කොළඹ ඇළ මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජලාශ්‍රිත විනෝදාස්වාද ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ඇළවල් ඔස්සේ පාවෙන වෙළඳසැල් වැනි වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම ආදී ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
මෙය ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
දිගින් කිලෝමීටර 43 ක් වන කොළඹ ඇළ මාර්ග පද්ධතිය වර්තමානයේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නඩත්තු කරනු ලබයි. වසර ගණනාවක් තිස්සේ ඵලදායි කාර්යයක් සඳහා භාවිතයට ගෙන නොමැති මෙම ඇළ මාර්ග පද්ධතිය භාණ්ඩ සහ මගීන් ප්‍රවාහන කිරීමේ කාර්යය සඳහා යොදාගැනීමෙන් රථවාහන තදබදය අවම කර ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමටත් හැකියාව ඇති බව හඳුනා ගෙන ඇති බව රජය ප්‍රකාශ කර සිටී.
නාවල සිට වැල්ලවත්ත දක්වා නිවික හමුදාව කලකට පෙර ආරම්භ කළ බෝට්ටු සේවාව මාස කීපයකට පෙර නතර කර ඇත.
ලන්දේසි හා පෘතුග්‍රීසී සමයේ කොළඹ හා තදාසන්න පෙදෙස්හි ජල මාර්ග ගමන් බිමන් හා බඩු ප්‍රවාහනය බෙහෙවින් ප්‍රචලිත වී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔරුපාරු යළි කොළොම්පුරේ
සිරි Friday, 12 February 2016 03:21 PM
මේ වැඩේ කරන්න පුළුවන් සීමිත ප්‍රදේශයක පමණයි. පාලම් යටදී පාදම බෝට්ටුව පතුලේ වදින එක ලොකු ප්‍රශ්නයක් (උදා.නාවල පාලම) අධික දුර්ගන්ධය තවත් ප්‍රශ්නයක් (උදා වැල්ලවත්ත ඇල). (කෞ)
ඉමේෂ් Friday, 12 February 2016 11:32 AM
පටන් ගත්තුවා නතර කරලා අයෙත් පටන් ගන්නවා. මාර විහිලු තමයි ඔය පිස්සු රටේ පාලකයෝ කරන්නේ. (බ)
අමා Saturday, 13 February 2016 09:13 AM
ක්‍රියාත්මකව තිබුණු ඒවා නවත්වලා, ආයේ මේගොල්ලන්ගේ වගේ පටන් ගන්නවා. මාර යහපාලන සංවර්ධනය .(ම)
උපාලි Friday, 12 February 2016 11:52 AM
බැංකොක් වල කුණු ඇල එයාලගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් . ඇයි අපට බැරි මෙච්චර හොඳ ඇලවල් තියෙද්දී . ඉතාමත් හොඳ යෝජනාවක්. (බ)
කරුණාරත්න Friday, 12 February 2016 12:23 PM
මේක නම් ඉතාම හොඳයි (නි)
ඇන්ටන් Friday, 12 February 2016 01:01 PM
අතීතයේ කොළඹ සිට පුත්තලම දක්වා හැමිල්ටන් ඇළ දිගේ භාණ්ඩ ගෙනයාමට පාරු සේවයක් තිබිලා තියෙනවා. නමුත් දැන් ඒ හැමිල්ටන් ඇළ දෙපැත්තේ මිනිස්සු පැල්පත් හදාගෙන කුණු, අසුචි පවා ඒකට දානවා. සමහර තැන්වල ඇළක් දකින්නත් නැහැ (නි)
වසන්ජය Friday, 12 February 2016 09:57 PM
ඇළ මාර්ග දිගේ නොව ගුවනින් ගෙනයන්න කටයුතු කරන්න (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Friday, 12 February 2016 11:07 PM
ඉමේෂ්, මහින්ද මහතාගේ යුගයේදී මෙය පටන් ගත්තත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙය ක්‍රියාත්මක කළ හැකිනම් හොඳ දෙයක්. එනිසා කවුරු පටන් ගත්තාද නොවේ වැදගත්, හොඳ දේවල් ක්‍රියාත්මක කරන එකයි (නි)
විජිත් Friday, 12 February 2016 10:45 AM
හරියට කරගන්නට හැකිනම් ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් වේවි.මේ සඳහා මහාජනයාගේ සහයෝගය ඉතාම අවශ්‍ය කරුණකි.ජලය අපවිත්‍ර කිරීමෙන් පරිසරයට සහ මහජනයාට සිදුවන හානීන් සහ මෙමගින් ඔවුන්ට අත්වන වාසින් පෙන්වා දීම කළ යුතුයි.අවට පාසල්වලදිත් දරුවන් දැනුවත් කළ යුතුයි. දියුණුවේ ඉහලම අඩියක සිටින බටහිර රටවල් භාවිතාකරන ඉතාම පහසු හා කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් වන මෙය ,.හොඳ සැලසුමක් ඇතිව ක්‍රියාත්මක කලොත් සංචාරක ප්‍රවර්ධනයට කියාපු වැඩක්.(හේ)