2016 වසරේදී බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට රොබෝවරුන් 500 කින් සැදි හමුදාවක්ද අනුයුක්ත කිරීමට බ‍්‍රසිලය සැරසේ.
රොබෝවරුන් මිලදී ගැනීමට පවුම් ලක්ෂ 42 ක් වැය කිරීමට නියමිතය.රොබෝවරුන් මිලදී ගැනෙනුයේ ප‍්‍රකට ඇමරිකානු සමාගමක් වන අයිරොබොට් සමාගමෙනි.අයිරොබොට් සමාගම ඇමරිකා හමුදාවන්ගේ මෙහෙයුම් වලට අවශ්‍ය වන රොබෝවරුන් සපයයි.
පැක්බොට් නමින් හැදින්වෙන මේ මිලදී ගැනීමට නියමිත රොබෝවරුන්ට පැවරෙන කාර්යභාරය වනු ඇත්තේ මිනිස් ආරක්ෂක භටයන්ට යා නොහැකි ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.විශේෂයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා නිරීක්ෂණ කටයුතු සිදුකිරීමද මේ රොබෝ බළකායට පැවරේ.පුපුරණ ද්‍රව්‍යයක් හමුවුවහොත් එය එම ස්ථානයෙන් බැහැර වෙනත් ස්ථානයකට
ගෙන යාමේ හැකියාවද මේ රොබෝවන්ට ඇත.රාජකාරියේදී අවශ්‍ය වන නවීන කැමරා,වැඩිදියුණු කරන ලද සංවේදක ආදී උපාංගයන්ගෙන්ද මෙම රොබෝවන් සමන්විතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මොඩ කතා කියන්න නම් එපා. පලමුව, දෙවැනිව තුන්වැනිව එයාලා හිතන්නේ මිනිසුන්ගේ ආරක්ශාව...... (නි)
කට කට, වැරදි අදහස් දාන්න එපා.අලි මදිවට කොටි වගේ මෙහෙටත් රෝල්ස් රෝයි මදිවට රෝබෝලවත් ගෙනෙන්න කල්පනාවක් ආවොත් අපිට වහ කන්න තමයි වෙන්නේ. (නි)
මහා ලොකු වැඩක්ද? ලංකාවේ පාර්ලිමේන්තුවවේ සහ ඉන් පිටත ඔය ඕනෑතරම් ඔය ජාතියේ රොබෝවෝ ඉන්නවනේ.එයාලා එවලා තියෙන්නෙත් ඇමෙරිකාවෙන්ම තමා.එයාලා බටහිරින් කියන ඕනෑම දෙයක් ටක් ගාලා කරනවා. ඔයාලා දැකලා නැද්ද ? (නි)
ඔව් ඉතින් ඔලිම්පික් උළෙල දෙන්නේ නිකම්ම නෙමෙයිනේ අමෙරිකාවෙන් රොබෝලා එංගලන්තයෙන් රෝල්ස් රොයිස් ගන්න බ්‍රසීලයේ සල්ලි වියදම් කරවන්නත් එපැයි.(නදී)