මේරටේ සියලූ පකෂ සහ පෙරමුණු ඒකාබද්ධ කරගෙන මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසී ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා රත්නපුරේ දී පැවසිය.
‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ නමින් ඒකාබද්ධ විපකෂය සංවිධානය කළ මහජන රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. රත්නපුර ලොරි රථ ගාලේ දි පැවැත්විනි.
එහි දී කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.
‘බණ්ඩාරණායක මහත්තයා, ඩී.ඒ. රාජපකෂ මහත්තයාලා එක්සත් ජතික පකෂයෙන් ගිහිං ශ්‍රී ලංකා නිදහස් පකෂය පිහිටුවනු ලැබුවේ එජාපයේ ප්‍රතිපත්තිවලට සහ ක්‍රියාකලාපයට එරෙහිවයි. අද සිරිසේන මේක ගිහිල්ලා අලියාගේ පස්ස පැත්තේ තියලා තියනවා. ඒකටයි අපි විරුද්ධ.‘
‘නමුත් අද අපි ඔක්කොම් එකතු වෙලා තියනවා එක හේතුවක් නිසා. අද මෙයාලා දෙන්නා එක්කහු වෙලා මේ රට දෙකට කඩන්න සුදානම් වෙනවා. අපේ අයිතිවාසිකම් ඔක්කොම පාවාදීලා ව්‍යාපවස්ථාව වෙනස් කරන්න කෙටුම්පත් හදලා තියෙන්නේ. ඒකට ඉඩ තියන්න අපි සූදානම් නෑ. ඒනිසා අපේ යුතුකම හා වගකීම වන්නේ එකට එක්කහු වෙලා මේ තුමන්ත්‍රණය පරාජය කරන්න මේ මව්බිම රැකගන්න, කෑලි වලට මේ රට කඩන්න රණවිරුවො ඉඩ දෙන්නේ නැතුව,එකතු කරපු රට නැවත විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැතුව තියාගන්න.‘
‘ජනතාවට ඉල්ලන දේ මම දෙන්න ලෑස්තියි.ඔය ආණ්ඩු පැත්තට ගිහිං ඉන්න අය වැඩිකල් යන්න ඉස්සර අපේ පැත්තට එනවා. අපේ පැත්තේ ඉ`දගන්නනවා. ඒක ස්ථීරයි‘
මේ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ‘ඔවුන් ගන්න එපා‘ යැයි එක හ`ඩින් කියා සිටියහ. ඒ ඉල්ලීම මැද තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපකෂ හිටපු ජනාධිපතිවරයා:
‘ඔය පාර්ලිමේන්තුවේ ඔලූගෙඩි ගණන වෙනස් කරන එක එතරම් කඡ්ඡක් නෙමෙයි. ඒක කරන්න අවුරුදු තුන හතර ඉන්න ඕනෑ නෑ. වැඩිකල් යන්න ඉස්සර ඔලූ ටික මාරු වේවි. දැන් ඔය පාර ඇමතිවරු පිටි පස්සෙත් සීඅයි ඩී එක දානවා.‘
‘මම රහසේ කුමන්ත්‍රණය කරන්නේ නෑ. දෙන ගේම එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා එළියේ ගහන්නේ. රෑට ආප්පකාලා කරන්නේ නෑ.‘ යැයි ද කීය
රැස්වීම සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය:
‘මේ අය ද`ගලන්නේ පෙඩරල් ව්‍යවස්ථාව ගෙනැල්ලා ඒ හරහා උතුරු නැගෙනහිර වෙන් කරලා ඒ අයට වෙන්වී යාමේ අවශ්‍ය කටයුත්ත හදලා දීලා, ඒ ස`දහා වන ජාත්‍යන්තර පිළිගැනීම හදන්න. ඔබ ලෑස්තිද මව්බිම දෙකට කඩනවට‘
‘මොන මොන බාධක ආවත් අපේ මුහුණ ඉස්සරහට කාලතුවක්කු තිබ්බත්, මරණං නියතං කියලා රබන් පද ගහන අපි නව ජාතික බලවේගය හදන එක හදනවාමයි. ඒ අරගලය හදලා, නිදහස් අරගලයට පණ පොවලා, ආණ්ඩුවේත් ආණ්ඩුවේ බටහිර හාම්පුත්තුන්ගේත්, ලිබරල් න්‍යාය පත්‍රය පරද්දන එක පරද්දනවාමයි.‘ යැයි කීවා ය.
ඵිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිළ මහතා අදහස් දක්වමින් පවැසුවේ ලබන ජනවාරියේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනන බව කීවේ ය. ඉන්පසු පෙබරවාරියේ එය සම්මත කරවා ගැනීමට ජනමත විචාරණයක් පවත්වන බවත් ඒ ජනමත විචාරණය පරාජ කරතියි බිය වී විරුද්ධ පකෂ නායකයන් හිරේදාන බව කීවේ ය.
විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල ජනකායක් මෙම රැළියට පැමිණ සිටි අතර රැස්විම පැවති ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවු නිසා අතර ජනතාව ලොරි රථගාලට ආසන්න අතුරු මාර්ගවල පිරී එක් රැස්ව සිටියහ.
විවිධ ප්‍රදේශ වල දේශපාලන නායකයන්ට සහ හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාට ජය පතමින් සටන් පාඨ කියමින් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණ ජනතාව ඔරලෝසු කනුව දෙස සිට රැස්විම් භූමියට පැමිණ සිටියහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඛෙංගමුවේ නාලක හිමි වරුද, බැසිල් රාජපකෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, රාජා කොල්ලූරේ, ජී.එල්.පීරිස්, තිස්සි විතාරණ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, රංජිත්් සොයිසා, වාසුදේව නානායක්කාර, නාමල් රාජපකෂ, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, ගාමිණි ලොකුගේ, වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම දේශපාලන පකෂ නායකයන් රැස්විම ආරම්භයේ පැමිණ සිටියහ.
රැස්විම ආරම්බයේ කතා කල කථීකයන් වැඩි දෙනෙක් වැට් බද්ද, එට්කා ගිවිසුම, ශ්‍රී ලංකා නිදහස් පකෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ යහපාලන ආණ්ඩුවට ගිය දේශපාලනඥයන් ගැන දැඩි දෝෂාරෝපණය කළහ. එසේම දහ නමවන ව්‍යාවස්ථා සංශෝධනය තුලින් බිහිකර ඇත්තේ ව්‍යාජ ජාතික ආණ්ඩුවක් බව කීහ. අගමැතිවරයාගේ නියෝග වලට ක්‍රියාකරන ජනපතිවරයෙක් සිටින බව ද වැඩි දෙනෙක් කිහ.
එජාප විරෝධි නම් ශ්‍රීලනිපයට ඡන්දය දී වැඩක් නැතිබව කථීකයන් වැඩි දෙනෙක් කීහ. ඔවුන් පැවසුවේ ශ්‍රීලංකා නිදහස් පකෂයේ බන්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන නව වැඩපිළිවෙළක් ආරම්භ වන බව ය.
මේ බලවේග හමුවේ බිය වු ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමා ඇති බවත් ීිහ. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රීලංකා නිදහස් පකෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය ජෝන් සෙනෙවිරත්න මහතා හැර සෙසු සියලූ දෙනාම මේ රැස්විමට පැමිණ සිටින බව ද නිවේදනය විය.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපකෂයේ නව දේශපාලන සංවිධානය හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාගේ නායකත්වයෙන් බිහි වන බවද, පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය බලයට ඇති කෑදරකම හොඳට පේනවා (නි)
නන්දලාල් ප්‍රංශයට වෙලා කියවන්නේ යුද්ධයට බයේ ලංකාවෙන් පැනලා ගිය ගමන් වෙන්න ඇති. නැත්නම් කොටි කිරි බීලා වෙන්න ඇති. (නි)
හැම කෙනෙක්ම ලියල තියෙන්නේ වෙන්නේ නැති පැත්ත ගැනනේ. එ්ක වෙන්නේ නැති වුණාට, හොඳම දේ අායෙත් අාප්ප කවලා හරි ඔය කට්ටියව එක්කාගෙන අලි පරදවන එකයි (නි)
රට ණය ආකාරයක සිරකරලා මහජන මුදල් හොරාකාපු අය කවුරු ආවත් හරියට එකම කාසියේ දෙපැත්ත වගේ (නි)
අපිට ආයෙත් මෙයාලා එපා (නි)
මෙතුමත් ඉඳලා හිටලා විහිළුත් කරනවා එහෙනම් (නි)
දවල් හීන දකින්න එපා මහත්තයෝ.(හේ)
මොන දේ කිවුවත් හැමෝම බලන්නේ තමන්ගේ වාසිය තමයි (නි)
ආයේ පවුලේ අයට හා හෙන්චයියන්ට ඕනෑ විදිහට රට කන්නයි මිනීමරන්නයි කරපු හොර මැරකම් වහගන්නයි තමා අාණ්ඩුවක් ඕනෑ මෙයාලට. නැතුව රටටවත් ජනතාවටවත් ආදරේකට නොවෙයි. (නි)
හැමදාම අලුත් පක්ෂය හදනවා කියලා මිනිසුන්ව ගෙන්නලා එයාලගේ ප්‍රතිරූපය පෙන්නලා ජනතාව ගොනාට අන්දන එකයි හැමදාම කෙරුවේ. කෙළින්ම පක්ෂය හදලා ජනතාවට ඒ පක්ෂයේ සාමාජිකත්වය ගන්න දෙන්න බැරි ඇයි. (නි)
අවුරුදු ගාණක් තව ඉතිරිව තියෙද්දිත් ගෙදර යන්න වුණේ ඇයි? (නි)
මේ කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව තාමත් බල තණ්හාවේ දඟලනවා (නි)
ඔන්න ඕක තමා සත්‍යය. මෙයාට බැහැ තනියම ආණ්ඩු හදන්න. (නි)
අනේ මහින්ද ජනාධිපතිතුමනි. අර අත්තෙන් අත්තට පනින කුරුල්ලන්ව නම් ආයෙත් ගන්න එපා. ඔවුන් නිසා තමයි ඔබ පැරදුනේ, සිරිසේන ජනාධිපතිතුමාටත් වැරදුනේ ඔවුන් නිසා. අපි ඔවුන්ව පැරැද්දුවේ ඔබට පිටුපාපු නිසා. ඔවුන් ආපසු ගත්තොත් අපියි ආයිමත් පරදින්නේ. (නි)
මොනවා කරලා හරි රටෙන් කෑල්ලක් කොටියට නොදී, ඉන්දියාවට ආර්ථිකය නොවිකුණන, රණවිරුවෝ ආරක්ෂා කරන, රට දියුණු කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් ඉක්මනට හදන්න (නි)
හීනවලත් පොඩි ගතියක් තියෙනවා (නි)
ඔබතුමා සමඟ අපි කවදත් ඉන්නවා (නි)
දවල් හීනද?(හේ)
එතකොට මහින්ද මහත්තයට ජනාධිපති වෙන්න ආයෙත් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙයිද?(හේ)
බලන්නකෝ කරන්න පුළුවන්ද කියලා.(හේ)
පවුලේ අයට හම්බුවෙන නිල තල මොනවද? (හේ)
එදා ඒ.ජා.ප. ප්‍රතිපත්ති එපා කියලා ශ්‍රී.ල.නි.ප. ය හැදුවට ඔබතුමාගේ කාලේ එතුමා හිටියා නම් මීට වඩා ඒ.ජා.ප. ය දාහකින් හොඳයි කියලා ආයෙත් ඒකට යනවා. (හේ)
රට දෙකඩ නොකරන බවට රජය කොතරම් පුන පුන කීවද, බලයට කෑදර, දත් හැලුන මරා සිංහ හම පොරෝවාගෙන බොරු ගෝර නාද දමන සිවලෙක් බව මුළු රටම දන්නා කාරණයක් බව එයාටවත් එයාගේ චක් ගෝලයන්ටවත් තවමත් තේරිලා නැත.(හේ)
අනේ ඕන ආණ්ඩුවක් හදාගන්න ඔය ගොල්ලෝ එකතුවෙලා. අපිට තියෙන ආණ්ඩුව හොදටම ඇති. ඔය ආණ්ඩුව ඔබතුමා දවල් නිදාගන්නකොට පේන හීන කියල නම් අපට හිතෙනවා (හේ)
අනේ මෙයා දැන් දකින දවල් හීන ! (හේ)
අනේ අපිට පව් දෙන්නේ නැතුව ඉන්න තවත්. මට මතක් වෙනවා මෙයාලා කරපු වැඩ. අපි මැරිලා ඉපදුනේ නැහැ (නි)
හොරු සමග හෙළුවෙන්! (නි)
මහින්ද මහතාට ජයවේවා! (නි)
ඒ කාලේ කරපුවා මදිද (නි)
කාලා කාලා වළ ඉහගෙනත් කෑවා. තවත් මදි (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
වර්තමාන සමාජය සිතන විදිය වෙනස්. මුන්නැහේලා දවල් හීන දකිනවා. (නි)
දවල් හීනද රෑ හීනද කියලා බලන්න බැරියෑ ඡන්දෙ තිබ්බහම. එතකන් පොඩ්ඩක් තව ඉවසන්න. (නි)
මේ රැස්වීමේ හිටපු සෙනඟ දිහා බැලුවහම පසුගිය ජනාධිපතිවරණයේ සහ මහා මැතිවරණයේදී හිටපු විදියටම සෙනඟ හිටිය බව පේනවා. මිනිස්සු රැස්වීම්වලට යන්නේ මේ දේශපාලකයන්ගේ හිනා යන කථා අහලා ටිකක් විනෝද වෙන්න. ඡන්ද ප්‍රතිඵල එනකොට ජනතාව විහිළු සපයපු අය රැවටිලා. (නි)
ජාතියේ පියාට ගිය කල! තමන්ගේ උපදෙසුත් දීගෙන, ගරුසරු ඇතුව ඉන්න තිබුන කෙනෙක් නේද මේ. (නි)
මහින්ද නැවත බලයට ගෙනෙන්නේත් මේ යහපාලන කණ්ඩායමම තමයි (නි)
අපිට අතීතය අමතක නැහැ. රට බේරාගෙන එ්කේ මුවාවෙන් රටකෑවා (නි)
වෛරීබාවයේ සංකේතය ලෙසයි අපි මෙම පුද්ගලයා දකිනනේ. මහින්ද සහ ඔහුගේ සහචරයන් වෛරයෙන් පිරීගොස් තමන්ගේ විනාශය තමන් විසින්ම ළඟාකර ගන්නවා (නි)
ඔබතුමා එජාපයේ කිහිප දෙනකුට ඇමතිකම් දීලා මුලින්ම ආදර්ශය දුන්නා පක්ෂ බේදයෙන් තොරව රට පාලනය කරලා. අැයි මේ අයත් ඒකමනේ කරන්නේ. එකම මතයක එල්ලිලා ඉන්න එක දේශපාලකයෙකුට ගැළපෙන්නේ නැහැ. (නි)
හිටපු ඒකාධිපති,දුෂිත ආණ්ඩුවක් වෙනුවට නීතිගරුක ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් ඉක්මනින්ම හිරගෙදර යැවීමටය. එය ප්‍රමාද කරන යහපාලනය ගැනද අපට ඇත්තේ අප්‍රසාදයකි. එය දේශපාලන ගනුදෙනු පියවා ගැනීමක් සඳහාද යන්න අපි බලා සිටින්නෙමු. (නි)
මේගොල්ලෝ මෙච්චර දඟලන්නේ ශ්‍රී ල නි ප නායකයෝ පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ට විරුද්ධව කෙළින් විනය පියවර ගැනීමට පැකිළීම නිසාය. ඉදිරි වසර 10 ට ශ්‍රී ල නි ප ආණ්ඩුවක් පිහිටවන එක සිහිනයක් පමණි. ඔක්කොම තීරණය වන්නේ ඉදිරි මාස 2 තුළ ශ්‍රී ල නි ප නායකයන් හැසිරෙන ආකාරයෙනි. (නි)
වැටුන මහින්ද සමඟ නැගිට එජාපය ශක්තිමත් කරමු (නි)
අපේ බලාපොරොත්තුවත් එකම තමයි (නි)