කඹුරුපිටියේ හර්ෂ සී යසස්ට රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.ඔහු දින කිහිපයකට පෙර මාතර උසාවියෙන් ඇප ලබා සිටියේය.
පපුවට වැදුනු වෙඩි පහරින් තුවාල ලැබූ ඔහුට ඇන් සැත්කමක් කිරීමට ශල්‍යාගාරයට ඇතුලත් කරන බව කොළඹ ජාතික රෝහල කියයි.
මෙම පුද්ගලයාට එරෙහිව මිනී මැරුම් ඇතුළු අපරාද රුසක නඩු ඇතැයි පොලිසිය කියයි.
යසස් බත් කමින් සිටියදී යතුරුපැදිකරුවන් දෙදෙනකු පැමිණි බවත් එක් අයකු කළු ජැකට්ටුවක් ඇඳ ෆුල්ෆේස් හෙල්මටයක් පැළඳ සිටි බවත් අනෙක් පුද්ගලයා සුදු ටීෂර්ටයක් ඇඳ මුහුණ ආවරණය කරගෙන සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
ගේ ඇතුළටම ආ මෙම දෙදෙනා ඔහුට වෙඩි තබා නිමේෂයකින් පළා ගිය බව පෙනේ යැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ විදියටම අලුත් වැඩේ නැගලා යනවා. මේකද වෙනස.(හේ)
අවි ගත්තෝ අවියෙන් නසිති ,මේ වෙඩි කන්නේ හොඳ අය නොවෙයි .(ම)
අවි ගත්තෝ අවි වලින්ම නසිති. (ම)
පාතාලය සීඝ්‍රයෙන් හිස ඔසවනවා. සැබෑ වෙනසක් (ම)
මේක තමයි අපි ලබපු වෙනස. (ර)
මේ ක්‍රමය වෙනස් කරන්න තමයි අලුත් ආණ්ඩුවක් ආවේ. මේ කරන්නෙත් ඒ අය කරපු එකම තමයි. මේ අයත් නැති ඒ අයත් නැති වෙනමම බලවේගයක අවශ්‍යතාව ජනතාවට හොඳින්ම දැනෙනවා. අවාසනාවට කතිරේ ගහන්න යද්දී ආයෙත් රැවටෙනවා. (ර)
අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා හිටියම හරි ඔක්කොම. අවි ගන්න බැරි වෙන්න වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. හැමදාම මරාගන්නවා. (ර)
මේවා දැන් වැඩි වෙන පාටයි. (ර)
අවි ගත්තෝ අවියෙන් නසී කෙසේ වෙතත් මෙහෙම ගියොත් අපිත් නිකම්ම මැරුම් කාවී.(හේ)
මේකේ ප්‍රති ප්‍රහාරය කොහේ වෙයිද? (බ)
යමෙක් සතුව නීත්‍යානුකුල හෝ අනවසර හෝ ගිනි අවියක් තිබෙන බව වෙනත් අය දැනගෙන සිටියත් නොදුටුවා මෙන් ඉවත බලාගෙන සිටීම තමයි ශ්‍රී ලංකාවේ සිරිත. බලධාරීන්ට රහසිගතව දැනුම්දීමට නොයෙකුත් ක්‍රම හා විධි තිබෙතත් එක්කෝ නොදැනුවත්කම නිසා හෙළි නොකිරීම නැතිනම් ඊට අනුබල දීම නිසා සෑම රජයක්ම අපේක්ෂා කරන අපරාධ වලක්වා ගැනීමේ හෝ මැඩපැවැත්වීමේ උත්සාහය අසාර්ථකවී තිබේ. (බ)
මේ පරණ අය කිරි පොවලා හදපු පැටවුන්ගේ වැඩ. පරණ අය සාක්කි නැතිකරන්න කරන දේවල්. (බ)
පාතාලයට නැවත හිස ඔසවන්න නොදෙමු. (ර)
මොනවද මේ වෙන්නේ. (ර)
දේශපාලකයෝ චන්ඩි ලන්කරගන්නේ නැතුව ඉන්නවනම් පාතාලය නිකන්ම නැතුව යනවා. මොන පැත්තෙන් ආවත් දේශපාලකයෝ තමයි චන්ඩි බිහිකරන්නෙත් චන්ඩි රකින්නෙත්. (ර)