අනුරාධපුරයේ ඔයාමඩුව දැයට කිරුළේදී ගරාජ හා හරක් මඩුත් නිවාස ලෙස අනුමත කරවාගෙන ආධාර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගල්ගමුවේදී පැවසීය.
‘අපි විශේෂයෙන්ම මේ දැයට කිරුළ තුළ මූලික ඉලක්ක කීපයක් සපුරා ගන්න බලාපොරොත්තු වෙනවා. කුරුණැගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව මැතිවරණ කොට්ටාසයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ ග්‍රාම සේවා වසම් 152ම සෑම පවුලකට ඉසුරුමත් නිවහනක් හිමිකර දෙන්න බලාපොරොත්තු වෙනවා.
වැසිකිලි නැති නිවාස ගාණන, ස්ථිර නැති නිවාස ගාන අපි දන්නවා. ග්‍රාම සේවා වසමේ මුළු නිවාස ගානත් දන්නවා.
ඒ ගාන ඇරෙන්න ඊට වැඩි වෙන්න බෑ.
මොකද මම දන්නවා ගෙවල් හදද්දී අනුරාධපුරේ මා දැක්කා 24000ක් හදන්න පටන් ගත්තේ, තිස් දාහෙන් ඉවර වුණේ. අත්ට්‍රැක්ටරේ නවත්වන්නත් ගැරෙජ් එකක් ගහලා උළු ගත්තා. හරක් මඩුවටත් උළු තිබ්බා. නියම අයට හම්බුණේ නෑ සමහර තැන්වල.
ඒ නිසා ගමේ ජංගම සේවය තියෙද්දී ඒ අය ගැන හරියට අදුනගෙන නියමිත අයටම නිවාස දීම අපේ වගකීමක්.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කිය කියා මේ වගේ වැඩ සාදාරනීකරනය කරලා හරි යන්නේ නැහැ. නීතිමය පියවර අරගෙන අනිත් අයට පාඩමක් උගන්වනවා නම් තමයි හොඳ. (නි)
මොකද්ද ඒ කතාව (දී)
එතකන් මේ උතුමන්ලා පොල් ගෑවද? රජයේ මුදල් කියන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් එකතු කරපු මුදල්. රජයේ වගකීම මේවා පාලනය කරන එක. මේවා හරියට කරන්න බැරිනම් රජය වහාම අස්විය යුතු වේ.(නදී)
නියමයි!(නදී)
වැඩ කොහොම උනත් කතාව හරියට කරලා තියනවා. මුට්ටි අල්ලන අයට කාලයක් යාවි.(නදී)
අනේ අනුරාධපුරේ මිනිස්සු හරක් මඩුවට රට උළු ටිකක් තියාගත්තහම මොකද? ඔය කොළඹත් ඕනෙ තරම් හරක් ඉන්.නෙ උළු සෙවිලි කල මන්දිරවල.(නදී)
සමහර ලොකු තැන්වල අය පන්දමට රස්සාවල් සහ අනිකුත් සියලු දේ දෙද්දී , ඇයි පොඩි අයට පමණක් ඔහොම වෙන්නේ. (නි)
දෙයට කිරුල අර ලොක්කි ගහපු සල්ලි වලට මොකෝ උනේ. එයාගේ හිතවත් කෙනෙක් සල්ලි අරන් දැන් ප්‍රංසයේ ජිවත් වෙන කට කතාවක් යනවා . දෙය්යෝ දනී අපි නොදනී .(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
ඇමති තුමාට දැන් හරි මේක පෙනීම ගැන හොඳයි. එත් අර හිටපු මහා ඇමති තුමා කල දේවල් වලට කවුද වග කියන්නේ.(නදී)
අර කලින් එක්කෙනෙක් වැසිකිලි හදනවා කියලා රුපියල් කොටි ගානක් වංචා කරා. ඒකට සම්බන්ද කෙනෙක් එයින් ලබා ගත් මුදල් වලින් කොටසක් අරන් රට පැනල කියා නොයෙක් කතා තිබෙනවා . රට පැන්න මිනිහා හොර දොස්තර කෙනෙක් හෙටියට පැරිස් නුවර ආරංචි මාර්ග පවසනවා. ඇමති තුමාට අවශ්‍ය නම් විස්තර සපයන්න අපට පුළුවන්.(නදී)
නීල් රණා කියන්නේ නිකන් හරකෙකුට කියන නමක් වගේ .(නදී)
නීල් රණ කියන්නේ නිකන් හරකෙකුට කියන නමක් වගේ.(නදී)
මොකද්ද ඒ පාර වන්න යන්නේ