ඇයගේ රුව නොදැක හඬ ඇසූ පමණින් හඬට ආදරය කරන පිරිස බොහෝය. රියැලිටි වේදිකාවෙන් පේ‍්‍රක්ෂකයාගේ හදට නොමැකෙන හඬක් එක් කරමින් ගී ලොවට පා තැබූ ඇය ගායිකාවක් සේම රංග ශිල්පිනියක් ලෙසද පේ‍්‍රක්ෂකාගාරයේ ආදරය දිනා ගත් කලාකාරිණියකි. එපමණක් නොව දක්ෂ, ව්‍යාපාරික කාන්තාවක්ද වන ඇය කලා දිවියේ ලේඛන කලාව තුළින්ද පසුගියදා අලූත් පිටුවක් පෙරළුවා.
මේ ඔබ ආදරය කරන ගායන ශිල්පිනී අමිලා නදීශානි. අලූත් ලේඛිකාවගේ ලේඛන කලාවේ තොරතුරුත් සමගින් මෙවර අපි ඇයව සඳැල්ල කතාබහට එකතු කරගන්න සිතුවා.
මේ දවස්වල මොනවද අලූත් වැඩකටයුතු?
බබාලගේ වැඩයි, ව්‍යාපාර වැඩයි කලා ජීවිතේ වැඩයි එක්ක ටිකක් කාර්යබහුලයි. ඒ වුණත් අවශ්‍යදේට කොහොම හරි වෙලාව වෙන් කර ගන්නවා.
පසුගිය දවස්වල නවකතාවක් ලිව්වා නේද?
ඔව්..... ඒක මගේ ජීවිතේ තිබුණ ලොකු හීනයක්.
නවකතා ලියන්න ගත්තේ සින්දු කීම අසාර්ථකයි කියලා හිතුණද?
ඒකට හොඳම උත්තරේ කෙලින්ම මගේ පොතේ පෙරවදනේ තියෙනවා. මම එකක් සවුත්තු වුණාම තව එකකට යන කෙනෙක් නෙමෙයි. මට පුළුවන් දේ මොකක්ද ඒ දේ කරන්න මම උත්සාහ කරනවා. පොතක් ලියන එක මට පොඩි කාලේ ඉඳලා තිබුණ ලොකු ආසාවක්. ඉතින් ඒක මම ලිව්වා.
ඇත්තටම ඔබ ලේඛිකාවක් වෙන්න හිතුවෙ ඇයි?
මට කවදාවත් ලේඛිකාවක් වෙන්න ඕන කියලා හිතුණේ නැහැ. පුංචි කාලේ ඉඳලම ලිවීම කියවීම මගේ පුරුද්දක්. පොත් කියවීම මගේ ජීවිතේ එක කොටසක් කිව්වොත් හරි. පාසල් යන කාලේ කෙටිකතා ලිව්වා. කවි ලිව්වා. පන්තියේ සිංහල භාෂාවට දක්ෂතම ශිෂ්‍යාව වුණේ මම. ඒ තරමට මට භාෂාව ගැන උනන්දුවක් තිබුණා. ඒ කාලේ පාසල් මට්ටමින් පවත්වන සාහිත්‍ය තරගවලින් මට ගොඩක් ජයග‍්‍රහණ හිමිවුණා. පාසල් යන කාලේ ඉඳලා නවකතා කියවන්න මම හරි ආසයි. ඒත් අම්මා පාසල් වැඩ අතපසු වේවි කියලා නවකතා කියවන්න දුන්නේ නැහැ. ඉස්සර නවකතා කියෙව්වේ අනෙක් සටහන් පොත් අස්සේ හංගගෙන, අම්මට හොරෙන්... අම්මා මගේ ආසාවට හරස් වුණාට තාත්තා මට ඒකට කැමැත්ත දුන්නා. මගේ තාත්තා ජීවත්ව සිටියා නම් මගේ නවකතාව එළිදැක්වූ දවසේ වැඩියෙන්ම සතුටු වෙන්නේ එයා. එදා අම්මා මම නවකතා කියවනට විරුද්ධ වුණාට තාත්තා මට උදව් කළා.
මේ ඔබේ පළමු නවකතාවද?
නැහැ. මීට පෙර මම නවකතා, කෙටි කතා ලියලා තියෙනවා. ඒත් ඒවා මුද්‍රණය කරන්න ලැබුණේ නැහැ. රළ කරළිය කියන්නේ මුද්‍රණ ද්වාරයෙන් එළිදකින මගේ පළමු නවකතාව. හිතේ කැකෑරෙන සිතුවිලි අදහස් එළියට දාන්න මම මාවතක් සෙව්වා. ඒ වගේම නවකතාවක් ගොතන්න ආසාවක් තිබුණා. නැතුව මට ලේඛිකාවක් වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ලේඛිකාවක් කියලා තීරණය කරන්න ඕන පාඨකයා.
”රළ කරළිය” කරළියට එන්නේ කොහොමද කියලත් කියමු.
මේක කාන්තාවක් වටා ගෙතුණු කතාවක්. මේ චරිතයේ සමහර චිත්තරූප මගේ ඔළුවෙ තිබුණා. මම දැකපු අහපු දේවල් හිතේ චිත‍්‍රයක් වගේ ඇඳුණා. නවකතාවකට ගොනු කළේ ඒ දේවල්. විශේෂයෙන් මම පහු කරපු මගේ ජීවිත කාලය තුළ මට මුණ ගැහුණු ඇතැම් මිනිසුන් තුළින් බොහෝ දේවල් මම ඉගෙන ගත්තා.
විශේෂයෙන් කාන්තාවකට මේ සමාජයේ තනියම ජීවත් වෙන්න බැහැ. ආසියාතික පරිසරය ගත්තම අපේ සමාජය පිරිහිලා. සමාජයේ හැම දුකක්ම උහුලන ඒත් ගැහැනියගේ කඳුළු නොදකින පිරිමි ඉන්න සමාජයක් ගැන තමයි මට ලියන්න ඕන වුණේ. ඇයට මේ සමාජයේ අවශ්‍ය තැන ලබාදිය යුතුයි කියන පෞද්ගලික අරමුණක් සමග තමයි ”රළ කරළිය” ලියවුණේ.
කොහොම වුණත් පොත් ලියවිල්ලත් එක්ක ප‍්‍රසංග වේදිකාව මග හැරිලද? වැඩිය පේන්න නැත්තේ?
කොහොමත් වෙනදාට වඩා මේ දිනවල ප‍්‍රසංග අඩුයි. මොන දේ කළත් ප‍්‍රසංග වේදිකාව මග අරින්නෙත් නෑ. මග ඇරෙන්නෙත් නෑ.
අමිලා ලංකාවේ ප‍්‍රසංග වලට වඩා විදේශීය ප‍්‍රසංග වලට දායක වෙන්න කැමතියි කියන්නේ ඇත්තද?
විශේෂ කැමැත්තක් නැහැ. නමුත් පිටරට ප‍්‍රසංගවලට මට ආරාධනා ලැබෙනවා වැඩියි. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ.
කාලයක් රංගන ශිල්පිනියක් විදිහටත් කරළියට ආවා. ආපු ගමන්ම නිළිකමත් එපා වුණාද වැඩිය පේන්න නැත්තේ?
එපා වෙලා නම් නෑ. අනෙක් වැඩත් එක්ක රඟපාන්න වෙලාව වෙන් කරන්න ටිකක් අමාරුයි.
ඔබ ගායිකාවක් වුණා. නිළියක් වුණා. ව්‍යාපාරිකාවක් වුණා. දැන් ලේඛිකාවක් වෙලා ඔබ වඩාත්ම කැමති මොන ක්ෂේත‍්‍රයටද?
ගායනය හැකියාව තමයි මාව මෙතනට ගෙනාවේ. ගායනය තරම් සතුටක් ලබා දෙන දෙයක් මට තවත් නැහැ.
සංගීතය පැත්තෙන් මොනවද අලූත් නිර්මාණ?
”හොරෙන් බලා සිනාසුනා” කියලා අලූත් ගීතයක් කළා. මේ දවස්වල ඒ ගීතයට රූප රාමුව නිර්මාණය කරනවා. ඊට අමතරව ඉදිරියේදී අලූත් ගීත කිහිපයකත් නිර්මාණ කටයුතු කරගෙන යනවා.
දිගටම ලේඛන කලාවත් එක්ක ඉන්නද බලාපොරොත්තුව?
ඇත්තටම ඔව්. ඉදිරියටත් ඉන්නවා. තව අලූත් දේවල් ලියනවා. සමහරවිට තවත් අලූත් නවකතාවක් ළඟදීම ලියාවි. ”රළ කරළියට” ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක නවකතා ලියන්න ආසාව ඇති වුණා.
නවකතාවෙන් ඔබ ලියලා තියෙන්නේ කාන්තාවගේ දුක් ගැහැට. ගැහැනියක් විදියට ඔබටත් ජීවිතේ හිමි අහිමි දේවල් ඇති?
මගේ ජීවිතේ මට අහිමිවුණු ලොකුම දේ මගේ තාත්තා. හිමි වුණ දේවලූත් බොහොමයි. පුතෙක් ඕන කියලා ප‍්‍රාර්ථනා කළා පුතෙක් ලැබුණා. දුවෙක් ඕන කියලා ප‍්‍රාර්ථනා කළා. දුවෙක් ලැබුණා. මං හිතන්නේ වාසනා ගුණය, කැපකිරීම්, දුක් විඳීම් එක්ක මට ගොඩක් දේවල් ලැබුණා. ඒ අතරේ ගැහැනියක් විදිහට, අම්මා කෙනෙක් විදිහට මට දරු සම්පතට වඩා සම්පතක් තවත් නැහැ. ඒ වගේම මගේ ස්වාමියා, මම ජීවිතේ කඩා වැටුණ, සහ ආපු අභියෝග ප‍්‍රශ්න හමුවේ නොසැලූණු එකම සෙවනැල්ල ඔහුයි.
ඔබ ක්ෂේත‍්‍රයට එන්නේ සුපර් ස්ටාර් හරහා. අද රියැලිටි කලාව රැල්ලක් වෙලා. මේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ?
එදා තරම් අද සුපර් ස්ටාර් ජනප‍්‍රිය නැහැ කියලා දැනෙනවා. එදා පේ‍්‍රක්ෂකයා මේ වැඩසටහන ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා. ඒත් අද එහෙම නැහැ.
එතනින් ආපු කෙනෙක් විදිහට ඇයි ඔබ එහෙම කියන්නේ?
ඕනම දෙයක තත්ත්වය අඩු වෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා.
ඒ කියන්නේ දැන් සුපර් ස්ටාර් හරහා බිහි වෙන්නේ දක්ෂයෝ නෙමෙයි කියන එකද?
නැහැ. ඒක නෙමෙයි. හැම තරග වටයකදිම හොඳ දක්ෂයෝ බිහි වෙනවා. අර කතාවක් තියනවනෙ ඕනම දෙයක් ඕනවට වැඩි වුණාම එපා වෙනවා කියලා. දැන් රියැලිටි කලාව පේ‍්‍රක්ෂකයන්ට ඇති වෙලා.
නදීශා අතුකෝරළ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඔබ ආදරය කරන අලූත් ලේඛිකාව අමිලා නදීශානි