IMG-LOGO

ඔඩෙල් විකුණුව එක ගැන අද මට දුකක් නැහැ

2016-10-22-ent-11

ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක් වන ඔටාරා ගුණවර්ධන ගැන කතා කරද්දී අලුත්ම ආරංචිය තමා හීරෝ නීරෝ හරහා සිනමාවට පැමිණීම. ඉතින් හිතුණා දේශය හදසරින් මේ අලුත් අත්දැකීම ගැන ඔටාරා එක්ක කතා කරන්න.

 

මේ දවස්වල කොහොමද?

හොඳයි. හොඳින් ඉන්නවා. එම්බාර්ක් එකයි, ඔටාරා පදනමේ වැඩ කටයුතුයි කරගෙන ඉන්නවා. සතුන් සුව කිරීම, වන ජීවින් සහ පරිසරය සුරුකීම තමා අපි ඒ හරහා කරන්නේ.

 

ඔබේ ඔඩෙල් ආයතනය විකුණලා දැන් කොච්චර කාලයක්ද?

දැන් අවුරුදු 2ක් වෙනවා.

 

එතකොට එම්බාර්ක් ව්‍යාපාරය පටන්ගෙන?

තාම අවුරුද්දක් විතර වෙන්නේ. බලමු ඉතින් පොඩියට පටන්ගෙන තමා මම මේ ගමන යන්නේ.

 

එම්බාර්ක් ව්‍යාපාරයේ ශාඛා කීයක් තියෙනවද?

දැනට ශාඛා 10ක් විතර තියෙනවා. තනි ඒවත් තියෙනවා. සමහර ඒවා ඔඩෙල් සහ Cool Planet එක ඇතුළේ තියෙන්නේ.

 

ඔඩෙල් ව්‍යාපාරය විකිණීම ගැන දුකක් නැද්ද?

නැහැ. මම ඒක ගොඩක් හිතලා ගත්ත තීරණයක්. මම ඒ තීරණය ගත්තේ ආයේ ආපසු හැරිලා බලද්දී දුකක් නැති වෙලාවක. ඒ වෙලාව මට ආවා. ඒ නිසා තමා මම ඒක විකුණුවේ.

 

දැන් ඔඩෙල් සාප්පු දකිද්දිවත් දුකක් නැද්ද?

මිනිස්සු හැටියට ගොඩක් දේවල්වලට බැඳීම් තියෙනවා. නමුත් පුළුවන් තරම් බැඳීම් වලින් ඈත්වෙන තරමට ජීවත් වෙන්න ලේසියි. මම හිතන්නේ ඒ විදිහට. ඉතින් බැඳීම් අත්හරින එක ලේසි නැහැ. නමුත් මම උත්සාහ කරනවා බැඳීම් වලින් ඈත් වෙන්න.

අනික මම හිතන්නේ අපිට ජීවත් වෙන්න ඒ තරම් විශාල දේවල් ඕනේ නැහැ කියලා. ඒ නිසා මම හරිම සතුටින් තමා ඔඩෙල් ව්‍යාපාරය විකුණුවේ. ඒ ගැන දුකක් නැහැ.

 

2016-10-22-ent-08

 

ඔඩෙල් අත්හරින ඔටාරා ආයේ පටන් ගත්තේ එම්බාර්ක් ව්‍යාපාරය. පුංචි කාලේ ඉඳන් ආසාව තිබ්බේ ව්‍යාපාර කරන්නද?

නැහැ. මට පුංචි කාලේ ඉඳන් එහෙම ලොකු ආසාවක් තිබ්බේ නැහැ. නමුත් මම ආසයි පුංචියට පටන්ගෙන ලොකු දියුණුවක් ඇති කරන්න. ඒ හරහා මම ගොඩක් අයට රැකියා අවස්ථා පවා ලබා දුන්නා. ඒ ගැන හිතද්දී මට සතුටක් තියෙනවා. මට දැනුත් ඕනේ එහෙම පොඩියට පටන්ගෙන දියුණු කරන්න මේ එම්බාර්ක් ව්‍යාපාරයත්.

 

අපට ඉදිරියේදී ඔබව සිනමාවෙන් දකින්න ලැබෙනවා?

ඔව්. මම ඉතාම කැමැත්තෙන් දායක වුණු චිත්‍රපටයක් හීරෝ නීරෝ කියන්නේ. මොකද ඒක සුනඛයෙක් සහ පොඩි ළමයි සතුන්ට දක්වන කරුණාව එක්ක නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ නිසා මට ඒ අය කතා කළාම මම කැමති වුණා. ඉතින් මම කිව්වා මම ඒක කරන්නම් කියලා. මට හරි සතුටුයි එයට සහභාගී වෙන්න ලැබීම ගැන.

 

එහි චරිතය ඔබමයි?

ඔව්. ඇත්තෙන්ම මම එහි ඉන්නේ මගේ ස්වරූපයෙන්මයි. ඉතින් ඒකේ ඉන්න දරුවන් මාව හමුවෙන්න ඇවිත් එයාලා මගෙන් මේ උදව් ඉල්ලන්නේ මේ සුනඛයා වෙනුවෙන්. සුනඛයා බේරගන්න උදව් කරන්න කියලා. ඒ නිසා මට ලොකු කැමැත්තක් ඇතිවුණා.

 

කොහොමද ඒ අත්දැකීම?

ඔව්. මම මීට පෙරත් චිත්‍රපට දෙකක විතර ඉතාමත් කුඩාවට දායකවෙලා තියෙනවා. ඒ වගේම මෝස්‌තර නිරූපණ වගේ කටයුතු කළ නිසා මට කැමරාව නම් ලොකුවට ආගන්තුක වුණේ නැහැ.

 

මීට කලින් සිනමාවට සම්බන්ධ වුණා නම් කියලා හිතිලා නැද්ද?

නැහැ. මට එහෙම නම් හිතිලා නැහැ. මම හිතන්නේ හරි වෙලාව ආවා. ඒ නිසා තමා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ කියලා.

 

අධ්‍යක්ෂවරයා කිව්වා ඔබට දිග දෙබස් කියන්න තිබ්බේ කියලා. ඒක අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම මමත් හිතුවා එහෙම වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ළමයි ගොඩක් එක්ක මට රඟපාන්න තිබ්බේ. ලොකු කාලයක් ගියා. කොහොමත් එහෙමනේ හොඳ දෙයක් කරද්දී. ඒ නිසා හරි සුන්දරයි.

 

ඉදිරියටත් ආරාධනාවන් ලැබුණොත්?

බලමු නේද?

මට කවදාවත් ව්‍යාපාරිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් හෝ නිළියක් වෙනවා කියලා අදහසක් තිබ්බේ නැහැ. මම නිකම් ජීවිතේ වෙන දේ වෙන්න දෙනවා.

 

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අදහසක්වත් ආරාධනාවක්වත් නැද්ද?

නැහැ. එහෙම ආරාධනා ලැබිලා නැහැ. මමවත් ඔයා දැන් ඔය කියනකම් ඒ ගැන හිතුවෙත් නැහැ. ඒ ගැන කල්පනා කළේවත් නැහැ. හැබැයි ඒකත් හොඳ දෙයක්.

පරිසරය ගැන හරි සත්තු ගැන හරි මූලික වෙච්ච නිර්මාණයකට ආරාධනා කළොත් නිෂ්පාදනයෙන් දායක වෙන්න කියලා. මොකද කරන්නෙ? ඇත්තටම එහෙම එකකට නම් මම ගොඩක් කැමැතියි. කවුරුහරි මට එහෙම දෙයකට කතා කළොත් හරි මා එක්ක වැඩ කරන්න කැමතියි හරි කිව්වොත් ඒ ගැන මම හිතනවා.

 

ආපස්සට හැරිලා බලද්දි ජීවිතය ගැන තෘප්තිමත්ද ඇත්තටම?

ඔව්. මම හිතන්නේ ජීවිතේ වෙලා තියෙන දේවල් මට වෙන්න තිබ්බ දේවල්. අනිත් එක නරක දේවල් නොකර අනිත් අයට නරක කතා නොකියා ඉඳීම තුළ තමන්ටත් නරක දේවල් වෙන එක අඩු වෙනවා. ඉතින් මම පුළුවන් තරම් ඒ විදිහට ඉන්න තමා උත්සාහ කරන්නේ. සමහර තැන්වලදී අපිට වරදිනවා. නමුත් ඒ තුළින් අපි නැවතත් ජීවිතය ඉගෙන ගන්නවා. මම කර්මය විශ්වාස කරන කෙනෙක්.

 

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු මොනවද?

මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු සහ සතුන් දුක් විඳිනවා. ඒ වගේම මට වෙලාවකට හිතෙනවා, ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් දේවල්. ඒත් ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ දේවල් වෙනස් කරන්න බැරි කියලත් හිතෙනවා. මගේ පැත්තෙන් මම උත්සාහ කරනවා මට පුළුවන් දේවල් කරන්න. ඒ වගේම ලාංකික අපිට ලස්සන පරිසරයක් සහ වන ජීවින් රැසක් උරුම වෙලා තියෙනවා. අපි ඒවා රැකගන්න ඕනේ. ඒ සඳහාත් මම වැඩසටහනක් කරන්න ඉන්නවා ඉදිරියේදී. බලමු ඉතින්.

 

අනූෂා රණසිංහ

 

2016-10-22-ent-10
2016-10-22-ent-09



අදහස් (0)

ඔඩෙල් විකුණුව එක ගැන අද මට දුකක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site