වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ළඟ තිබී සොයා ගත් කුඩුවර්ගය කුමක්දැයි හඳුනාගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් නැතැයි රජයේ සරපරීක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රානන්දු මෙනවියට දැනුම් දුන්නේය.
කොළඹ අපරාධ කොට්ඨාසය උසාවියට දැන්වූයේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇති බවයි.
මුණසිංහගේ බිරිය රෝෂිනී චන්ද්‍රකාන්ති මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා සිටින්නීය.
මුණසිංහ, එස් මධුසංඛ, තුවාන් ෆරීක් හා පාතිමා ෆරීමා මාර්තු 11 තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකියන්නේ කුඩු නොවෙයි. වෙන මොනවා හරි දෙයක් ? (අ)
ඇත්ත කතාව අනුව ඔඅයිසි නිර්දොසයි.(අ)
හරි එහෙනම් පාන් පිටි වෙයි වගේ එකත්, අනේ මෙහෙමත් රටක් (අ)
රසපරීක්ෂක දෙපාර්තුමේන්තුවට ලජ්ජා නැද්ද(දිල්)
මේ රටේ මිනිස්සු තනිකර කෙළිනේ පිස්සු (දී)
ඇත්තවශයෙන්ම ඔහු කුඩු වලට ඇබ්බැහි වෙලාද කියල ඔහුගේ රුධිර පරීක්ෂණයෙන් කියන්න පුළුවන්.ඕනෑම රටක මේ පරීක්ෂණය කරනවා. ඔහු අමාරුවේ දමන්න කල වැඩක් වෙන්නත් පුළුවන්. (අ)
මෙතුමා වැරදි නමුපරිම දදුවම් ලබා දෙන්න (දී)
මම හිතුව මේ කතාන්දරය අන්තිමට මෙහෙම වෙයි කියලා.හරියට ......... එකේ රුප බොද වුනා වගේ.(දී)
රොටි හදන්න පිටි ගෙනියන කොට අල්ලලා තියෙන්නේ කියල දැන් නිදහස් කරන්න පුළුවන්.
පහසුකම් නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න වෙයි (අ)
අනේ කිරි අප්පේ..?අවරුදු තිහක යුද්ධයක් අවසන් කල රටක කියන කතාද මේවා?(අ)
කුඩු වෙන්න බැහැ. පාන් පිටි වෙන්න ඇති. දෙපාර්තමේන්තුවේ පහසුකම් නැත්නම් ඔය කුඩු කාරයෙකුට කියන්න . ටක් ගල කියයි. (අ)
එහෙනම් මොකටද නඩු දැම්මේ ??? මොනා ළග තිබුන කියලද??? පොලිස් මාද්‍ය ප්‍රකාශක ටීවී එකේ ඇවිල්ල කිව්වේ හෙරොයින් කියල... මට පෙන්නේ කොළොන්නාවේ පන්සලේ හාමුදුරුවෝ කියපු කතාව හරි ගෙන යනවා වේගේ....(අ)
කුස්සියේ මිටි කිරිත් මිරිකලා, දිය කිරිත් මිරිකලා ඉතුරු වෙච්ච පොල් කුඩු ද දන්නේ නැහැ. මොකද නෝනත් මේකට ගෑවිල හින්ද. (අ)
එහෙනම් අලුත්ම ජාතියක් වගේ , (අ)