කාංචනා මෙන්ඩිස් කියන්නෙ නිළිකම හිතට අරගෙන ඉන්න නිළියක්
”කොහෙත්ම නෑ... මම නිළිකම ඔලූවට ගත්තෙ දර්ශන තලයෙදි විතරයි. අනිත් හැම වෙලාවකම මමත් සාමාන්‍ය කෙනෙක්... ඒක මගෙ යාළුවො දන්නවා... මම ගැන දන්න අය දන්නවා... ඇයි මම නිළිකම ඔලූවට ගන්නෙ... මට එහෙම උවමනාවක් නෑ. කාංචනා මෙන්ඩිස් කියන්නෙ හැමදාමත් මේ මහපොළවෙ පය ගහලා ඉන්න නිළියක් විතරයි...”
ධර්මසේන පතිරාජගෙ නිර්මාණයකින් කලාවට සම්බන්ධ වුණා කියන එක ඔලූවෙ තියාගෙනයි ඔබ තාමත් ඉන්නෙ...
”මට ඒ විදිහෙ චෝදනාවක් කරනව නම් මම ඒක ප‍්‍රතික්ෂේප කරන්නෙත් නෑ. නිළියක් වෙන්න හීනෙකින්වත් නොහිතපු මොහොතකයි ධර්මසේන පතිරාජ මහත්තයා මට රඟපාන්න අවස්ථාවක් දුන්නෙ... අද මම ඉන්නෙ එදා ඒ පටන්ගත්තු ගමනෙයි. මගේ ඒ ආරම්භයෙ ලොකු වටිනාකමක්... වාසනාවක් තියෙනවා කියලා මට හිතෙනවා...”
කාංචනා සම්මාන වලට පෙරේත නිළියක්...
නෑ.. සම්මාන වලට මගේ පෙරේත කමක් නම් නෑ.. ඒත් මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එක රඟපෑමකින් තවත් රඟපෑමකට පියවරකින් හෝ ඉදිරියට යන්නයි... ඒ තුළින් සම්මානයකට හිමිකම් කියන්න ලැබෙනව නම් ඒක හිතට සතුටක් වගේම මේ ගමනට ධෛර්යක් වෙනවා. රංගනයේ යෙදෙන කවුරුත් සම්මානනීයත්වයට පත්වෙන්න කැමතියි. අන්න ඒ කැමැත්ත තමයි මටත් තියෙන්නෙ. ඒත් ඒක පෙරේතකමක් කියලා කියනවට නම් මම කැමති නෑ”
x පසුගියදා පැවති සුමති සම්මාන උළෙළෙදිත්
කොහොමහරි හොඳම නිළිය සම්මානය ඩැහැගත්තා...
”හොඳම නිළිය සම්මානය ‘ඩැහැගත්තා’ කියන වචනයට නම් මම කැමති නෑ. එහෙම වුණොත් හිතෙන්නෙ ඒක මම බලපෑම් කරලා ලබා ගත්තා වගේ හැඟීමක්. ඒ හොඳම නිළිය සම්මානය මට ලැබුනෙ විනිශ්චය මංඩලයක තීරණයකින්. ඒ නිසා ඒක වටිනාකමක් තියෙන සම්මානයක්. ඒ වගේම කියන්න ඕනෙ සුමති සම්මාන උළෙලෙදි ඒ හොඳම නිළිය සම්මානය මට ලැබුනෙ ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙනුයි. ඒ ටෙලි නාට්‍ය වෙනුවෙන්ම මීට කලින් පැවති ‘රයිගම්’ සම්මාන උළෙලෙදිත් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ නිසා මේ චෝදනාව සාධාරණ එකක් නෙමෙයි.
හොඳ චරිතයක් තිබුණොත් කොහොමහරි ඒ චරිතය බිලී බා ගන්නවා...
”මම රඟපාන්න ආපු දවසෙ ඉඳලා මේ වෙනකම් කවදාවත්ම චරිත ඉල්ලගෙන අධ්‍යක්‍ෂකවරු පස්සෙ ගිහින් නෑ. හැබැයි මට ලැබෙන්න තිබුන චරිත නම් මට නොලැබී ගිය අවස්ථා තියෙනවා. මට ආරාධනා ලැබෙන චරිත රඟපානවා ඇරෙන්න වෙනත් ක‍්‍රම වලින් මම චරිත ලබාගෙන නෑ. එහෙම පුරුදු මට නෑ”
මේ දවස්වල විකාශය වන ‘ගිරිකුළ’ ටෙලිනාට්‍යයේ රඟපාන මුතුමැණිකගෙ චරිතයත් ඒ විදිහට ලබාගත්තු චරිතයක්...
”කොහෙත්ම නෑ... ‘අඹු දරුවො’ ටෙලි නාට්‍යයෙ රඟපෑවට පස්සෙ මම සුදත් රෝහනගෙ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නෙ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයෙනුයි. ඊට කලින් සුදත් මට ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයේ චරිතයකට කතා කළා. ඒත් ඒ වෙද්දි මට පුතා ලැබෙන්න හිටපු නිසා ඒ චරිතය භාරගන්න බැරිවුණා. සුදත් රෝහණ කියන්නෙ තමන්ට අවශ්‍යම කෙනා චරිතයට සම්බන්ධ කරගන්න අධ්‍යක්‍ෂකවරයෙක් මිසක් හිතවත්කකම් වලට චරිත ලබා දෙන අධ්‍යක්‍ෂවරයෙක් නෙවෙයි කියන එක ෙක්‍ෂත‍්‍රයෙ ඕනම කෙනෙක් දන්න දෙයක්”
‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයෙ ඔබ රඟපාන චරිතය නිසා ඒ වෙනුවෙනුත් හොඳම නිළිය සම්මානය අතේ කියලා දැන් ඉඳලම හිතාගෙනයි ඉන්නෙ...
”නෑ... ඒත් ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයෙ මම රඟපාන මුතුමැණිකෙගෙ චරිතය මම මෙතෙක් නොකල අන්දමේ ප‍්‍රබල චරිතයක්. මම හිතනවා ඒ වෙනුවෙන් මට උපරිමය කරන්න පුලූවන් වුණා කියලා. අපි රඟපාන චරිතයක් වෙනුවෙන් සම්මානයක් ලැබෙයි කියලා අපි හිතුවට ඒක තීරණය වෙන්නෙ ඒ ඒ විනිශ්චය මංඩල වල තීරණයන්ට අනුවයි... මට සම්මාන ලැබෙයිම කියලා බොහෝ දෙනා හිතපු අවස්ථාවල මට සම්මාන නොලැබුණ අවස්ථා තියෙනවා. ඒ එක උදාහරණයක් තමයි මම රඟපාපු ‘ඉසුරුයෝගය’ ටෙලි නාට්‍යයෙ චරිතය. තවත් අවස්ථාවක මම රඟපාපු ටෙලි නාට්‍ය වැඩි ගණනක් විකාශය වුණ අවුරුද්දක ජනප‍්‍රියම නිළිය වුණේ මම නෙවෙයි...”
විවාහ වෙද්දි නම් කිව්වෙ ආයෙමත් රඟපාන්නෙ නෑ කියලයි. ඒත් දැන් ආයෙමත් රඟපාන්න ඇවිත්.
”නෑ.. ටිකක් වැරදි චෝදනාවක් නෙ.. මම කවදාවත්ම කිව්වෙ නෑ විවාහයෙන් පස්සෙ රඟපෑමෙන් සමුගන්නවා කියලා. රඟපෑම සීමාකරන්න වෙයි කියලායි මම කිව්වෙ. විවාහයෙන් පස්සෙ දැනට මම රඟපාල තියෙන්නෙ ටෙලිනාට්‍ය තුනක පමණයි.
හොඳ සැමියෙක් ඉන්නවනම්... බබාල දෙන්නෙකුත් ඉන්නව නම් ඇයි පැත්තකට වෙලා ඉන්නෙ නැත්තෙ...
”මම රඟපාන්න ආසයි. ඒ වෙනුවෙන් ලොකු කැමැත්තක් තියෙනවා. මේ වෙද්දි මම රඟපාන්නෙ මුදල මතම හිතන් නෙවෙයි. ඒ රඟපෑම තුළින් මට ලැබෙන තෘප්තිය ගැන හිතලයි. විවාහවෙන්න කලින් නම් මට ලැබෙන හැම චරිතයක්ම රඟපෑවා. ඒත් දැන් මම රඟපාන්නෙ තෝරා බේරාගෙන. මගෙ පවුල් ජීවිතයෙ කටයුතුවලට බාධාවක් නොවෙන විදිහටයි.
ක්ෂේත්‍රයේ කා එක්කත් ‘අතේ දුරින්’ කියන ලේබලය ගහගෙන ෂේප් එකේ ඉන්නයි හදන්නෙ...
”නෑ... මම එහෙම නෑ. මට මේ ෙක්‍ෂත‍්‍රයේ යෙහෙළියො කීප දෙනෙක් විතරයි ඉන්නෙ. එයාලත් එක්ක මම ළඟින්ම ආශ‍්‍රය කරනවා. ඒ ඇරෙන්න හැමෝම ෂේප් එකේ තියාගත්ත අතේ දුරින් කාවවත් ආශ‍්‍රය කරන්නෙ නෑ. ඒ වගේම තමයි කාත් එක්කවත් මගේ අමනාපකමකුත් නෑ. ඕනම කෙනෙක් එක්ක ‘හලෝ’ කියලා කතාකරලා ඉන්න මට පුළුවන්”
කාංචනා කියන්නෙ හැමදාමත් අම්මගෙ පදේට නටන නිළියක්...
”අම්මලා දරුවන්ට ආදරෙයි. අම්මලට දුරපෙනෙනවා. අද මම මෙතන ඉන්නෙ මගේ අම්මා නිසයි... ඔව් මම අම්මාගේ පදේට නටන නිළියක් තමයි. ඒ චෝදනාව මම පිළිගන්නවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ත්‍රියකගේ ප්‍රශ්න අහනකොට ඇයට හිමි ගෞරවය ලබාදීම අපගේ යුතුකමකි. හැමෝම එකම මිම්මෙන් මනින එක වැරදිය. මෙම ප්‍රශ්න අපටද ප්‍රශ්නයකි. කරුණාකර ළඳකට ගරුකරන්න පුරුදුවන්න. මේ ඔබගේ අම්මා, හෝ සහෝදරියක් ලෙස දකින්න පුරුදුවන්න.(ස)
සාරියට ඔයා ගොඩක් ලස්සනට ඉන්නවා .මහත් වෙලා වගේ ටිකක් සුබ පැතුම් .(නදී
සති පූජා - කාංචනා ඔබ කලේ අති විශිෂ්ට රඟපෑමකි. ඔබ රඟපෑව චරිතෙ ( සැබෑ ජීවිතයෙ රඟපානලද) කෙනෙකුට වඩා හොඳින් රඟපෑවා. (ස)
පොළොවේ පය ගහලා ඉන්නේ නැතුව පාවෙවී ඉන්නද ? (නි)
ඔබ දක්ෂයි. මම ඔබට සුභ පතනවා (නි)
සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට (නි)
ඔබ අපට ආඩම්බරයක් (අ)
ඔබ ඉතාමත් දක්ෂ නිලියක් වගේම මගේ කැමතිම නිළියන්ගෙන් එක කෙනෙක්.ඔබට සුබ පතනවා. (අ)
කාන්චනා හරිම දක්ෂයි. මේ වසන්ත කාලයයි එයාගේ ඉහල රගපෑමක්.මේ ප්‍රශ්න අහලා තියෙන්නේ නම් දරුණු සහ අමානුෂික විදිහට බවයි මට පේන්නෙ. උවමනාවට වඩා හිත රිදවීම වැරදියි නේද? (අ)
ඇත්තටම ඔබ ඉතාමත් දක්ෂ නිලියක්. ඔබ ඔබට ලැබෙන චරිතය ඉතාමත් දක්ෂ ලෙස කරනවා. ඔබට සම්මාන ලැබෙන්න ඕනෑ. ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා! (නි)
මම ආසම නිලියක් සක්මන් මලුව, රාජ්‍ය සේවය පිණිස, ඉසුරු යෝගය, අමතක නොවන චරිත. ස්වයංජාත එකේ දකින්න නොලැබීම දුකයි. ඔබට සුබ පැතුම්..(නදී)
සම්මානවලට පෙරේත වෙන එක හොදයි. එතකොට සම්මානේ බලාගෙන රගපෑම උපරිමයෙන් කරනවා. ඒකෙන් වෙන්නේ තාත්වික රගපෑමක් එළියට එන එකනේ (නි)
කාංචනා මම ඔබට සුබ පතනවා. (ස)
හිතට ගන්නේ නැතිව කිසිවක් සාර්ථකව කරන්න බැ. නිළිකම විතරක් නොවෙයි ජීවිතයත් හිතට ගන්න.' 'මේ වසන්ත කාලයයි'' ඔබගේ හොඳම රග පෑමයි.(නදී)
ඔබ ගැන ආඩම්බරයි. අපේ රටට අවශ්‍ය මෙන්න මේ වගේ නිළියෝ. අපිට අතීතයේ හිටියා හොඳ ආදර්ශමත් නිළියන්. පුණ්‍යා හීන්දෙනිය, අනුලා කරුණාතිලක වගේ. මේ කාලේ එහෙම අය නැති එක ගැන දුකක් තිබුනා. නමුත් ඔබ නිසා ඒ ගැන යලි බලාපොරොත්තු තියන්න පුළුවන්. මොකද අපේ නව පරපුරටත් ඒ වගේ ආදර්ශමත් චරිත අවශ්‍ය බැවිනි. මම ඔබට මුළු හදින්ම සුබ පතමි! (නි)
ප්‍රශ්න අහලා තියෙන විදිය අවලස්සනයි. ඇයට හිමි විය යුතු දේ තමයි හිමි වී ඇත්තේ. ඇය දක්ෂ නිළියක්. (ස)
මුතු මැනිකා වගේ ඇවිත් සම්මානය ගත්තනම් කොච්චර ලස්සනද (නදී)
ඔබ හොද නිලියක් වගේම ඔබ හැකියාවෙන් ඉතා ඉහලයි මම ඔබට සුබ පතනවා ඔබගේ අනාගතයට (දිල්)
කාංචන මෙන්ඩිස් කියන්නේ මන් ආසම කරන නිලියක්.මන් එයා ගේ ලස්සන ට තමා ගොඩක් ම කැමති. පුදුම ලස්සනක් තියෙන කෙනෙක්. මාත් ගැහැණු කෙනෙක්.එත් මන් කාටවත් ඉරිසියා කරන නැහැ.හැබයි ටිකක් දැන් මහත් වෙලා වගේ.ලස්සන ගැහැනුන් ඉන්නවා ඕන තරම්.එත්,කාංචන මෙන්ඩිස් ගේ තියෙන්නේ,මහා පුදුම ස්වභාවික ලස්සනක්.එයා ට සුභ පතනවා. (ස)
මම හිතන්නේ මෙයාට වඩා චන්දිට හරි ඉන්දුට හරි නිලුට හරි මේ සම්මානය ලැබුනා නම් වටිනවා එයාලා ගොඩක් දක්ෂයි.(නදී)
අපි ගොඩක් කැමති ඔයාට. ඔයාගේ නාට්‍ය අපි බලනවා. ලංකාවේ සිංහල නාට්‍ය බලන්න ගොඩක් කැමති. හරිම ලස්සනට ඔයාගේ හැකියාවන් දකිනවා. මම ඔයාට සුබ පතනවා. (ස)
අම්මෝ..!! මාර ප්‍රශ්න කිරිල්ලක්නේ..,කව්ද දන්නේ නැහැ මේ විදියේ ප්‍රශ්න අහන්න කිවේ .., හරිම කැත විදියට නේ අහන්නේ.!!!!!කාංචනා..!!! මං ගොඩක් කැමති ලියන්නයි කියවන්නයි... චිත්‍රපටි ., ටෙලිනාට්‍ය වලට බැදීගෙන නෑ., ඉද හිට බලනවා , නමුත් ඔබේ රගපෑම් වලට හරිම කැමතියි.., මිනිස්සුන්ට මඩ ගහන්නම උපන් ජාතියක් ලෙසින් අපේ රට ඉදිරියෙන්ම ඉන්නවා..!!ඔබට මගේද සුබ පැතුම් එක්කරනවා.., (අ)
ඔබ මීට පෙරත් හොඳම නිලිය විය යුතුයි. උදාහරණ: සතිපූජා වැනි ටෙලි නාට්‍ය. ඔබට මෙම සම්මානය අනිවාර්යයෙන් හිමියි. ඔබට සුභ පතනවා ඉදිරි කටයුතු වලට. (ස)
මම හරිම ආස නිළියක් (අ)
ප්‍රස්න සියල්ලම අසුභ පැත්ත පමණක් නේද දකින්නේ? (නදී)
“මේ වසන්ත කාලයයි“ දැන් තියන බොලඳ නාට්‍ය වලට ලං කරන්නවත් බැරි ගොඩක් හොඳ නාට්‍යක්.කාංචනාට වගේම අධ්‍යක්ෂක මණ්ඩලයටද සුබ පතනවා. (ස)
මේ මොන විකාර ප්‍රශ්න ඇසීමේ රටාවක්ද.....(නදී)
හරිම ලස්සන ශෝක් නිලියක් දැන් ඉන්න අයට වඩා.
ප්‍රශ්න පත්‍රය හදල තියෙන්නේ කවුද
මම කැමතිම නිලිය....... (ස)