පසුගිය කාලෙ අපේ අතිදක්ෂ රංගන ශිල්පියකු වන කුමාර තිරිමාදුර කොච්චර කාර්යබහුල වුණාද කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැලු.
කතාවට එහෙම කිව්වට හුස්ම නොගෙන ඉන්න බැහැනෙ. ඒත් වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපටවල රංගනය නිසා ඔහුගේ කොණ්ඩය බෙල්ල ගාවට වැවිලා තියෙන එකත් ඔහුට දැනිලා නැහැ. ඒ කියන්නෙ කොණ්ඩෙ කපාගන්නවත් බැරි තරමට &බිසී*.
ඔන්න පසුගිය දවසක චිත්‍රපට මුහුරත් උළෙලකට කුමාර ඇවිත් හිටියා. ඔහුගේ දිගට වැවුණ කොණ්ඩය ගැන බොහෝ අය ඔහුගෙන් විමසුවා.
"අද තමයි මේ දිග කොණ්ඩෙත් එක්ක මාව දකින අන්තිම දවස. මේ චිත්‍රපටයේ චරිතයට අද මගේ කොණ්ඩෙ කපනවා.* කුමාර ඒ උත්සවයට ඇවිත් හිටිය යාළුවන්ට කිව්වලු."
උත්සවය අවසානයේදී පැවැති තේපැන් සංග්‍රහයෙදිත් කුමාරගේ කොණ්ඩය ගැන මාතෘකාව යළි මතු වුණාලු.
"මේකනෙ වැඩේ. අපි කොණ්ඩෙ කැපුවට ඒකෙ කිසිම රහක් නෑ. හැබැයි නිළියක් එහෙම කොණ්ඩෙ කැපුවනම් පත්තරවල ලියන්න ඉඩක් නැති වෙයි. අපි ඉතිං නිළියො නෙවෙයිනෙ" කුමාර කියලා තියෙනවා.
ඕං කුමාරත් කොණ්ඩෙ කැපුවා කියලා අපි පත්තරේ දැම්මා හොඳේ. හැබැයි කුමාරට මොහොතකට අමතක වුණානෙ ඔහුත් පත්තරකාරයෙක් කියලා.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඕං කුමාරත් කොණ්ඩෙ කැපුවා