සිය ජංගම දුරකථනයෙන් කෙසෙල්වත්ත පොලීස් ස්ථානාධිපතිවට පරුෂ වචනයෙන් බැන වැදුණ තරුණයෙක් තමන් කළ වරද පිළිගැනීමෙන් පසු ඔහුගේ දෙපා නැමැද වැද සමාව ගන්නා ලෙසට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) සැකකරුට නියෝග කළේය.
එම තරුණයා කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ. කේ. එස්. ජයනෙත්ති මහතා ඉදිරියට පැමිණ දෙපා නමැද සමාව ගත්තේය.
නැවතත් මෙවැනි වැරදි සිදු නොකරන ලෙසට තරයේ අවවාද කළ අධිකරණය සැකකාර තරුණයා මුඳවා හැරියේය. මෙලෙස අවවාද කර මුදා හැරුණේ ගාල්ල ඊ.සී.එස්.ලක්මාල් (19) න ම් තරුණයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් ඇමතිලා මන්ත්‍රීලා බැන්නමත් දණ ගහලම සමාව ගන්න කියනවද ? (බ)
එතකොට ඔය ලකුණු හම්බෙන ඒවටත් එහෙම කරනවද? (බ)
මොනවා... වැදලා සමාව ගන්න? ලංකාවේ කතා කිරීමේ නිදහස තවම තිබෙනවා. (ර)
හොඳ පරිප්පුව (අ)
මෙසේ සමාව දීල අවවාදයක් කරලා අරින්න කැමති වූ ඔ.අයි. සි මහතා හොඳ කෙනෙක් වාගේ , නැතිනම් ලොකු දඩයක් හෝ සිර දඬුවමක් දක්වා යන්න තිබ්බ (අ)
බැන්න හේතුව දන්නේ නැතුව මුකුත් කියන්න බෑ. සමහර පොලිස් කාරයන්ට කුනුහරපෙන් බැනල මදි. (බ)