මෝටර් රථ සහ යතුරු පැදි තරග සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික පාලක මණ්ඩලය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයට නව අතුරු පාලක කමිටුවක් පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයේ මෙවර නිලවරණය පවැත්වීමේදී 1973 අංක 25 දරන කී‍්‍රඩා පනතේ, 2013 අංක 01 දරන කී‍්‍රඩා රෙගුලාසි සහ අංක 45 උප වගන්ති 01 හා 02 උල්ලංඝණය වී ඇති බැවින් එම නිලවරණය අවලංගු කර එ වෙනුවෙට මෙම අතුරු පාලක කමිටුව පිහිටුවා තිබෙන බව කී‍්‍රඩා අමාත්‍යංශ නිවේදනයක සඳහන්වේ.
අතුරු කමිටුව සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විතය.
අතුරු කමිටුවේ සාමාජිකයෝ
නවාස් පවුසි (සභාපති), චූලා රත්වත්ත (ලේකම්), පුබුදු වික‍්‍රම, සුරේන් කුක් සහ ඒ. ඒ. ජයතිස්ස යන මහත්වරු.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd