IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ඔසුසල් 82 ක බලපත් නවත්වයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් අසූ දෙකක බලපත්‍ර  අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

ඔසුසල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද  තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන් ඔසුසල්  137ක  බලපත්‍ර  යාවත්කාලීන කර නැත්තේ ඖෂධවේදීන් ඒවායේ පූර්ණකාලීනව සේවයේ  නොයෙදවීම හේතුවෙන් බවත්   පූර්ණ කාලීන ඖෂධවේදියෙකු ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර  යාවකාලීන කිරීම  නොකරන බවත්   හෙතෙම  ප්‍රකාශ කළේය.

ඖෂධවේදීන් නැති ඔසුසල්  සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව කී   අමාත්‍යවරයා   සුදුසුකම් සම්පූර්ණ කළ ඔසුසල් 1820කට බලපත්‍ර ලබාදී ඇතැයිද  පැවැසීය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (2)

ඔසුසල් 82 ක බලපත් නවත්වයි

අමරේ Friday, 25 July 2025 09:02 PM

කරුණාකර ඔසුසල් වලින් බෙහෙත් වර්ග නිකුත් කරනවිට පැහැදිලි අත් අකුරෙන් ලිවීම වෛද්‍යවරුන්ටත්, එම ස්ථානවල සේවය කරන අයටත් අනිවාර්ය කරවන්න. පුළුවන් නම් විශේෂ බෙහෙත් වර්ග සහිත වෙබ්සයිට් එකක් සාදා එම බෙහෙත් ගන්නා ලෙඩරෝග, අතුරුඵල විපාක, සහ පරෙස්සම්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් දෙන්න..

:       0       1

Perakum Friday, 25 July 2025 11:58 PM

සමහර ෆාමසි නමට විතරයි විකුණන්නේ... සිල්ලර බඩු ෆාමසි බෝඩ් එක නිසා හැමදාම ඇරලා ඒ නිසා අපි ගෙදරට බඩු ගන්නේ ෆාමසියෙන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site