
(යොහාන් භාසුර)
ජාතික ඔලිම්පික් කමිටුව මුහුණ පා ඇති වත්මන් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) පැවසීය.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ දැනට ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ඔලිම්පික් කමිටු සාමාජික සංගම් නියෝජිතයින් අද (20) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd