IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඕඅයිසීගේ බිරියත් සැකපිට

හෙරොයින් ග්‍රෑම් 42ක් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහගේ බිරිය ද ප්‍රශ්න කිරීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

ඇගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

ඕඅයිසීගේ බිරියත් සැකපිට

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 05:02 PM

තවත් චෞර රැජිනක්ද? (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 01 January 2014 05:27 PM

හෙරොයින් ග්‍රෑම් 42 ක්ද කිලෝ ග්‍රෑම් 261ක්ද ?(නදී)

:       0       0

මොහාන් දමාම් Wednesday, 01 January 2014 05:34 PM

තව වසර දෙකක් යනකොට හන්දියක් හන්දියක් ගානේ බුලත් කඩවලත් බුලත් පුවක් විකුනනවා වගේ කුඩු විකුනාවි. දැන් කුඩු එන්නේ කන්ටේනර්වලින් නිසා.(නදී) ,

:       0       0

නිශ්ශංක Wednesday, 01 January 2014 06:15 PM

ඔයාල නම් කියයි කුඩු කන්ටේනරයක් විකුනනවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 January 2014 06:23 PM

මේ රටට කුඩු ගෙන්වන අයට නම් ශාප වෙන්න ඕනේ.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 01 January 2014 06:44 PM

අගමැති ලේකම් හොදයි, ඕඅයිසී ගොඩක් හොදයි, නෝනා ඊට වඩා හොදායි. මේකට කියන්නේ කොරන්න දෙයක් නෑ කියලා.(නදී)

:       0       0

හේමාල් Wednesday, 01 January 2014 06:44 PM

අහෝ නිතිය ආරක්ෂා කරන ස්ථාන.(නදී)

:       0       0

කිලක්-ඩුබායි Wednesday, 01 January 2014 06:45 PM

සිමෙන්ති කොට්ට වගේ ලංකාවට කුඩු ගෙන්වන්නේ. එදා මිනීමරු ප්‍රභාකරන් ගෙන් දරුවන් බේර ගන්න අපි පාසල් ගේට්ටු මුර කලා වගේ ඉදිරියේදි සිංහල ප්‍රබාකරන්ලාගෙන් අපේ දරුවන් බේර ගන්න පාසල් ඇරෙන කම් ගේට්ටු මුර කරන්න සිද්ද වෙන කාලයක් උදා වෙනවා. (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 01 January 2014 06:49 PM

අපේ ගෙවල් ලග අවුරුදු 23 ක තරුණයෙක් මිය ගියා. දොස්තරලා කියන්නේ ඇගේ නහරවැල් අප්‍රාණික වෙලා මොලේට ලේ ගමන නතර වෙලා මැරිලා තියෙන්නේ කියලා. කුඩු ගහලම ජීවිතයෙන් වන්දි ගෙව්වා. කසාද බැඳලා මාස තුනයි. ඉදිරියේදී සිංගල ජාතිය ඉතුරු වෙයිද මෙහෙම ගියොත්..(නදී)

:       0       0

අක්ෂි Wednesday, 01 January 2014 06:58 PM

ඉහලින් පටන් ගත්තම පහලට එන බව බුදු බනේ තියෙනවා. මනුස්සයෝ විනාශ කරන්න කුඩු ගේන්න උදව් කලොත්, රටේ මිනිස්සුත් ආගමත් ආරක්ෂා කරන්න දීල තියෙන වගකීම මග ඇරියොත් එහි විපාක කල්ප ගානක් අපායෙත්, තිරිසන් ලෝක වලත් දුක් විඳීන්න සිදුවෙනවා. මනුස්ස බව ලැබුවත් මන්ද බුද්ධික හෝ සිහි විකල් වෙනවා. තරාතිරමක් නැහැ පව් පලදෙනකොට.(නදී)

:       0       0

සුමිත් Wednesday, 01 January 2014 07:01 PM

සමහර පොලිස් නිලදාරීන් අහිංසක මිනිසුන් කුඩු නඩු වලට පටලවනවා. තමාගේ විරුද්ද වාදීන්ගෙන් පලි ගැනීමට හොඳම ක්‍රමය ඔහුගේ ගෙදර කුඩු හැංගිමයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 01 January 2014 07:54 PM

සුමිත් ගේ අදහස හරි. කුඩු රජාලට උනත් කාට වුනත් කුඩු ලග තබා ගත්තම හිරේ යන්න වෙනවා.(නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Wednesday, 01 January 2014 09:58 PM

සුවච නැතත් ,කීකරු බිරිඳක්! (නදී)

:       0       0

චතුර Wednesday, 01 January 2014 11:00 PM

ඔබතුමාගේ වචනය හරියටම ඉටුකිරීම ගැන ආරක්ෂක ලේකම් තුමනි, ඔබට අපගේ ප්‍රණාමය... ඔබ වැනි තව නිලධාරීන් මේ මව්බිමට පහල වෙනවනම් .(දිල්)

:       0       0

ජානි Thursday, 02 January 2014 07:14 AM

හොඳ නිලධාරියෙක් නිසා එයාගේ පවුලම විනාස කරන්න කරන දරුණු වැඩක් වෙන්නත් පුළුවන් ? ඇත්ත සොයන එකයි පරීක්ෂණ වලින් වෙන්න ඕනේ.? මහා වංචා කාරයෝ අපරාධ කාරයෝ කිසිම චෝදනාවක් නැතිව වැජබෙන ලෝකෙක, මේක ලේසි නැහැ. එත් අවංක නිලධාරින් හා නායකයන් ඉන්නවා නම් කරන්න පුළුවන්. (නදී)

:       0       0

මුදිත Thursday, 02 January 2014 08:56 AM

සුමිත්ගේ කතාව අද නිතරම සිදුවෙනවා. (ත)

:       0       0

සමීර සාලින්ද Thursday, 02 January 2014 09:37 AM

ඉස්සෙල්ලා තෝරු මෝරු විනාශ කර සිටිය යුතුයි. (ත).

:       0       0

පුෂ්පිකා චන්ද්‍රෙස්කර Thursday, 02 January 2014 10:23 AM

කුඩු විකුණන වැඩේ නෝනට බාර දීලාද? (නදී)

:       0       0

චින්තක 2 Thursday, 02 January 2014 10:56 AM

මේ නිලධාරියා කුඩු අල්ලන නිසා අල්මාරියට කුඩු දැම්ම වෙන්න බැරිද ? මොකද කුඩු බිස්නස් කාරයෝ ඉන්නේ මහා ලොක්කොන් ගේ ගෙවල් වල ගේන්නේ කිලෝ ගණන්. (නදී)

:       0       0

රෝයි Wednesday, 01 January 2014 03:47 PM

බොහෝම හොදයි. අපේ පොලිසිය හරිම හොදයි. අගමැතිතුමා ගේ නම ගෑවුන කුඩු කන්ටේනරය ගැන නම් තාම හොයනවා. අත් අඩංගුවට ගන්නත් කෙනෙක් නැතුව ඇති වගේ. කවුරුවත් වැරැද්දක් කරලා නැද්ද.(නදී)

:       0       0

නසාර් Wednesday, 01 January 2014 04:23 PM

ආත්ම ගණනක සිතුවිලි අතරෙන් ශ්‍රී ලංකාව කුඩේ කුඩු.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 04:46 PM

අලි බබා හා හොරු හතළිහ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site