1979 වර්ෂ අවසානයේ පෑවති සංස්කෘතික උත්සවයක් අවස්ථාවෙදී ඈමරිකාවේ කළු ජාතික තරුණයකු හා ඔහුගේ මිතුරෙක් තම පෙම්වතිය සමග ගත් ඡායාරුපයකි. ඉගෙනුමට මෙන්ම දක්ෂ කථිකත්වයකින් හෙබි එවකට 17 වැනි වියෙහි විසු කළු ජාතික තරුණයා අසල සිටිනුයේ මේගන් හුග්ස් නමැති ඔහුගේ පෙම්වතියයි. කාලය ගෙවිගොස්ය. එවකට 17වැනි වියෙහි පසුවු තරුණයා අද ලෝකයට ගණන්කාරයා වන ඈමරිකාවේ ජනාධිපති බරක් ඔබාමාය. සුදු ජාතික පෙම්වතිය අද ඔහු අසල නෑත. මිශේල් ඔබාමා ඈගෙ තෑන ගෙන ඔබාමාගේ බිරිද වී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙවින් අපේ රටේ එහෙම වුනා නම් උනාම තමයි. අපේ පෞඩ ඉතිහාසය අමතක කරන්න එපා. ඔයාට ප්‍රතිචාර දාන්න රටක් ඉතිරිවෙන්නේ නැහැ.(නදී)
කෙවින් , ඔයාගේ අදහස් බැලුවහම දුකක් හිතෙනවා, ඔබාමා එක්ක සසදන්න ඕන අපේ රටේ අයව නෙමේ , ඇමෙරිකන් අයව, කෙන්යාවේ ඉපදුන කෙනෙකු ඇමෙරිකාවේ ජනාදිපති වෙනකොට , ඇමෙරිකාව හිටපු ඉපදුනු මිනිසුන්ට අයි බැරි උනේ කියලා. අනිත් එක ලංකාව වගේ රටක ජනාදිපති කම කරන එක ගොඩාක් අමාරු දෙයක් ඇමෙරිකාවේ ජනාදිපති කමට වඩා.(නදී)
මගේ ඇහේ ලෙඩක්ද කොහෙද? මට පේන්නේ නැහැ වගේ.(නදී)
මුස්ලිම්වරුන්, මුස්ලිම් යටත් දෙමල මන්ත්‍රීවරුන් ඒ පැත්තට කතාකරන්නේ අපේ අය එක පැත්තකටවත් කතා කරන්නේ නැති නිසා (නි)
අපි දැනන් හිටියේ නැහැනේ
ලෝක බලවතාගේ ප්‍රේමය
නිහතමානි නායකයෙක් ඔබ
කෙවින්ගේ අදහසට මම එකඟයි. (නි)
අප්පුහාමිත් එතන ඉඳල තියෙනවා වගේ. ඒකනේ ඔය තරම් විස්තර දන්නේ. (නි)
කෙවින්ගේ කතාව හරි. නොතේරිච්ච මිනිස්සු තමයි දුක හිතෙනවා කියලා තියෙන්නේ. කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද කියන එකයි අපි හිතන්න ඕනා. කෙන්යාවේ ඉපදුනත් කළු ජාතිකයෙක් උනත් රටේ ජනාදිපති වෙන්න බාදාවක් නැහැ. එත් අපේ නුතන විදිය වෙනස්. ව්‍යවස්ථාවේ තියෙනවා පිටු ගණන් ලියලා, එත් ඕකට එන්න හරි සාදාරන මිනිහෙකුට බැහැ. ජාතිය කුල මල සේරම බලපානවා. අපේ අයට,ඇවිත් කරන වැඩ දැක්කම අහසයි පොලවයි වගේ. මේක මිශේල්ගේ වාසනාව.(නදී)
ලංකාවේ ඉපදුන එක ගැන ගොඩක් දුක හිතෙනවා. අපි ලංකාවට ආදරේ නැතුව නෙවෙයි. මේ විදියට හිතෙන්නේ ලංකාවට ආදරේ වැඩි නිසයි. ඉගන ගත්තු උගත් මිනිස්සු ගොඩදෙනෙක් ලංකාවෙන් යනවා. (නි)
අරුණ, සුප්‍රා, ගොඩක් සතුටු හිතුනා ඔබලාගේ ප්‍රතිචාර දැකලා. ටිකක් හිතන්න, මමත් මගේ රටට ආදරෙයි. නමුත් ඔබලා හිතන ආකාරය හරිම පටුයි. රටකට නියම නිදහස කියන්නේ සියලු දෙනාට සමාන අයිතිය තියෙන්න ඕනේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ආගම අනුව,ජාතිය අනුව බෙදුන කිසිම රටක් ලෝකේ දියුණු වෙලා නැහැ. යුද්දේ කාලේ හමුදාවේ හිටියේ සිංහල අය පමණක් නොවේ. මුස්ලිම්, දෙමල, බර්ගර් අයත් හිටියා. හැමෝම සටන් කලේ අපේ රට කියන හැගීමෙන්. ලංකාවේ පාලකයා මොන කෙනාද කියන එඅක නොවෙයි හිතන්ඩ ඕනේ. හොරකන් කරන්නේ නැති, දුඋෂණය නැති කෙනෙක් අවංක කොමිස් ගහන්නේ නැති කෙනෙක් පත් කර ගන්න ජනතාව දැන ගන්න ඕනේ. අපේ අවාසනාව මෙම දෙය අපේ රටේ වෙන්නේ නැහැ.(නදී)
අපේ ජනාධිපති තුමාගේ එකකුත් දාන්නකෝ බලන්න.(නදී)
පිස්සුද සර්. පින්තුරය සිහිවටනයක් විතරයි. ඒවා අහෝසියි දැන් (නි)
ඔබම ඔබාමා විය . මමම මම විය. කලක් ගත විය. සොදුරු මතකයන් තවමත් ඇසේ විය.(නදී)
සුපුන්, අපේ කට්ටියගේ පරණ ඒවාද නැත්නම් අලුත් ඒවාද?(නදී)
ඇමෙරිකානු සංස්කෘතිය අනුව පාසල් කාලය හමාර වූ පසු පවත්වනු ලබන උත්සවයට ගිය අවස්ථාවක්. (නි)
ඒකට කියන්නේ ලෝකේ කොහෙන් ගියත් සුදුස්සාට තැන දීමේ ගුණය. අපේ වගේ ගමේ කෙනා.. අපේ කෙනා.... පවුලේ කෙනා කියල ඕනෑම නුසුදුස්සෙක් පත් නොකිරීමේ ගුණය. කතෝලික වුණත්,මුස්ලිම් වුණත්, බෞද්ධ වුණත් යුදෙවුවෙක් වුණත් දක්ෂයෙක් නම් පමණක් තැන දීමේ ක්‍රමය. (නි)
අපේ කට්ටියගේ ඒවා දැම්මොත් පොටෝ 100ක් 150ක් දමලා තමයි පස්ස බලන්න වෙන්නෙ! (නි)
මේක සංස්කෘතික උත්සවයක් නෙවෙයි. පාසල් කාලය හමාරවූ පසුව පවත්වන ප්‍රොම් - නැත්නම් ප්රෝමනෙඩ් නමැති සුහද හමුව. මෙහි සිටින්නේ ඔබාමාගේ පෙම්වතිය නෙවෙයි . ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එක පෙම්වතිය කියා පරිවර්තනය වුවත් මෙතන ඉන්නේ මිතුරියක්.(නදී)
නිලුපුලි, ඔබ වැරදියි. ශ්‍රී ලංකා හමුදාවේ මුස්ලිම් නිලදාරීන් හා සොල්දාදුවන් හිටියා. ඔබගේ නොදැනුවත් අදහස් නිසා අසාදාරනයක් වන්නේ එම සොල්දාදුවන්ට සහ දිවිපිදු විරුවන්ටයි .මුලතිවු බේස් එක කොටි අල්ල ගන්නකොට රතීෆ් ලෆීර් සර් (යුධ හමුදා විශේෂ කාර්ය බලකාය )ඇතුළු සොල්දාදුවන් එය අපේ අතට ගන්න මෙහෙයුමක් කරලා ජීවිතය පුජා කළා. ඔය මම කිවුවේ 1 ක් පමණි. කරුණාකරලා ජනතාව නොමග යවන අදහස් පල කරන්න එපා. (නි)
අපේ කට්ටියගෙ ඒවා දෑම්මොත් දරු පැටවුනුත් එක්ක තමා දාන්න වෙන්නෙ.(නදී)
සතුටින්ද ඔබ පෙරටත් වඩා, මගේ ඉපැරණි පෙම්වතියේ? (නි)
මතකයන් ඔබේ සිතේ තබාගෙන. දුක්විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා. අදටත් මම ඔබගේ පළමු පෙම්වතා //(නදී)
ඔබාමා කියන්නේ අපේ කට්ටිය එක්ක බලද්දී රියල් මිනිහෙක්. මේක දැකල මම බටහිර අදිරාජ්යට යටවෙලා කියල අපේ ගූගල් ඇමති තුමා කියයි. අපේ මිනිස්සුන්ට මේ වගේ චරිත ලගටවත් කිට්ටු වෙන්න කොහෙත්ම අමාරු තමයි. කෙන්යාවේ ඉපදුන තාත්ත කෙනෙකුගේ පුතෙක් නේද මේ ඉන්නේ. අද ඇමෙරිකාවේ ජනාදිපති. අපේ රටේ නම් කොහොම තියෙයිද? (නදී)
හදුනාගත්තොත් ඔබ මා... (නි)
කෙවින් ලංකාවේ හමුදාවේ මුස්ලිම් හිටියේ නැහැ. සිංහල,දෙමල මලේ සහ අර්ගර් තමයි හිටියේ (නි)
මට ලැජ්ජයි
අතීතය සිහිනයක් පමණි (ත)
අපේ අය කොහොමටත් ඔපා දූප හොයන්න කැමතිනේ. මෙහෙ අයගේ පරණ කතා හෙව්වොත් මළවුන්ටත් සාක්කි දෙන්න වේවි.(නදී)
පින්තුර දාපු එක නම් වටිනවා
අපේ අයගේ ඒවාත් දාන්නකෝ (නි)
අපේ අයගේ ඒවා දැම්මොත් පොටෝ 100ක් 150ක් දාන්න වෙයි. (ස)
මුස්ලිම් ජනතාවගේ අන්තවාදී බව බොහෝවිට දැකිය හැක.මම මෙය පවසන්නේ දිගු කාලීන අත්දැකීමෙනි. නමුත් ඉන්දියාවේ හා ලංකාවේ වැඩෙන මිනිසුන් තුල තත්වය තරමක් වෙනස්ය. මක් නිසාද යත් ඒ රටවල ඇති උප සංස්කෘතීන්ය.කෙසේ නමුත් කදිරගාමර් වැනි මහතුන්ගේ ජාතික නායකත්වයට අගනේය.. (නි)
පෙර දිනයක මා පෙම් කල යුවතිය .... (ස)
හදුනාගත්තොත් ඔබ මා... (ස)
අදටත් මම දුක්විදිනා පළමු පෙම්වතා. (ස)
ඇමෙරිකාවේ ඉපදුන ඕනේ කෙනෙකුට අයිතිය තිබෙනවා ජනාදිපතිවරණයකට ඉදිරිපත් වීමට. කළුද සුදුද බලපාන්නේ නැහැ. නමුත් ඡන්ද ගැනිමේදී බලපානවා ආගම. මුස්ලිම් අයව බහුතරය හෙලා දකින නිසා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා (නි)
ලංවී මට දැන් කියන්න ආදරේදෝ... (ස)
කොහොමෙයි කොලුවගේ හිනාව. (ස)
මිෂෙල් ඇන්ටිට ඉරිසියා ඇතිනේ. (ස)
ඔබාමා හොද පාලකයෙක් (දී)
ඔබම ඉපදුනේ හවායි වල. කෙන්යාවේ නෙවෙයි. අපේ රටේ දෙමල මිනිහෙක්ට ජනාධිපති කම කෙසේ වෙතත් අගමැති වෙන්නවත් පුලුවන්ද.(නදී)
හැමෝටම වගේ පරණ පෙම්වතියො,පෙම්වත්තු ඉන්නවනේ. (නි)
කා එක්කද කොල්ලෝ බස් හෝල්ට් ගානේ අත අල්ලන් හිටියේ. (ස)
ලස්සනයි... ඔබාමා අද වගේමයි කොන්දේ තමයි පොඩ්ඩක් වැඩි
මම කැමතිම විදේශ නායකයා ඔබ
අනේ මට මුකුත් මතක නැහැනේ (නි)
කෙවින් ඔබාමාගේ තාත්තා කෙන්යාවේ ඉපදුනාට ඔහු මුස්ලිම් උනාට ඔබාමා නියෝජනය කරන්නේ ඇමෙරිකානු බටහිර සංස්කෘතිය. ඒකයි එයාට ඇමෙරිකාවේ ජනාදිපති වෙන්න පුළුවන් උනේ. අපේ සුළු ජාතින් බොහෝවිට නියෝජනය කරන්න හදන්නේ ගෝත්‍රික අදහස්. එහෙම නොවන අයද ඕනා තරම් ලංකාවේද ඇත. බලන්න මුස්ලිම් මන්ත්‍රී කතා කරන්නේ මුස්ලිම් ජනතාව ගැන විතරයි. එයාලගේ උවමනාවල් විතරයි. දෙමල මන්ත්‍රී කතා කරන්නේ එයාලගේ උවමනා විතරයි දෙමල ජනතාව ගැන විතරයි. එත් බොහෝවිට සිංහල මන්ත්‍රීන් මුළු ජනතාව ගැනම කතාකරනවා (බහුතරයක් ). එකයි ඇත්ත. අපි එකම රටක ශ්‍රී ලාංකිකයන් විදියට අපේ පොදු අවශ්‍යතා ගැන කතා කලොත් ඔහු මොන ජාතියට අයත් උවත්, මොන ගෝත්‍රයට අයත් උවත්. මොන ආගමක් ඇදහුවත් මේ අපේ ලංකාවේ ඔහුට නිසි තැන ලැබෙනවා. අපිට දෙමල, මුස්ලිම් හෝ සිංහල ජාතිවාදය එපා.(නදී)
මේ රටේ බත් කකා පිටරටට කඩේ යන කට්ටිය පඳුරක් ගනනේ ඉන්නවනේ.(නදී)
අදටත් මම දුක්විදිනා පළමු පෙම්වතා.(නදී)
කෙවින් මන්දගාමී කෙනෙක්ද? ශ්‍රී ලාංකිකයෙක්ද? තමන් ඉපදිච්ච රට හෑල්ලුවට ලක් කරන්න එපා හලෝ. රට ජාතිය ගැනවත් පොඩ්ඩක් සිතන්න මොලේ පෑදේවා. (නි)
ඔබාමා වගේ නායකයෙක් අපේ රටෙත් බිහිවේවා! හරිම සිම්පල් නේද අපේ අය කතා හදන්න හරිම දක්ෂයි.(නදී)