ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හා විවාහ වීම නිසා තමාට නීති මාර්ගයෙන් සහනයක් ලබා දෙන බව කියූ තම බෑනා රුපියල් 17 ලක්ෂයක් වංචා කළැයි තායිවානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබූ බව කොටුව උසාවියේ දී අද කියැවිණි.
නිරෝෂණ දේවප්‍රිය නම් මෙම තැනැත්තා පොලිසියට පවසා ඇත්තේ අභිෂේක් සමඟ අයිෂ්වර්යා විවාහ වීම නිසා තමා මානසික අසහනයකට පත් වූ බවයි.
එසේ තමාට වූ මානසික පීඩාවට වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට පානදුරේ රොෂාන් අජිත් නම් තම බෑනා රුපියල් 17 ලක්ෂයක් තමාගෙන් ලබාගෙන, ඒ සම්බන්ධයෙන් කිසිත් නොකළැයි නිරෝෂන් දේවප්‍රිය පැවසූ බව පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.
සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රොෂාන් අජිත් රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුවකට තිබ්බෙ මෙහෙම එකක් විතරයි. (ස)
අඩුවකට තිබුණු විදියෙ එකකුත් දැන් හරි (නි)
හිත හදා ගන්න කොල්ලෝ .....ඔව්ව ඔහොම තමා.......... (දී)
මේක කියවල මට මානසික රෝහලකට යන්ඩ ඕනා වගේ.(නධී)
ලංකාවත් කන්න හදනවා මේ මිනිස්සු (නි)
මානසික ආබාධයක් ඇති කෙනෙක්වද්ද? පවු! (නි)
ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ අය හින්දා වෙන රටකදී තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගන්න බැරුව යනවා. (නි)
බොහෝ පිරිමින් ලෝකයේ සිටිනා ලස්සනම නිළියන්ට තම සිතින් ආදරය කරනවා මෙය තමා සත්‍යය . මානසික රෝගීන් (දී)
මට මේක දැකලා හොඳටම හිනා. නයි කයිද රෝස්පාන් කිව්වලු. (ස)
පව් අහිංසකයා. මේ මනුස්සයාට මානසික රෝහලේදී දුන්න අර සුදුපාට චුටි පෙත්ත ගන්න අමතකවෙලා. පෙත්තක් ගත්තම ඕක හරි යයි. ඕක එච්චර ලොකු අමාරුවක් නොවයි, (දී)
ඔන්න අණ්ඩරදෙමල දැකල නැත්නම් බල ගන්න (දී)
මේ වගේ ප්‍රවෘත්ති බලලා අපිටත් දැන් පිස්සු (නි)
පිස්සු හැදෙනවානේ. (නි)
කොහොම උනත් ලංකාදීපයට ගොඩක් ස්තුතී අපිව හින්නස්සුවට . (දී)
විහිළුවක්ද මේ? (නි)
මට නම් මේක හරියට විකාරයක් වගෙයි... (නි)
අභිෂේක් ඓයිශ්චර්යට හොඳටම ගහනවලු මේක ආරංචි වෙලා. (ස)
පිස්සෙක් ද කොහෙද ? (නදී)
මට හිතෙන්නේ මේක මානසික රෝගී තත්වයක්. ඒ ගැන අනුකම්පා හිතෙන ගමන් ම එකේ අස්වාභාවික විහිලු තත්වයට හිනා යනවා තමයි .එත් මේ බෑනා අක්කගේ පුතා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මිනිසුන් රවටා සල්ලි ගැනීම විහිළුවක් නෙවෙයි (දී)
සේරටම පිස්සු (නදී)
අනේ මෙහෙමත් මෝඩයකේ.(නදී)
50 50 තිබිල තියෙන්නේ ඓශ්වර්යා මේ මුකුත්දන්නේ නැතුව ඇති (දී)
මේක ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව බරපතල වරදක්... (දී)
නාඩගම් (දී)
මාත් නඩුවක් දාන්න ඕනේ කොල්ලෝ (දී)
මිනිස්සුන්ගේ මානසික ගැටළු තමයි මේ..... සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් (දී)
අම්මෝ! මගේ පරණ කෙල්ලත් මට නඩු දායිද දන්නේ නැහැ (නි)
දෙයියෝ සාක්කි (දී)
ලෝකයා මේවා දන ගත්තොත් පාරේ බැහැලා ගිහිල්ලා ඉවරයි නේද (දී)
මුන්ට පිස්සු කියලා නිකං ඉදලා වැඩක් නැහැ. මේ වගේ අය හින්දා ලංකාවත් චාටර් වෙනවා.(නදී)
මේ බෑණාට රැවටුණු මාමට ඓශ්වර්යා බන්දල දෙන්ඩ වටිනව (ස)
අභිෂේක් බච්චන්ට මේ ගැන ටිකක් හොයලා බලන්න තිබුනා විවාහයට පෙර.ගැහැණු හරී චපලයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, හිත හදා ගන්න නිරෝෂන්. මුදේ ඉන්නේ එක මාළුවාද? (දී)
ඇත්තටම මොකක්ද මේ කතාව.., ඔලුව නිකන් මොකක්ද වුනා !!! අනේ මමත් ෂාරුක්කාන්ට ආදරය කරනවා මේ බෑනාට කියල නඩුවක් ෆයිල් කරන්න පුළුවන් වෙයිද....? (දී)
මං හිතන්නේ මට පිස්සු කියල... අනේ මන්දා මෙහෙමත් මිනිස්සු (දී)
මොකක්ද අප්පා මේ කියන පිස්සු කතාව. (නි)
මෙම නඩුවේ සාක්කි සඳහා නිළි අයිෂ්වර්යා රායි ලංකාවට කැඳවා සාක්කි අසාවිද ? අර තංගල්ලේ නඩුවට රුසියානු තරුණිය ගෙන්වූවා වාගේ ? එසේ නැතිනම් අයිෂ්වර්යා රායි නොමැතිව නඩුව අසාවිද ? (නදී)
මෙයා මන්ත්‍රී කමකට සුදුසු බෑණා කෙනෙක්නේ. (ස)
ඓශ්වර්යා වැඩක් නැහැ ...ළමයිනුත් ඉන්නවා. (දී)
සාරියක් දැක්කම ඔහොම තමයි.(නදී)
මුන්ට පිස්සු .. (ස)
මෙයා නම් ජාත්‍යන්තර මෝඩයෙක්.(නදී)
අගක් මුලක් තේරෙන්නේ නෑ (ස)
හොඳ වෙලාවට පිස්සු මාම තායිවානෙ ඉන්නේ. නැත්නම් අපිටත් පිස්සු හැදෙනවා. (ස)
බෑනත් දන්නවා ඇති මාමා මැන්ටල් කේස් එකක් කියලා.ඒකයි වංචාව දාන්න ඇත්තේ.(ස)
සබ්බේ පෘථග් ජනං උන්මතකන් _ (සියලු පෘථග් ජන මනුස්සයෝ උන්මත්තකයන් හා සමාන බව) බුදු බණට දේශනා කර තිබේ ....! (ස)
සුපිරියි. අනේ මටත් ආසයි මමත් ආදරෙයි. හැබැයි එයා දන්නෙ නැහැ.(නදී)
ලංකාවේ අපේ අයියල ගැන මට හරි සන්තෝෂ හිතෙනවා. නියම ගේම් තමා දෙන්නේ!! (ස)
මෙතන හොඳම කොමෙන්ට් එක සිරි ගෙන්.(නදී)
හරිම හිනා නමුත් හිනා වෙන්න හොද නැහැ. එයා මානසික රෝගියෙක් වෙන්න ඇති. හොදම දේ බෙහෙත් ටිකක් ගන්න එක.(නදී)
"මේව දැකල පන පලයන් ලබන පෙරේදා" කියල ගමේ මිනිස්සු කවියෙන් කිව්වේ මේවට වෙන්න ඇති. (දී)
මේ නෝනව කවුරුත් ගණන් ගන්නේ නැහැනේ. (ස)
මේක මන් දකින විදිහට මේ පුත්ගලයා ඓශ්වර්යාගේ අවදානයට යන්න හදපු අහිංසක වෑයමක් වෙන්න පුළුවන්.(නදී)
මේක ඉන්දියන් අය දන ගත්තොත් අපි වැඩට ගිහිල්ලත් ඉවරයි. අපි අපේ රටේ සහ අපේ මිනිස්සුන්ගේ ගෞරවය තියාගෙන ඒ අයත් එක්ක වැඩ කරන්නේ. මේවා ආරංචි උනොත් නෝන්ඩිය කපල එකයි (ස)
ප්‍රසිද්ද වෙන්න කරපු වැඩක්ද කොහෙද. (දී)
කවුරුවත් මොකක්ද කරන්න , කවුරුවත් ගුටි කන්න කීව වගේ. (දී)
පුදුම පිස්සුවක්! (නි)
විනාශයි (නි)
අයියෝ! ඵෙශ්චර්යාත් පටලවාගන්න දේවල්? (නි)
මාමට පිස්සු කියලා බෑණා දැනගත්තා. නිකම්ම ලැබෙන සල්ලි ටික බෑණා ගත්තා. බෑණාට දැන් තියෙන්නේ කරපු පවු යන්න මාමාව රෝහලකට ගෙනියන්න. (නි)
මට නම් පිස්සු වගෙයි අනේ (නි)
ඕකට සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා වචනයක්. කොහොම වුණත් ඔය ලව් එක 50% එකක් වෙන්න ඇති. තාම එච්චර අමාරුවක් නැහැ කියන විදියට. ඵෙශ්චර්යාගේ ඔලුව නැති පින්තූරයක් ළඟ තියාගෙන බෙහෙත් වේල් 1 - 2 බොනකොට සනීප වේවි. (නි)
මම පුද්ගලිකව දන්නවා එහෙම සම්බන්ධයක් තිබුණා. ඇත්තටම ඇත්ත. (ස)
ඓශ්චර්යා මාවත් රැවැට්ටුවා. (නි)
පුදුම පිස්සෙක්නේ ... මෙහෙමත් පිස්සෝ ඉන්නවද ? මොකක්ද මේ පටලැවිල්ල ? කියවන අපිටද පැටලිලා තියෙන්නේ ? (ස)
මේ වගේ නඩු ගෙනිහින් අපේ උසාවි වලට අගෞරව කරන්න එපා (නි)
අම්මෝ ඕක ඉන්දියාවේ අයට නිකමට වත් දැනගන්න තියන්න එපා. ලැජ්ජාවේ පණ යනවා. පිස්සු ඩබල්. (ස)
මේවා දකිනකොට ලංකාවෙ ඉන්න අය ගැන දුක හිතෙනවා. නැවත ලංකාවට එන්නත් බැහැ කියලා හිතෙනවා. (නි)
දෙයියෝ සාක්කි! (නදී)
අනේ අපොයි! මෙහෙමත් අයනේ අප අතර ඉන්නේ. (නි)
එක ඉතින් එයාගේ කැමැත්ත නේ මචන්ලා. (ස)
ඒ පාර මේ මොකක්ද මේ පිස්සුව.(නදී)
මොලේ නැද්ද ? මේ අයගේ ඔලුව විතරද තියෙන්නේ. (නදී)
මගේ ඔලුවත් අවුල් උනා! (නදී)
මොකක්ද මේ වෙලා තියෙන්නේ? මට නම් මේ මොනවත් තේරෙන්නේ නැහැ.(නදී)
මෙච්චර කල් මෙයා කොහෙද හිටියේ? (නි)
අයිශ්වර්යා සමග ප්‍රේම සම්බන්ධයක් තිබිල පස්සේ බච්චන් බැන්ඳ නිසා එ්ක කැඩිලා මානසික අපහසුතාවයට පත්වෙච්ච නිසා නඩු කියල වන්දි දෙනවා කියල බෑනා කෙනෙක්ට රුපියල් ලක්ෂ 17ක් දීල පස්සේ බෑනා වංචා කළා කියල නඩු දාලා... බෑනා ටික ටික ගෙවන්නම් කියලා... මට මුකුත් මතක නැහැ...(නදී)
අනේ පවු. දැන් පරණ ආදරේ ආරංචි වෙලා බච්චන් අයිෂ් ව දාල ගියොත් ? මට තමයි කරගහන්න වෙන්නේ. (ස)
සුපිරියි.(නදී)
මේවා මොනාද...තමන් තමයි නියම ශාරුක් ඛාන් කියාගන්නා ලංකාවේ කෙනෙක් මිලානෝ ඉඳිද්දී.(නදී)
ලක්ෂ 17 ලැබුණු ගමන් බෑනා කියන්න ඇති, "මගේ බුදු මාමණ්ඩිට, බුද්ධං සරණේ සරණයි!" කියලා. (නධී)
මරු ආතල්. වෙන නැත්තන්. (ස)
අම්මේ ඕක ඉන්දියාවට නම් දැන ගන්න ඉඩ තියන්න එපා. ඊට පස්සේ එයාල හිතයි මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද ලංකාවේ කියලා.(*නදී)
මට මේ කතාව තේමාකරගෙන අලුත් චිත්‍රපටයක් හදන්න හිතෙනවා. (නදී)
මේ මහා අනුවන මිනිස්සු (දී)
ඇත්තටම පිස්සු.(නදී)
මම අයිෂ්වර්යාට ලව්, අයිෂ්වර්යාට මම ලව් අන්කල් අපි දෙන්නටම ලව්.(නදී)
පිස්සු නැත්තම් ෂෝක් කොලු පැටියා. මේ වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවද? (නි)
මේක මහා හතර බිහිරි කතාවක්නේ! මේ ටිකේම අහන ඒවාට මොළය කචල් වෙලා තියනවා මදිවටද මේ අමුතු පෙම් කතාවක් ඇවිල්ලා තියෙන්නේ? (නි)
ඒ කාලේ මමත් අයිෂ්චර්යට ආදරය කල එය දන්නවා ද කියල අහල බලන්න ඕනා.(නදී)
මේ කතාව බොරුවක් නෙමෙයි. මම දන්නා පරිදි ඇයට ලෝකයේ දහසක් දෙනා ආදරය කළා. මේ ඉන් කෙනෙක් වෙන්න ඇති. (නි)
මමත් රැවටුණා. හැබැයි ඒ ආසියාවේ ආශ්චර්යයට, ඉන්දියාවේ නෙමෙයි. (ස)
අනේ ඇත්තට මේ මනුස්සයට පිස්සු කියන අයටයි පිස්සු. මෙයාලගේ ලව් එකක් තිබුණද කියලා දන්නේ කවුද? ඉන්දිරා ගාන්ධිත් මුලින්ම යාළුවෙලා හිටියෙ ලංකාවේ කෙනෙක් එක්ක කියා ඔයාල දන්නවද? (ස)
පිස්සු හැදෙන සඳ කිව්වලු. (ස)
නියමයිනේ! (නි)
මානසික රෝගයක්ද මන්දා! (නි)
ඔක්කොටම පිස්සු, මටත් නිකන් ඔලුව කැරකෙනවා (නි)
විකාර.... (ස)
මෙයා කන්නෙ බත්ද දන්නෑ. (ස)
කියවන අපිට පිස්සුද? (නදී)
දුමිරිය අනතුරු, මකොල්ල, පැහැර ගැනීම, මිනීමැරුම් ගැන පුවත් කියවා කනගාටු වූ අපට දුටු පමණින් ඉල ඇට කැඩෙන තුරු සිනාසෙන්න පුවතක් ලබාදුන් ලංකාදීපයට ස්තුතියි. (නදී)
මට පිස්සු වගෙයි (නි)
ඕනෑම කෙනෙකුට සිතින් පෙම් කරන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්, නමුත් මෙතන මේ නඩු දාන්න ගිය එක තමයි වරද (දී)
ටී20 පරාදවෙලා ඉන්න ඉන්දියාවට බිම පෙරළි පෙරළි අපිට හිනාවෙන්න පුවතක්නේ මේක. කිව්වත් වගේ මේක නම් රටින් පිට යන්න දෙන්න එපා. ඉන්දියාව අපිව ලෝකයේ මෝඩම රට හැටියට නම් කරාවි. (නි)
මාමගේ ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගත් බෑනා තමා වරදකරු. අැයට පෙම් කළ පුද්ගලයාගේ කිසිම වරදක් නැහැ. ඒ ඔහුගේ පෞද්ගලික මනාපය හා අයිතිවාසිකම. නමුත් මුදල් වංචා කිරීම හා ඔහුගේ සිහිනය යම්තාක් දුරට විශ්වාසයක් තැබිය හැකි අයුරින් ක්‍රියා කිරීම හා අවසානයේ මෙම වංචාවත් සමඟ ඔහු තවත් මානසික ලෙස පීඩාවට පත්වීම ඉතාමත් දුක්මුසු අවසානයක්. නොදැනුවත්කමින් ඔහුට ඇතිවුණ ආශාව හා සිය පෙම්වතිය අහිමිවීම පමණක් නොව ලක්ෂ ගණනක මුදල් අහිමි කිරීම ඔහුට ලැජ්ජාවක් හා පීඩාවක් වන අතර බෑණා ඔහුව රැවටීම මා හිතන්නේ දරා ගන්නට බැරි වේදනාවක් විය හැක. (නි)
අනේ මෙහෙමත් පිස්සෝ.(නදී)
මම වරක් සිහිනෙන් මෙම අයිෂ්වර්යා උත්සවයක් පවත්වා විවාහ කරගත්තා. ! පසුවදා උදේ දන්නේ මේ ඔක්කොම සිහිනෙන් වූ දේවල් කියා. සිහින ඔක්කොම සැබෑ නොවුනත් සමහර සිහින සැබෑ වෙන අවස්ථා තිබෙනවා.(නදී)
මේ සම්බන්දය ඇත්තටම 50% ක් තියෙන්න ඇති. මේ කොලුවාගේ 50% විතරයි. ඓස්චර්යාගේ 50% නැහැ. මොකද එයා දන්නේ නැහැනේ.(නදී)
මේක විහිළු කතාවක් වගේ පේනවා. ඒත් මේ මනුස්සයට මානසික ලෙඩක් නැත්නම්,මෙහෙම කියන්න හේතුව මොකක්ද කියා හිතන්න ඕනා. අපිට විස්වාස කරන්න බැරි ගොඩක් දේවල් සිද්ද වෙනවා. (නදී)
මට නම් මොකුත් හිතා ගන්න බැහැ. පිස්සු හැදෙන කතාවක්නේ මේක.(නදී)
මේවා ලෝකේ වෙන්න පුළුවන්. මෙහෙම මානසික අවපීඩන ඇති වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. බෑනා මාමට කරපු දෙයට දීපු දඩුවමත් සාධාරණයි. (ස)
ආසියාවේ ආස්චර්‍ය.(නදී)
මේ හේතුව උඩ අයිෂ්වර්යා සහ අබිසේක් අතරේ ප්‍රස්නයක් ඇතිවී පවුල් ජිවිතයට අවුලක් වෙයිද ? අපේ උන්ගේ පිස්සු විකාර නිසා අහිංසක පවුලක් ? (නදී)
අද උදේ පාන්දර මම දැක්ක හොඳම විහිළුව.(නදී)
දැන් උසාවියට ඵෙශ්චර්යාට එන්න වෙයිද? (නි)
අයියෝ! මට පිස්සුද? නැත්තම් මේ ඇත්තද? (නි)
පිස්සුද හේෂාන් එහෙම වෙන එකක් නෑ. (ස)
කියවගෙන යද්දී මට හිතුනා මට තේරෙන්නේ නැහැනේ කියා. බලද්දී ගොඩ දෙනෙක්ට පොල්ලෙන් ගැහුවා වගේ තමා.(නදී)
අනේ මටත් ආසයි.(නදී)
මේ අංගොඩින් පැනපු කෙනෙක් ද ? (ස)
අනේ කියන තැනකට වදින්නම් ලංකාදීප කතු තුමනි......මේ විස්තරය ඉන්දියාවේ මිනිස්සුන්ට ආරංචි වෙන විදියට ඉංගිරිසි පත්තර වල යන එක පුලුවන්නම් නවත්වන්න.....මොකද මුන්ට පිස්සු තිබුනට ඒවාට අපි පලි නැහැනේ....අපි ඉන්දියාවේ මිනිස්සුත් එක්ක නිතර ගැවසෙනවා.ඕව ඒ මිනිස්සු දැනගත්තොත් අපිටත් ඒ මිනිස්සුන්ගේ මුණ බලන්න බැරි වෙනවා....(නදී)
ඇත්තටම පිස්සු මනුස්සයෙක්.(නදී)
අනේ අපොයි මේ වගේ මෝඩ පිස්සෝ අපේ රටේ ඉන්නවනේ.ආශ්චර්යා දන්නව නම් බෙල්ලෙ වැළ දා ගන්නවා. මේ මනුස්සයට මානසික රෝගයක් ඇති මං හිතන්නේ. (ස)
මේකට හිනා වෙන්නද හඬන්නද හිතා ගන්න බෑ.(නදී)
බුදු අම්මෝ අන්තර්ජාතික සිද්ධියක් සහ ප්‍රචාරණයක්.(නදී)
මමත් මේ වාගේ කාලයක් සිතින් ආදරය කළා ලංකාවේ නිළියකට . එහෙත් පසුව මම එය සිතෙන් බැහැර කළා . එයා පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත්වීම නිසා . දැන් සිත සැහැල්ලුවෙන් ඉන්නවා . ආපහු එම මෝඩ කම් නොකර . (ස)
අනේ මන්දා! මම නම් මේක කීප සැරයක් කියෙවුවා. මට නම් පිස්සු වගෙයි. (නි)
මෙයාට පිස්සු (ස)
මට නම් නිකන් පිස්සු වගේ (නි)
දුම්මලසූරිය, ඉන්දියාවේ මිනිස්සු එලව ගන්න බැරිවුණොත් දුම්මල ටිකක් වත් ගහලා බලන්න. (ස)
මොහුට පිස්සුද? (නි)
හොඳට තිබුන ඔලුවත් නිකන් හෝන්දු මාන්දු වුණා වගේ.මට නම් පිස් සු වගේ. (නි)
පිස්සෙක්වත් මෝඩයෙක්වත් නොවෙයි,ලෝක අමාරුකාරයෙක් ඉස්සරහට ඡන්දය ඉල්ලයිද දන්නේ නැහැ (ස)
හිනා වෙන්න එපා. එයා මානසික රෝගියෙක් වෙන්න ඇති. කොහොම උනත් ලංකාදිපෙට ස්තුතියි. මොකද චුට්ටක් වැඩියෙන් හිනා ගියා.(නදී)
ස්තූතියි අපිව සතුටු කළාට (නි)
අමතක කරන්න එපා, අපි අතර මානසික රෝගීන් ඉන්නවා.මොනවා වුණත් හිනාගියා අපිට (නි)
හිනා වෙලා පන යනවා. මේක දාන්න තියෙන්නේ දෙයියෝ සාක්කියට.(නදී)
මමත් ආදරෙයි. හැබැයි එයා දන්නෙ නැහැ (නි)
පිස්සු නැත්නම් ෂෝක්. (ස)
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
අයියෝ ඔය ෆේස් බුක් එකේ, මිත්‍ර කමක්.(නදී)
මිනිස්සුන්ගේ සිතිවිලි විහිලුවකට ගන්න එපා යාලුවනේ. (නි)
මේවා හිතලා අපි මොකටද ඔලුව නරක් කරගන්නේ? (නි)
පිස්සු නැත්නම් නියම කතාව (නි)
මට පේන්නේ මානසික රෝගියෙක්ද කොහේදෝ.(නදී)
මන් ඓශ්වර්යා කෙලීට කෝල් කරලා චෙක් කළා මේ ගැන. ඒ දැරිවි මේ ගැන හාංකවිසියක්වත් දන්නේ නැහැ. අමිතාබ් ඉන්නේත් හොඳටම අප්සට් එකෙන්. අභිෂේක්ට තවම මුකුත් හිතාගන්න බැරිලු (නි)
බැණා අයිශ්වර්යට ලව් කලානම් හිනා නොවී ඉන්න තිබුනා. ඒත් මෙතන ලව් එක දීල තියෙන්නේ මාමා නේද? බැනට දුව දුන්නට පස්සෙද අයිෂ් ට ලව් කරලා තියෙන්නේ? හොද වෙලාවට බෑනගේ සපෝර්ට් එක දුවට ආරංචි වෙලා නැත්තේ.(නදී)
අනේ මන්දා? මට නම් මුකුත් තේරෙන්නෙ නැතෝ...... (ස)
ඔවුන්ට පිස්සුද, අපිට පිස්සුද කියලා මට තේරෙන්නේ නැහැ (නි)
පිස්සු නැත්නම් ෂෝක්. (ස)
මාමගේ පිස්සුවෙන් බෑනා නියම ප්‍ර යෝජනය අරගෙන තියෙනවා.(නදී)