ජා-ඇල ඒකල කර්මාන්තපුරයේදී ලක්ෂ 75 ක මංකොල්ලටය ගොදුරු වූ කර්මාන්තශාලා අධ්‍යක්ෂ, මීගමුව කදිරාන කිඹුලාපිටිය පාරේ අර්ඩ්ලි සෙන්ට් ක්ලාරි ඩේවිඩ් (56) මහතා හෘදයාබාදයකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මැයි 28 වැනිදා ඔහු සිය දියණියගේ විවාහය වෙනුවෙන් මෙම මුදල් රැගෙන යමින් සිටියදී කොල්ලකෑම සිදුවිය. විවාහ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබිණි.
ඔහුගේ හදිසි මරණය පිළිබද පරීක්ෂණය මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ජීවිතේ! චෙක් පතකින් ඔය ගෙවීම කළා නම් ජීවිතේ සහ මුදල් දෙකම ආරක්ෂා කර ගන්න තිබුනා නේද? (නි)
හරිම දුක හිතෙන පුවතක්, මටත් බදින වයසේ දුවක් ඉන්නවා.ඒ අම්මා දුක කොහොම ඉවසන්නද?මටත් දැනෙනවා ඒක. (නි)
හොඳටම ප්ලෑන් කරලා කරපු වැඩන්. හොඳටම දන්න අය හවුල් ඇති මට නම් හිතෙන්නේ. (නි)
මුදල් නෝට්ටු වල ටැග් නොම්මරයෙන් හොරු අල්ලන්න බැරිද? (නි)
මේ වගේ මංකොල්ලකාරයෝ හුඟ දෙනෙක් දේශපාලකයින්ට සම්බන්ධ අය. පොලිසි වලටත් වැඩිය මොකුත් කරන්න බැරි ඒ නිසයි. (නි)
බය වෙන්න එපා. හොරකම් කරපු අයගේ පවුලේ අයටත් ඔය ටික ඔය විදියටම වෙනවාමයි. (නි)
ජීවිතන් අනියතන් මරණන් නියතන් (නි)
ලක්ෂ 75 කොම්පැනියෙන් ගෙවල තියෙනවලු.(නදී)
මේ හැමදෙයකටම මුල හොයලා බැලිය යුතුයි. හොරු,මංකොල්ලකාරයෝ,ගැහැනු දුෂකයෝ, ළමා අපචාරකයෝ, කුඩු විකුණන අය හැම කෙනෙක්ම දන්නවා තමන් ටික දවසකින් නිදහස් කියලා. (නි)
අයියෝ සල්ලි
පොලිසියේ පරණ කෙනෙක් හෝ හමුදාවේ පැන ආපු කෙනෙක් සම්බන්ධ නොවී තිබුනොත් තමයි මට නම් පුදුමේ. කවුරු කළත් මේ අපරාධය කළවුන්ට හොදක් නම් වෙන්න එපා කියලා මම පතනවා (නි)
පිටිගල මිලානෝ පිස්සු කතා කරනවා. මනුස්සයෝ, මොන දඬුවම දෙන්නත් උන්ව අල්ලගන්න ඕනෑනේ. මෙලහකටත් හොරු රටින් පැනලද දන්නේත් නැහැ. (නි)
මේ පියා සිය දියණිය ගැන තිබුණු බලාපොරොත්තු, දියණියගේ සිතේ තිබුණු බලාපොරොත්තු, මවගේ බලාපොරොත්තු කොතෙක් වන්නට ඇද්ද? නමුත් මංකොල්ලකරු තවම නිදැල්ලේ? (නි)
මෙය තවත් සිදුවීමක් පමණි. ඉවසීම නැති නිසා අපිට කේන්ති යනවා ඉක්මන් ප්‍රතිපල නැති නිසා. නමුත් මංකොල්ල කරුවන්ට නිසි දඩුවම් ලැබේවි ස්වභාව ධර්මයෙන්. කාලයක් ඉන්න වේවි ඒකට. මෙවැනි සිදුවීම් නවත්තන්න නම් සාමාන්‍ය ජනයා නිරායුධ කළ යුතුුයි. පොලිසියෙන් පමණක් ප්‍රතිපල බලාපොරොත්තු නොවන්න. ඔබට නිවන් සුව. ඔබ පවුලට මගේ කණගාටුව. මගෙත් සියලු දේ නැති වුනා රාජගිරියේදී. පැමිණිල්ලක් දැම්මා.අදටත් එය පැමිණිල්ලක් පමණි. (නි)
ඒවා සාදාරන මුදල් නිසා තමයි ඒ මනුස්සයා මියගියේ...නිවන් සැප ලැබේවා.... (ස)
කමල්, කණගාටුදායක ප්‍රවෘත්තියක් හාස්‍යයට ලක් කරන ඔබලා වගේ නරුමයෝ සමග එකම ජාතියක ඉපදීමත් කරුමයක්. අනෙක් අයගේ ප්‍රතිචාර බලලාවත් ප්‍රතිපත්ති නිවැරදි කරගන්න. විරාජ්. ඒ මහතා ධනය උපයා ඇත්තේ අවශ්‍යතාවයන්ට වියදම් කිරීම සඳහායි. එය 'ආශා' කිරීමක් වන්නේ කෙසේද? බුද්ධ දේශනාවලත් ධනය ඉපයීම වරදක් ලෙස සඳහන් වන්නේ නැහැ. මිල මුදල් 'සර්පයකු' ලෙස සඳහන් කොට ඇත්තේ මාර්ග ඵල ලබා ගැනීම සඳහා ශාසනයට පිවිසි බුද්ධ ශ්‍රාවකයන්ටයි. දේශනා වල වැරදි අගින් අල්ලාගෙන ලාභ මානසික තෘප්තීන් අපේක්ෂා කරන ඔබ වැන්නවුන් නිසා නිර්මල බුදු දහම කිලිටි වනු ඇත. (නි)
නමේ හැටියෙන් සුදු ජාතිකයෙක් වගෙයි. බෞද්ධයෙකුට නම් මේ දේ බුදුබණ සිහි කරලා සිත නිවාගන්ට තිබුනා කියලා මට හිතෙනවා.ඔහුට මොක් සුව පතමු. (නි)
මංගල සිරියෙන් බබලන්න කිබූ නිවසක්. මේ අමනුශ්‍යයින් නිසා අවමංගලයකට පත් වූ සෝචනීය අවස්ථාවක්. ඇතමුනට සුවබර නින්දක්. ළමයාට යහපත් අනාගතයක්. (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සුදු වෑන් එකකින්ද කොල්ලකන්න ඇවිත් තියෙන්නේ? (නි)
ගෆූර් ගේ අදහස හරි. පවුලේ අය සිද්ද වුන දෙය තුල මැරී මැරී ජීවත් වෙයි. අනිත් අයට නම් තව ටික දවසකින් අමතක වෙලා යාවි. ලංකාවේ හැටි එහෙමනේ.(නදී)
ඉතාමත් කණගාටුයි. (ස)
පව් ඒ ළමයා.(නදී)
මේ හොරුන්ට මේ ආත්මෙදිම කළකම් පලදෙනු එක වෙනවාමයි.(නදී)
මාත් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්,කොච්චර අමාරුවෙන් හම්බුකරපු සල්ලි වෙන්න ඇතිද තමන්ගේ දුව වෙනුවෙන්? (නි)
අයියෝ මොන අපරාධයක්ද වුනේ? මේ හොරු නිසා වටින ජීවිතයක් නැති වුනා. නමුත් හොරු නිදෑල්ලෙ (නි)
කණගාටුදායක පුවතක් , මුදල් ගැන හරි අවබෝදයක් නැහැ වගේ ?(නදී)
අනේ මේ සල්ලි ගත්ත අයට මොනවද නොවෙන්න ඕනේ.(නදී)
ධනයට ආසා නොකරන්න, මුදල් සර්පයෙක් වගේ. අශෝබන කතා කියන අයගෙන් මන් අහන්නේ මේ හොරකම සාදරනිකරණේ කරන්න හදන්නේ ඇයි? (ස)
සාමදානයේ සැතපේවා! (නි)
මේ ලෝකදිම පලදෙයි ඔය මිනිස්සුන්ට.(නදී)
මංකොල්ල කාපු අයගේ හත්මුතු පරම්පරාවටම මේවා පලදෙයි.(නදී)
ජීවිත කාලයේම හම්බ කරපු සල්ලි මගුල් ගෙයකට වියදම් කරන්න ගිය නිසා තමයි එකවර මේ වගේ මුදලක් අහිමි වෙන්න මග පෑදුනේ. මේ කතාව පිටුපස සමාජයේ මහා කෙදවාචකයක් තියෙනවා. තමන් සතු සියලු මුදල් අහිමි වීම නිසා තමයි මේ මහත්තයට හර්දයබාදය හැදෙන්න ඈත්තේ. ලක්ෂ 10කින් 15කින් මගුල කරන්න සුදානම් උනානම් එම මුදල හොරු ගත්තත් ඉතිරි මුදලින් සැහීමකට පත්වෙන්න තිබුනා. මේ වගේ දේවල් සමාජයේ හැමෝටම හොඳ පාඩමක්. (ස)
ජිවිතයක් නැතිවූ එක ගැන දුක් වෙනවා. එතුමාට නිවන් සුව පතනවා. (නි)
නැකැත් වෙලාව එච්චර හොඳ නැහැ වගේ කියලයි මට නම් හිතෙන්නේ. අනේ මන්දා මම හරිද කියලා (නි)
හොරකම කළ අය කොහේ හැංගිලා අනුන්ගේ සල්ලි වලින් මොන සැප ගත්තත් තමන්ගේම හෘද ශාක්ෂියෙන් ගැලවීමක් නැහැ.මේ ආත්මයේදීම පොලියත් එක්කම ගෙවයි. (නි)
මන්කොල්ලකාරයෝන්ට මරණ දඬුවම දිය යුතුයි.(නදී)
මැද පෙරදිග රටවල් දිහා බලන විට මෙවැනි දේ අපේ රටේ සිදු වන්නේ ඇයි කියලා සොයා ඒවාට නිසි පිළිතුරු සම්පාදනය කලොත් අනිවාර්යෙන්ම මෙවැනි දේ අපේ රටෙන් සදහටම තුරන් වේවි. (නි)
ඉතාමත් කණගාටු පුවතක්, ඔබතුමාට සල්ලිත් ජීවිතයත් නැතිවුනා, සමාගම් අධ්‍යක්ෂක කෙනෙක් හැටියට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා. (ස)
මංකොල්ලයට තියා ඇස් ඉදිරිපිට මිනිමරුවත් ප්‍රසිද්ධ මරණ දඩුවම නැහැනේ. ඒකයි වරද (නි)
අනේ ..මේ මොන අපරාදයක්ද? ඒ දුව කොහොම දරා ගන්නද? නීතියට අහුවෙලා දඩුවම් නොලැබුනත්,අනිවාර්යෙන්ම දෙවියන්ගෙන් දඩුවම් ලැබෙනවාමයි (නි)
මේ අපරාධ පාලනය කරන්න නොහැකි වන තාක්කල් අපේ රට ආාගාධයට වැටීමත් නවත්වන්න බැහැ (නි)
මෙතනදී මෙම කොල්ල කරුවන් අපරාධ කිහිපයක් ම සිදු කරලා තිබෙනවා. (1) මුදල් කොල්ල කෑම (2) අහිංසක වයාපාරිකයෙක්ව ඝාතනය කිරීම (3) ඔහුගේ දුවගේ මංගල්‍ය උත්සවය කල්යාමෙන් ඇගේ හිමිකම් කඩකිරීම. (4) අනුන්ගේ සතුටට බාධා කිරීම. ඒ තුලින් මංගල්‍ය උත්සවයක් අවමංගල්‍ය උත්සවක් ලෙස පරිවර්තනය කිරීම. මේ වගේ වැරදි වලට මොන වගේ දඩුවම් දිය යුතුද? මේ වගේ අපරාධ කරුවෝ මේ ලෝකේ ජීවත් විය යුතුද? සුජාන්, දෙමාපියන් ජීවත් වෙන්නේ තම දරුවන් නිසා ඔවුන්ගේ මංගල්‍ය උත්සවයට කෝටියක් වියදම් කලත් කාටත් ඇති අමාරුව මොකක්ද? මේවා තමා ජීවිත කාලය පුරා දෙමාපියන් දකින සිහින අමනුෂයෝ නිසා මේ ආදරණීය පියාට තම සිහිනය සබෑ කිරීමට නොහැකිවුනා පමණක් නොව තම දියණියගේ මංගල්‍ය තම දෑසින් දකින්න නොලැබීම තරම් අවාසනාවන්ත වුන. අපේ රටේ නීතියේ ඇති වරද. ඒ නිසා කිසිම අපරාධයක් කරන්න කවුරුත් බිය වන්නේ නැහැ. (නදී)
එකක් තාත්තාගේ මරණය, අනික දුගේ අනාගතය... මේක තමයි ලෝක ධර්මතාවය. සියල්ල නැසෙන සුලුයි. ධනයට ආසා නොකරන්න. අසීමිත ආසාවන් දුකක්. බුදුන් වහන්සේ ධනය සර්පයෙක් හැටියටයි දැක්කේ (නි)
මේකට කවුරු හවුල්ද දන්නේ නැහැ . (නි)
මැදි වයසේ පුද්ගලයින්ට දැඩි මානසික පීඩනයන් උසුලන්ට බැරි බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ.මුදල් ගත් නරුමයන්ට හොදක් නම් නොවේවා! (නි)
වැරදිකරුවන් සොයා ඉක්මන් දැඩි දඬුවම් දිය යුතුයි. (නි)