ඇමරිකා ජනපති බරක් ඔබාමා කෙන්යාවේ වෙසෙන සිය නෑහිතවතුන් අමතා ලියූ ලියුම් දෙකක් ඔහුගේ සොහොයුරා විසින් විකිණීමට යන බව වාර්තා වේ.
මලික් ඔබාමා නම් වන ජනපති බැරක් ඔබාමාගේ සොහොයුරා වෙසෙන්නේ කෙන්යාවේය.ඔහු බරක් ඔබාමාගේ පියාගේ පළමු විවාහයෙන් ලැබුණු දරුවෙකි.
ගැරී සිමට් නම් ඇමරිකා ජාතිකයෙකුගෙන් කෙරුණු ඉල්ලීමක් මත මලික් ඔබාමා මේ ලියමන් විකිණිමට යන බව කියැවේ.එක් ලියමනකට පමණක් ඔහු විසින් ඩොලර් 15,000 (රුපියල් ලක්ෂ ) ක මුදලක් ඉල්ලා ඇත.මේ ලියුම් වල ජනපති බරක් ඔබාමා ඔහුගේ කෙන්යා ජාතික නෑහිතමිතුරන් කෙරෙහි දක්වන සැළැකිල්ල ගැන සදහන් බව පැවසේ.
ගැරී සිමට් නම් කියන්නේ වැයකළ යුතු මුදල කුමක් වුවත් තමන් මේ ලියමන් මිලදී ගන්නා බවයි.විවිධාකාරයේ භාණ්ඩ එකතු කර ගැනීම විනෝදාංශයක් කරගෙන ඇති තමාහට මේ ලියමන් දෙක ඉතා වටිනා බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙත් ලිපියක් තියනව විකුණගන්න බැරිද ? (ස)
අපේ අයගෙත් නෑත්ද දන්නෙ නෑ ඔය කොළඹ පුස්තකාලෙදි ලියපු ලියුම් එහෙම පරණ, ගෑනු ළමයිට..(ස)
මේවා ඔබාමාම ලියපුවාද නැත්නම් සී.අයි.ඒ එකෙන් ලියපුවද දන්නේ නෑ. අනික් ඒවා නම් ලියන්නේ එයාගේ ලේකම්වරුනේ.(නදී)
සහෝදරයව හරි විකුණන් කන සහෝදරවරුත් ඉන්නවා එහෙනම් ඒ සමාගමේ?(ස)
ඔහොම සහෝදරයෙක් මොකටද කියල හිතෙන්න ඇති ලංකාවේ සහෝදර සමාගම දකිද්දී.(ස)
ඇමෙරිකාවේ ජනාධිපත් සහෝදරයකුට වත් සලකන්න දන්නේ නැහැ , අපේ කට්ටිය සහෝදරයට විතරක් නෙවෙයි මුළු පරම්පරාවටම හොදින් සලකනවා , ඉස්සෙරවෙලා තමන්ගේ පවුල සහ නෑ හිත මිතුරන් ගැන බලාගන්න ඕනේ පස්සේ පුළුවන් රට ගැන බලන්න.(නදී)
මෙහෙමත් වැඩ
ඔබාමා මහත්තයෝ, අපේ රටෙන් ආදර්ශයක් අරගන්න බැලුවේ නැද්ද? (නි)
කන්ගැට්ටට ඔයා ගැන කියන්න එපා.(නදී)
මාර වැඩක්නේ ඒක (දී)
ද සිල්වා මහත්තයෝ ඇත්ත කතාව ඔබතුමාගේ. අපි හැමෝම ඔය කතාව දන්නවා. එත් නොදන්නවා වගේ බිම බලාගෙන ඉන්නවා. අපේ කෙනෙක් උනා නම් අද ඔය තනතුර පරම්පරා ගානකට මුකුත්ම නොකර සල්ලි ගණන් කර කර ඉන්න පුළුවන් විදියට හම්බු කරලා.(නදී)
සිල්වා මහාත්තයෝ කව්රු ජනාදිපති උනත් කරන්නෙ ඔය ටික තමයි ඒක තමයි නියම සහෝදර කම.(නදී)
සිතාසියකට වඩා අපිට කෝටියක් වටිනවා ඝාන්ධි අගමැතිතුමාගේ පයට පෑගුණු සෙරෙප්පු දෙක!! (නි)
හැබැයි අපේ රනිල් මහත්තයා ඔය වැඩ කරන්නේ නැහැ. හරි අවංකයි, මුදල් පස්සේ යන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන හොදට හිතනවා . (නි)
ඔය කොයි දේ කළත් ලෝක ස්වභවය වෙනස් කරන්න බැහැ. අපිට ඒකට මුණ දෙන්න වෙනවා පින්වතුනි (නි)