
(අංජුල මහික වීරරත්න)
ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
තෙත වී කිලෝවක් රුපියල් 120 -130ට වුවද ගැනීමට ව්‍යාපාරිකයන්ට අයිතිය තිබෙන නමුත් රජය ගැසට් කර තිබෙන සහල් මිල සම්බන්ධ තත්ත්වය වෙනස් කරන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.
වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
දැනට පාරිභෝගික අධිකාරියේ තිබෙන යම් යම් දුර්වලතා වෙනස් කර ගනිමින් සහල් පාලන මිල පවත්වා ගැනීමට අවශ්‍ය නීති පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වී මිල සම්බන්ධ දැනට ප්‍රශ්නයක් නැති නිසා රජය ඊට මැදිහත් වන්නේ නැතැයි කී අමාත්‍යවරයා වී මිල සම්බන්ධ ප්‍රශ්නයක් පැමිණි සැණින් රජය ඊට මැදිහත් වෙන බව සඳහන් කළේය.
පෞද්ගලික අංශය සමඟ තරගයක් දීමට සමත් වී අලෙවි මණ්ඩලයක් ගොඩනැගිය යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා දිගු කාලයක් තිස්සේ අඩපන කරන ලද ආයතනයක් වසරකින් වත් පණ ගසන තැනට ගැනීමට හැකිවනු ඇතැයි සිතන්නේ නැති බව සඳහන් කළේය.
හාල් මාෆියාවක් ඇති වුනේ වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති නිසා බව කී අමාත්‍යවරයා ආර්ථිකයේ රාජ්‍ය පංගුව හැම පැත්තකින් හකුලා තිබෙන බව පැවසීය.
වී අලෙවි මණ්ඩලයට වී ඇටයක් වත් දෙන්නේ නැතැයි ඇතැමුන් පවසා තිබෙන බව කී ලාල් කාන්ත මහතා පොහොර සහනාධාරය ගන්නා අය රජය ප්‍රකාශ කරන වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට දිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
ජනතාවගේ මුදල් වලින් පොහොර සහනාධාර, වාරිමාර්ග සපයාගත් ගොවියාටත් සමාජය වෙනුවෙන් යම් වගකීමක් තිබෙන බවද අමාත්‍යවරයා කීය.
පොහොර සහනාධාර ගත් ගොවීන් විසින් අනිවාර්යයෙන්ම වී අලෙවි මණ්ඩලයට වී ප්‍රමාණයක් ලබාදිය යුතු යැයි තවම තීරණයක් ගෙන නැති වුවත් එය සාකච්ඡා මට්ටමේ පවතින බව අමාත්‍යවරයා පැවසීය.
ගොවීන්ට ගොවිතැන් කරන්නට වාරිමාර්ග , පොහොර සහනාධාර සපයන්නේ ඩඩ්ලිලා, රත්නලා නොවන බවද ලාල්කාන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් මිලක් දා ගන්න බැරි මහ ලොකු 2/3 ආණ්ඩුව. මේකටද හලෝ අච්චර කයිවාරු ගැහුවේ?
මේ මිනිස්සුන්ට ඇමැතිකමක් කරන්න මෙලෝ හසරක දැනුමක් නැහැ. මේ මිනිස්සු පාරේ කෑ ගහන්න විතරයි. පාරේ ඉඳලා කරන තරමක් වැඩවර්ජන, උද්ඝෝෂණ කරලා කිසිම රජයක කරපු හොඳක් දැක්කේ නැති මිනිස්සු රනිල් කපපු පාරේ යනවා. එහෙම වුනේ නැත්නම් මේ මිනිස්සුන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ. දන්න එකම දේ විවේචනය. වගකීමක් ගන්න කොහොමත් බැහැ.
පොහොර සහනාදාරය ලබාදුන් ගොවීන් රජයට වී ලබාදිය යුතු බව කීවද ගොවීන්ට වැඩි මුදලක් රජය ලබා දෙන්නේ නම් ඔවුන් රජයට වී ලබාදෙනු ඇත. පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීමට පෙර සහනාධාරය ලබාගන්න ගොවින්ගේ වී රජයට ලබාදිය යුතු බවට ගොවින් සමග යම් එකඟත්වයකට පැමිණීමට තිබිණි..
වී වලට අවම මිලක් නියම කරගන්න බැරි, ඩඩ්ලිගේ දෙපතුල ළඟ දණින් වැටුණු ආණ්ඩුව තව කයිවාරුත් ගහනවා..! මෝල්කාරයින් එක්ක ඩීල් දාලා ගොවියයි, පාරිභෝගිකයයි දෙගොල්ලෝම නන්නත්තාර කරලා තියෙන්නේ.
අර ලක්ෂ 12 ට දෙනවා කිව මරුටියත් නැහැ අන්තිමට සහල් ටිකත් පොල් ගෙඩියත් නැහැ.. පාස්පෝර්ට් එකත් නැහැ. ඔක්කොම අවුල් වගේ..
අර ලක්ෂ 20 ට දෙනවා කිව මරුටියත් නැහැ. අන්තිමට සහල් ටිකත් පොල් ගෙඩියත් නැහැ. පාස්පෝර්ට් එකක් ගන්න මාස 6 ක් යනවා. රියැදුරු බලපත්‍ර වෙනුවට කොළ කෑලි සාක්කුවේ දමාගෙන යන එක ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. නමුත් අත යටින් 40000 දුන්නු ගමන් පාස්පෝර්ට් ලැබෙනවා. රියැදුරු බලපත්රෙත් 10000 කට විතර කරගන්න පුළුවන් ක්ලීන් ශ්‍රී ලන්කත් කොට උඩ වගේ රජයේ නිලධාරියෝ පගාව ගහන එකත් ගජරාමෙට කරගෙන යනවා. ඔක්කෝම අවුල් වගේ...
සහල් මිලට පාලන මිලක් දැම්මා නම් වී සඳහාත් පාලන මිලක් දමලා, දැනට මාසෙකට කලින් කිව් විදිහට ගොවියාගේ වී මිලට අරන් වී අලෙවි මණ්ඩලේ මගින් වෙළදපලට නිකුත් කරන්න කටයුතු කරන්න ඕනේ, එහෙම නැතිනම් ඔය පාලන මිලවල මුකුත් නොදමා කැමැති වෙළෙන්ඳෙකුට සහල් පිටරටින් ගෙන්වලා බෙදා හරින්න ඉඩ දෙන්න ඕනේ. එතකොට සහල් මිල බහිනවා... මේ ගොල්ලන් කරන වැඩෙන් මහාපරිමාණ මෝල් හිමියන් 3 දෙනාට ගොවියාත්, පරිභෝගිකයාත් යන දෙදෙනාම ගසාකන්න අවස්ථාව සැලසෙනවා.
ඩඩ්ලි සිරිසේන හාල් පාලන මිලට දෙනවා කියලා පොරොන්දුවක් දීලා තියෙද්දි තමා මෙයාලාගේ ජනාධිපති රුපියල් 10 ක් නිකන්ම වැඩි කලේ එකෙනුත් සෑහෙන්න නැතිව හා හාල් කිලෝව රුපියල් 290 ට යනකල් ගෙනිච්චා... ඒක අඩුකරන්න තිබුණු හොඳම අවස්ථාව තමා රටේ හාල් 180 ට විතර දෙන එක... එතනදීත් කලේ රුපියල් 65 ක බද්දක් ගහලා එකෙනුත් මහ මෝල් කාරයන්ට ඕන විදියට හාල් විකුණන්න ඉඩ දීපු එක... මේවා ඩීල් නෙමෙයිද?
නන්දසේන වගේ තීන්දු තීරණ ගන්නෙ නැතුව හරියට හොයලා බලන්න.
අනුන්ගෙ ඇදකුද හොයන්න අති දක්ෂයින් වුණාට වැඩක් පලක් කරල පුරුද්දක් නැහැ. දැන් ඔය වීමෝල් හිමියන්ට තර්ජනය කලාම මෝල් වැහිල යාවි එහෙම වුනොත් මුලින්ම රජයට ලැබෙන ආදායම් බදු මුදල් අහිමිවෙනවා දෙවනුව ගොවීන්ට සාධාරණ මුදලක් නොලැබී යනවා. තෙවනුව එම ආයතනවල රැකියා කරන දහස් ගණනකට රැකියා අහිමිවුනාම ඒ අයට රැකියා දෙන්න ලාල් ට පුලුවන්ද ඊළගට රැකියා කරන පවුල්වල යැපෙන්නන්ට ආණ්ඩුවෙන් කන්න බොන්න දෙන්න පුලුවන්ද උපමාවකින් කිව්වොත් හිටපු ජනාධිපතිලාගේ ඇමතිලාගේ වරප්‍රසාද කපන්න බැලෙව්වාම වාර්ථාව ලැබුනේ අතීතයට බලපාන්න නීතී හදන්නම බැහැ කියල නේද. එනිසා නැවතත් රට අවුලෙන් අවුලට නොදා බැරිනම් පුලුවන් කෙනෙකුට දීලා යන්න.
ලාල්ගෙත් කයිය විතරයි. වැඩ නැහැ. ගොවි බිමකට යන්නෙවත් නැහැ. ආය ගොවීන්ගේ ඡන්ද ටික මෙයාලට නැහැ.
වී ගොවියෝ විතරද ලංකාවේ ගොයියෝ? ඔක්කෝම සහනාධාර දෙනවා. වගා හානි කියලා වන්දිත් දෙනවා. වගා කරන්න වාරි ජලය නොමිලේ පොහොර සහන මිලට තෙල් බෙහෙත් මදිවාට සේවයට අමාත්‍යාංශ දෙකක්. ඒ ඔක්කෝම දීලා අන්තිමට අපිට කන්න හාල් නෑ. මේ දෙන ඔක්කෝම සහන අනෙකුත් වගාවලට දුන්නා නම් රටට විදේශ විනිමය උපයලා ඒකෙන් ලාබෙට හාල් ගේන්නත් තිබ්බා. මේ කාලේ පොල් තේ අවාරේ ඒක ස්වභාවික හානි ඒ වුණාට වන්දි නෑ...