බිම්සර කෞෂාන්ගේ වයස අවුරුදු පහ ලබන්නේ ලබන මාසේ පස්වෙනිදාටය.
යන්තම් බහ තෝරන බිම්සරට පියාගේ ආදරයත් රැකවරණයත් ලැබුණේ සිය මවගෙනි
ඇය එච්. ඒ. බන්දුමතීය.
මොවුන් වෙසෙන්නේ මතුගම සිරිකඳුර සඳසිරිගම ය.
උපන්දා සිට නැතත් වයස අවුරුදු දෙකේදි බිම්සර හදිසියේ රෝගි වෙද්දී ඇයට කළ හැකිවූයේ නිවසේ සිට සැතපුම් අටක් පමණ දුෂ්කර මඟ ගෙවා මතුගම ඩිස්පැන්සරියට දරුවා රැගෙන ඒමය
එදා වේල පිරිමහගැනිමටත් අපහසු තත්වයෙන් සිටියදි සිය සොහොයුරන් දෙදෙනාගෙන් ලැබෙන උපකාරයෙන් යාන්තම් දිවිගෙවන බන්දුමතී ට දරුවාගේ අසනීප තත්වය වෛද්‍යවරුන් පැවසු ආකාරයට හිසට පාත්වු හෙණයක් බඳුය.
මුලින් කළුතර නාගොඩ රෝහලටත් දෙවනුව කොළඹ රෝහලටත් යොමු කළ දරුවාගේ අවසාන රෝග නිර්ණය සිදුකළේ මහරගම පිළිකා රෝහලේය.
...අම්මේ මේ බබාගේ ඇට මිඳුළුවල පිළිකා තත්වයක් ඇතිවෙලා අපි බලමු සනීප කරගන්න හැකිවේවි ...
වෛද්‍යවරුන් බිම්සර දෙස බැළුවේ ඒ පුංචි ඇස්දෙකේ තිබුණාටත් වඩා කාරුණික බැල්මකිනි.
මෙසේ වසරක් ගෙවිණි දැන් බිම්සර මඳ සුවයකින් පසුවන ලකුණු පහළ වි ඇත
නමුත් දිගින් දිගටම ඔහුට බෙහෙත් ලබා දිය යුතුය
ඊට වැය වන මුදල අධිකය මේ ආදරණීය අම්මාගේ සොහොයුරන් දෙපළ නොවන්නට මේ දරුවාත් තරුණ මවත් මේ වන විට මහ මඟය
හදිසි අවස්ථාවක දරුවා ප්‍රතිකාර සඳහා රැගෙනයාමට යායුතු දුර කෙතරම් වුවද ඇතැම් අවස්ථාවලදි බන්දුමති සිය දරුවා වඩාගෙන සැතපුම් අට ගෙවා මාර්ගයට යන්නීය
උදේ බසය වැරදුණහොත් ත්‍රී රෝද රථයකට රුපියල් 800 ක් ගෙවිමට ඇයට සිදුවෙයි
අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත් දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු
ලිපිනය -එච් .එම් බන්දුමතී - සඳසිරිගම මතුගම
ජාතික ඉතිරි කිරිමේ බැංකුව (පානදුර ශාඛාව)
ගිනුම් අංකය 1 - 004380- 0609-1
දුරකථනය- 072 9769889
.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්ශන ඔයා නිදිමතෙන්ද ප්‍රවෘත්තිය බැලුවේ.. ප්‍රවුත්තිය අන්තිමේ මවගෙ නම ගිණුම් අංකය හා බැංකුවේ නම තියනවා දැක්කේ නැද්ද.. හැම මාසයකම මගේ වැටුපෙන් මුදලක් මම මේවගේ අසරණ අයට ලබා දෙනවා, එම මුදල මේ ගමන මේ දරුවටත් මීට කලින් ලංකා දීපයේ පළවුණු ලිපියේ සිටින දරුවාටත් මම ලබා දෙනවා.(නදී)
චුටි පුතේ ඔයාට ඉක්මන් සුව,අපි ඔබට හෙකි තරම් උදව් කරන්න (අ)
අර කෙනෙක් ඡන්දෙට 100 ගානේ එකතු කරලා ඡන්ද කරනවා වගේ මේ දරුවටත් සියලු දෙනාම හැකි පමණින් ආධාර කරමු.(නදී)
දරුවට බැංකු නොම්මරය දෙන්න.(නදී)
ලංකාදීපයට බොහොම පින්සිදු වෙනවා මෙවැනි අසරණවූ පවුල් හදුන්වාදීම ගැන. මමත් මේ පවුලට උදව් කරනවා.(නදී)
කරුණාකරලා ලිපිනය පල කරන්න. (දී)
මෙවෙනි ලිපියක් පළකරන්නේ මේ දරුවට උපකාරය ක් බලාපොරොත්තුවෙන් නම් බැංකු ගිණුම සදහන් කරන්න (දී)
පුංචි පුතුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. මමත් දුප්පත් අතේ තියන විදියට උදව් කරනම්. අපිටත් දරුවෝ ඉන්නවා ඒක දුක දන්නවා. හැකි හැමෝම උදවූ කරනවනම් පින් (දී)
අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ :දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත් දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු.(නදී)
කරුණාකර දුරකථන අංකය අපට දන්වන්නේ නම් මුදල් බැරකර විමසිය හැකිය .(දී)
රට ඉන්න උදවියට පහසු මනිග්‍රෑම් .ඒ නිසා හැදුනුම්පතේ තියෙන නම දෙන්න . ස්තුති. (දී)
මාත් පුළුවන් විදිහට මෙයාලට උදව් කරනවා.මම හිතුවේ ලංකාවේ කට්ටිය ලංකාවේ දියුණුව ගැන කියන විදිහට මෙහෙම පවුල් දැන් ලංකාවේ නැහැ කියලා. ගිය අවුරුද්දේ ඒක පුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 2000 විතර කිව්වා මතකයි. (නදී)
අපිත් අමාරුවෙන් ජීවත් වුනත්,මෙහෙම දෙයක් ඇහුවම කාගෙද හිත උනුවෙන් නැත්තේ,මට පුළුවන් තරමින් උදව් කරනවා. (අ)
කරුණාකර දුරකථන අංකයක් අපිට ලැබෙන්න සලස්සවන්න.අපිට පුළුවන් කතා කරලා මුදල් දෙන්න.දරුවට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ (දී)
ඉතාම වටිනා පින් ඇති වැඩක් ,ස්තුතිය් ලංකාදීප. (දී)
නිදුක් නීරෝගී සුවය පතමි. හැකි පමණ උදව් කරන්නම් (දී)
හොඳ වැඩක් ලංකාදීප.(නදී)
පුතාට ඉක්මන් සුවය පතනවා. අනවශ්‍ය දේවලට වියදම් කරන සල්ලිවලින් රු.100 ගානේ මේ දරුවා වෙනුවෙන් දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. (ත)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
අනේ සොයුරියේ.., ඔබේ දරු දුක මගේ මෙන් මට දැනුනේ මා නෙතු කදුලින් පුරවාය. මා අදම ඔබට මුදල් දමන්නෙමි මනි ග්‍රෑම් ක්‍රමයෙන් ඔව් මේ අදම පුංචි පුතේ ඔයාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශීර්වාදයෙන් ඉක්මනින් සුව වේවා කියා පතන්නම්..!! විශේෂයෙන් ලංකාදීප කතෘ තුමාට මගේ ගෞරවය මෙවැනි අසරණ දරුවන් ගැන අපිට දන ගැනීමට සැලැස්වීම පිලිබදව...!!(නදී)
බැංකු ගිණුම් විස්තර දැම්මනම් අපටත් පුළුවනි හැකි පමණ උදව් කරන්න (දිල්)
කරුණාකරලා ලිපිණය හරි බැංකු ගිණුම් අංකය හරි ලබාදෙන්න.(නදී)
කරුණා කරලා ගිණුම් අංකයක් පලකරන්න එහෙම නැතුව මේ දෙය පලකරාට ප්‍රති පලයක් නැහැ.(නදී)
මේ මිනිස්සුන්ගේ ඇස් වලට හෙන ගහලද මන්දා ලිපියේ පහලින් නම ලිපිනය ගිණුම් අංකය සියල්ලම දාල තියෙනවා.(නදී)
ගිණුම් අංකයට සල්ලි වැටේවි. තුති ලංකාදීප දැනුවත් කළාට.(අ)
අපිට හැකි ලෙසින් සහය වෙමු මෙම අසරණ පවුලට (අ)
දරුවා වෙනුවෙන් යම් දෙයක් කරන්නම් හැකි පමණින් උදව් කරන්නම් මේදරුවාගේ විස්තර දෙනවද ලිපිනය ලංකාවේ
දෙදාස් ගානක් මේක කියවල තියනවා. අපි හැමෝම 100 දුන්නත් මේ අම්මට පුතාට ලොකු සහනයක් වේවි. මම දෙනවා. ඔයාලටත් පුළුවන්නන් .......(අ)