පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් පසුව දිනේෂ්, විමල්, වාසු ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙහි කෑකෝ ගසමින් හූ කියමින් කලබල කරන්නට වූහ.
පැය බාගයක් තිස්සේ ඒ කලබලය පැවතියේය. කථානායක කරු ජයසූරිය මහතා පැවසූයේ සන්ධානය කඩා බිඳ දැමීමේ පාපකර්මයට තමා හවුල් නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාද උන කි දෙනෙක් නම් ඉන්නවද.? (ර)
මොකක්ද ඒ කරු ජයසූරියගේ අපප්‍රංශ කතාව. එයා ඉන්නේ සන්ධානේ ආරක්ෂා කරන්නද. සාධාරණය ඉෂ්ට කරන්නද.(කෞ)
මේ වගේ විපක්ෂයක් සිටිය යුතුයි.(හේ)
මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ නරි වගේ හූ කියන්නද මහජන ඡන්දයෙන් මෙම රංචුව පත්කරලා එව්වේ? සභාවේ වැඩකටයුතු අවුල් කිරීමට මොවුන් දරන උත්සාහය නිෂ්ඵල එකක් වෙන බව මේගොල්ලන් දන්නේ නැද්ද? මොවුන් මෙතනට තෝරාපත්කර එවු ඡන්දදායකයන්ට අපි මොනවා කියන්නද? (නි)
සන්ධානයෙන් ධන්දෙ ඉල්ලුවානම් සන්ධානයේ මන්ත්‍රී වරු එහෙනම් සන්ධානයෙන් අයින් වෙලා ස්වාධීන වෙන්න (හේ)
පාර්ලිමේන්තුව මාළු කඩයක් නොවේ කියලා තිබෙනවානේ (නි)
විරුද්ධ මතයට නොමැතිද ඉඩ. (ර)
එදා ඉඳන් කලේ ඕකමනේ... (ර)
දුමින්ද මහතා මැතිවරණය තරග කල පක්ෂ වලට අනුව පාර්ලිමේන්තුවේ ලැබෙන කාලයෙන් ප්‍රමාණයක් එයාලට කැමති පක්ෂයක් සමග සාකච්චා කර ලබා ගත හැකිය. නැතුව පාර්ලිමේන්තුවේ වෙනම ක්‍රියාත්මක වෙනවා කියූ පමණින් එක එකෙනට වෙනම කාලය ලබා දෙන්නේ නැහැ. එහෙමනම් සෑම මන්ත්රිවරයකුම ස්වාදීනව ක්‍රියාත්මක වනු ඇත. (ර)
මාර කතා නායකයෙක්.(කෞ)
දැන් මේ අයට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ මේ දේ තමයි.(හේ)
ජනමතයට හිස නොමන පාලකයෝ (හේ)
මොකද මේ අයට වෙලා තියෙන්නේ.(හේ)
විනයක් නැතිව පාර්ලිමේන්තුවේ කෑගහන සියලු දෙනා එලියට දාන්න ඕන . (ර)
සරත් මොකක්ද ජනමතය. මිනිස්සු ඡන්දෙ දුන්නේ සන්ධානේ ප්‍රතිපත්ති වලට. මෙයාල දන ගන්න ඕන ජනමතය මොකක්ද කියලා. දෙවරක් රටේ මිනිස්සු ඡන්ද දෙකකදී පෙන්නුවා නේද ජනමතය කුමක්ද කියලා. (ර)