වැලිවේරියේ ප්‍රහාරයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරියේ අද (14) සවස විරෝධය පළ කළ ඒකාබද්ධ විපක්ෂය පෙළපාළියෙන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කරද්දී ලෝටස් පාරේදී සිය ගණනක් වු පොලිසිය මාර්ග බාධකයක් සේ පාර අවුරාගෙන සිට ඔවුන්ගේ ගමන වැළැක්වීය.
එම මාර්ගය හරහා බස්ද ගාල් කැර තිබිණි.අවසානයේදී සංදේශයක් රැගෙන නියෝජිතයින් කිහිප දෙනකුට අරලියගහ මන්දිරයට යෑමට ඉඩ ලැබුණේ පැය එකහමාරක පමණ උද්ඝෝෂණයකින් අනතුරුවය.
උද්ඝෝෂකයන් ඇමැතු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ තම උද්ඝෝෂණය නැවැත්වීමට පොලිසිය වේගයෙන් ක්‍රියා කරමින් උසාවියට ගිය ආකාරයටම වැලිවේරියේදී වෙඩි තබා තරුණයන් තිදෙනකු මරා දැමු පිරිසට එරෙහිව ක්‍රියා කළ හැකි බවයි. එහෙත් එවැනි දෙයක් පෙනෙන්නට නැතැයිද වික්‍රමසිංහ මහතා කීවේය.
රජය වෙනස් කරන තුරු තම උද්ඝෝෂණය ගෙන යන බව ඔහු කීවේය.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කතාකරමින් කීවේ ඇති එකාට සියලු දේ ඇති බවයි. නැති එකා අන්ත දුකට වැටී ඇතැයිද ඔහු කීවේය.
මනෝ ගනේෂන් මහතා පැවසුයේ මේ රජය එළවා දැමිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ මිනි මරුවා එනිසා වර්තමනෙත් ඒ දේම කරන දේශපාලනයක් තියෙන රටක මගේ පොඩි එකට අනාගතයක් තියෙයිද? (ස)
අපි ලබන සතියේ මිනී මරපු එකට පක්ෂව උද්ඝෝෂණය කරනවා,එතකොට බලන්ඩ ලක්ෂ කියක් මිනී මරනවට පක්ෂද කියල. බලන්ඩ චන්දෙ ප්‍රතිපල ආණ්ඩුව උඩින් දිනුම්, ඊ කියන්නෙත් ජනතාව මර්දනයට කැමති කියල. (ස)
අනේ එතකොට ඔය කට්ටියම එකතු වෙලා 88 89 කාලේ කරපු ඒවාට (අ)
එතකොට 88 89 කාලේ මරපු මිනිස්සු (අ)
කට්ටියට හොද පල්ලම රජ මගුල් .මම නම් කියන්නේ මෙයාල කොහෙද හිටියේ කාලයක් තිස්සේ වතුර ප්‍රශ්නේ තිබුනා නම් ගමේ මිනිස්සු නැතුව මේ වගේ ඒකාබද්ද විපක්ෂට තිබුණානේ උද්ඝෝෂණය කරලා වතුර අරන්දෙන්න දෙශපලුවෝ කවදත් කල දුටුකල වල ඉහගන්න දක්ෂයි (අ)..
ඉතින් ඕක ඩි එච් එල් කරානම් වැඩේ ඉවරනේ.(නදී)
මේවා දැකල කොහෙන් හිනා වෙන්නද මන්දා. මිනිස්සු මෙච්චර මෝඩ ද සමහරක් ඒවා මේ තරමට විශ්වාශ කරන්න.(නදී)
සදුනි / ෂාන්. 88 89 කලිනුත් මිනි මැරුණා. 71න් පස්සේ හිටපු ආණ්ඩුවේ ඉතිහාසේ පොඩ්ඩක් ආපහු කියවලා බලන්ඩ. (නදී)
ප්‍රභාකරන් හිටියනම් අද ගොඩක් සතුටුවෙවී (අ)
""මේවා දැකලා පන පලයන් පෙරේදා"" කිව්වලු.(නදී)
නියමයි (අ)
88, 89 ගැන කතාකරන අය 2006 සිට 2009 දක්වා මනුෂීය මෙහෙයුම ගැනත් 71 කැරැල්ල ගැනත් කතා කරන්නේ නැත්තේ ඇයි.මේ සියල්ලම ත්‍රස්තවාදය නිසා තමයි (අ)
ඒ රජ වුනාම බී සීඩීඑෆ් පරණ ආයුද වලින් ඒ ට ගහනවා . බි රජවුනාම ඒ සීඩීඑෆ් ල සමග පරණ ආයුද වලින් බී ට ගහනවා. සීඩීඑෆ් ලා කිසිම දිනක රජ වෙන්නේ නැහැ. බල්ලාගේ පිටේ නැග්ග මැක්කෝ වගේ බලුවූ බල්ලාගේ කරේ නැගලා බඩ වඩා ගන්නවා. මේ එකෙක්වත් අපිට ආදරේට කෑගහනවද ?.අපේ අයියලා ඕක තේරුම් ගන්නකන් මේ රට හැදෙන්නේ නැහැ .උන් රජ කරනවා අපි මරා ගන්නවා.(නදී)
යු එන්.පී .එක හෝ ජේ .වී .පී. එක කවුරු හෝ වේවා ඉදිරිපත් වී මේ මැරුණ අයට සාධාරණයක් ලබාදීම වෙනුවෙන් හඬ නැගීම වැදගත්ය. මිනීමරුවන්ට සුදු හුණු ගාන්න හදන අය මේවා දකින්නේ වෙනත් මුහුනුවරකිනි. තමන්ගේ වාසිය ගැන පමණක් හිතන ආත්මාර්තකාමින්ට අනෙකාගේ දුක වේදනාව විහිළුවකි.(නදී)
සැබෑවටම මිනිසුන් වෙනුවෙන් කරන වැඩක්ද (අ)
සල්ලි වලට මෙතන අදහස් දක්වන අයගෙන් අහන්නේ ... මිනි මරණ එක හොදයි උද්ඝෝෂණය කරන එක වැරදිද? (අ)
නමට කෑලි එකතු කරාට වැඩක් නෑ.වැඩ නැත්නම් (ස)
යුද්දේ දින්න නිසා මොනවා කලත් අපි ඉවසල ඉන්න එකද දෙෂෙප්‍රමි කම? 88/89 කලේ එජාප එක කරපු දේවල් අදටත් අපිට මතකයි. එත් එක මේ ආණ්ඩුව කරන වැරදි වැඩ වලට එක හිලව් කරන්න තරම් අමනයන් වෙන්න එපා. කව්රු කවද කොහේ කලත් වැරැද්ද වරද්දමයි. හිතට එකගව අපි අපේ අදහස් පල කරමු (අ)
වැඩේ හොදයි .හැබැයි දුකයි...... (ස)
නළුවෝ රඟති, ආචාර්යවරු පච කෙළිති, එළුවෝ බෑ කියති. (ස)
අද ගොඩක් දෙනෙක් මේ දේවල් කරන්නේ දේශපාලන වාසි තකා නැත්නම් කව්රුත් මැරුණට දුකටවත් රටටවත් ආදරයටනම් නොවෙයි.අද රටේ සියලු දෙනාම පාටවල් පක්ෂ අමතක කර දමා මේ වටිනා රට ගැන සිතල වැඩ කරමු. (ස)
මට නම් මේ ෆොටෝ වලින් පේන්නේ විනෝදෙට එකතු වෙලා ඉන්න පිරිසක් වගෙයි.(ස)
පැහැසර ..මේ ප්‍රශ්නේ විසඳන්න ඉදිරිපත් වුණ කෙනෙක් මෙතන ඉන්නවනම් කියන්න බලන්න. (ස)
අපි හැමෝම දැන් ඇත්ත දන්නවා. (නි)
පැහැසරා ඔයා අතින් ගෙවලද අදහස් දාන්නේ ?කැමති අදහසක් දාන්න අයිතියක් නැද්ද? මෙතන ඉන්න කට්ටියගෙන් කී දෙනෙක් අකුල් හෙළුවද කොටින්ට ගහනකොට? ආණ්ඩුවේත් වැරදි තියෙනවා නමුත් තාමත් ඔතන ඉන්න ඇත්තන්ට වැඩිය හොඳයි, (නදී)
විපක්ෂ නායකතුමා අද මේ ඇවිත් තියෙන්නේ රජය පෙරලක්කද? ඹබ තුමත් එක්ක ඉන්න ඔය අනිත් අයටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි. මේ රටේ දියුණුවට බාදා නොකර වැඩක් බලා ගන්න කියලා.(නදී)
මට හිත ගියේම 'ඇති එකාට සියලු දේ, නැති එකා අන්ත දුකට වැටිලා' කියපු ඒ කැල්ලටයි. ඒක නම් තමන් ගැනම හිතිලා ආත්මානුකම්පාවෙන් අඬ අඬා කිව්වා දෙයක් වගේ. හරි පවු අනේ! (නදී)
සදරුවන් නිකන් ගොන් කතා කියන්න එපා ,71න් පස්සේ හිටපු ආණ්ඩුවේ ඉතිහාසේ පොඩ්ඩක් ආපහු කියවලා මේ ආණ්ඩුවත් මිනි මැරුවම හරියනවද ? පිස්සු ඔයාට.(නදී)
මේකට තමයි දිට්ට දැම්ම වේදනීය කර්මේ කියන්නේ , ප්‍රේමදාස මහත්තයා ජනාදිපති වෙලා ඉන්න කාලේ මහින්ද මහත්තයා පාරෙමයි. ඒ තරමට උද්ගොසන , අද එතුමා රජ වෙලා හැබැයි කර්මෙන් ගැලවෙන්න බැහැ නේද ? අද එතුමාට විරුද්දව උද්ඝෝෂණ.(නදී)
හරි හරි. අතීතය අපට මතකයි. අපිත් ඒක දන්නවා. ඒවා වැරදියි. ඒත් වැඩේ කියන්නේ මේක මේ වතුර ඉල්ලලා කරපු උද්ගෝෂණයක්. ඒකට වෙඩි තියලා කරපු වැඩේ වැරදියි නේද. හිතලා බලන්න ඔලුවෙන් (නි)
ගෙට් ටුගෙදර් එකක් වගේ
ජයවේවා
ජිවිත ගැන ආදරය නැති කරලා පාරට බැස්ස නුබලට් ජාතියේ උපහාරය (දී)
සුනෙත්... අපේ ප්‍රශ්න විසදන්න ඕන නිසා තමයි අපි ආණ්ඩුවක් පත්කර ගත්තේ. ආණ්ඩුව මේ ප්‍රස්නේ විසදපු ආකාරයි වැරදියි. අපි ඒක හෙලා දකින්න ඕනා. වතුර ප්‍රශ්නෙට කොහෙන්වත් අදාලත්වයක් නැති අමත්‍යංශයක මැදිහත් වීමක් නොවෙන්න ජනාදිපති තුමා මේ ගැන කටයුතු කරනවා අනිවාර්යන්ම. කිසිම පරිපාලන අත්දැකීමක් නැති, උගත්කමක් නැති, හිනමනයන් පෙලෙන නිලදාරින් කටයුතු කල ආකාරය නිසයි මේ මිනිස්සු අද මෙහෙම එකතු වෙලා ඉන්නේ. එකට මේ මිනිස්සුන්ට බැනල වැඩක් තියනවද? (නදී)
පක්ෂ බේධයකින් තොරව මමත් සහාය දෙනවා (දී)
හැම වෙලාවේම 88/89 මතක් කරන අය කල්පනා කරන්න මොනවද කියලා අපි දන්නවා (නි)
යූ.එන්.පී. අය මිනී මැරුවත් වැරදියි මේ ගොල්ලො මිනී මැරුවත් වැරදියි. ඒ නිසා හරි වැරැද්ද දිහා නිල්, කොළ කණ්නාඩි වලින් බලන්න එපා. එහෙම උනොත් අපේ රටට, ජාතියට කවදාවත් ගොඩයාමක් නැහැ. බුදුන්ගේ ධර්මය අනුව ඇත්ත ඇති සැටියෙන් දකින්න, නිවැරදි දැක්මක් නොමැති තැන කිසිවක් පවතින්නේ නැත.(නදී)
පිටබැද්දර ජයෝ, දිට්ඨ ධම්ම වේදය කියන්නේ ඕකට නෙමෙයි. (නි)
එහෙම එකක් ලංකාවේ තියනවද එහෙම අයත් ඉන්නවද? (ස)