ශ්‍රී ලංකා මහ බැංකුව හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට හා සේවක අර්ථ සාධක අරමුදලට සිදුවූ පාඩුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් අසීමිත ලාභයත් පිළිබඳ සොයා බලා පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (31) අල්ලස් කොමිසම පැමිණිල්ලක් කළහ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයථා ගනුදෙනුවලට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පිටු 5ක ලියුමක් අල්ලස් කොමිසමේ සභාපතිට ඉදිරිපත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකීක සියලු දෙන ඔබතුමාලගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න වයස් 60 වැඩි සියලුදෙනාම ඉල්ලා අස්වී දැන් යන තනකට යන්ට පිනක් කරගන්ට. ඔබ සැම බොහෝ කාලයක් රටේ පවට ආ පව්කාරයෝ. (බ)
අල්ලස දුෂණයට විරුද්ධ වීම කාගේත් පක්ස බේදයකින් තොරව කළයුතු දෙයක්. නමුත් මේ අයට ඒ සඳහා සැබෑ වුවමනාවක් තියනවද හෝ සදාචාරාත්මක අයිතියක් තියනවද කියන එක ජනතව තීරණය කළ යුතුයි (බ)
මැතිතුමල්ලා කී දෙනෙක් පසුගිය දසවසර තුල දුෂණයට එරෙහිව , මහා බැංකු ගනදෙනු වලට විරුද්ධව කී සැරයක් අල්ලස් කොමිසට පැමිණිලි කළාද.ඒ කාලයේ කොන්දක් එ්කට තිබුනද ? (බ)
මෙය අගමැතිට එරෙහිව නේද ? (බ)
අන්න හොද වැඩක් කළා. ඕක තමයි වෙන්න ඕන. (බ)
මරු කට්ටිය ගිහින් තියෙන්නේ ...(බ)
ඒ කාලේ විරුද්ධ පක්ෂේ එවුන් නිදි වැද්දද අර්ජුන? (බ)
අර්ජුන් මහේන්ද්‍රන්ට වගේම හිටපු මහා බැංකු අධිපතිටත් ඒවගේම බැසිල්ටත් එහෙම ම පැමිණිල්ලක් දාන්නකෝ. ඊට අමතරව ඔය කවුරුත් ගහපුවටත් ආපු අය එකිනෙකට එරෙහිව පැමිණිලි කරගත්තොත් හොදයි නේද. (අ)
මේක තමන්ගේ පව් හෝද ගන්න කරන උත්සාහයක් නේද ? මේ උන්නැහේල කලින් මහබැංකු අධිපතිවරයාට තිබෙන දුෂණ සහ වංචා ගැනත් මේ විදියටම පෙත්සමක් ඉදිරිපත් කළානම් තමයි වැඩේ සම්පුර්ණවෙන්නේ .(බ)
ඉතිහාසයේ මේ රටේ දේශපාලන්දයන්ට දේශපාලන වශයෙන් කළ වැරදිවලට දඬුවම් දීලම නැතිලු. එක හරියට හරි. කාලයෙන් කාලයට එක් එක් දේශපාලන නායකයන්ට රටේ ජනතාව රැවටනවා. එච්චරයි වෙන්නේ. (හේ)
සහන්, බැසිල්ට විරුද්ධව පැමිණිලි දාලා දැන් විභාගත් කර ගෙන යනවානේ. අනික බැසිල්ට විරුද්ධව තියෙන චෝදනා බිලියන ගණන් වංචා නොවේ. බැදුම්කර වංචාව යනු බිලියන දහයක් කියලා අවසන් කරන්න බැහැ. එය අවුරුදු තිහක කාලයක් ඇදීගෙන යන පාඩුවක්. රටේ ආර්ථිකයට කෙලින්ම බලපාන රටේ හා ජනතාවගේ ආර්ථිකය කඩා බිද දමන වංචාවක්. එජාප පාක්ෂිකයකු වන ඔබලාට එය නොපෙනීම කණගාටුයී . කොලපාට කන්නාඩි ගලෝල රට ගැන හිතන්න පුරුදුවෙන්න. (බ)