡන්දෙකට ඉදිරිපත් වෙලා බලන්න. (නි)
අසවු!අසවු! මෙන්න නවතම පුවතක් (නි)
මැඩම්, වෙලාවට වැඩ කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ. නේද? (නි)
අපි කොන්ඩේ බඳින චීන්නු කියලා හිතන්න නම් එපා නෝනා මහත්තයෝ. මේ රටට ඕනෑ හොඳ සහ ලොකු වෙනසක්. (නි)
ඔබතුමිය නැවත ඉල්ලලා බලන්නකෝ. ඔබටම වැටහේවි ඇත්ත (නි)
නෑවිත් සිටියොත් හොඳයි මැඩම්. (නි)
ඔබතුමිය තරඟ කළොත් කලින් රැවටුනු අයටත් තැනක් ලැබේවි (නි)
කවුරු හෝ අද යන ක්‍රමය නම් අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුමයි. (නි)
මෙතුමියගේ කාලයේදී අපි තුන් වේල කාලා හොඳට හිටියා. (නි)
හැබැයි මෙතුමිය ඔය සමහරු වගේ හත්මුතු පරම්පරාවක් නිවන් දැක්වූයේ නම් නැහැ. (නි)
අපිට අතීතයත් හොඳට මතකයි (නි)
අතීතය අපිට තවම මතකයි (නි)
මම නම් කියන්නේ එන්න එපා කියලයි (නි)
ගිය දේවල් අමතක කරලා අපි හැමෝම එකතු වෙලා මේ පාලනය පෙරලා දමමු. හැමෝම ඒ සඳහා පෙරට එන්න (නි)
එහෙනම් එන්නකෝ බලන්න (නි)
එතකොට අර තුනෙන් දෙකක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවේ? (නි)
ඉන්න අයට ඊර්ෂ්‍යා කරන්න නම් එපා (නි)
ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕනෑ නැහැ කියනවනේ. (නි)
මේ ආණ්ඩුව කොටි පරදවලා රට බේර ගත්තා එක හැබෑව. එත් දැන් වෙනත් පාර්ශවයක් අපේ රට ජාතිය ආගමට වින කරන එක සහ රටට කරන විනාශය පේන්නේ නැතිව වගේ ඉන්නෙත් ඒ ගොල්ලම නේ? ඒකනේ අපට තියෙන පුරස්නේ.(නදී)
මට සුනිල් පෙරේරාගේ සින්දුවක් මතක් වුණා (නි)
නටපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. දැන් බෙරයක්වත් නැතුව නටන්න එන තොවිලය මොකද්ද? (නි)
තිලක්, තුන්වේල කෑවේ චන්ද්‍රිකාගේ සමයේද?දැන් එහෙම නොකා මැරුණු අය ඉන්නවද? (නි)
බුදු අම්මේ. . වැඳලා කියන්නම්. මැඩම් එන්නනං එපා. (නදී)
ඔබ තුමියට ජය. (ස)
තාමත් අපි කන්නේ තණකොළ කියල මේ අය සිතන්නේ. (ස)
ඔබ තුමිය සදාචාර දේශපාලනයක් කරා. එකාදිපති පාලනයක් ගෙනියන්න තිබුනත් එහෙම කලේ නැහැ. පවුල් දේශපාලනය කලේ නැහැ. (නදී)
ආයෙත් සැරයක් ආර්ථිකේ රින කරගන්න ආසා නම් ආවට කමක් නෑ. නිකන් දිරච්ච ලනු ගිලින්න එපා.(නදී)
මාරුනේ විප්ලව ඇතිවෙන්නේ එහෙමලු නේ.? මම වැඩි දුර ඉගෙන ගෙන නැති උනාට අහල තියෙන කතා හැටියට නම් විප්ලව ඇතිවෙන්නේ, රටක සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න බැරි තරමටම අමානුෂික ලෙසින් සැම අංශයකින්ම දරාගන්න බැරි තරමට පීඩනයක් ඇතිවනවිට' ජනතාව තුලින්ම මතුවන බුද්ධිමත් නායකත්වයක නිවැරදි මග පෙන්වීම යටතේය. අපේ රටේ තවම එහෙම තත්වයක් නැහැ කියලයි මම නම් දකින්නේ. හැබැයි බලය පමණක් ඉලක්ක කරගත්, ජනතා අභිලාශි කිසිම වැඩපිළිවෙලක් නැති කොට්ටාශ කීපයකට නම් මේ වගේ රජයක් පෙරලන්න උවමනාවෙන් වලිකන බව නම් ජනතාවට පෙනෙනවා. (නදී)
අප්පච්චියේ ඔබ තුමිය මක්කා කොරන්නෙයි හදන්නේ.(නදී)
එන්න නම් එපා අායෙත් එහෙම (නි)
බණ්ඩාර, මට හිතෙන්නෙ දැන් එන්න හදන්නේ තිලකගේ ඉල්ලීමට කියලා. බලන්න කෝ එයාට තරහ ගිහින් තියෙන තරම. (ස)
අදහසනම් හොදයි. ඕනෑම රටක බලගතු විපක්ෂයක් තිබිය යුතුයි පවතින ආණ්ඩුවකට බලපෑමක් කළහැකි. ඒත් ඔබතුමිය ඒකට සුදුසුද කියන එක ජනතාව තමයි තීන්දු කලයුත්තේ.(නදී)
අනේ මේ විහිළු කරනවද? (නදී)
අපිට අතීතය හොඳින් මතකයි වගේම අපි හොඳින් වර්තමානයේ ජීවත් වෙනවා (නි)
එහෙනම් එමුකො බලන්න
හිටපු ජනාධිපතිනිය වශයෙන් මෙවැනි කතා කියන විට ටිකක් ප්‍රෙව්සම් වන්න.(නදී)
දැන් තියෙන්නේ නොයෙක් ප්‍රකාශන නිකුත් කරන එක නවත්වල ඡන්දෙ ඉල්ලන්න. එහෙම කලොත් රටේ ලෝකේ හැමෝටම දැනගන්න පුළුවන් මහජනයා පෙළ ගැසෙන්නේ කා වටාද කියල. (නදී)
එන්න මැඩම් ,ඔබට ජය සිකුරුයි.(නදී)
නඩ රාජා, ඔයා, බලාගෙන ඉන්නේ කන්න නැතුව මනුස්සයෙක් මැරිලා වැටෙනකම්ම්ද ? ලැජ්ජයි.(නදී)
ඔබ තුමිය කළ යුත්තේ විපක්ෂට සහ යෝගය දීමයි. නැවත ඡන්දයට එන්ඩ එපා. පුලුවන්නම් පුතාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් එවන්ඩ. (නදී)
එදා 94 පාරේ බැහැල යන්න බැරි වෙලාවේ මැඩම් ඇවිත් තමයි අපිට උතුරේ හැර අනෙත් පළාත්වල නිදහසේ යන්න අවස්ථාව ලබල දුන්නේ. මේ ලියල තියන කාටවත් ඒවා මතක නෑ. ඔබ තුමිය සදාචාර දේශපාලනයක් කරා. ඒකාදිපති පාලනයක් ගෙනියන්න තිබුනත් එහෙම කලේ නැහැ. පවුල් දේශපාලනය කලේ නැහැ. මෙතුමියගේ කාලයේදී අපි තුන් වේල කාලා හොඳට හිටියා. හැබැයි මෙතුමිය ඔය සමහරු වගේ හත්මුතු පරම්පරාවක් නිවන් දැක්වූයේ නම් නැහැ. මැඩම් මේ රටේ ඔබතුමියට සලකන මිනිස්සු ඉන්නවා 94 වගේ කලකිල එන්න පුළුවන්. ඔබතුමියට සලකන ඇමතිවරු ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා බයවෙන්න එපා වෙලාවට ඒ අය පෙලගැසිලි එයි.(නදී)
ඇයි ඔබ එතනට යන්නේ? (නදී)
අපෝ ආයිත් ලයිට් නැතුව නම් ඉන්න බෑ. (නදී) .
මේ අදහස් වලින්ම පේනවා ඔබට ජනතා ප්‍රසාදයක් නැතිබව.(නදී)
සභාවෙන් අත්පොලසන් කිව්වට කී දෙනෙක් ද දන්නේ නෑ.(නදී)
ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට. (ස)
අපේ ජනපති නම් මෙයාට වඩා 100-1000 ගුණයක් හොඳයි. (ස)
කොහොමහරි ඇවිල්ලා රට බේරගන්න. අපි හැමදාම ඔබ සමඟයි. (නි)
අපි නොදන්නා මෙයාගේ කෙරුවාවල්. (ස)
.හරියට මේ රජය මහජන කැමැත්තක් නැතුව ඡන්ද නොතියා බලහත්කාරෙන් බලයේ ඉන්නවා වගේනේ බෙලි කපන්න කතා කරන්නේ.මහජන කැමැත්ත තියෙන රජයක බෙලි කපන්න කාටවත් බැහැ.(නදී)
ඔබ තුමිය එන්න! ඒත් හැබැයි වේලාවට වැඩ කරන්න.(නදී)
කවුරුහරි උපදේශයක්වත් දුන්නද මේ නෝනට? (නි)
අපේ රටේ මහත්මා දේශපාලනයක් ඇති කරන්න. (ස)
කුහක දේශපාලනේ හැටි ඔහොම තමයි. එන්නයි කිව්වම ආවෙ නැතිලු දැන් ඕන නම් එන්න පුළුවන්ලු. (නදී)
මේ අදහස් දකිනකොට අර ප්‍රසිද්ධ කතාව ඇත්ත කියලා හිතෙනවා."සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා" කියන කතාව (නි)
අනේ නෝනා,ඔයා නම් සමහරුන්ට වැඩිය හොඳයි තමා. මොනවා වුණත් ලංකාවේ තිබෙන දේශපාලනයෙන් වෙන්නේ කවුරු අාවත් පළිගන්න එක තමයි. සියල්ලටම පෙර මේ පක්ෂ මාරුව මොන ක්‍රමයකින් හරි ලංකාවෙන් අතුගා දැමිය යුතුයි (නි)
ඇවිත් බලන්නකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මේකේ අදහස් දක්වල තියෙන සමහර අයට අතීතය මතක නැහැ. එදා 2000 දී අලිමංකඩ ත්‍රස්තවාදීන් අල්ලාගෙන අපේ හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් හිරවෙලා ඉන්නකොට චෙක් ජනරජයෙන් මලිටි බැරල් රොකට් ලෝන්චර් ගෙන්නලා අපේ හමුදාව බේරාගත්තේ මෙතුමියයි. (නදී)
අනේ අපි දන්නවා කාගෙත් හැටි (නි)
ඔබතුමියට තාම ශ්‍රී.ල.නි.ප අපිව තේරුම් ගන්න බැහැ.මේ නායකත්වයට අභියෝග කරන්න එපා.අපිව තේරුම් අරගෙන අපිත් එක්ක එකතු වෙලා රට හදමු. (නි)
අපේ මැතිණියට හදිසියේම ශ්‍රී ලංකාව ගැන ආදරයක් ඇති වෙලා වගේ. (ස)
බොහොම ස්තුතියි. මම නම් කියන්නේ නාවාට කමක් නැහැ (නි)
එයා ආවොත් අපිට මොනවා වෙයිද? (නි)
පිරිසිදු චේතනා - ගෙන දේ වාසනා! (නි)
දේශපාලනයකින් තොරව කතා කරනවා නම් රටේ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මොකද කියනවා නම් ලංකා ඉතිහාසයේ කවරදාවත් නොතිබූ ආර්ථික ප්‍රශ්නයන්ට අද අප මුහුණ දෙනවා. මෙම ප්‍රශ්නය තව දුරටත් උග්‍ර වෙන්නට පෙර ජනතාව වන අපි යමක් කළ යුතුයි. එහෙම නැත්තම් අපිට විතරක් නෙමෙයි, අපේ ඉදිරි අනාගත පරපුරටත් ණයකාරයෝ ලෙසින් මෙලොව එළිය දකින්න සිදුවේවි. එහෙම වුණොත් උන් අපිට ශාප කරාවි. (නි)
පුදුම වැඩේ කියන්නේ , මේ රටේ ගොඩාක් අය, ජෙනරාල්තුමාට කියන්නේත් ඔබතුමා මේ ජරා දේශපාලනේට එන්න එපා කියලයි. ජරා දේශපාලනේ කිය කියා ඉන්නවා මිසක් වෙනස් කරන්න ඉදිරිපත් වෙන කෙනෙක්ට , ඉස්සරහට එන්න සහයෝගය දෙන්නෙත් නැහැ. පුදුම රටක් (නි)
මැඩම්, අපට විහිලු සපයන්න එපා (නි)
ප්‍රමාද වෙලා නම් එන්න එපා. වෙලාවටම ඔයා එන කෙනානේ.... (නි)
ඔය එන්නේ කැරකිලා... (නි)
ඔබතුමිය 93 දී කිවුවේ මම ජනාධිපති උන වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. දැන් දෙපාරක් ජනාධිපති වෙලා තුන්වෙනි පාරත් ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලාන්නද හදන්නේ. ඔබතුමිය ජනතාවට දුන්න මැතිවරණ පොරොන්දු ඉෂ්ට කළා නම් අද අපේ රටේ ජනතාවගේ ජිවන තත්වය මෙයට වඩා උසස්. කරුණාකරලා මේ පාලන ක්‍රමය හොඳ නැත්නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයකුට සහයෝගය දෙන්න.(නදී)
කුමාරි,ඔයා නොදන්නා දේ කතා කරන්න එපා. මෙතුමය යුද්ධය අවසන් කරන්න කැපවීමෙන් කටයුතු කළ උත්තරීතර කාන්තාවක් (නි)
දැන් මේ එන්න හදන්නෙ කාගේ ඉල්ලිමකටද ??? (ස)
අනේ එන්න. පාඩමක් ඉගෙනගෙනම යන්න (නි)
මේ කතා කරන්නේ ඇත්තටමද?ජනතාව මැරිලා ඉපදිලාද? (නි)
අනේ එපා. (නදී)
දැනට සූරාගෙන කන කට්ටියගේ බඩ පිරී ඇති නිසා අනාගතයේ කන එක අඩුවේවි. එන්න දඟලන කට්ටිය බඩගින්නේ ඉන්න නිසා කාලා තිබෙන එකත් නැත්තටම නැති කරාවි.මේ නිසා ජනතාවට තියෙන්නේ අඩුමපාඩුව තෝරා ගැනීමයි. (නි)
ඔහොම කතාකරන්න එපා (නි)
බුදු අම්මෝ ඔබ තුමියට එහෙම අදහසක් ඇති වෙන්න නම් එපා. (ස)
නැහැ නැහැ ඕනෑම නැහැ. ඉන්න තැනක හොඳින් ඉන්න (නි)
රටට වැඩක් කරන, කරන්න පුළුවන්, පැහැදිලි දැක්මක් තිබෙන කෙනෙක් දෙපාරක් නෙමෙයි දහ සැරයක් ආවත් කමක් නැහැ. ඒක මිනිස්සු තීරණය කරාවි. (නි)