IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔරීඩූ වෙතින් තරුණ තරුණියන්ට සියයට පනහක මිල අඩු කිරීමක්

තරුණ පරම්පරාවේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක කරන ශිෂ්‍ය වට්ටම් ප්‍රවර්ධන වැඩසටහන 
කටාර් හි වෙසෙන අවුරුදු 26 ට අඩු සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් ව්‍යාප්ත කිරීමට තීරණය කළ බව ඔරීඩු සමාගම පවසයි.


ඒ අනුව සියලු 100, 150 හෝ 250 ෂහාරි ස්මාර්ට් පැකේජ සහ සියලුම මොබයිල් ඉන්ටර්නෙට් පැකේජ (අන්ලිමිටඞ් හැර)සඳහා සියයට 50 ක වට්ටමක් ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහන වලංගු කටාර් හැඳුනුම්පතක් සහිත වයස අවුරුදු 26 ට අඩු සියලු දෙනා සඳහාම විවෘත වනු ඇත.


“මෙම දීමනාවට ස්තුති වන්නට අපේ සුපර්නෙට් ජාලයේ සුපිරි වේගයට ප්‍රවේශ වීමට වැඩි දෙනෙකුට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය යොදාගනිමින් අධ්‍යාපනය ලබාගැනීමට, මූල්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට වගේම සිය සමාජ කවය පුළුල් කරගැනීමටත් ඔවුන්ට හැකියාවක් ලැබිලා තියෙනවා” යැයි ඔරීඩු සමාගමේ ප්‍රජා සහ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ෆාතිමා සුල්තාන් අල් කුවාරි පවසයි.


“වර්තමානයේදී ජංගම දුරකථනය හරහා සංනිවේදනයේ සිට සජීවී පුවත්, නිර්මාණශීලී අරමුණු සහ තවත් බොහෝ දේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රවර්ධන දීමනාවට ස්තුති වන්නට කටාර් තරුණ තරුණියන්ට තමන්ගේ නව තාක්ෂණ අවශ්‍යතාවලින් වැඩි හරියක් අත්පත් කරගැනීමට ඉඩ ලැබේවි”


“2010 වසරේ කටාර් ජනගහණ සහ නිවාස සංගණනයට” අනුව කටාර් ජනගහණයෙන් 253,000 ක් පමණ වයස අවුරුදු 15----25 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන නිසා මෙම දීමනාවෙන් ජනගහණයෙන් මිලියන භාගයකට පමන ප්‍රතිලාභ අත්වනු ඇත.


තම ගුවන් ගමන් බලපත්‍රය හෝ කටාර් හැඳුනුම්පතක් ඕනෑම ඔරීඩු මධ්‍යස්ථානයකට ඉදිරිපත් කොට ලියාපදිංචිය ලබාගැනීමෙන් ඉහත වට්ටම සඳහා සුදුසුකම් ලැබිය හැකිය. 

www.ooredoo.qa වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර ලබාගත හැකි බව ඔරීඩු සමාගම පවසයි.



අදහස් (0)

ඔරීඩූ වෙතින් තරුණ තරුණියන්ට සියයට පනහක මිල අඩු කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site