ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තනි විකාශන අයිතිය ඉල්ලමින් රූපවාහිනී සංස්ථාව පැවැරූ නඩුවෙන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එම්.ටී.වී හා එම්.බී.සී. රූපවාහිනි නාළිකාවලට අද අතුරු තහනමක් නිකුත් කෙළේය. බැලූ බැල්මට පැමිණිල්ලට නඩු නිමිත්තක් ඇතැයි තීරණය කළ විනිසුරු ලබන අගෝස්තු 27 වැනි දාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවනට නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CSN එකට විකාශන අයිතිය දෙමුද ?
ඔය ජාතික රුපවාහිනිය කියන්නේ ජපානයෙන් අපිට නිකන් ලැබිච්ච තෑග්ගක් .... මේ වෙනකම් අවුරුදු 31 ක් තිස්සේ පවත්වාගෙන ගියත් තමන්ගේ ලාබයෙන් පැවැත්ම ගෙනියන්න බැරි හින්ද දැන් දැන් වෙන පුද්ගලික රුපවාහිනි චැනල් එක්ක නඩු ගිහින් ගහ මරාගෙන හරි කියක් හරි හොයාගන්න දඟලන හැටි දැක්කම දුක හිතෙනවා ....මේ පුද්ගලික රුපවාහිනිය පවත්වාගෙන යන්නේ පුද්ගලික සල්ලි වලින් .. ඒ වගේම මේ පුද්ගලික රුපවාහිනිය තමයි අපි කවුරුත් දන්නා විදියට ලංකාවට නව හඳුන්වාදීම් අඳුන්වාදෙන්නේ.... එහෙම එකේ මේක අදිකරණයක් වෙත ගෙනිහින් එක විනිසුරුවෙක්ගේ තීරණයකින් තීරණය නොකර ජනතාවට මොන චැනල් එකද තමන්ට හොඳට ඔලිම්පික් පෙන්නන්නේ කියල තීරණය කරන්න දුන්නනම් තමයි හොඳම .....
බෙනට් ඔයා රෙදි ඇදගෙනද කතාකරන්නේ....
ලංකාවෙන් ඔලිම්පික් තරග වලට යන්න ඉන්නේ ක්‍රීඩකයො 4 යි. මෙහේ කවුද ඔලිම්පික් පෙන්නන්නේ කියලා මරා ගන්නවා. වෙළද දැන්වීම් මගින් සල්ලි සෙවීම මිසක් නාලිකා වලට ක්‍රීඩාව ගැන ඇති කැක්කුමක් නෑ.
ඔලිම්පික් ප්‍රචාරක අයිතිය වෙනුවෙන් සිරසත් එක්ක නඩු කියන්න යන රූපවාහිනිය... වැඩි ආදායමක් ගත හැකි ක්‍රිකට් ප්‍රචාරක අයිතිය නිකම්ම CSN එකට දී බලා හිදීම නම් ඉතාම ලැජ්ජා සහගතයි....?
නඩුත් හාමුදුරුවන්ගේ.... බඩුත් හාමුදුරුවන්ගේ
ඔය කියන නවතාවය පුද්ගලික රුපවාහිනි වලින් පෙන්නන ගිහින් තමයි අපේ භාෂාව , හැදියාව , සංස්කෘතිය මෙතරම් ඉක්මනට පිරිහුණේ.
ජාතික රූපවාහිනිය කියනවා, සිරසට වඩා වැඩි පිරිසකට පෙනෙන්නේ ජාතික එක නිසා එයාලට විකාශන අයිතිය දෙන්න ඕන කියල. ඒ කතාව පිලිගන්නවා නම්, විකාශන අයිතිය දෙන්න ඕන එයාලටත් නෙවෙයි, ස්වාධීන එකටයි. මොකද මම දන්නා බොහෝ ප්‍රදේශ වලට මේ තුනෙන්ම වඩා හොඳින් සංඥා ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනියෙන්. අපිට නම් තියෙන ප්‍රශ්න වල හැටියට මොකෙන් බලාගත්තත් ඒහැටි වැදගත් කමක් නැහැ. අපෙන් යන්නෙත් හතර දෙනයි. නිලධාරි සීයක් විතර යාවි...
මම නම් කියන්නේ ළමා මනස විකෘති කරන වැඩසටහන් දාන නාලිකා වලට වඩා ජාතික රෑපවාහිනිය හොදයි කියලා...
ටී. ජයවර්ධනත් එක්ක මමත් එකග වෙනව.ජාතික රූපවාහිනිය ක්‍රිකට් ප්‍රචාරක අයිතිය නිකම්ම CSN එකට දී බලා හිදීම නම් ඉතාම ලැජ්ජා සහගතයි.
ඇයි ලන්ඩන් වල විශේෂ යමක් වෙන්නේ නැද්ද? ඒ ගමන මොකක්ද මේ?