IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ඒක රහසක්’

එරංග ජීවන්ත..... ලාංකීය කලා ක්‍ෂේත‍්‍රයේ තරුණ දායකත්වයෙන් ඉදිරියෙන් සිටින තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් සොඳුරු කඩවසම් රංගන ශිල්පියෙකි. පියවි, යාය හතර, අහස් ගව්ව, යකඩ දෝලි, ඇසිඞ් වැනි පේ‍්‍රක්ෂක ඇගයීමට ලක් වූ ටෙලිනාට්‍ය රැුසකට දායකත්වය සපයා ඇති ඔහු මේ වන විට රංගන ක්‍ෂේත‍්‍රයේ ඉදිරි ගමනක් යාමට බලාපොරොත්තුවෙන් පසුවන චරිතයක්. මේ දිනවල විකාශය වන ‘‘ඇසිඞ්’’ ටෙලිනාට්‍යය ඔස්සේ ජනාදරයට පත්ව සිටින ඔහු මෙවර සඳැල්ල සමඟ සහෘද සංවාදයකට එක්වුණේ මේ විදියට.

  SSL_6163


ඔබ කලා ක්‍ෂේත‍්‍රයට පිවිසි ආකාරය මතක් කළොත්?
මුලින්ම නිරූපණ ශිල්පියෙක් විදියට තමයි කලා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ. එතනින් පසුව මම මියුසික් වීඩියෝවලට සහ ටෙලිනාට්‍ය කීපයක පොඩි පොඩි චරිතවලට දායක වුණා. නමුත් මිනිසුන් අතරට ගියේ චැලෙන්ජර්ස් චිත‍්‍රපටය හරහා. ඒ වගේම ඒ කාලය අතරතුර වහින්න මුතු වැස්සක් ටෙලිනාට්‍යයට සහ පියවි නාට්‍යයටත් සම්බන්ධ වුණා.

 


එතකොට පළමු රංගනය ගැන කතා කළොත්?
මගේ පළමු රංගනය ‘‘අයි ලව් ජෙනී’’ කියන නාට්‍යය. ඒක කොමඩි නාට්‍යයක්.

 


පළමු රංගනය ඉදිරිපත් කරද්දී බියක් චකිතයක් තිබුණෙ නැද්ද?
අපෝ තිබුණා දැඩි බියක් සහ චකිතයක් දැනුණා. ඒ දේ තාමත් දැනෙනවා.

 


එතකොට ඔබ පේ‍්‍රක්ෂකයා අතර ගොඩක්ම කතා වුණේ මොන චරිතය හරහාද?
වහින්න මුතුවැස්සක් ටෙලිනාට්‍යය සහ චැලෙන්ජර්ස් චිත‍්‍රපටය හරහා තමයි කතාබහට ලක්වෙන්න පටන් ගත්තේ. එමඟින් මට හොඳ ප‍්‍රතිචාර ලබාගන්න හැකිවුණා. ඒත් එක්කම ‘‘පියවි’’ ටෙලිනාට්‍යය හරහාත් ගොඩාක් කතාබහට ලක්වුණා.

 


මේ දවස්වල බොහෝ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද දිවෙන ‘‘ඇසිඞ්’’ ගැන කතා කරමුද?
මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චාමර පීරිස් තමයි මට ඇසිඞ් ටෙලිනාට්‍යය සඳහා ආරාධනා කළේ. එහි මම නිරූපණය කරන්නේ සී.අයි.ඞී. චරිතයක්. නම තමයි හරේන්. නාට්‍යය ඇතුළත කතා කරන්නේ ලෝකෙ නොදියුණු රටවල මිනිස් අවයව විකිණීම සම්බන්ධයෙන් යන ප‍්‍රවෘත්තියක්. ඒ ප‍්‍රවෘත්තිය මූලික කරගෙන එය තමයි මිනිස්සු අතරට යවන්නෙ.

 


පෙම් ජවනිකාවල දෙබස් කියද්දී සහ ඒ ජවනිකාවලට රංගනයෙන් සම්බන්ධවෙද්දී සැබෑ ජීවිතයේ පෙම් ජවනිකා මතක් වෙනවද?
මම හිතනවා අත්දැකීමක් තිබීම රංගනයට ඉතාමත් වැදගත් කියලා. නමුත් අත්දැකීමෙන් හැමදේම කරන්න බැ. මැරෙන එක එහෙම අත්දැකීමෙන් කරන්න බෑනෙ. ඒත් යම්තාක් දුරට හැමදේ ගැනම අත්දැකීමක් තියෙන එක ගොඩක් වටිනවා.

 


ඒ කියන්නෙ ඔබට පෙම් ජවනිකා පිළිබඳ අත්දැකීමක් තියෙනවා.
ඔව් අනිවාර්යයෙන්ම, අත්දැකීම් ගොඩක් තියෙනවා.

 


ඒ කියන්නෙ ඔබ පෙම්වතෙක්ද?
ඔව් ඔව් ! අනිවාර්යයෙන්ම.

 


අපි ඇය ගැනත් මතක් කරමු එහෙනම්.
ඇය ගැන අපි පසුව කතා කරමු. දැන්ම  ඕන නෑ. ඒවා යථා කාලෙදි තථා අයුරින් මතක් කරමු.

SSL_6151


මේ වෙද්දී චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කීයකට විතර සම්බන්ධවෙලා තියෙනවද?
චිත‍්‍රපට නම් තුන හතරකට වගේ සම්බන්ධවෙලා තියෙනවා. ටෙලිනාට්‍ය දහයකට අධික සංඛ්‍යාවකට දායක වුණා. ඒ අතරින් හයක හතකවගේ ප‍්‍රධාන චරිත කරලා තියෙනවා. ඊට අමතරව තව රොෂාන් කුරුප්පු අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යයක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතව තියෙනවා.

 


ඒ රඟපෑ ටෙලිනාට්‍ය අතරින් ඔබ සම්මානයට පවා පාත‍්‍ර වුණා නේද?
ඔව්, මට සම්මාන දෙකක් ලැබිලා තියෙනවා. සුමති සහ රයිගම් සම්මාන උළෙලවලදී ඒවා ලැබුණේ වසරේ නැගී එන නළුවට. ‘‘පියවි’’ ටෙලිනාට්‍යයට තමයි ලැබුණේ.

 


ඒ සම්මාන ලැබුණ අවස්ථාවෙ මොකද හිතුණෙ?
ඒ වෙලාවෙ ඇතිවුණ හැඟීම නම් වචනවලින් කියලා නිම කරන්න බැහැ. ඇත්තටම ලොකු සතුටක් දැනුණා.

 


ඔබ වෘත්තිය වශයෙන් නළුවෙක්ද?
පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන ගමන් තමයි නළු වෘත්තියත් කරගෙන යන්නෙ.

 


පාසල් යන කාලෙ කවුරු වෙන්නද හීන දැක්කෙ?
පොඩි කාලෙ එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නම් නෑ කවුරු වෙන්නද කැමති කියන දේ ගැන. ඒත් අපි ඉස්කෝලෙදි කියන්නෙ ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, ඒ වගේ දේවල්නෙ. ඉතින් මටත් ඒ වගේ බලාපොරොත්තු නම් තිබුණා. ඒත් ටික දුරක් යද්දී තේරෙනවනෙ මේවා කවදාවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා.

 


එතකොට උසස් පෙළ හැදෑරුවෙ මොන අංශයෙන්ද?
වානිජ අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවෙ. නමුත් නැවත කලා අංශයෙනුත් උසස් පෙළ හැදෑරුවා.

 


ඇයි නැවතත් කලා අංශය තෝරා ගත්තේ? වානිජ කරන්න ගිහින් අනාගත්තද?
නෑ නෑ.... ඒ නිසා නෙමෙයි. මම කලා විෂයන් හදාරන්න ගත්තෙ මට ලෝ එන්ට‍්‍රන්ස් කරන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් ලෝ ඉගෙනගනිද්දී දේශපාලන විද්‍යාවෙ වැදගත්කමක් මම දැක්කා. ඒ නිසා තමයි කලා අංශයෙන් නැවත උසස් අධ්‍යාපනය කරන්න හිතුනෙ.

 


දේශපාලන විද්‍යාවෙ වැදගත්කමක් දැක්කෙ ඉදිරියට දේශපාලන වේදිකාවට නගින්නවත් බලාපොරොත්තුවක් තියෙනවද?
අපෝ නෑ... එහෙම කිසිම අදහසක් මගෙ හිතේ නෑ.

m



අදහස් (0)

‘ඒක රහසක්’

මහින්ද ගලගෙදර Saturday, 12 September 2015 07:31 AM

ඔහු ගේ අයියා ඇසිඩ් එකේ ඉන්නවද ? දන්නා කෙනෙක් ලියනවද ? (අ)

:       0       0

ටිකිරි Thursday, 27 August 2015 02:20 AM

හොද නළුවෙක් මෝඩ කතා මාධ්‍ය වලට නොකියන එකෙන්ම එ්ක පේනවා. සුබ පැතුම්. (බ)

:       0       0

ටිකිරි Thursday, 27 August 2015 02:20 AM

හොද නළුවෙක් මෝඩ කතා මාද්‍ය වලට නොකියන එකෙන්ම එක පේනවා.සුබ පැතුම්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site