සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරු 13ක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ බී කේ පෙරේරා පාදුක්ක ස්ථානාධිපති සිට කොළඹ සාමාන්‍ය රාජකාරි සඳහා ද, ආර් ඒ ඩී ආර් මහේෂ් මිණිපේ ස්ථානාධිපති ලෙස පාදුක්ක ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එක් ජී එන් දේවප්‍රිය ජයවීර ඇල්පිටියේ සිට මිනිපේ ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක යූ කේ එන් ජයවීර ගිරිබාව ස්ථානාධිපති ලෙස කොළඹ සාමාන්‍ය රාජකාරි සඳහා ද, පොලිස් පරික්ෂණ කේ. වී.සී. දීපාල් තණමල්විල ස්ථානාධිපති සිට ගිරිබාව ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක පනාවල පොලිස්පති අණදෙන කොට්ඨාසයේ සිට තණමල්විල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක කේ එම් ඒ කේ කෝනාර හම්බේගමුව ස්ථානාධිපති සිට පුත්තලම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ද, පොලිස් පරීක්ෂක කේ ජී පී සිල්වා කලුතර කොට්ඨාසයේ සිට හම්බෙගමුව ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල් ඒ ඩී රත්නවීර හොරොව්පතාන ස්ථානාධිපති සිට පස්සර ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක පී එස් ආර් සංජීව සපුගස්කන්ද ස්ථානාධිපති සිට හොරොව්පතාන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් ආර් එස් බී කුමාරසේකර හසලක ස්ථානාධිපති ලෙස සපුගස්කන්ද ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරික්ෂක ටී එම් රත්නායක පස්සර ස්ථානාධිපති සිට හසලක ස්ථානාධිපති ලෙස ද ස්ථාන මාරු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ පොලිස් කොමිසමෙන් නෙමෙයිද? කොමිසම මොනවද කරන්නේ? යහපාලනය වචනයට විතරද? (නි)
ළඟදීම ඡන්දයක් වත් තියනවද ? (බ)