අත්අඩංගුවට ගත් කුඩු කාරයන් තිදෙනකු මුදාහරින ලෙස රජයේ දේශපාලනඥයින් බලපෑම් කළ බවත් ඒ අනුව ක්‍රියා නොකිරීම නිසා වැල්ලම්පිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ කුඩු නඩුවකට පටලවා ඇති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂි ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේ අද නීතීඥවරු කරුණු දැක්වුහ.
මේ අතර බණ්ඩාර මුණසිංහ හිටපු ස්ථානාධිපති ද ඔහුට ආධාර අනුබල දුන් ෆාතිමා ෆස්ලීනා හා සංඛ මධුරංග යන දෙදෙනාද ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ වලින් පස්සෙයි කියන්න වෙන්නේ මොකද්ද හරියටම වෙලා තියෙන්න (දී)
මේක අලුත්ම කතාවක් නොවෙයි. කුඩු නැත්නම් ගැනියෙක් දාල හරි පොලිස් නිලධාරියා ව අමාරුවේ දානවා. දේශපාලකයෝ ඔය කැත වැඩේ කරලා රටට ඔප්පු කලේ නීතිය රකින්න ඉන්න ආයතනයක් දුෂිත වෙලා කියල. ඒකට වග කියන්න ඕනේ තමන්මයි කියල හිතන්න දේශපාලකයින්ට මොළයක් නැහැ. මේකෙන් අමාරුවේ වැටුනේ නීති ගරුක පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. දේශපාලුවන්ගේ බිල්ලක් විය හැකියි. (දී)
කවුද ඇත්ත කියන්නේ කියලා හිතාගන්න අමාරුයි, දේශපාලකයෝ තුන්දෙනෙක් බලපෑම් කලේ දුරකතනයෙන්නම්, දුරකථන වාර්තාවලින් එය ඔප්පුකරන්න පුළුවන්.. (දී)
කාල වකවානු කොහොම උනත් පවතින රජයේ පාලකයෙකු, ඉහල නිලධාරියෙකු ඉල්ලන ඉල්ලීම නීති විරෝධී හෝ විරෝධී නොවූ උනත් ඒකට විරුද්ධ උනොත් නයාට ගහල පොල්ල වැරැද්ද ගත්ත තමයි. අද තත්වය ඉහල ඉඳල පහලටම ඕකයි. ඉදිරියට තවත් වැඩි වෙනවා මිසක් අඩු නෑ.(නදී)
අනේ අම්මප දසුන් කොලුවෝ එක පාරටම එහෙම හිතන්න එපා මේකේ ඇත්ත උසාවියේදී එලි වේවි. (දී)
පුදුම වැඩේ කියන්නේ, ඒ දේසපාලුවන්ගේ නම් මතක නැති එකනෙ. (ස)
මේක නියම මහා බබයි හොරු හතළිහේ කතාවේ අලුත් පිටපත් මුළු රටටම විනසි (අ)
මෙතුමා පොලිසියේ උනාට ගෙදරට කිසිම ආරක්ෂාවක් නැනේ. ගෙදර අල්මාරියටම කුඩු ගෙනත් දානකන් මෙතුමා දැනන් ඉදල නැනේ. (අ)
මොකක් හෝ වයර් එකක් මාරුවෙලා.(නදී)
එතකොට අල්මාරියේ තිබුනේ පාන්පිටිද ? (අ)
මෙය ඇත්තක් කියලා ඔප්පු කරන්න නම් මෙයට සම්බන්ධ දේශපාලකයො කවුද කියලා එලිදරව් කරන්න වෙනවා.එහෙම නැතුව චෝදනා වලින් ගැලවෙන්න බෑ. (අ)
බොහෝ දුරට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්.පොලිස් නිල නිවසක මේ වගේ දෙයක් කරන්න තරම් පහත් තත්වෙට මේ නිලධාරියා වැටේ කියල හිතන්න අමාරු .කොහොමටත් එහෙම උනා නම් නම් ගම එලි කරන්න.මහා ජනතාව මෙය දැන ගත යුතුමයි.(අ)
මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්.නිතරම ඔය වගේ දේවල් යහපත් නිලධාරීන්ට සිද්ධ වෙනවා (දිල්)
මම නම් ඕක එදාමයි හිතුවේ. (දිල්)
පව් ,අහිංසක පොලිස් නිලධාරිය,එයා කුඩු අල්මාරියෙ දමා උන්න මිසක් විකුණුවේ නෑනේ (දිල්)
අහිංසකයන් ගේ සාක්කු වලට කුඩු පැකට් දමා ඔවුන්ව වසර ගණන් හිරේ දාන පොලිස් මහත්තුරු ද ඉන්නවා (දිල්)
දේශපාලකයෙක් බලපෑම් කලානම් මෙයා එවෙලේම පොලිස්පතිතුමාට පැමිනිලිකලේ නැත්තේ මොකද? (දී)
අපි දන්නේ නැහැ කවුද හරි කවුද වැරදි කියල. රට ජාතිය ගැන ආදරයක් තියන අයට දැන් කරන්න දෙයක් තියෙනවා. අපේ රටට ජාතියට වින කරන කුඩු ගෙන්වන හා ඊට අනුබල දෙන කිසි එකෙකුට යහපතක් වෙන්න එපා, උන්ට සාප වේවා කියල උදේ හවස කීප වරක් කියන එක.108 වරක් කිවුවහම ඕන එකක් ජපා වෙනවා. ලක්ෂ වාර ගණනක් කියන කොට ඔය ජඩ වැඩ කරන එවුන්ට නිකම්ම සාප වෙලා තම වරිගයම විනාස වේවි. (අ)
පිස්සු කතා කියන්න එපා. ලංකාවේ එහෙම කැත වැඩ කරන දේශපාලකයෝ නැහැ. (දී)
අපරාධ කාරයෙක් පොලොසියෙන් මැරුවොත් ඒක ආයුද කේස් එකක්. පොලෝසියේ කෙනෙක් ඇල්ලුවොත් ඒක දේසපාලන බලපෑමක් . දේසපාලකයෙක් අහුවුනොත් ඒක ජාත්‍යන්තර මඩ ගැහිල්ලක්. මඩ ගැහිල්ල බැලුවොත් ඒක මාද්‍ය ප්‍රචාරයක්. මාද්‍ය ප්‍රචාරය හෙව්වොත් ඒක මහජන මතයක්. මහජන මතේ ............... ඒ කියන්නේ අපිමනේ බොලේ...!!!! (දී)
කවදාවත් නතර කල නොහැකි පිළිලයක් තමයි ඔය දේශපාලන පලිගනිල්ල (දී)
මම මේ නිලදාරියව හොදටම දන්නවා අරක්කු ටිකක් සිගරට් එකක්වත් බොන්නේ නැති යහපත් නිලදාරියෙක්. මේ මහත්මයා කවදාවත් ඔයවගේ ජරා වැඩක් කරන්නේ නැ. අනික ඔය තිබුනේ මොනවද කියල රස පරීක්ෂක වාර්තාව ආවට පස්සේ හැමෝටම දැනගන්න ලැබේවී. එතකල් බොරුවට චෝදනා කරන්න එපා.(නදී)
දේශපාලන පලි ගැනීම් නම් කරන්න එපා (දී)
මට නම් එදාම තේරුනා කරන්නේ බොරුවක් කියලා. නීතිය අකුරට ක්‍රියාත්මක කළ රේගුවේ ලොක්කට කල දේ අපි දැක්කනේ.(නදී)
නන්ද, මම නම් උදේ හවස කුඩු ගෙන්වන්නන්ට සහ හත්මුතු පරම්පරාවටත් කුඩු ගෙන්වන්න අනුබල දෙන අයට සහ ඒ අයගේ හත්මුතු පරම්පරාවටත් හෙනම ගහපන් කියලා තමයි උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ. (නදී)
කුඩු කිලෝ 140 ක් අල්ලපු සිසිර කුමාර මහත්තයට කළ දේ අපි දැක්කනේ. මරලා විතරක් නෙමෙයි කුඩු ගෙන්වන කට්ටිය එකතු වෙලා පාටියකුත් දැම්මා.(නදී)
මිනිමරුවෙක් වෙලා ප්‍රභාකරන්ට අවරුදු 35 කදීවත් මේ තරම් විනාශයක් කරන්න ලැබුනේ නැහැ.හරිම දුකයි රටට වෙන විනාසය ගැන.(නදී)
මේ නිලධාරියා කියන කතාවේ අත්තක් තියෙන්න පුලුවන (දී)
දැක්කනේ දැන් රටේ තත්වේ , දැන් වත් මිනිස්සුන්ගේ මොලේ පදුනනම් හරි (දී)
අපි හිතුවා ඕ අයි සී මහත්තයා අහිංසක මනුස්සයෙක් කියල.පව් අනේ නිකන් නිරපරාදේ අත්අඩංගුවට ගත්තා.ඔය කියන කතාව අපි විශ්වාස කළානේ (දිල්)
කව්ද මේ දේශපාලනඥයෝ (දිල්)
මේ වගේ සිදුවීම් ලංකාවේ හැර වෙන කිසිම රටක සිදු නොවේ.... (දී)
දේශපාලනය නිතිය හා සම්භන්ධ කරන්න එපා කියන්නේ ඔන්න ඕක තමයි (දී)
මේවා අල්ලන්න ඕන මිනිස්සුම මේවා කරන කොට කොහොමද මේවා නැති කරන්නේ (දී)
මට හිතුනා මේක ගොතපු කතාවක් කියලා (දී)
කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල හිත ගන්න බැහැ (දී))
දේශපාලන බලපෑම් නිසා නිතිය ඉෂ්ට කරන්න බැරි විමකට හොද උදාහරණයක් (දී)
ඉතින් කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ (දී)
නීතීඥවරුන්ට අනුව නම් ඉතින් මේ රටේ හොරු,මංකොල්ලකාරයො,මිනීමරුවො කවුරුවත් නැත.(දිල්)
අල්මාරියේ තිබුන කුඩු , මුදල් කාගේද (දී)
ඇත්තටම ඒ කොන්තරයක් පිරිමහිල්ලාක් නම් ඉතා භයානාකයි, මොකද රටේ සිවිල් බලයක් තියෙන මිනිහෙක්ටත් ඔහොම වෙනවනම් සාමාන්‍ය ජනයා ගැන කවර කතාද (දී)
මේවායින් අපිට දෙන්නේ නරක ආදර්ශ (දී)
අනේ මගේ පුංචි ලංකාවට වෙච්ච දෙයක් (දී)
මම හිතන්නෙ මේ ගෙවීගෙන යන්නෙ ලංකාවේ අවසානය වගේ (ස)