(ටී.කේ.ජී.කපිල )
ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් 28 දින සිට 08 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබුණි .
ඔහු මෙම තරගාවලියේ එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබූ අතර ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඔහු සමඟ මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් 10 දින පස්වරු 03.30 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. .
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තැබු සමිත ලංකාවට
Senarath Wednesday, 11 September 2024 10:24 AM
විශිෂ්ඨ ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම් .තව තවත් ජයග්‍රහණ ලැබෙන්න කියා ප්‍රාර්ථනය කරනවා
පැරකුම් Thursday, 12 September 2024 05:02 AM
නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් බව කියවේ. එතකොට රන් පදක්කම දිනූ ක්‍රීඩකයාගේ වාර්තාව කුමක්ද ? පැහැදිලි කර දෙන්න.