IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා

(චමිලා අල්විස්)

හොරණ නගර සභාවේ  අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

පෙරවරු දහයට අයවැය විශේෂ මහ සභාව කැඳවා තිබූ අතර නියමිත වේලාව වන පෙරවරු දහයට විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයට පැමිණි ඇති අතර  අයවැය සම්මත කොට අවසන් බව විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැන් වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

සභාගර්භයේ ඇති ඔරලෝසුවේ වේලාව වංචා සහගත ලෙස වෙනස් කර වෙලාව 10.05 ලෙස දක්වා මෙම වංචාව කර ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

හොරණ නගර සභාවේ බහුතරය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනා වන විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරන බවත් වංචා සහගත සිදු කළ මෙම සභා රැස්වීම නීති විරෝධී බවට ප්‍රකාශක් කර නැවත නියමිත අයවැය දෙවැනි වර ඉදිරිපත් කිරීම සඳහා මහ සභාව නැවත කැඳවීමට සභාපතිට හා ලේකම්ට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (0)

ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site