IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඔක්තෝම්බර් මාසයේ බොලිවුඩ් නවකයන්

2016 වසර නිමාවීමට ඇත්තේ තවත් මාස කිහිපයකි. නමුත්, මෙම වසර තුළ චිත්‍රපට බොහෝසෙයින් එළිදැක්වීමට නියමිතව ඇත. ඔක්තෝබර් මාසයේදී බොලිවුඩයේ පමණක් චිත්‍රපට 10ක් එළිදැක්වීමට නියමිතව ඇත. ඒ අතරින් චිත්‍රපට තුනක නවක නිළියෝ ප්‍රධාන චරිත සඳහා දායක වෙති. අප මෙවර කතාබහ කිරීමට යොමුවන්නේ ඔක්තෝම්බර් මාසයේ බොලිවුඩයට පායන නවක තරු ගැනයි.

 

2016-10-13-ent-27
2016-10-13-ent-28
2016-10-13-ent-30
2016-10-13-ent-29

Saiyami Kher

ඇය නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූවාය. ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාම වූ "Levis", "Pantaloons", "L'oreal" ආදියෙහි ප්‍රධාන නිරූපිකාව ලෙස කටයුතු කරනු ලැබූ අතර, "Kingfisher" දින දර්ශකයේ නිරූපිකාවක ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාකර ගනු ලැබීය. ඉන්පසු 2015 වර්ෂයේදී තිරගත වූ "Rey" නම් තෙලිඟු චිත්‍රපටය ඇගේ පළමු චිත්‍රපටය විය. ඇය රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටය වන්නේ "Mirzya" චිත්‍රපටයයි. එය පසුගිය 07දා එළිදක්වනු ලැබීය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රාකේෂ් ඕම්ප්‍රකාශ් මෙහෙරා විසින් වන අතර, එහි නිෂ්පාදනය රෝහිත් කත්තාර් විසින් සිදුකරනු ලැබීය. මෙම චිත්‍රපටයේ ඇයත් සමග ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ හර්ෂ්වර්ධන් කපූර්ය. මෙම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඉන්දියානු කෝටි 35ක විදයමක් දරා ඇති බව සඳහන් වෙයි.


 

2016-10-13-ent-31

Sayyeshaa Saigal

මැය රංගන ශිල්පි සුමීත් සයිගල්ගේ දියණිය වන අතර, ඒ නිසා ඇය රංගන පවුලකට නෑකම්ද කියයි. 2015 වර්ෂයේදී තිරගත වූ "Akhil" තෙලිඟු චිත්‍රපටය ඇයගේ පළමු සිනමා නිර්මාණය වෙයි. 2016 වර්ෂයේදී අජේ දේව්ගන් සමග රංගනයෙන් දායකවන ඇයගේ දෙවැනි චිත්‍රපටය වන්නේ "Shivaay" චිත්‍රපටයයි. එය ඔක්තෝබර් 28 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සේම නිෂ්පාදකවරයාද වන්නේ අජේ දේව්ගන්ය. ඊට අමතරව ප්‍රධාන නළුවාද වන්නේ ඔහුය. 2017 දී ඇය "Kumari Kandam" නම් දමිළ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට නියමිතය.


 

2016-10-13-ent-32

Swati Kapoor

නිරූපණ ශිල්පිනී සහ රංගන ශිල්පිනිය 2008 වර්ෂයේදී ඇය ක්ෂේත්‍රයට පිවිසුණු අතර, ඇයගේ පළමු නිර්මාණය වූයේ 2008 වර්ෂයේදී විකාශනය වූ "Kaali – Ek Agnipariksha" නම් රූපවාහිනි ටෙලි නාට්‍යයේ අතුරු චරිතයක් සඳහා දායක වීමෙනි. 2014 වර්ෂයේදී තිරගත වූ Mr Mrs 420 චිත්‍රපටය ඇයගේ පළමු සිනමා නිර්මාණය විය. ඉන්පසු 2015 වර්ෂයේදී "Mere Genie Uncle" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අතර, 2016 වර්ෂයේදී "Fuddu" ලෙස නම්කර ඇති චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව තිබේ.

 



අදහස් (0)

ඔක්තෝම්බර් මාසයේ බොලිවුඩ් නවකයන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 244 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 593 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site