IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔබාමාගේ ලිපි දෙකක් විකුණයි

ඇමරිකා ජනපති බරක් ඔබාමා කෙන්යාවේ වෙසෙන සිය නෑහිතවතුන් අමතා ලියූ ලියුම් දෙකක් ඔහුගේ සොහොයුරා විසින් විකිණීමට යන බව වාර්තා වේ.

මලික් ඔබාමා නම් වන ජනපති බැරක් ඔබාමාගේ සොහොයුරා වෙසෙන්නේ කෙන්යාවේය.ඔහු බරක් ඔබාමාගේ පියාගේ පළමු විවාහයෙන් ලැබුණු දරුවෙකි.

ගැරී සිමට් නම් ඇමරිකා ජාතිකයෙකුගෙන් කෙරුණු ඉල්ලීමක් මත මලික් ඔබාමා මේ ලියමන් විකිණිමට යන බව කියැවේ.එක් ලියමනකට පමණක් ඔහු විසින් ඩොලර් 15,000 (රුපියල් ලක්ෂ ) ක මුදලක් ඉල්ලා ඇත.මේ ලියුම් වල ජනපති බරක් ඔබාමා ඔහුගේ කෙන්යා ජාතික නෑහිතමිතුරන් කෙරෙහි දක්වන සැළැකිල්ල ගැන සදහන් බව පැවසේ.

ගැරී සිමට් නම් කියන්නේ වැයකළ යුතු මුදල කුමක් වුවත් තමන් මේ ලියමන් මිලදී ගන්නා බවයි.විවිධාකාරයේ භාණ්ඩ එකතු කර ගැනීම විනෝදාංශයක් කරගෙන ඇති තමාහට මේ ලියමන් දෙක ඉතා වටිනා බව ඔහු කියයි.



අදහස් (0)

ඔබාමාගේ ලිපි දෙකක් විකුණයි

සුනිල් Friday, 31 May 2013 03:22 PM

මගෙත් ලිපියක් තියනව විකුණගන්න බැරිද ? (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 31 May 2013 03:23 PM

අපේ අයගෙත් නෑත්ද දන්නෙ නෑ ඔය කොළඹ පුස්තකාලෙදි ලියපු ලියුම් එහෙම පරණ, ගෑනු ළමයිට..(ස)

:       0       0

උපාලි Friday, 31 May 2013 03:30 PM

මේවා ඔබාමාම ලියපුවාද නැත්නම් සී.අයි.ඒ එකෙන් ලියපුවද දන්නේ නෑ. අනික් ඒවා නම් ලියන්නේ එයාගේ ලේකම්වරුනේ.(නදී)

:       0       0

වරුණ Friday, 31 May 2013 03:42 PM

සහෝදරයව හරි විකුණන් කන සහෝදරවරුත් ඉන්නවා එහෙනම් ඒ සමාගමේ?(ස)

:       0       0

නීල් Friday, 31 May 2013 04:10 PM

ඔහොම සහෝදරයෙක් මොකටද කියල හිතෙන්න ඇති ලංකාවේ සහෝදර සමාගම දකිද්දී.(ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 31 May 2013 04:21 PM

ඇමෙරිකාවේ ජනාධිපත් සහෝදරයකුට වත් සලකන්න දන්නේ නැහැ , අපේ කට්ටිය සහෝදරයට විතරක් නෙවෙයි මුළු පරම්පරාවටම හොදින් සලකනවා , ඉස්සෙරවෙලා තමන්ගේ පවුල සහ නෑ හිත මිතුරන් ගැන බලාගන්න ඕනේ පස්සේ පුළුවන් රට ගැන බලන්න.(නදී)

:       0       0

මංජුල Saturday, 01 June 2013 07:50 AM

මෙහෙමත් වැඩ

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 31 May 2013 05:26 PM

ඔබාමා මහත්තයෝ, අපේ රටෙන් ආදර්ශයක් අරගන්න බැලුවේ නැද්ද? (නි)

:       0       0

ෂෙහාන් Friday, 31 May 2013 05:31 PM

කන්ගැට්ටට ඔයා ගැන කියන්න එපා.(නදී)

:       0       0

රංග Friday, 31 May 2013 06:18 PM

මාර වැඩක්නේ ඒක (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 31 May 2013 06:57 PM

ද සිල්වා මහත්තයෝ ඇත්ත කතාව ඔබතුමාගේ. අපි හැමෝම ඔය කතාව දන්නවා. එත් නොදන්නවා වගේ බිම බලාගෙන ඉන්නවා. අපේ කෙනෙක් උනා නම් අද ඔය තනතුර පරම්පරා ගානකට මුකුත්ම නොකර සල්ලි ගණන් කර කර ඉන්න පුළුවන් විදියට හම්බු කරලා.(නදී)

:       0       0

ඇලෙක්ස් Friday, 31 May 2013 07:26 PM

සිල්වා මහාත්තයෝ කව්රු ජනාදිපති උනත් කරන්නෙ ඔය ටික තමයි ඒක තමයි නියම සහෝදර කම.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 31 May 2013 09:06 PM

සිතාසියකට වඩා අපිට කෝටියක් වටිනවා ඝාන්ධි අගමැතිතුමාගේ පයට පෑගුණු සෙරෙප්පු දෙක!! (නි)

:       0       0

සිල්වා Friday, 31 May 2013 09:28 PM

හැබැයි අපේ රනිල් මහත්තයා ඔය වැඩ කරන්නේ නැහැ. හරි අවංකයි, මුදල් පස්සේ යන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන හොදට හිතනවා . (නි)

:       0       0

සිල්වා Friday, 31 May 2013 09:36 PM

ඔය කොයි දේ කළත් ලෝක ස්වභවය වෙනස් කරන්න බැහැ. අපිට ඒකට මුණ දෙන්න වෙනවා පින්වතුනි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site