IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔස්ට්‍රේලියාවේ ලාංකේය හඬ 'නිසල ගංතීරේන්' ඔබේ හදට

20160425Nihal_1විසි හය වසරක් තිස්සේ  ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට ගායනා දක්ෂතා පෙන්වන ඔහු නමින් ගායක ශිල්පී නිහාල් සිරිවර්ධනය. වෘත්තියෙන් එරට ජාතික තැපැල් සේවයේ නියුතු නිහාල් සිරිවර්ධන මහතා කෙටි නිවාඩුවකට දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙරට රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා ඔස්සේ ඔහු විසින් ගායනා කළ "නිසල ගංතීරේ" ගීතය ප්‍රචාරය වීමත් සමග ජනප්‍රියත්වයට පත්ව සිටියි.

ප්‍රියන්ත නාවලගේ සංගීතයෙන් හා තනුවෙන්ද, ග්‍රේෂන් නවරත්න ගේ පද රචනයෙන් නිර්මාණ කෙරුණු මෙම ගීතයේ රූප රචනය ඉකුත්දා ලංකාවේදී ප්‍රථමයෙන් විකාශය වූයේ ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහන හරහා බව සිරිවර්ධන මහතා කියා සිටියේය. අභාවප්‍රාප්ත කලාකරු නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ දියණිය වන සජිනි විසින් අධ්‍යක්ෂණය කළ "නිසල ගංතීරේ" ගීතයේ රූප රචනය මේ වනවිට අන්තර්ජාලයේ YOU TUBE ඔස්සේ නැරඹිය හැකි බව හෙතෙම පැවසීය.

සිය නවතම ගීත නිර්මාණ හා ගායන දිවිය පිළිබඳව නිහාල් සිරිවර්ධන මහතා "නිසල ගංතීරේ" ගීතයේ රූප රචනාව මෙරට ගීත රසිකයන් අතට පත්කිරීමට අවස්ථාව ලැබීම ගැන ඇත්තේ අපමණ සතුටක්. මෙය රසිකයන් ඉක්මනින් වැලඳගන්නා ගීතයක් බව විශ්වාසයි. ජාතික රූපවාහිනියට අමතරව දෙරණ හා ලක්හඬ යන ගුවන්විදුලි නාළිකාවලද මෙම ගීතය මේ දිනවල විකාශය වනවා. මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

මා ලංකාවේ රැඳී සිටි මේ කෙටි නිවාඩුවේදී මා විසින් ගීත නිර්මාණ අටක් මෙරට හා මෙල්බර්න් නුවර සිටින ලාංකික රසියකයින් අතට පත්කොට තිබෙනවා. රසිකයන්ගෙන් මෙම නිර්මාණවලට ලැබී ඇති ප්‍රතිචාර හමුවේ තවත් මාස කිහිපයකින් ගීත ඇල්බමයක් නිකුත් කිරීමේ බලාපොරොත්තුවක්ද තියෙනවා.* යැයි පවසා සිටියේය.

රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

ඔස්ට්‍රේලියාවේ ලාංකේය හඬ 'නිසල ගංතීරේන්' ඔබේ හදට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site