IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒවා කැත පින්තූර නෙමේ

20160321-ent-94

ටානියා මෙලීසා නම් ඈ මෙරට නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිස දස වසරකට ආසන්න කාලයක් නික්ම ගොසිනි. එහෙත් තම ජනප‍්‍රියත්වයත් සුන්දරත්වයත් බිඳකිනුදු අඩු නොකර ගත් ඈ අදත් එදා මෙන් නිරූපණ කලාව තුළ සිය හැකියාවන් ප‍්‍රදර්ශනය කරන්නේ නවක ශිල්පි ශිල්පිනියන්ටද ආදර්ශ සපයමිනි.

 

20160321-ent-93ඉතින් ටානියා මොනවද මේ දවස්වල වෙන්නෙ?

මේ දවස්වල විශේෂ දෙයක් නම් වෙන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට වැඩකටයුතු වලට සහභාගි වෙන එක තමා කරන්නෙ.

 

ටානියා දැන් මේ ක්ෂේත‍්‍රයට ඇවිත් ලොකු කාලයක්. එදා සහ අද කොහොමද?

අපේ කාලෙ සහ දැන් තියෙන ලොකුම වෙනසක් තමා ෆෙස්බුක්. අපි එද්දි ෆෙස්බුක් තිබ්බෙ නෑ. ෆ‍්‍රී ෂූට්ස් කියලා දෙයක් තිබ්බෙ නෑ. අද ගොඩක් ඉන්නෙ ෆෙස්බුක් මොඩ්ල්ස්ලා. ෆෙස්බුක් එකෙන් ෆ‍්‍රී ෂූට්ස් කරලා ජනප‍්‍රිය වෙන්නයි එයාලා උත්සාහ කරන්නෙ.

 

ඉතින් ඒකෙ වැරුද්දක් තියෙනවද?

වැරුද්ද තමයි ඒ හින්දම එයාලා නිරූපණ ක්ෂේත්‍රෙය් තියෙන තත්ත්වයන් හෑල්ලූවට ලක්කරලා දාලා. හරියට යමක් ඉගෙන ගෙන ආපු අය ගොඩක් අඩුයි. මොඩ්ලින්වල තත්ත්වෙ කොච්චර හෑල්ලූ වෙලාද කිව්වොත් මම ආපු දවස්වල වෙළෙඳ දැන්වීමක් කරන්න රුපියල් හැටදාහක් ගෙව්වා. දැන් ඒ කම්පැනියම රුපියල් විසිපන්දාහට අපිට දැන්වීම්වලට කතාකරනවා. ඒකෙන්ම තේරෙනවනේ වෙලා තියෙන දේ.

 

නිරූපණ ක්ෂේත‍්‍රය කියන්නෙ විශාල තරගකාරී ක්ෂේත‍්‍රයක්. අවුරුදු දහයක් එකදිගට ජනප‍්‍රියව ඉන්නෙ කොහොමද? මොකක්ද රහස?

මෙහෙමයි මේ කෙදි සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන්ම මොඩ්ලින් කියන එක අපේ Passion එක වෙන්න ඕන. එහෙම නැතුව බැහැ. ඒ වගේම මම කිසිම වෙලාවක වැඩ පස්සෙ පන්නන්නෙ නෑ. මම කරන්නෙ මට ලැබෙන වැඩ. එතකොට අපේ චරිතෙ වගේම තත්ත්වෙත් තියාගෙන ඉන්න පුළුවන්. මගේ Motto එක තමා ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙ නැහැ කියන එකයි.

 

නිරූපිකාවක් චරිතෙ ගැනත් හිතන්න ඕන නේද?

අනිවාර්යෙන්ම හිතන්න ඕන. රූපෙ සිරුර හැමදෙයක් ගැනම හිතන අතරේ චරිතෙ ගැනත් ලොකු අවධානයක් දෙන්න ඕන. මම එහෙමයි.

 

කටකතාවලට මුහුණදීල තියෙනවා නේද?

අපොයි ඔව්. මේ ළඟදිත් එහෙම දෙයක් වුණා. ඔයා මේක මෙහෙමම දානවා නම් මම ආසයි. මම කලින් විවාහ වෙලා හිටියෙ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම දැන් ආදරය කරන කෙනාට කිස් එකක් දෙන පින්තූරයක් ගොසිප් වෙබ් අඩවියක ගිහින් තිබුණා. අම්මා කෙනෙක් ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලයි ඒකෙ ගිහින් තිබ්බෙ. ඒක වැරදි පින්තූරයක් කියල මම හිතන්නෙ නෑ. ඒවා කැත පින්තූර නෙමේ. මම දැනට ආදරය කරන්නෙ ලංකාවෙ ප‍්‍රසිද්ධම DJ කෙනෙක් වන නලින්ද උපුල්ට. මම හිතන්නේ මේ මගේ ජීවිතේ පළමු ආදරය කියලයි.

 

අම්මා කෙනෙක් විදිහට මේ දේවල් ඇත්තටම ප‍්‍රශ්නයක් නෙවෙයිද?

මගේ ලොකු පුතා ඉන්නෙ කලින් සැමියා ළඟ. මම සති අන්තය විතරක් ලොකු පුතා එක්ක ගතකරනවා. පොඩි පුතා මා ළඟ ඉන්නෙ. නලින්දත් පුතාට ගොඩක් ආදරෙයි. එයාගෙ ඔෆිස් එක තියෙන්නෙත් ගෙදර. අපේ අම්මත් ඇවිත් පුතාගෙ වැඩවලට උදව් කරනවා.

 

ටානියා කැමැතිම ස්ටයිල් එක මොකද්ද?

ම්ම්ම් ගොඩක් ඒවට ආසයි. නමුත් Smart Casual වැඩියෙන්ම කැමැති.

 

අන්තිමට කිව්වොත් නිරූපිකාවක් වීමේ හොඳ පැත්ත මොකක්ද කියල?

නිරූපිකාවක් වීමේ කිසිම වැරුද්දක් තියෙනවා කියලා මම කියන්නෙ නෑ. සමහරු තමන්ගෙ ලස්සනෙන් අනවශ්‍ය ප‍්‍රයෝජන ගන්නවා. නමුත් මම නිරූපිකාවක් වීමෙන් ලබපු ලොකුම දේ තමයි මගේ ජනප‍්‍රියත්වය. මාව ගොඩක් අය දන්නවා. ඒක ගැන ගොඩක් ආසයි.

 

රජිත / සේයාරූ - සුමුදු

 

20160321-ent-92
20160321-ent-91
 



අදහස් (0)

ඒවා කැත පින්තූර නෙමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site