IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඔබ හිතනවද තරුණියක් සඳහා නිරූපණ ක්ෂේත්‍රය උචිතයි කියලා?

2016-06-10-ent-86

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන බියුමාලි ප්‍රසංසාගේ සිහිනය වන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයෙකු වීමටයි. ඇය ඒ පිළිබඳ "සාරවිට" අපට පැවැසුවේ මෙවැන්නකි.

 

2016-06-10-ent-88ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ නම බියුමාලි ප්‍රසංසා. ඉන්නෙ කැලණියේයි.

 

ඔබ වෘත්තීයක් වශයෙන් කුමක්ද කරන්නේ?

දැනට මම රැකියාවක් කරන්නේ නැහැ. නිරූපණ වැඩකටයුතු තමයි කරගෙන ඉන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයට එකතුවුණේ කොයිකාලේ වගේද?

මම හරියටම නිරූපණ ක්ෂේත්‍රයට එකතුවුණේ 2014 වර්ෂයේදියි.

 

ඒ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

මට අවස්ථාව ලැබුණේ මම මොඩලින් ක්ලාස් එකක් සඳහා සහභාගී වුණා. එතැනින් තමයි මට නිරූපණ සඳහා අවස්ථාව ලැබුණේ.

 

එතැනින් පසුව ලැබුණු අවස්ථා පිළිබඳව කිව්වොත්?

දැනට මම මියුසික් වීඩියෝ දෙකක විතර කරලා තියෙනවා. ඊට අමතරව ෆැෂන් පැත්තෙන් තමයි පොටෝ ෂූට් සඳහා දායක වෙලා තියෙන්නේ.

 

නිරූපණය පැත්තෙන් යම්කිසි තරගයක් සඳහා දායක වීමට අවස්ථාව ලැබුණේ නැද්ද?

දැනටනම් නැහැ. ඉස්සරහට දායක වීමට හිතාගෙන ඉන්නවා.

 

රංගනය සඳහා අවස්ථාවක් ලැබුණොත් බාරගන්නවාද?

මම ඇත්තටම කිව්වොත් රඟපාන්න නම් කැමති නැහැ. මම මියුසික් වීඩියෝ සඳහා තමයි කැමැත්ත තියෙන්නේ. රංගනය පැත්ත ගැන නම් තාම හිතලා නැහැ.

 

නිරූපණය කියන්නේ පොඩි කාලේ ඉඳන් තිබ්බ සිහිනයද?

පොඩි කාලේ ඉඳන්ම නෙමෙයි. මට තේරෙන කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බා නිරූපිකාවක් වෙන්න.

 

වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව මත ගොඩනැගෙනවානේ, ඒ පිළිබඳව ඔයා දකින්නේ කොහොමද?

ඒ දේවල් වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අයගේ වැඩ අනුව සහ කටකතා අනුව තමයි.

 

ඔබ හිතනවද තරුණියක් සඳහා නිරූපණ ක්ෂේත්‍රයට උචිතයි කියලා?

හරියට කරනවානම් සහ හොඳට කරනවා නම් කරගෙන ඉන්න පුළුවන්. මේ දේ තරුණියන්ට ගැළපෙනවා. මේකත් එක වෘත්තියක් නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයට අදකාලේ හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා ඔබ හිතනවාද?

නිරූපණ ක්ෂේත්‍රයට එක පැත්තකින් නෙමේ හැම පැත්තකින්ම හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද මොඩලින් ෂෝ සහ රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සඳහා අනිවාර්යයෙන්ම නිරූපණ ශිල්පිනියක හෝ ශිල්පියෙක් ඕන වෙනවනේ.

 

එහි ගෙවීම් කටයුතු සාධාරණව ඉෂ්ට වෙනවාද?

ගොඩක් තැන්වල සාධාරණයක් තියෙනවා. සමහර තැන්වල අසාධාරණකමුත් වෙනවා.

 

උදව් කරපු අය ගැන කිව්වොත්?

ගොඩක් මට උදව් කළේ මගේ යහළුවෝම තමයි. ගොඩක්ම තනියම තමයි මම මේ දේවල් කරගන්නේ.

 

ගෙදරින් සහයෝගයක් ලැබෙන්නේ නැද්ද?

සහයෝගය ලැබෙනවා. ගෙදරින් ඉඩ දෙනවානේ මේ දේවල් කරන්න.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-10-ent-87
2016-06-10-ent-85
2016-06-10-ent-84
2016-06-10-ent-83

 



අදහස් (0)

ඔබ හිතනවද තරුණියක් සඳහා නිරූපණ ක්ෂේත්‍රය උචිතයි කියලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 555 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site