කොළඹ ඇළ මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජලාශ්‍රිත විනෝදාස්වාද ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ඇළවල් ඔස්සේ පාවෙන වෙළඳසැල් වැනි වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම ආදී ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
මෙය ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
දිගින් කිලෝමීටර 43 ක් වන කොළඹ ඇළ මාර්ග පද්ධතිය වර්තමානයේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නඩත්තු කරනු ලබයි. වසර ගණනාවක් තිස්සේ ඵලදායි කාර්යයක් සඳහා භාවිතයට ගෙන නොමැති මෙම ඇළ මාර්ග පද්ධතිය භාණ්ඩ සහ මගීන් ප්‍රවාහන කිරීමේ කාර්යය සඳහා යොදාගැනීමෙන් රථවාහන තදබදය අවම කර ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමටත් හැකියාව ඇති බව හඳුනා ගෙන ඇති බව රජය ප්‍රකාශ කර සිටී.
නාවල සිට වැල්ලවත්ත දක්වා නිවික හමුදාව කලකට පෙර ආරම්භ කළ බෝට්ටු සේවාව මාස කීපයකට පෙර නතර කර ඇත.
ලන්දේසි හා පෘතුග්‍රීසී සමයේ කොළඹ හා තදාසන්න පෙදෙස්හි ජල මාර්ග ගමන් බිමන් හා බඩු ප්‍රවාහනය බෙහෙවින් ප්‍රචලිත වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කරන්න පුළුවන් සීමිත ප්‍රදේශයක පමණයි. පාලම් යටදී පාදම බෝට්ටුව පතුලේ වදින එක ලොකු ප්‍රශ්නයක් (උදා.නාවල පාලම) අධික දුර්ගන්ධය තවත් ප්‍රශ්නයක් (උදා වැල්ලවත්ත ඇල). (කෞ)
පටන් ගත්තුවා නතර කරලා අයෙත් පටන් ගන්නවා. මාර විහිලු තමයි ඔය පිස්සු රටේ පාලකයෝ කරන්නේ. (බ)
ක්‍රියාත්මකව තිබුණු ඒවා නවත්වලා, ආයේ මේගොල්ලන්ගේ වගේ පටන් ගන්නවා. මාර යහපාලන සංවර්ධනය .(ම)
බැංකොක් වල කුණු ඇල එයාලගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් . ඇයි අපට බැරි මෙච්චර හොඳ ඇලවල් තියෙද්දී . ඉතාමත් හොඳ යෝජනාවක්. (බ)
මේක නම් ඉතාම හොඳයි (නි)
අතීතයේ කොළඹ සිට පුත්තලම දක්වා හැමිල්ටන් ඇළ දිගේ භාණ්ඩ ගෙනයාමට පාරු සේවයක් තිබිලා තියෙනවා. නමුත් දැන් ඒ හැමිල්ටන් ඇළ දෙපැත්තේ මිනිස්සු පැල්පත් හදාගෙන කුණු, අසුචි පවා ඒකට දානවා. සමහර තැන්වල ඇළක් දකින්නත් නැහැ (නි)
ඇළ මාර්ග දිගේ නොව ගුවනින් ගෙනයන්න කටයුතු කරන්න (නි)
ඉමේෂ්, මහින්ද මහතාගේ යුගයේදී මෙය පටන් ගත්තත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙය ක්‍රියාත්මක කළ හැකිනම් හොඳ දෙයක්. එනිසා කවුරු පටන් ගත්තාද නොවේ වැදගත්, හොඳ දේවල් ක්‍රියාත්මක කරන එකයි (නි)
හරියට කරගන්නට හැකිනම් ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් වේවි.මේ සඳහා මහාජනයාගේ සහයෝගය ඉතාම අවශ්‍ය කරුණකි.ජලය අපවිත්‍ර කිරීමෙන් පරිසරයට සහ මහජනයාට සිදුවන හානීන් සහ මෙමගින් ඔවුන්ට අත්වන වාසින් පෙන්වා දීම කළ යුතුයි.අවට පාසල්වලදිත් දරුවන් දැනුවත් කළ යුතුයි. දියුණුවේ ඉහලම අඩියක සිටින බටහිර රටවල් භාවිතාකරන ඉතාම පහසු හා කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් වන මෙය ,.හොඳ සැලසුමක් ඇතිව ක්‍රියාත්මක කලොත් සංචාරක ප්‍රවර්ධනයට කියාපු වැඩක්.(හේ)