ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු 500 ක් පමණ අම්පාර නගරයේ ඔර්ලෝසු කණුව අසල මහපාරේ වාඩිවී අද පස්වරු 2 ට පමණ උද්ඝෝෂණයක යෙදුණහ.
ඒ අසල ඇති සියලු පාරවල් මෙම උද්ඝෝෂණය හේතුවෙන් අවහිරවන අතර නිරායුධ පොලිසිය පැත්තකටවී සිටින බව ප්‍රදේශවාසීහු කියති.
රජයේ බලධාරියකු පැමිණ තම දුක් ගැනවිලිවලට විසඳුම් දෙනතුරු උද්ඝෝෂණය අවසන් නොකරන බව ඔවුහු කියති. ප්‍රධාන පාරවල් සියල්ල අවහිරවී ඇති හෙයින් වාහන අතුරු පාරවල්වලින් යන ආකාරය දැකගත හැකිය.
ජායාරූප - සමන් දිසානායක

![DSC_0814[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08141.jpg)
![DSC_0829[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08291.jpg)
![DSC_0836[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08361.jpg)
![DSC_0840[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08401.jpg)
![DSC_0849[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08491.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න වල අවසානයක් නැද්ද? (නි)
අනේ මන්දා! හැම විශ්ව විද්‍යාලයකම සිසුන් පාරට බැස ඔවුන්ගේ ප්‍රශ්න සඳහා මහජනයාට අවහිරවන පරිදි උද්ඝෝෂණ කරනවා. මෙම දරුවන්ට විශ්ව විද්‍යාල දක්වා නිදහස් අධ්‍යාපනය දීමට සළසා ඇත්තේ ඔවුන්ගේ මෙන්ම රටේ අභිවෘද්ධිය සඳහාය. එබැවින් ඔවුන් මුහුණපාන ප්‍රශ්න සඳහා ඔවුන් මෙසේ පාරට බැස මහජනයාට අවහිර වන පරිදි කටයුතු නොකර සිටිනවා නම් හොඳයි (නි)
සිසු මර්දනය දිගටම මෙම විරෝධතාවට එක් වුන් ඉදිරිපෙළ සිසුන් 2 කුට පන්ති තහනම් කරයි. (බ)